Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එදා මෙදා කෝපි කඩේ වෙනස ගැන පැරණිම නිළිය කියන කතාව

1987 අප්‍රේල් 01 වැනිදා ස්වාධීන රූපවාහිනිය අලුත් විදියේ ටෙලි නාට්‍යයක් පටන් ගත්තා. ඒ තමයි “කෝපි කඩේ” එදා පටන් අද දක්වා අඛණ්ඩව වසර 30ක් පුරා විකාශය වූ මෙම ටෙලි නාට්‍යයට කොටස් 1600ක් පිරීම නිමිත්තෙන් පසුගියදා උත්සවයක්ද පැවැත්වුණා. කෝපි කඩේ පළමු කතාංගයේ පටන් අද දක්වාම කෝපි කඩේ හාමිනේ විදියට රැඳී සිටින රත්නා සුමනපාල “රිද්ම” කතාබහකට එකතු කරගන්න අපි හිතුවේ මේ දීර්ඝ ටෙලි නාට්‍යයේ ඉතිහාසය පිළිබඳ රසබර මතකයන් අවදි කරන්න හිතාගෙනයි. 
 
ඔබට මතකද හා හා පුරා කෝපි කඩේට එක්වූ ආකාරය..
“කෝපි කඩේ” ටෙලි නාට්‍ය මාලාව ආරම්භ කරන්න නළු නිළියන් තෝරාගැනීමේ වැඩමුළුවක් පැවැත්වුණා. ඒකට සහභාගි වූ අය අතරින් තමයි නළු නිළියන් තෝරා ගත්තේ. ඉන් පිටත පරීක්ෂණයකින් තෝරා ගත් එකම කෙනා මම. ඒ වෙද්දීත් මම ටෙලි නාට්‍ය ශිල්පිනියක්. කෝපි කඩේ හාමිනේගේ චරිතයට නිළියන් හයදෙනකුගේ නම් යෝජනා වෙලා තිබුණා. එවකට ස්වාධීන රූපවාහිනියේ හිටපු නිලධාරීන් මඩුල්ලක් තමයි ඒ හය දෙනා අතරින් මාව මේ චරිතයට තෝරා ගත්තේ. කෝපි කඩේ පළමු කතාංගයේ පටන් අද දක්වාම මම එහි “හාමිනේ” ගේ චරිතය රඟපානවා.
 
කෝපි කඩේ පළමු කතාංගය ගැන ඔබට මොනවගේ මතකයක්ද තියෙන්නේ ? 
“රන් කහවනු” කියලා නාට්‍යයක් තමයි කෝපි කඩේ වෙනුවෙන් මුලින්ම කළේ. එය විකාශය වුණේ 1984 අප්‍රේල් පළමු වැනිදා. පස්සේ කාලෙක කෝපි කඩේ ඉතිහාසය ගැන කතා කරපු අවස්ථාවක පළමු කතාංගය විදියට සඳහන් කරලා තිබුණේ “වහෙං ඔරෝ” නාට්‍යය. එය වැරදීමක්. 
 
එදා මෙදා තුර කෝපි කඩේ ගොඩක් වෙනස් වීම් සිදුවුණා නේද?  
අධ්‍යක්ෂවරු වෙනස් වුණා. නළු නිළියෝ වෙනස් වුණා. සමහරු මිය ගියා. කොටින්ම කියනවා නම් කෝපි කඩේ පවා වෙනස් වුණා. අද එය ඉඳිකරලා තියෙන්නේ අයි.ටී.එන්. පරිශ්‍රයේ වුණත්. මුල් කා‍ලේ කඩේ තිබුණේ අද තියෙන තැන ‍නෙවෙයි. 
 
කෝපි කඩේ එකට හිටපු පිරිස අතුරින් ඇතැම් අය අද නැහැ. ඒ ගැන මොකද හිතෙන්නේ? 
මගේ සැමියා රාජා සුමනපාල තමයි “කෝපි කඩේ” ‘අලිජේමිස්’ වුණේ. අද ඔහු ජීවතුන් අතර නැහැ. ඒ වගේම සුසිලා කූරගම දෙනවක හාමිනේ, ලාල් සේනාධීර, දමිතා සළුවඩන, චන්ද්‍රසිරි කොඩිතුවක්කු ඇතුළු බොහොමයක් අය අද ජීවතුන් අතර නැහැ. තවත් අය යම් යම් හේතුමත අමනාපකම් මත නාට්‍යයෙන් ඉවත් වුණා. කාලයත් එක්ක ඔය වගේ විවිධ වෙනස්කම් සිදු වුණා. 
 
ඒ සියල්ල අතරේ මතකයේ රැඳුණු සිදුවීම් ගොඩක් ඇති...?
ඒ දවස්වල අයි.ටී.එන්. එකේ පරිසරය අදට වඩා වෙනස්. කඩේ තිබුණු වටපිටාව කැලෑ ප්‍රදේශයක් වගේ. ෂූටින් තිබුණේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල. අපි බ්‍රහස්පතින්දා ෂූටින් ඉවරවෙලා ගිහින් ආපහු ෂූටින් ආවේ අඟහරුවාදා. කඩේ පැදුරු ටික ඉවත් කරලයි තිබුණේ. ෂූටින් පටන් ගන්න කලින් බඩුමුට්ටු සූදානම් කරලා අලුත් පැදුරු ටික දිග අරිනකොට එතන තඩි ‍පොළගෙක්. ඔය වගේ සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒ වගේම ලාල් සේනාධීරගේ මරණයත් අමතක වෙන්නේ නැහැ. එදා කෝපි කඩේ ෂූටින් අතර තමයි එයා අසනීප වෙලා රෝහලට අරගෙන ගියේ. අපිට ගිහින් එන්නම් කියලා ගියාට ඔහු ආයේ කවදාවත් නොඑන්න ජීවිතය අතහැරලා ගියා.
 
ආරියවංශ කුලතිලක
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1408

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1572

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click