Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිමන්තිගේ පුංචි පුතා දැන් ජනප්‍රිය නළුවෙක්

Handaya

මෞලි මුලින්ම අපිට කියන්නකෝ හඳයාහි උක්කු වුණාම ලැබුණු ප්‍රතිචාර මොන වගේද කියලා?
මේ දවස්වල පාරේදී, ඒ වගේම පාස‍ලේදී මට කතා කරන්නේ උක්කු කියලනේ. එතකොට ඉතින් මට දැන් පුංචි ගම්මිරිස් ඇටේ කියලත් කියනවනේ. ඒ වගේම මෞලි හරිම හුරතල් විදිහට රඟපානව නේද කියලත් මගෙන් කට්ටිය අහනවා.

පුංචි ගම්මිරිස් ඇටේ උක්කුගේ චරිතයට ආසයිද?
ගොඩක් ආසයි. මොකද මට ඒ චරිතේ හින්දා ගොඩක් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉතින් ඒ චරිතෙට හැමෝම ගොඩක් හරිම ආදරෙයිනේ. ඒ හින්දම මම උක්කුගේ චරිතයට ආසයි.

 උක්කු වගේම මෞලි සෙල්ලටම බරයි කියල අපිට ආරංචියි?
ඔව්, මං සෙල්ලම් කරන්න හරිම ආසයි. ෂූටිං ගියාමත් ඉතින් මං පුංචි පුංචි දඟ වැඩත් කරනවා. ඒත් ෂූට් එකේදී මං හොඳටම රඟපානවා කියලා හැමෝම කියනවා.

මෞලිට මුලින්ම කතා කළේ හඳයා ටෙලි නාට්‍යයේ ‍පොඩි හාමුදුරුවන්ගේ චරිතෙකටලු නේද?
ඔව්, සුදත් අංකල් ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ මගේ රඟපෑම දැකලා මට කතා කළේ ‍පොඩි හාමුදුරුවෝ රඟපාන්න. ඒත් පස්සේ උක්කුගේ චරිතයට ගත්තා. මමත් ගොඩක් කැමැති උක්කුගේ චරිතයට.

එතකොට මතීෂ ඉස්සරහට රඟපාන්න කැමැත්තෙන් ඉන්න විශේෂ චරිතයක් තියෙනවද?
ඔව්, මං ගොළු චරිතයක් රඟපාන්න හරි ආසයි.

එතකොට මෞලි ලොකු වුණාමත්, ජනප්‍රිය නළුවෙක් වෙන්නද කැමැති?
නැහැ. මම ඉගෙන ගන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ 5 වන ශ්‍රේණියේ. ඉතින් හොඳට ඉගෙන ගෙන මං විද්‍යාඥයෙක් වෙනවා. හැබැයි රඟපෑම නතර කරන්නෙත් නැහැ. 
අපි ඊළඟට කතාබහට එකතු කරගත්තේ මෞලිගේ ආදරණීය අම්මා වන ප්‍රවීණ රංගන ශිල්පිනී නිමන්ති ‍පෝරගේවයි. ඇය තම පුංචි පුතුගේ දක්ෂතාව ගැන කතා කළේ මේ විදිහටයි.

ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීනියක් විදිහට පුතාගේ රංගනය ගැන මොකද හිතෙන්නේ?
මෞලි පුතා පුංචි කා‍ලේ ඉඳලා රඟපාන්න හරිම දක්ෂයි. මුලින්ම කැමරාව ඉස්සරහට ගියෙත් මාත් එක්ක. එතකොට එයා මීටත් වඩා පුංචියි. ඒත් එයාගේ කිසිම බයක් තිබුණේ නැහැ. දැන් වුණත් රඟපෑම ලොකුවට ඔළුවට ගන්නේ නැහැ. ඒ හින්දා පුතාගේ රංගනය හරිම සොබාවිකයි.

ඉදිරියේදීත් මෞලි රංගනයට යොමු කරනවද?
නැහැ. දැන් අපි ගොඩක් එයාට ලැබුණු රංගන අවස්ථා බාර ගත්තේ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුවලට ගොඩක් පාඩු වුණා. හඳයා එකට දැනට බොහෝ දින වෙන් කරලා තියෙන්නේ. මගෙයි, සැමියගෙයි හැඳුනුම්කමත් එක්ක පුතාට ගොඩක් චරිතවලට කතා කරනවා. මොකද මෞලි හොඳට රඟපාන හින්දා. ඒ වුණාට එක පාරක් එකක් කළාම ඇති. පුතා දැන් වුණත් ෂූටිං යන්නේ රඟපාන්න නමෛයි සෙල්ලම් කරන්න. ඒත් ෂූටිං පටන් ගත්තම ඉතින් හොඳට රඟපානවා. විශේෂයෙන් අධ්‍යාපනයට මූලික තැන දීලා එක පාරකට එක නිර්මාණයකට යොමු කරවනවා.

මෞලි මතෛක් රඟපෑ චරිත අතරින් ඔබ මවක් විදිහට සංවේදී වූ අවස්ථාත් ඇති නේද?
ඔව්, මං පුතාගේ හොඳම රඟපෑම දකින්නේ ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන්. මෙයාට රඟපාන්න පිටපතේ තිබ්බේ ‍පොඩි චරිතයක්. ඒත් පුතා ඒකෙදි ලොකු දෙයක් කළා කියලා චිත්‍රපටය බලනකොට හිතුණා. සමහර හැඟීම් දක්ෂ විදිහට නිරූපණය කළා. ඇත්තටම මටයි ප්‍රභාත්ටයි පුතාගේ රඟපෑම දැකලා ඇස් දෙකට කඳුළුත් ආවා.

සමන්මලී නැලිගම

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 54

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 201

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6923

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6719

Please publish modules in offcanvas position.

X

Right Click

No right click