Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොසොල් රජුගෙන් පසු ඇතුගල දැකපු හීනය ‘මහා සුපින'

මෙවර ‘රිද්ම’ කවරය හැඩකරන සාරංග දිසාසේකර පුංචි තිරයේ හරි හරියට අඩව් අල්ලන්නෙක්. රිදී තිරයත් ඔහුට ආගන්තුක නෑ. අකිල ධනුද්දර රිදී තිරයේත් පුංචි තිරයේත් තම දස්කම් මැනවින් පෙන්වූ නළුවෙක්. සුලෝචනා වීරසිංහ රිදී තිරයේ සම්මාන හිමිකර ගත් නිළියක්. වෙන් වෙන් වශයෙන් තම දස්කම් දැක්වූ සාරංග, අකිල, සුලෝචනා එකම වේදිකාවෙදී එකට මුණගැහුණා. ඔවුන්ව ඒ විදියට මුණ ගැස්සුවේ මහාචාර්ය ආරියරත්ත ඇතුගල. ඒ ඔහුගේ ‘මහා සුපින’ වේදිකා නාට්‍යය වෙනුවෙන්. වේදිකාව හුරුපුරුදු සාරංගත්, සුලෝචනාත්, වේදිකාවට ආගන්තුකයෙක් වුණ අකිලත් තවත් වේදිකාවේ ප‍්‍රවීණයන් රැසක් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රංගනයට ආධුනික ශිෂ්‍යයන් සමග දෙසැම්බර් 5 වෙනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී ‘මහා සුපින’ රඟදක්වනවා. ‘මහා සමයම’ නම් දැවැන්ත වේදිකා නිර්මාණයෙන් පසුව නැවතත් ‘මහා සුපින’ සමග වේදිකාවට ගොඩවුණු මහැදුරු ඇතුගල සමග ඔහු වේදිකාවේ දකින්නට යන මහා හීනය ගැන අපි කතා කළා.
 
පුංචි තිරයට රිදී තිරයට වඩා වේදිකාවට ඔබේ හිත ඇදිලා ගිහින් වගේ?
වේදිකාවට තමයි මම වඩාත් ප‍්‍රිය කරන්නේ. සාමාන්‍ය ජනයා වෙන්න ඉන්න පාසල් මට්ටමේ දරු දැරියන් ඇසුරු කරන ප‍්‍රධානතම කලා මාධ්‍ය තමයි වේදිකාව. වේදිකාවේ අත්දැකීම් තමයි කලාවේ සියලූ‍ ක්ෂේත‍්‍රයන්ට බලපාන්නේ. ඒ නිසා මම වේදිකාවට කැමතියි. අනිත් කාරණය තමයි අද රූපවාහිනී මාධ්‍ය පොහොසත්  දෙයක් කරන්න තරම් වටිනා මාධ්‍යයක් වී නැහැ. අනිත් එක මම ලෝකයේ වේදිකාව අධ්‍යයනය කරනවා. සාම්ප‍්‍රදායික කඩඉම් කඩාගෙන කොහොමද ඉස්සරහට යන්නෙ කියලා හොයනවා. 
 
මහා සමයමට ලැබුණු ප‍්‍රතිචාර මහා සුපින බිහිවෙන්න හේතු වුණාද?
පැහැදිලිවම ඔව්. ඒ භාවාත්මක නිර්මාණය රසවිඳින්න  ගම නගරය එක්වුණා. ඈත දුර පළාත්වලින් පවා නිර්මාණය රසවිඳින්න වේදිකාවක් තියන තැනට ආවා. ඒක තමයි ලෝකයේත් තියන සම්ප‍්‍රදාය. මම දන්න විදියට විදෙස් රටවල ශ‍්‍රී ලාංකිකයන් හා විදේශිකයන් පවා මේ නිර්මාණය නරඹන්න ලංකාවට ආවා. දර්ශන වාර දහයක් පැවැත්වුවා. කොළඹ දර්ශන වාර දහයක් කරන එකත් අභියෝගයක්. ඒ අත්දැකීම විශේෂයි.
 
මහා සමයම දර්ශන වාර දහයෙන් නිමයිද? ඊට පස්සෙ ඒ තැන ගන්නෙ මහා සුපිනද?
මහා සමයම නතරකරන්න සිද්ධ වුණා. මොකද ඒ පසුතල තියන්න තැනක් නෑ. නෙළුම් පොකුණෙන් ගෙනයන්න කිව්වා. ඊට පස්සෙ තැන් තැන්වලට පසුතල අරගෙන ගියා. ඒවා තෙමිලා විනාශ වුණා. ඇත්තටම ඒ වගේ නිර්මාණයක් කරන්න සහයෝගයක්  ඕනෑ. මුලදී ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපාරිකයන්ගේ සහය ගන්න පුළුවන් වුණා. එහෙම නැතුව ඒ නාට්‍යයට ආණ්ඩුවෙන් සල්ලි දුන්නෙ නෑ. මේ මොහොතේ ඒ ව්‍යාපාරික අනුග‍්‍රහයවත් නෑ. ඒ නිසා මහා සමයම තව දුරටත් කරන්න බෑ.
 
මහා සුපිනත් මහා සමයම වගේම දැවැන්තද?
දැවැන්තයි. හැබැයි ඒ දැවැන්ත බව විවිධ ලෙස අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මේකටත් ලොකු කණ්ඩායමක් ඉන්නවා, වේදිකා භාවිතාව දැවැන්තයි, ජනප‍්‍රිය තලේ රංගන ශිල්පීන්, ප‍්‍රවීණ රංගන ශිල්පීන් සම්බන්ධ වෙලා තියනවා. විශ්වවිද්‍යාල ප‍්‍රජාවයි රටේ නිර්මාණ ප‍්‍රජාවයි එකට එක් වන සංස්කෘතික මොහොතක්. දැවැන්ත රඟහලක රඟ දැක්වූ පමණින් නිර්මාණයක් දැවැන්ත වෙන්නේ නෑ. නිර්මාණයේ නිර්මාණාත්මක බව තමයි දැවැන්ත වෙන්න  ඕනෑ.
 
මහා සුපින ඒ කියන්නෙ මහා හීන. නම වගේම තේමාවත් හීනවලට සම්බන්ධද?
මහා කොසොල් රජ්ජුරුවො දැකපු හීන දාසය  වස්තු විෂය කරගෙන තමයි නාට්‍යය නිර්මාණය වෙන්නේ.
 
මේ හීනය හැබෑ කරගන්නත් සෑහෙන්න හීන දකින්න ඇති?
පැහැදිලිවම ඔව්. හුඟාක් මහන්සි වුණා, හුඟාක් හිතුවා, වේදිකාවත් එක්ක මේ හීනය හැබෑ කරගන්න ලේසි වුණේ නෑ. අවුරුදු එක හමාරක් විතර ඒ වෙනුවෙන් ලෑස්ති වුණා. දැවැන්තයන් සමග මාස නවයක් රිහසල් කරමින් කාලාන්තරයක් වෙහෙසීමත් එක අතකට හීනයක්. ඒත් අවසානයේ ඒ හීනය හැබෑ වුණා.
 
ඔබේ හීනය හැබෑ කරන්න නාට්‍ය හා එක්වන පිරිස ගැනත් මතක් කරමු.
බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, මාදිනී මල්වත්ත, අකිල ධනුද්දර, සුලෝචනා වීරසිංහ, ජනක, ප‍්‍රියංකර වගේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් සම්බන්ධ වෙනවා. සංගීතය තරුපති මුණසිංහගේ, රංග වින්‍යාසය රවිබන්දු විද්‍යාපති.
 
හිමේෂා සවන්තී රාජපක්ෂ
ඡායා - අසන්ත ගමආරච්චි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click