Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගීත ගායනය අමතක කරලා රියැලිටි තරු තෝරන්නේ ඇයි?

හේෂාන් ගමගේ නමැති සංගීතඥයාගේ ගීත නිර්මාණ මොනවාද යනවග ගැන බොහෝ දෙනාට එතරම් අවබෝධයක් නොමැති වන්නට පුළුවන්. නමුත් ඔහු සංගීතය ගැන මනා දැනුමක් එක්රැස් කරගත් අයකු බව නම් බොහෝ අය දන්නවා. එපමණක් නොවෙයි. රියැලිටි ගායනා තරග විනිසුරුවරයකු ලෙසත් හේෂාන් කලක පටන් ප්‍රකටව සිටිනවා. මේ දිනවල ඔහුව පුංචි තිරයෙන් දැක ගන්නට ලැබෙන්නේ සිරස ජුනියර් සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනේ විනිසුරුවරයකු ලෙසයි. 
 
ඉන්දියාවට ගිහින් ඉගෙන ගෙන සංගීතයෙන් ලොකු පෙරළියක් කරනවා කියලා හිතාගෙන ලංකාවට ආපු හේෂාන් අද වෙද්දී රියැලිටි තරගවල විනිසුරු භූමිකාවෙන් පමණක් ජනතාව ඉදිරියට එන චරිතයක් බවට පත්වෙලා නේද? 
එහෙමම කියන්න බෑ. හැබැයි මගේම කියලා ගීත නොමැතිකම මට තියෙන ලොකු පැමිණිල්ලක් බව නම් මමත් දන්නවා.
 
ඔය කියන පැමිණිල්ල ඇහෙද්දී ඔබට මොනවාද හිතෙන්නේ? 
එහෙම වෙලාවට ඒ ගැන මම පෙරළා මටම පැමිණිලි කරගන්නවා. 
 
ඒ පැමිණිල්ල ගැන හේෂාන්ට කියන්න නිදහසට කරුණු තියෙනවාද? 
කලාකරුවෙකුට නිර්මාණ කරන්න ලොකු නිදහසක් අවශ්‍යයි. මම කාලයක පටන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියටත් සේවය කරනවා. ඒ හැරුණාම මගේම කියලා සංගිත ඇකඩමියක් තියෙනවා. අලුත් ගීිත ගායනා කරලා ගායකයෙක් විදිහට ඉදිරියට නාවාට මම දැනටමත් හොඳ ගෝල පිරිසක් හදලයි තියෙන්නේ. 
 
ගායකයෙක් විදිහට තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා නොගෙන ගෝලයන්ට දැනුම බෙදා දීම විතරක් ප්‍රමාණවත්ද?
මා සම්බන්ධයෙන් මේ විදිහේ තත්ත්වයක් ඇතිවෙන්න එක හේතුවක් තමයි සංගීතය විකුණන්න මගේ තිබෙන අකමැත්ත. මගේ තාත්තා හෙක්ටර් කුමාරසිරි වේදිකා නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මම පුංචි කා‍ලේ ඉදන්ම හීන දැක්කේ මම කවදාහරි තාත්තා වගේ කලාකරුවෙක් බවට පත්විය යුතුයි කියලා. හැබැයි ඒ තැනට තවමත් ළංවෙන්න බැරි වෙන විදිහේ බාධක මා ඉදිරියේ තිබෙනවා.
 
මොනවාද ඔය කියන බාධක?
මාධ්‍ය වලට මුදල් දීලා ගීත ප්‍රචාරය සිදුවෙන විදිහේ වාතාවරණයක් තමයි අද සංගීත ක්ෂේත්‍රයේ තියෙන්නේ. ඒ විතරක් ‍නෙවෙයි රජයෙන් කලාවට ලැබෙන සහයෝගය අවම වීම වගේ ගැටලුවලටත් අපේ පරපුරට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
 
සංගීත ක්ෂේත්‍රයේ ඇතැම් කාරණා ගැන ඔබ කළකිරීමෙන් සිටින බවයි ඔබේ කතා බහෙන් හැඟෙන්නේ.
ඉන්දියාවේදී උස්තාද්වරයකුගෙන් ගුරුකුල් පරිසරයකයි මම සංගීතය හැදෑරුවේ. නියම කලාකරුවෝ කවුද? සැබෑ සංගීතය මොකක්ද? වගේ දේවල් මම එහිදී දැක්කා. ඒ නිසා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පවතින සමහර හරයක් නැති දේවල් එක්ක මට එකතුවෙන්න බැහැ. 
 
කොහොම නමුත් අන්තර්ජාලයේ සොයා බලන කෙනෙකුට ඔබේ ගීත කිහිපයක් හොයාගන්න බැරිකමක් නැහැ? 
ඒවා විවිධ අවස්ථාවල මගේ මිතුරන්ගේ ඉල්ලීම් වලට අනුව ගායනා කළ ගීත. 
මට තව සංගීතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මට හිතෙන විදියට මම තවම මගේ ගමන පටන් ගත්තා විතරයි.
 
මේ දිනවල ඔබ සිරස ජුනියර් සුපර් ස්ටාර් වැඩසටහන් විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. එතැනදී ඔබ අනෙක් විනිසුරුවන් දෙදෙනාත් සමග එකතුවෙලා කලින් සැලසුම් කරපු පිටපතකට අනුව නේද වැඩ කරන්නේ? 
කොහෙත්ම නැහැ. විනිශ්චයකරුවන් විදිහට මට ඒ වැඩසටහනේදී පෙර සැලසුම් කිසිවක් නැහැ. ඒ වෙලාවට මට දැනෙන හැඟීම් තමයි මම එළියට දාන්නේ. 
 
නමුත් ඔබ ප්‍රදීප් රංගන සහ අභිෂේකා විමලවීර යන විනිසුරුවන් තිදෙනාගේ ඇතැම් උදේ‍යා්ගිමත් ප්‍රතිචාර දකින ප්‍රේක්ෂකයන්ට ඒ ගැන සැකයක් ඇති වීම පුදුමයක් ‍නෙවෙයි? 
ජුනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ සාර්ථකත්වයට 50කට වැඩි දායකත්වයක් එහි විනිශ්චයකරුවන්ගෙන් ලැබෙනවා. එහිදි සීරුවෙන් පුටුවේ වාඩි වී ගෙන ඉඳලා අපේ මත ප්‍රකාශ කරන්න අපට බැහැ. සමහර වෙලාවට වැඩසටහන අතරතුරදී අපි කරන විකාර වැඩ වලට කැමරා කණ්ඩායම පවා අපහසුතාවයට ලක්වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ කරන දේවල් බොරු මවාපෑම් ‍නෙවෙයි. 
 
වැඩසටහනේදී දරුවන් සමග වැඩ කරන විට සංවේදී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙනවා නේද? 
ඔව්. වැඩසටහනේ තරගකරුවන් අතරේ ඉන්නවා යන්තමින් ඡායාවක් විදිහට පමණක් ඇස් පෙනෙන දරුවෙක්. ඔහු අපූරුවට ගී ගයද්දී මම හුඟක් සංවේදී වුණා. තවත් දරුවෙක් සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයක් ගායනා කළ අවස්ථාවක අභිෂේකා කියපු කතාවකටත් බොහෝ අයගේ දෑස් තෙත් වුණා. 
 
කිෂාන් කනංකෙ
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 38

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2969

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6225

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5202

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.