Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනප්‍රියත්වය ඔළුවට ගත්තොත් කරදරයි

මේ වන විට රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා තිබෙන “කූඹියෝ” ටෙලි නාට්‍යයේ චරිත අතරින් වැඩිම අවධානයක් යොමුවන චරිතයක් තමයි පියසේන මහඋල්පතගම කියන්නේ. එම චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා වන්නේ කලණ ගුණසේකර. කලණ මීට පෙරත් වේදිකාවේ සහ ටෙලි නාට්‍ය රංගනයෙන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි රංගන ශිල්පියෙක්. ‘කූඹියෝ’ හි රංගනය ගැන මෙන්ම ඔහුගේ කලා දිවිය ගැනත් කතා බහකරන්නට කලණ ‘රිද්ම’ සමග සංවාදයට එක්වූයේ මේ අයුරිනුයි.
 
කලණව සැබෑ නමින් හඳුනාගන්නවාට වඩා ප්‍රියන්ත මහඋල්පතගම කීවාම කවුරුත් දන්නා තරමට අද වෙද්දී “කූඹියෝ” ටෙලි නාට්‍යයේ චරිතය ජනතාව අතරට ගිහින් නේද? 
ඒක ඇත්ත. ලැබෙන ප්‍රතිචාරවලින් මටත් දැනෙනවා. ඒ චරිතය ප්‍රේක්ෂකයන්ට හොඳට අල්ලලා ගිහින් කියලා. 
 
ප්‍රියන්ත  මහඋල්පතගම මේ තරම් ජනප්‍රිය චරිතයක් වේවි කියලා බලා‍පොරොත්තුවක් ‘කූඹියෝ’ හදන කා‍ලේ තිබුණාද? 
ටෙලි නාට්‍යයේ පිටපත කියෙව්වාම සහ එහි වැඩ කරන පිරිස දැක්කාම විශ්වාසයක් ඇති වුණා. ‘කූඹියෝ’ කවදා හරි අපේ රටේ හිට් එකක් වේවි කියලා. හැබැයි මගේ චරිතය ගැන නම් මම ලොකු බලා‍පොරොත්තුවක් තියාගෙන හිටියේ නැහැ. 
 
‘කූඹියෝ’ වැඩ නිම කරලා අවුරුදු තුනක් විතර ගත වුණාට පස්සේ තමයි එය ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිග හැරෙන්නේ. නළුවෙක් විදිහට ඒක මොන වගේ අත්දැකීමක්ද? 
වසරින් වසර ටෙලි නාට්‍යය ප්‍රමාද වෙද්දී වචනයෙන් කියාගන්න බැරි තරමේ මොකක්දෝ හැඟීමක් නළු නිළියන් විදිහට අප තුළ ඇති වුණා. මට හිතෙන්නේ ඔය ප්‍රමාදය අපටත් වඩා අධ්‍යක්ෂවරයා සහ රචකයාට වැඩියෙන් දැනෙන්න ඇති.
 
ප්‍රියන්ත මහඋල්පතගම ඇවිදින විදිහ, වැඩ කරන විදිහ කතා බහ කරන විදිහ ආදියට බොහෝ ප්‍රේක්ෂකයන් ඇලුම් කරනවා. මොන විදියේ අධ්‍යයනයකින් පසුවද ඔබ ඒ චරිතයට පිවිසුණේ? 
ග්‍රාමීය තරුණයාගේ චරිතය ඊට කලින් රඟපාලා යම්කිසි පළපුරුද්දක් ඒ වෙද්දී මට තිබුණා. හැබැයි මම ඒ ගොඩනගපු චරිතය අද වෙනකොට යම් සාර්ථකත්වයක් ලබා තිබෙනවා. එහි ගෞරවයෙන් සෑහෙන කොටසක් අධ්‍යක්ෂවරයා හා රචකයාටත් හිමි විය යුතුමයි.  
 
ටෙලි නාට්‍යයේදී ඔබ වැඩිපුර ගනුදෙනු කරන්නේ  ජෙහාන්ගේ චරිතය රඟපාන තුමිඳුත් එක්ක. කොහොමද ඔහු සමග ඔබේ සම්බන්ධය ගොඩනැගෙන්නේ? 
පාසල් යන කා‍ලේ මම තුමිඳුගේ ‘අරුන්දතී’ වේදිකා නාට්‍යය නරඹලා තිබුණා. ඊට පස්සේ මම ඔහුගේ ‘රයිනෝසිරස්’ නාට්‍යයේ රඟපෑවා. ඉන්පසුව අපි කලාවේදී නිතර  මුණගැහුණා. රංගන ජීවිතයේදී තුමිඳු කියන්නේ රේස් අශ්වයෙක් නොවෙයි. ඔහු රංගනයේදී තමන්ගේ පෞරුෂයෙන් අනෙක් අයව යටපත් කරන්න උත්සාහ දරන්නේ නැහැ. 
 
අද වන විටත් ඔබට වැඩි ගනුදෙනුවක් තිබෙන්නේ වේදිකාවත් එක්කයි කීවත් වැරදි නෑ. වේදිකාවේදී ඔබ අධ්‍යක්ෂණය පැත්තටත් යොමුවෙනවා. නළුවෙක් වීමද අධ්‍යක්ෂවරයෙක් වීමද කලා ක්ෂේත්‍රයේදී ඔබේ ඉලක්කය වුණේ? 
2004 වසරේදී රුවන් මලිත් පීරිස් සමග නිර්මාණය කළ දාස මල්ලිගේ බංගලාව වේදිකා නාට්‍යයට රාජ්‍ය සම්මාන 7ක් ලැබුණා. හැබැයි අධ්‍යක්ෂවරයෙක් වෙනවා හෝ රංගන ශිල්පියෙක් වෙනවා කියලා නිශ්චිත ඉලක්කයක් මට තිබුණේ නැහැ.
 
’කූඹියෝ’ ටෙලි නාට්‍යයට පෙර ඔබ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගන්නේ ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි නාට්‍යයේ පාතාල සාමාජිකයෙකු විදිහටයි?
ඔව්. ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයේ “සුන්නා” විදිහට රඟපාද්දිත් මට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මට හිතෙන විදියට ජනප්‍රියත්වය කියන්නේ ප්‍රේක්ෂකයා හදවතින්ම දෙන තෑග්ගක්. එහෙම ජනප්‍රිය වුණා කියලා නළු නිළියෝ තටු ගහලා පියාඹන්න සූදානම් විය යුතු නැහැ. ජනප්‍රියත්වය ඕනෑවට වඩා ඔළුවට ගන්නවා කියන්නෙත් කරදරයක්. 
 
කොහොමද පවු‍ලේ තොරතුරු? 
කොළඹට නුදුරු “වෙනිවැල්කොළ” කියන ගමේ තමයි මගේ පදිංචිය. මගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මා, මල්ලි සහ බිරිඳ ගයාත්‍රි තමයි මගේ පවු‍ලේ ඉන්නේ. ඒ අය “සල්ලි හොයං වරෙන්” කියලා මාම ගෙදරින් එළවන්නේ නැතුව මගේ වැඩ වලට ලොකු සහයෝගයක් දෙනවා. 
 
කිෂාන් කනංකෙ 
 
ඡායාරූප - මංජුල පෙරේරා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3618

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2396

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3558

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2120

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7201

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4431

Please publish modules in offcanvas position.