Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හැමෝගේම ඇස් උඩගිය විවාහ මංගල දෙකක්

නළු නිළියන් කියන්නේ තමන්ගේම පවු‍ලේම පිරිසක් කියලා හිතන අය තමයි මේ රටේ වැඩියෙන්ම ඉන්නේ. ඒ නිසා තමයි ඔය කියන නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතවලටත් එබිලා බලන්න බොහොමයක් දෙනා පෙළඹෙන්නේ. නළුවෙක් හරි නිළියක් හරි කසාද බැන්දා කියලා ආරංචි වුණොත් ඒ ආරංචිය ලැව් ගින්නක් වගේ සමාජය තුළ පැතිරිලා යන්නත් ඔය කාරණය හේතුවක් වෙනවා. 
 
ඉහත ප්‍රවෘත්තිය අන්තර්ජාලයේ සැරිසරන්නේ කාලෙක ඉඳලා. හැබැයි ඉතින් මෙහි ඇත්ත නැත්ත මොකක්ද කියලා අදටත් විමසිලිමත්වන අය ඉන්නවා. ඔය අතරේ මීට දවස් කීපයකට කලින් රවීන් කණිෂ්කයි නයනතාරයි දෙන්නගේ මංගල ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පළවුණා. මේ දවස්වල 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ අනුහස් හා දෙව්මි විදියට රඟපාන්නෙත් මේ දෙන්නා. 
ඇත්තටම රවීනුයි, නයනතාරයි කසාද බැඳලද? එහෙම නැත්නම් මේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ජවනිකාවක පින්තුරද?
බොහෝ අය ඒ විදියට විමසුවා. 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යය තුළ අනුහස් හා දෙව්මි කියන්නේ නෑනයි මස්සිනයි. දෙන්නාගේ යටි හිත්වල දෙන්නා ගැනම විශේෂත්වයකුත් තියෙනවා. 
ඒ ආදරය මල්ඵල දරලා දෙදෙනා යුග දිවියට පත්වන විදියටද මේ නාට්‍යය ඉදිරියෙදී සැකසිලා තියෙන්නේ කියන සැකය මේ ඡායාරූප හින්දා ප්‍රේක්ෂකයන්ට ඇතිවුණා.
ඒ නිසාමයි රිද්ම අපිත් හිතුවේ මේ ඡායාරූපවල හැංගිලා තියෙන කතාව මොකක්ද කියලා සොයා බලන්න.
රවීන් හා නයනතාරා මංගල ඡායාරූප Studio U එකෙන් කරපු Wedding Shoot එකක් විතරයි. ඒක මේ අයගේ පෞද්ගලික ජීවිතේටවත් දෙවැනි ඉනිමට වත් සම්බන්ධයක් නැහැ. හැබැයි ඉතින් බෙන්තරදී මේ ඡායාරූප ගැනීම සිදුවෙන අවස්ථාවේදී නම් වටා පිටාවේ අය වගේම එතැන රේල්පාරේ ගිය දුම්රියවල ගමන්ගත් මගීන් පවා මේ දෙන්නා දිහා උනන්දුවෙන් බලමින් කුතුහලයෙන් රහස් කතා මුමුණන්න පටන් ගත්තලු.
නිරෝෂා ජපන් ජාතිකයකු හා විවාහ වීමත් මේ වගේම කතාවක්. සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක් සේමා' නවකතාව ඇසුරින් 

නිර්මාණය වූ චිත්‍රපටයට තමයි නිරෝෂා මේ විදියට මංගල ඇඳුමින් සැරසුනේ. සුමිත්‍රාගේම පිටපතක් අනුව අශෝක අතාවුදහෙට්ටි හා ටාවෝ නෂිමතෝ සම අධ්‍යක්ෂණය කළ කන්දක් සේමා චිත්‍රපටයේ නිරෝෂා රඟපාන්නේ නූපා කියන චරිතයයි. 
කතාවේ හැටියට ඇය විවාහ වන්නේ 'මසාලා සං' කියන මහලු ජපන් ජාතිකයා සමගයි. මෙහි 'මසාලා සං' කියන චරිතය රඟපාන්නේ ජපානයේ දක්ෂ ජනප්‍රිය වේදිකා නළුවකු වන ජූන් එතෝ ඔහුට මේ වනවිට වයස 60ක් වනවා.
'කන්දක් සේමා' තවම තිරගත වෙලා නැති හින්දා මේ මංගල ඡායාරූපය හා ප්‍රවෘත්තිය දැක්කමත් බොහෝ අය හිතුවේ නිරෝෂා ජපන් ජාතිකයකු සමග විවාහ වෙලා කියලයි. හැබැයි ඉතින් එහෙම නොහිතපු පිරිසකුත් ඉඳලා තියෙනවා. ඒ තමයි නිරෝෂගේ යාළුවෝ. ඒ ගැන අපිට කිව්වේ නිරෝෂාම තමයි.
ඔය ෆොටෝ එක දැක්කම ගොඩක් අය හිතුවේ මම ඇත්තටම ජපන් ජාතිකයකු සමග විවාහ වෙලා කියලා. ඒත් මාව ළඟින් ආශ්‍රය කරපු අය නම් එහෙම හිතලා නැහැ. ඒ අය මොකක්ද දන්නවද කියලා තියෙන්නේ. මේක නම් ඇත්ත ෆොටෝ එකක් වෙන්න බැහැ. නිරෝෂා පෙරේරා කියන්නේ ජීවිතේට කසාද බඳින කෙනෙක් නමෛයිනේ... නිරෝෂා එහෙම කියලා මහ හයියෙන් හිනාවුණා. 
 
ආරියවංශ කුලතිලක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4471

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7239

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4539

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics