Coss Ear2
lakbima.lk
COSS Ear 1

ටොම් කෲස්ගේ ඉලක්කය වැරදී යයි රූගත කරන අතරතුර අනතුරක්

ලොව පුරා සිනමා රසිකයන් කලබලයකට ලක් කරනා සුළු පුවතක් පසුගිය අගෝස්තු මාසයේ සිදු විය. එ් ලෝක ප‍්‍රකට ක‍්‍රියාදාම නළුවකු වන ටොම් කෲස් ‘මිෂන් ඉම්පොසිබල්’ චිත‍්‍රපට මාලාවේ හයවැන්නේ රූපගත කිරීමක් අතරතුර බරපතළ ලෙස අනතුරකට ලක්වීමේ පුවතයි. ඔබ බටහිර ක‍්‍රියාදාම චිත‍්‍රපටවල රසිකයකු නම් දැනටමත් මේ පුවත නොදන්නවා විය නොහැකි ය. ලන්ඩන් නුවර දී සිදුකෙරුණු මේ රූපගත කිරීමේ දී ටොම් කෲස් උඩින් පනින දැර්ශනයක් සදහා පෙනී සිටි අතර උඩින් පැනීමේ දී ඔහුගේ ඉලක්කය යම් ආකාරයකින් වැරදී යාම නිසා මෙම අනතුර සිදු වූ බැව් දක්නට හැකි විය. 
සාමාන්‍යයෙන් සිනමා නළුවන් අනතුරුදායී දර්ශන ස`දහා පෙනී සිටින්නේ නැත. එ්වා සදහා පෙනී සිටීමට වෙනත් අතිරේක නළුවන් යොදාගැනීම සාමාන්‍ය සිරිතය. නමුත් ටොම් කෲස් යනු කෙතරම් අවදානම් දර්ශනයක් රූගත කළ ද තමා වෙනුවෙන් ආදේශක නළුවකු යොදාගැනීමට අකැමැති වර්ගයේ පුද්ගලයෙකි. එසේ වෙනත් පුද්ගලයෙකු යොදා ගත්තේ නම් මෙවැනි අනතුරකට ඔහු ලක්වන්නේ ද නැත. කෙසේ නමුත් මෙම අනතුරෙන් ඔහුගේ සිරුරේ ස්ථාන හයක අස්ථි බි`දී ගොස් ඇති බවත්, වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවත් පුවත්වලින් කියැවිණි. ‘මිෂන් ඉම්පොස්බල්’ චිත‍්‍රපට මාලාවේ හයවැන්න ලබන වසරේ ජූලි මාසයේ දී තිරගත කිරීමට සියලූ සැලසුම් පිළියෙළ කොට තිබුණ ද මෙම අනතුර නිසා එහි රූ ගත කිරීම් මාස කිහිපයක් දක්වා කල් දැමීමට සිදු වී ඇත.
මෙයට පෙර ද ටොම් කෲස් සිනමා රූගත කිරීම් සදහා මෙවැනි අවදානම් ක‍්‍රියා රැුසක් සිදු කොට ඇති නළුවෙකි. 
‘නයිට් ඇන්ඞ් ඬේ’ චිත‍්‍රපටයේ දී සිය සතුරන් තමා පසුපස ලූහුබැද එද්දී යතුරු පැදියකින් පෙන්වන විස්කම 
එවැන්නකි. ‘ජැක් රීචර්’ චිත‍්‍රපටයේ කාර් රථයකින් ලූහුබැ`ද යාම, ‘කොලැටරල්’ චිත‍්‍රපටයේ වෙඩි තැබීමේ දර්ශනය, ‘මිෂන් ඉම්පොස්බල් 2’ හි කදු නැගීම, ‘එඞ්ජ් ඔෆ් ටුමෝරෝ’ හි දිවීමේ සහ අවදානම් සහිත පැනීමේ දර්ශනය ද මේ අතර වේ. එමෙන්ම ‘ද ලාස්ට් සමුරායි’ හි සටන් ජවනිකා වඩාත් තාත්වික කරගැනීම සදහා ඔහු සමුරායි සටන් කලාව මාස හයක් තිස්සේ් හැදැරූ බැව් වාර්තා වේ. එමෙන්ම රූ ගතකිරීමේ දී අනතුරක් සිදු වේ යැයි සැක තිබුණු නිසා මුලින් තීරණය කොට තිබුණේ සම්මත දිගට වඩා අඩු අසිපත් භාවිත කරන්නට වුව ද ටොම් කෲස් එය ප‍්‍රතික්ෂේප කළේය. අනෙක එ්වා සැබවින්ම තියුණු අසිපත් විය යුතු බව ද ඔහු පවසා තිබේ. මෙම අසිපත් භාවිත කිරීම නිසා සටන් ජවනිකාවක දී තව මොහොතකින් ඔහුගේ ගෙළ කැපී යන්නට ඉඩ තිබුණු බව පෙනුණි. ඔහුගේ අවදානම් සහිත ක‍්‍රියාවන් තවත් බොහොමයක් සදහන් කළ හැකිය. කෙසේ නමුත් මෙවර ඔහුගේ ඉලක්කය යම් ආකාරයකින් වැරදී යාමෙන් මේ අනතුර සිදු විය.
1962 ජූලි 3 වැනිදාවක උපන් ටොම් කෲස්ගේ මුල්ම සිනමා පටය වන්නේ ‘එන්ඞ්ලස් ලව්’ ය. ඔහු ඇකඩමි සම්මානය ස`දහා තෙවරක් යෝජනා වූවෙක් වූ අතර ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය තෙවරක්ම දිනා ගත්තෙකි. 2012 වසරේ දී හොලිවුඩයේ වැඩිම ගෙවීමක් ලද නළුවා වූයේ ටොම් කෲස් ය. ඔහුගේ චිත‍්‍රපට 49න් 16ක්ම ඇමෙරිකාව තුළදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වඩා ආදායම් උපයා තිබේ. චිත‍්‍රපට 23ක් මුළු ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් 200කට වඩා ආදායමක් ලබා තිබේ. 2017 සැප්තැම්බර් මාසය වෙද්දී ටොම් කෲස්ගේ චිත‍්‍රපට ඇමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් තිරගත කිරීමෙන් ලබා ඇති ආදායම් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක් වන අතර ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීමෙන් ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 කි.
ටොම් කෲස්ගේ ළමා කාලය සතුටින් ගෙවී ගිය එකක් නොවේ. ඔහුගේ පියා දරුණු ලෙස දරුවන්ට පහර දුන්නෙක් විය. කෙසේ නමුත් පියාගේ ජීවිතයෙන් තමා උගත් පාඩම් ජීවිතය හරි මගට ගැනීමට ඉවහල් වූ බව ටොම් පවසයි. 
ටොම් කෲස්ගේ රංගන දිවිය කෙතරම් සාර්ථක වුව ද පෞද්ගලික දිවිය එතරම් සාර්ථක නැතැයි පෙනෙන්නේ ඔහු මේ වන විට තිදෙනෙකු හා විවාහ වී එ් තිදෙනාගෙන්ම දික්කසාද වී ඇති නිසාය. ඔහු 1987 දී මිමී රොජ්ර්ස් නම් නිළිය සමග විවාහ වූ අතර එය 1990 කෙළවර විය. ඉන් පසුව නිකොල් කිඞ්මන් නම්  ඕස්ටේ‍්‍රලියානු නිළිය සමග 1990 දී විවාහ වූ අතර 2001 දී එය කෙළවර විය. අවසන් වශයෙන් 2006 වසරේ දී ඇමෙරිකානු නිළියක වන කැටී හෝම්ස් හා විවාහ වූ අතර එය 2012 දී කෙළවර විය. මේ විවාහ තුනේම ප‍්‍රතිඵලයක් ලෙස ඔහු දරුවන් තිදෙනෙකුගේම පියෙකු වන නමුත් මේ තිදෙනොගෙන් දෙදෙනෙකු දරුකමට හදාවඩා ගත්තවුන් වන අතර ටොම් කෲස් සැබෑ ලෙස ජෛව විද්‍යාත්මකව පියා බවට පත්ව ඇත්තේ එක් දරුවෙකුට පමණි. ඇය කැටී හෝම්ස් නිසා ඔහුට ලැබුණු දියණියයි. ඇය නමින් සූරි ය. කෙසේ නමුත් දික්කසාදය නිසා ඔහුට සූරිව බැලීමට පවා අවසර තිබුණේ නැත. මේ නිසා ඔහු සූරිව බලන්නට යාමට සූදානම් වීම පවා හොලිවුඩයේ පුවතක් බවට පත්ව තිබේ.
ටොම් කෲස්ගේ විවාහයන් මේ ආකාරයෙන් කෙළවරවීමට ඔහුගේ පවතින සෙල්ලක්කාර බව ද ඉවහල් වී ඇතැයි බොහෝ දෙනෙකු පවසති. ඔහුට පෙම්වතියන්ම 12 දෙනෙකුටත් වඩා සිට ඇති බැව් කනින් කොනින් ආරංචි වේ. ලෝරා ප‍්‍රිපොන්, යොලන්ඩා පෙකොරාරෝ, සොෆියා වර්ගාරා, නසානින් බොනියාඩි ආදී වශයෙන් වූ නිළියන්, අධ්‍යක්ෂවරියන්, නිෂ්පාදකවරියන් කලින් කලට ඔහුගේ පෙම්වතියන් බවට පත්ව ඇත.
දැනට දැනගන්නට ලැබී ඇති පරිදි මිෂන් ඉම්පොසිබල් චිත‍්‍රපට කතා මාලාවේ 6 වැන්නේ ඔහු සමග රංගනයේ යෙදෙන රෙබෙකා ෆර්ගියුෂන් සමග ටොම් කෲස් ඉදිරියේ දී විවාහ වන්නට සූදානම් වන බැව් ද හොලිවුඞ් පුවත්වලින් පැවසෙයි.
 
නිරංජන් චාමින්ද කරුණාතිලක{jcomments on}
IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1588

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2379

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5447

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5173

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5881

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10042

Please publish modules in offcanvas position.