Coss Ear2
lakbima.lk
COSS Ear 1

එළිමහන් ප්‍රසංගයක ගී ගයන්න ලක්ෂ එකහමාරක් ගන්නවා

සංගීත ප්‍රසංගයකට සහභාගි වන ගායකයකුට හෝ ගායිකාවකට ඒ වෙනුවෙන් ගෙවන මුදල තීරණය කිරීම කියන්නේ ඔහු හෝ ඇයගේ වටිනාකම කෙතරම්දැයි විනිශ්චයකට ලක්වන අවස්ථාවක් කීවොත් වඩාත් නිවැරදියි. මොකද එහිදී ඔහු හෝ ඇයගේ ප්‍රවීණත්වය, ජනප්‍රියත්වය සහ දක්ෂතා ආදී සෑම දෙයක් ගැනම සැලකිල්ලට ගැනීම බොහෝ විට සිදුවෙනවා. 
ඒ කොහොම වුණත් සමහර ගායක ගායිකාවන් ප්‍රසංග සංවිධායකයන්ගේ පැරැත්තය නිසාම අඩු මුදලකට ගී ගයන අවස්ථාවන්ද නැතුවා නොවෙයි. නමුත් තමා නම් තමන්ගේ වටිනාකම කවදාවත් බාල්දු කර නොගන්නා බවයි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග පවසන්නේ. ‘රිද්ම’ සමග කතා බහට එක්වූ ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග සිය 
‍‍‍ජ්‍යෙෂ්ඨත්වයට අනුව ලැබුණු සහ නොලැබුණු දෑ ගැනත් මේ සංවාදයේදී රටට හෙළි කළා. 
 
දයාරත්න සහ අමරා රණතුංග යුවළගේ අලුත් ගීත නිර්මාණයක් බොහෝ කලකින් ජනතාවට රස විඳින්නට නොලැබුණේ ඇයි? 
දයාරත්න- අපේ අලුත් ගීත නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒවා මාධ්‍යවලින් ප්‍රචාරය වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ අහන්නට ලැබෙන ගීතවලටම තමයි මාධ්‍යවලින් ඉඩකඩ ලබාදෙන්නේ.
 
දශක ගණනාවක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔබ දෙපළට ගීත ලෝලීන් දක්වන ඇල්ම තවමත් එදා වගේමයි කියලා කියන්න පුළුවන්ද? 
දයාරත්න - ඇත්තෙන්ම ඔව්. අපි දෙන්නා ඇමෙරිකාවේ සංචාරයකට සහභාගි වෙලා මීට දින දෙක තුනකට කලින් තමයි ආපහු ලංකාවට ආවේ. ඒ සංචාරයේදී අපි ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකටම ගිහින් ප්‍රසංග පැවැත්වුවා. ඒ ප්‍රසංගවලදී ලැබුණු ප්‍රතිචාරවලින් අපට තේරුම් ගියා ලංකාවේ විතරක් ‍නෙවෙයි ලංකාවෙන් පිට ජීවත්වන ලාංකිකයන් පවා එදා වගේම අදත් අපේ හඬට ඇලුම් කරනවා කියලා. 
අමරා - අපේ පැරණි ගීත තමයි හුඟක් දෙනා තවමත් අපෙන් ඉල්ලන්නේ. ඒ ගීත ගැන ඔවුන් තුළ තිබෙන මතකය ගැන ඇතැම් වෙලාවට පුදුමත් හිතෙනවා. 
 
නමුත් ඔබ දෙදෙනා ලංකාවෙ පැවැත්වෙන ප්‍රසංගවලදී දැන් දකින්නට ලැබෙන්නේ ටිකක් අඩුවෙන් ඇයි ඒ? 
දයාරත්න - එළිමහන් ප්‍රසංගවලට සහභාගි වීම අපි තරමක් සීමා කරලයි තියෙන්නේ. දැන් අපි වැඩිපුරම සහභාගි වෙන්නේ ශාලාවල පවත්වන ප්‍රසංගවලටයි. 
 
ඔබ දෙදෙනාටම තවමත් හොඳින් ගායනා කිරීමේ හැකියාව තියෙනවා. එහෙම තියෙද්දී ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ?
දයාරත්න - ඒකට හේතුව කීපයක්ම තියෙනවා. එකක් තමයි, එළිමහන් ප්‍රසංගවල පවතින වාතාවරණය අපේ ගීතවලට නොගැළපෙන බවක් අපට තේරුම් යාම. එළිමහන් ප්‍රසංගවලදී මුලින්ම සංගීත කණ්ඩායම තරමක් බාල මට්ටමින් ගීත ගායනා කළාට පස්සේ අපි ඇවිල්ලා ඊට හාත්පසින් වෙනස් විදිහට පෙරදිග ලක්ෂණ තියෙන ගීත ගායනා කරන කොට රසිකත්වයේ වුණත් වෙනසක් ඇතිවෙනවා. 
 
දයාරත්න- අමරා යුවළ එළිමහන් ප්‍රසංගවලට ගී ගයන්න විශාල මුදලක් අය කරනවා කියලා රාවයක් පැතිර තිබෙනවා. ඇත්තද ඒ කතාව? 
දයාරත්න- ඔව් ඒක ඇත්ත. සමහරු අඩු මුදලට ප්‍රසංගවලට සහභාගි වෙන බව අපි දන්නවා. ඒත් අපි අපේ වටිනාකමට සරිලන මුදලක් අරගෙන තමයි එළිමහන් ප්‍රසංගවලට ගියත් යන්නේ. 
 
කොච්චර විතර ද ඒ අය කිරීම 
දයාරත්න - මම ලක්ෂ එක හමාරක විතර මුදලක් එක ප්‍රසංගයකට අය කරනවා. 
 
දෙදෙනාම සහභාගි වෙන ප්‍රසංගයක් නම්? 
දයාරත්න- දෙදෙනාම ගීත ගායනා කරනවා නම් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක මුදලක් අය කරන අවස්ථාවලුත් තියෙනවා. 
 
ගායක ගායිකාවන්ට එතරම් මුදලක් ගෙවන එළිමහන් ප්‍රසංග සුලබ නැහැ නේද? 
දයාරත්න- හුඟක් අයට එතරම් මුදලක් ගෙවන්න අමාරු බව අපි දන්නවා. ඒත්, අපි අපේ දැනුමට සහ ප්‍රවීණත්වයට සරිලන ගාස්තුවක් අය නොකළොත් අපේ වටිනාකම කාටවත් තේරෙන්නෙ නැහැ. අඩු මුදලකට රට වටේ තියෙන හැම ප්‍රසංගයකටම සහභාගි වුණොත් වැඩි මුදලක් හම්බ කරගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි අපි නම් එහෙම කරන්නේ නැහැ. 
 
ප්‍රවීණත්වය අතිත් ගත්තොත් ඔබ දෙදෙනාම අද වෙද්දී ඉහළ තලයකයි රැඳී ඉන්නේ? 
දයාරත්න - ඒක ඇත්ත. 1955 අවුරුද්දේ අපි දෙන්නා මහ රෑ යාමේ ගීතය ගායනා කරද්දී අද සංගීත ක්ෂේත්‍රයේ සිටින කවුරුවත් ගීත ගායනා කරලා තිබුණේ නැහැ. අමරදේව මහත්තයා පවා ඒ වෙනකොට ඉන්දියාවට ගිහින් සංගීතය හදාරමිනුයි හිටියේ. 
 
ඒ වගේම අමරා රණතුංග කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශේෂ සලකුණක් තැබූ කලාකාරිනියක්? 
අමරා- ඔව්. සංගීතය පැත්තෙන් ලංකාවේ පළමු වරට ආචාර්ය උපාධියක් ලබාගත්තේ මමයි. සංගීත ක්ෂේත්‍රයේ අපේ රටේ පළමු මහාචාර්යවරියත් මමයි. මම බොහෝම දුෂ්කර ගමන් මගක ගිහිල්ලයි ඒ ජයග්‍රහණ ලබාගත්තේ. මම මග එළිපෙහෙළි කර තිබූ නිසා මගෙන් පස්සේ අයට ඒ ගමන යන එක ඒ තරම් අපහසු වුණේ නැහැ. 
 
සංගීතය පැත්තෙන් ගිය ගමන දිහා බලද්දී ඔබ දෙදෙනාට ඒ වෙනුවෙන් ලැබුණු තනතුරු සහ ඇගයීම් ගැන සතුටු වෙන්න පුළුවන්ද? 
දයාරත්න- අපේ සුදුසුකම්වලට අනුව සම්මුඛ පරීක්ෂණවලට පෙනී ඉඳලා ලබාගත් තනතුරු නම් සියල්ලම වගේ අපට ලැබුණා. නමුත් දේශපාලන පත්වීම් නම් නොලැබි ගිය අවස්ථා තිබුණා. 
 
එහෙම වුණේ දේශපාලන පත්වීම් පිරිනමද්දී දේශපාලකයන් ඇතැම් විට ගන්නා වැරදි තීරණ නිසාද? 
දයාරත්න - මම ඒකට උදාහරණයක් කියන්නම්. මම තමයි ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සංගීත හා පර්යේෂණ අධ්‍යක්ෂවරයා. සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි කියන භාෂා තුනම යටතේ තමයි මම ඒ තනතුරට පත්වෙලා හිටියේ. පසු කාලෙක මා යටතේ හිටපු අමරදේව මහත්මයාටයි, කුලතිලක මහත්මයාවයි දේශපාලන පත්වීමක් විදිහට ගුවන් විදුලියේ පර්යේෂණ නිලධාරී තනතුරට පත් කළා. අමරදේව මහත්තයා පර්යේෂකයෙක් ‍නෙවෙයි. ඔහු ලංකාවේ බිහි වූ දක්ෂතම තනු නිර්මාණකරුවෙක්. ඒ අංශයෙන් ඔහුට තනතුරක් දුන්නා නම් ඒ අවස්ථාවේ ඔහුගෙන් මීට වඩා ප්‍රයෝජන ගන්න තිබුණා.
 
කලාකරුවන් දේශපාලනය කරන එක අද වෙද්දී සුලබ දෙයක්. දේශපාලනය පැත්තට යොමු වුණා නම් හොඳයි කියලා කවදාවත් හිතිලා නැද්ද?
දයාරත්න - අපි කවදාවත් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා වැඩ කරලා නැහැ. 
අමරා - අපි දේශපාලකයන්ගේ පස්සේ ගිහින් කිසිදෙයක් අරගෙනත් නැහැ. ඉදිරියේදී එවැනි දේවල් ලබා ගැනීමේ අපේක්ෂාවකුත් නැහැ.
 
දේශපාලනය කරන්න කියලා ආරාධනා ලැබිලත් නැද්ද?
දයාරත්න - මොකද නැත්තේ? විජය කුමාරතුංගයන් පවා ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න කියලා මට ආරාධනා කළා. මම ඒ ආරාධනය ප්‍රතික්‍ෂේප කළා. 
 
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සමගත් ඔබ දෙපළටම දිගු අතීතයක් තිබෙනවා.  
දයාරත්න - ඔව්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනා අතරේ අමරා සහ මමත් ඉන්නවා. එදා අප සමග ඉගෙන ගත් සමහරු අද ජීවතුන් අතරත් නැහැ. 
අමරා - පසුකාලීනව අවුරුදු 47ක් මම එහි සේවය කළා.ඊට අමතරව මම ඇමෙරිකාවේ සරසවියකත් වසර දෙකක් සංගීතය උගන්වා තිබෙනවා. 
 
නමුත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ප්‍රවීණ සංගීතඥ සනත් නන්දසිරි මහතාටයි හිමි වුණේ. 
දයාරත්න - ඔව්. සංගීත ක්ෂේත්‍රයේ අපේ තිබෙන හිතවත්කම් ඒ විදිහටම ඉදිරියටත් පවත්වා ගත යුතු නිසා අපි ඒ ගැන නිහඬව ඉන්නවා. නමුත් ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය, අධ්‍යාපන සුදුසුකම් ආදිය අනුව බැලුවොත් සුදුස්සාට සුදුසු තැන ලැබි නැති බව මේ ගැන කරුණු කාරණා හරි හැටි දන්නා අයට නම් වැටහෙනවා ඇති.
අමරා - අපි තනතුරු පස්සේ යන කලාකරුවෝ නමෛයි. අධ්‍යාපන සුදුසුකම්වලට මම ආපු දුර මට නම් හොඳටම ප්‍රමාණවත්. හැබැයි අපේ දැනුමෙන් ලංකාවේ අය වැඩ ගත්තා මදි ද කියන කනගාටුව නම් හිතට එනවා. 
 
ඔබේ දූ දරුවන් සංගීතය පැත්තට යොමු වෙලා නැද්ද? 
දයාරත්න - අපට ඉන්නේ පුතාලා දෙන්නෙක් සහ දුවෙක්. දුවගේ නම රූපශිකා රණතුංග. ඇයට සංගීතය සහ නර්තනය යන දෙඅංශයටම හැකියාව තිබෙනවා. ඇය ඉන්දියාවේ ඕචදචපචඵ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබාගෙන මේ වන විට මියුසියස් විද්‍යාලයේ සේවය කරනවා. පුලස්ති සහ නන්දිත පුතුන් දෙදෙනාටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. 
 
කිෂාන් කනංකෙ 
 
ඡායාරූප- තුෂාර අතපත්තු{jcomments on}
IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1587

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2376

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5447

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5173

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5879

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10041

Please publish modules in offcanvas position.