Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාව බේර ගත්තේ දෙවියන් වහන්සේ

ඒ රිදී සීනු හඬ අපේ සිනමාවේ නිළියෝ කොයිතරම් ප්‍රමාණයකට ජීවය කැව්වාද? ඒ විතරක් ‍නෙවෙයි රියැලිටි තරග හරහා අද දවසේ ගායනයට පිවිසෙන නවක ශිල්පීන් ශිල්පිනියන් කී දෙනෙකුට ඒ හඬ අත්වැලක් වී ඇද්ද? ඒ අද්විතීය හ¾ෙඩ් හිමිකාරිය වන්නේ ඇන්ජලීන් ගුණතිලකයි.
ජනප්‍රිය සිනමාවේ ජනප්‍රිය ගී රැසක හිමිකාරිය වූ ඇන්ජලීන් ගුණතිලක පිළිබඳ මීට කලකට පෙර අසන්නට ලැබුණේ කනගාටුදායක පුවතක්. හදිසියේම ඇය  අසනීප වූ බව දැනගන්න ලැබුණත් ඇය මාධ්‍ය ඉදිරියට එන්නට අකමැති වූ නිසා අප ඇයව වෙහෙස කළේ නැහැ.
නමුත් මේ වනවිට ඇයගේ අසනීප තත්ත්වය තරමක් සුව අතට හැරෙමින් පවතිනවා. 
මට දැන් ටිකක් කතා කරන්න පුළුවන් එන්න අපේ ගෙදර..
පසුගිය දවසක අපට ඇයගෙන් ලැබුණේ එබඳු ප්‍රතිචාරයක්. 
ටිකක් කෙට්ටු වුණාට ඉස්සර තිබුණ ලස්සන ඒ වගේමයි අපි එහෙම කියාගෙන ගෙට ගෙවදින කොටම   ඇන්ජලීන් සුහදශීලීව හිනාවෙලා අපිත් එක්ක කතා කරන්න ගත්තා. රෝගී තත්ත්වයත් එක්ක අපැහැදිලිව තිබූ ඒ කටහඬ ආයෙමත් පැහැදිලියි. 
දැන් මම හවසට හවසට ලෙස්ලි එක්ක වැලි පාක් එකට ඇවිදින්න යනවා. මුණ ගැහෙන හැමෝම කියන්නේ ඔය කතාව තමයි.... අසනීප වුණාට පස්සේ කෑම ගත්තේම නැති කාලයක් තිබුණා. ඒ නිසා ගොඩාක් කෙට්ටු වුණා. දැන් නම් ටිකක් විතර කෑම කන්න පුළුවන්. ඒත් මට හරියන්නේ මම උයන කෑම. තව ටිකක් සනීප වුණාම කුස්සියට ගිහින් උයන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ...
ඇන්ජලීන් කතා කරන්නේ බලා‍පොරොත්තු සහගත හඩින්. සම්පූර්ණ සුවය ලබලා ආයෙම ගී ගයන්න එන දවස උදාවනතුරු ඇය බලා ඉන්නවා. ආගිය තොරතුරු කතා කරලා මේ අභාග්‍ය සම්පන්න සිදුවීම ගැන අපි ඇයගෙන් විමසුවා. 
2016 මැයි මාසයේ තමයි මුලින්ම අසනීප තත්ත්වය මතුවුණේ. රෑ නිදාගන්න යද්දී ශාරීරික අපහසුතාවයක් දැනුණා. පහුවදා රෝහලට ගියා. එදා මාව පරීක්ෂා කරලා එදාම රෝහල් ගත කළා.'' 
වෛද්‍ය පරීක්ෂණවලින් දැනගන්න ලැබිලා තියෙන්නේ ඇන්ජලීන්ගේ මොළයේ රුධිර නාලයක ‍ලේ කැටියක් ඇති බවයි. නවලෝක රෝහ‍ලේ සහ ආශා සෙන්ට්‍රල් හි මාස ගණනක් නැවතිලා අදාළ සැත්කම් කරලා තමයි ඇය සුව අතට හැරුණේ. 
දෙවියන් වහන්සේ තමයි මාව ගලවාගත්තේ, එදා හොස්පිටල් යන්න මාව යොමුකළේ දෙවියන් වහන්සේ. බැරි වෙලාවත් දවසක් හරි පමා වුණානම් අද වෙද්දී ඇන්ජලීන් කෙනෙක් නැති වෙන්න තිබුණා.
සැත්කම් මගින් ‍ලේ කැටිය ඉවත් කළත් ඇන්ජලීන්ගේ ශාරීරික තත්ත්වය යථා තත්ත්වයට ගන්න ටිකක් අපහසු වෙලා තියෙනවා. මේ වනවිට ආයුර්වේද ප්‍රතිකාර මගින් ඇගේ අතේ සහ පයේ ඇති ආබාධිත තත්ත්වය සුව අතට ගෙන එන්නට ප්‍රතිකාර හා ව්‍යායාම් කෙරෙනවා. ඒ නිසාම අද ඇයට දෙපයින් නැඟිට ඇවිද යන්නටත් පුළුවන්කම ලැබි තිබෙනවා. 
ආයෙමත් ගී ගයන්න දෙවියන් වහන්සේ මට අවස්ථාව දෙනතුරු මම බලාගෙන ඉන්නවා ඇන්ජලීන් එහෙම කිව්වේ සිය ආදරණීය සැමියා ලෙස්ලි ගුණතිලක දිහා බලාගෙන. ඔහු තමයි මේ වනවිට ඇයගේ ළඟ ඉඳගෙන සියලුම ඇප උපස්ථාන කරන්නේ. විදෙස්ගතව පදිංචිව සිටින වැඩිමල් දියණිය මිලානි සැමියා හා දරුවන් සමග ලංකාවට ඇවිත් කාලයක් ඇන්ජලීන්ගේ තනියට ළඟ ඉඳලා ආයෙමත් පිටව ගොස් තිබෙනවා. හැබැයි ඇන්ජලීන්ගේ බාල දියණිය ඩිල්ෂානි පදිංචිවෙලා ඉන්නේ ඇන්ජලීන්ගේ නිවස ආසන්නයේමයි. 
''දරු මුණුපුරන්ගෙන් සංගීතයට යොමුවුණේ දෙවැනි දුවගේ පුතා ජූඩ් විතරයි. එයා බැංකුවක රැකියාව කරන අතර සංගීතයේ යෙදුනා. මගේ මුණුපුරාගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මම ගී ගැයූ අවස්ථාත් තියෙනවා. 
ඒත් පහුගිය අප්‍රේල් මාසේ දෙවැනි දුවගේ මහත්තයා හදිසියේ මිය යාම නිසා ඒ ව්‍යාපාර බලාගන්න ජූඩ් රැකියාවෙන් ඉවත් වුණා. ඒ එක්කම සංගීත කටයුතුවල යෙදෙන්නට කාලයත් අඩුවුණා.'' 
පහුගියදා පැවැති සරත් දසනායක උපහාර උළෙ‍ලේදී ජෝතිපාල හා ඇන්ජලීන් ගැයූ හද විමන් දොරින් ගීතය ජූඩ් හා මීණා ප්‍රසාදනී ගායනා කළා. 
ඒ ප්‍රසංගයට ජූඩ්ට මිල්ටන් ගේ ගීතයක් ගයන්න ආරාධනාවක් ලැබුණා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. ජෝතියි මමයි ගැයූ ගීතයන් ගැයුවට කමක් නැහැ. ඒත් මම කැමති නැහැ මගේ මුණුපුරා වුණත් වෙනත් ගායකයන්ගේ ගී ගයනවට. තමන්ගේම ගී තුළින් ඉදිරියට එන්න කියලා මම එදා ඔහුට කිව්වා. ඒ නිසා ජූඩ් එදා ගැයුවේ හද විමන් දොරින් ගීතය විතරයි.
ලෙඩක් දුකක් හැදුනම හිතවත් මිතුර මිතුරියන්, නෑදෑයින් ඇවිත් ආදරයෙන් කරුණාවෙන් කතා කරන එක ගිලන් හිතකට සැනසිල්ලක්. දශක ගණනක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටි ඇන්ජලීන්ට හිතවතුන් බොහොමයක් සිටිනවා. ඇගෙන් උදව් උපකාර ලද විශාල පිරිසක්ද සිටිනවා. ඒ වගේම ඇන්ජලීන් හඩින් ඔපවත් වූ නිළියන් ගණනද විශාල ප්‍රමාණයක්. ඒත් බොහෝ අය ඇන්ජලීන්ගේ සුවදුක් බලන්නට එනවා තබා දුරකථන ඇමතුමක් වත් දෙන්නේ නැහැ. ඇන්ජලීන් ගුණතිලකගේ නිවස ඉදිරිපස පිහිටා තියෙන්නේ කාගිල්ස් ෆුඩ් සිටියයි. මේ ෆුඩ් සිටියට පැමිණෙන සමහර ජනප්‍රිය නිළියෝ පිට පාරෙන් හැරිලා යන බවද ඇය අප සමග කියා සිටියා. හෙළ ගී අඹරේ රැජිණියන් දෙදෙනකු වගේ වැජඹුණු ලතා හා ඇන්ජලීන් කාලයක් විරසක වෙලා සිටි බව කලාලොවට රහසක් ‍නෙවෙයි. ඒත් අද මේ දෙදෙනා සුහද මිතුරියන් දෙදෙනෙක්.
ලතා නිතරම මාව බලන්න එනවා. කෑම හදාගෙනත් එනවා.
ඒ වගේම සුජාතා අත්තනායක, ශ්‍රීමතී තිලකරත්න, මල්ලිකා කහවිට, රොහිනි සුදසිංහ, ශ්‍රීයානි දිසානායක වැනි ගායිකාවන්, ඇන්ජලීන්ගේ සුවදුක් බලන්න එනබවද ඈ පැවැසුවා. අසාධාරණයේදී කෙළින් කතාකරනවා වගේම යමකු තමන්ට සුළු උපකාරයක් කළත් ඉහළින් ඇගයීමේ ගුණය ඇන්ජලීන් සතුව තිබෙනවා. ඇයට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්, ආශීර්වාද කළ පූජකවරුන් වගේම ස්වාමීන් වහන්සේලා සියල්ලන්ගේම නම් ඇය මතකයෙන් පැවැසුවේ අපිවත් පුදුම කරමින්. ඒත් ඒ සියලුම නම් සඳහන් කරන්න ඉඩකඩ මදි නිසා ඇන්ජලීන් සමග අපිත් ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න එකතු වෙනවා. 
මම දවස පුරා කරන්නේ බයිබලය කියවන එකයි. ගීතිකා අහන එකයි. මම ගායනා කළ ගීත මම අහන්නේ නැහැ. ඒ කටහඬ අද නැහැ කියලා හිතෙනකොට දුකයි. ඒත් මගේ හඬ ආයෙම යථා තත්ත්වයට එනවා මට දැනෙනවා. පල්ලියට ගියාම ගීතිකා කණ්ඩායම ගීතිකා ගයද්දී මමත් හිමීට ගයනවා. මට දැනෙනවා මගේ හඬ ටිකෙන් ටික එනබව. දෙවියන් වහන්සේ ආයෙම මගේ හඬ  මට ලබාදෙයි. මම හදිස්සි වෙන්නේ නැහැ. එදා තිබුණු මගේ හඬ මට දෙන දවස දෙවියන් වහන්සේ තීරණය කරයි. එදාට මම නැවත ගීත ගයන්න එනවා. 
බලා‍පොරොත්තු පිරුණු හඬකින් ඇන්ජලීන් අප සමග එසේ කියා සිටියා. ඉක්මනින් සුවවෙලා යළි ගායනයට එකතු වන්නට ඇයට නිදුක් නිරෝගී සුව පතන්න අපිත් අමතක කළේ නැහැ. රිද්ම පාඨක ඔබත් ඒ ප්‍රාර්ථනය හදවතින්ම කරන බව අපි දන්නවා. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1940

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1050

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5001

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2875

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4953

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6174

Please publish modules in offcanvas position.