Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වේදිකාවට ගොඩවුණේ වසර හතකට පසුවයි

සිනමාව, පුංචි තිරය සහ වේදිකාව යන මාධ්‍යයන් ත්‍රිත්වයෙන්ම සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ නීටා ප්‍රනාන්දු පසුකාලීනව 
නිෂ්පාදකවරියක ලෙසද කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළාය. දුහුළු මලක් සහ පවුරු වළලු වැනි සිනමාපටවලට රංගනයෙන් දායකවෙමින් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් නොමැකෙන ආකාරයේ සටහන් ඉතිරි කළ ඇය අඩසිය වසක කාලයක් පුරා තවමත් කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන්නීය. මෙහි දැක්වෙන්නේ නීටා ප්‍රනාන්දුගේ නවතම නිර්මාණයන් සහ ඇගේ කලා දිවිය පිළිබඳ කළ සංවාදයකි. 
 
ප්‍රවීණ සිනමා නිළියක වන ඔබ සිනමාවෙන් ඔබ්බට ගිය නිර්මාණ කටයුත්තකට මේ දිනවල වෙහෙසෙන බව ආරංචි වුණා. ඇත්තද ඒ කතාව?
ඔව් මට අලුත් වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබුණා. මම ඒ ආරාධනය සතුටින් පිළි ගත්තා. ඒ වේදිකා නාට්‍යයේ නම “සඳ එළියට වෙඩි තියන්න.” එය තනුජ් නවරත්නගේ වේදිකා නාට්‍යයක්. ඒ වේදිකා නාට්‍යය සැප්තැම්බර් 26 සහ 27 දිනවල නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී තමයි පළමුවරට වේදිකාගත වෙන්නේ. ජයනාත් බණ්ඩාර, ජනක කුඹුකගේ වැනි රංගන ශිල්පීන් මීට දායක වෙනවා.
 
ඔබ වේදිකාවට යළිත් ගොඩ වෙන්නේ කලකට පසුවයි නේද?
ගුණසේන ගලප්පත්තිගේ “සඳ කිඳුරු” මුද්‍රා නාට්‍යයෙන් තමයි මම මුලින්ම වේදිකාවට පිවිසුනේ. පසුකාලීනව සිනමාවේ තරම් වේදිකාවේ රංගනයට වැඩිපුර දායක වෙන්න බැරි වුණා. වසර හතකට විතර පස්සේ තමයි ප්‍රේක්ෂකයන්ට මාව වේදිකාවේ දකින්නට ලැබෙන්නේ. ප්‍රේක්ෂකයන්ටත් ඒක අලුත් අත්දැකීමක් වේවි.
 
වේදිකාව පැත්තට අවධානය යොමු කිරීම නිසා සිනමාව දැන් අමතක වෙලාද?
අ‍පොයි නැහැ. මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ අතරින් ධර්මසේන පතිරාජගේ “ස්වරූප” චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ඊට අමතරව “තේජා” සහ “ස්වර” නමින් චිත්‍රපට දෙකක් චිත්‍රපට ‍පෝලිමේ තියෙනවා. ඒ විතරක් නොවෙයි, තවත් වෙනස්ම විදිහේ චිත්‍රපටයකටත් මට මෑතකදී රංගනයෙන් දායක වෙන්න ලැබුණා.
 
ඒ මොකක්ද කියලා කීවොත්?
ඒ තමයි “සයපෙති කුසුම” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විසාකේස චන්ද්‍රසේකරන්ගේ අලුත්ම චිත්‍රපටය වන “පාංශු”. ඒ චිත්‍රපටයේ රඟපාද්දී මට වෙනස්ම විදිහේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒ අත්දැකීම් සහ චිත්‍රපටය ගැන දැන්මම තොරතුරු හෙළි කරන්න අධ්‍යක්ෂවරයාගෙන් මට අවසර ලැබිලා නැහැ.
 
කලා ශිල්පිනියක් විදිහට ගත කරපු කාලය දිහා ආපසු හැරිලා බලද්දී අද මොනවාද ඔබට හිතෙන්නේ?
ඒ ගැන කල්පනා කරද්දී මට දැනෙන්නේ විශාල සතුටක්. එදා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර තවමත් ඒ වගේම මට ලැබෙනවා.
 
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේදී ජනප්‍රිය සමකාලීන නළු නිළියන් රැසක් සමග රිදී තිරයේ ඉඩකඩ බෙදා ගන්න ඔබට අවස්ථාව  ලැබුණා. 
ඔව්, ශ්‍රියානි අමරසේන, මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි වැනි රංගන ශිල්පිනියන් වගේම රවින්ද්‍ර රන්දෙණිය, ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා වැනි රංගන ශිල්පීන් සමගත් එකට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ කාලය හරිම සුන්දරයි.
 
රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටියදී ඔබ තාවකාලිකව සිනමාවෙන් ඈත් වෙනවා. ඒ ගැන සිහිපත් කළොත්?
වසර 8ක් තුළ චිත්‍රපට 40කට රඟපෑමෙන් දායක වෙලා තමයි 1975 වසරේදී මම මගේ සැමියාත් සමග කැනඩාවේ පදිංචියට ගියේ. විදේශ ගත වූ නිසා මගේ කලා ජීවිතයට පාඩුවක් සිදු වූ බව ඇත්ත. නමුත් එහිදී ලබපු අත්දැකීම් පසුකාලීනව මගේ ජීවිතයට හුගක්  ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ.
 
රංගන ශිල්පිනියක් විදිහට ඔබේ ඉදිරි බලා‍පොරොත්තු මොනවාද?
මගේ ජීවිතයේ දැන් ලොකු බලා‍පොරොත්තු නැහැ. අන් අයටත් උදවු උපකාර කරමින් ජීවත්වීම තමයි මගේ අරමුණ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4642

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4252

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7379

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4647

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2976

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3784

Please publish modules in offcanvas position.

Web Analytics