Coss Ear2
lakbima.lk
COSS Ear 1

මා ගැනම පුරාජේරු කතා කියන්න මම කැමති නැහැ

ප්‍රවීණ සංගීතවේදී සරත් වික්‍රම දශක ගණනක් තිස්සේ අපේ රටේ සංගීතය වෙනුවෙන් කළ මෙහෙය නිසි ඇගයීමට ලක් වුණාද කියන එක නම් ප්‍රශ්නයක්. එදා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස අදටත් කාර්ය බහුල දිවියක් ගත කරන මේ ප්‍රවීණ සංගීතවේදියා අද ඔබ හමුවට රැගෙන ඒමේ හේතුව මේ කතාබහ ඔස්සේම ඔබට දැන කියා ගන්නට පුළුවන්. 
 
ඔබ සංගීත ක්‍ෂේත්‍රයේ අලුත් කටයුත්තකට සැරසෙන බවක් අපිට ආරංචි වුණා. ඒ ගැන අපගේ ආදරණීය ‘රිද්ම’ පාඨකයන්ට කියමු.
මම සංගීතවත් කළ අරගලය, සමාව. අපේ කා‍ලේ පටාචාරා යන චිත්‍රපට සහ සමනළ වසන්තය, ‍පොඩි නෝනා, පරම්පරා අංගම් මල්දම්, සඳරු අරණ සහ සමනලී යන ටෙලි නාට්‍යවල සංගීත ඇතුළත් සී.ඩී. තැටියක් හා එම සියලුම ගී තනු නිර්මාණ ඇතුළත් ‍පොත් 10ක් එළි දක්වන්නයි මා සැරසෙන්නේ. එය නම් කර තියෙන්නෙත් ‘රිද්ම’ නමින්. සැප්තැම්බර් 8 වැනිදා සවස 4ට සුදර්ශි ශාලාවේදී උත්සවය පැවැත්වෙනවා. 
 
ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ ?
සංගීතයේ රස විඳින්නට කැමති අයටයි සී.ඩී. තැටිය. සංගීතය හදාරන අයගේ ප්‍රයෝජනය සඳහායි ‍පොත් 10 එළි දක්වන්නේ. 
 
ඔබ මින් පෙරත් මෙවැනි සංගීත නිර්මාණ කළා. එයින් ජාත්‍යන්තර අවධානයට පවා ලක්වූ අවස්ථා අපට මතකයි
2004 දී මම ‘නාද’ නමින් සංගීත තැටියක් කළා. අපේ ජන ගායනාවල නාද රටා ඇසුරිනුයි එහි සංගීත නිර්මාණය වුණේ.
 2011 දී “තාල” නමින් සංයුක්ත තැටියක් කළා. එයට අපේ වන්නම්වල නාද මාලා පවා ඇතුළත් වුණා. ජපානය ලෝකයේ පවතින විවිධ ජන සංගීත ඛණ්ඩ ඇසුරු කරගෙන ලොව පුරා යමින් පවත්වන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ලංකාවේදී පැවැත්වූවා. එහිදී ඒ අය අපේ රටෙන් තෝරා ගෙන තිබුණේ ‘නාද’ සංයුක්ත තැටියේ අඩංගු ‘ඔංචිලි වාරම්’ නාද මාලාවයි. මම මෙවැනි නිර්මාණ කරන්නේ ලෝකයේ සමග අපේ සංගීතය එකතු කිරීමේ අරමුණින්. බාල සුබ්‍රමනියම්, විශ්වනාදන් වැනි ඉන්දීය ශිල්පීන්ට මේ වනවිට මම ගීත නිර්මාණය කර තිබෙනවා. ශ්‍රියා ගෝෂාල්, සෝනුනිගම් වැනි අය යොදා ගෙන නිර්මාණ කරන්න. ඒ වගේ අති දැවැන්ත ප්‍රසංගයක් කරන්න මටත් ආසයි. ඊට සුදුසු අනුග්‍රහයන් නැතිකමයි ප්‍රශ්නේ. ‘රිද්ම’ ප්‍රසංගයටත් තිස්ස බාලසූරිය, සරත් තිලකරත්න ඇතුළු මිතුරන් කිහිප දෙනෙකුයි මට උදව් කරන්නේ. 
 
ඔබේ සංගීත නාදය ජාත්‍යන්තරයට විහිදී යන්න තිබූ අවස්ථාවක් කලකට පෙර ෙදෙවෝපගත විදියට ගිලිහී ගියා නේද? 
ගාමිණී ෆොන්සේකා සහ රජිනි කාන්ත් එක්ව නිර්මාණය කළ “ඉලයරාජා” චිත්‍රපටය සංගීතවත් කළේ මමයි. එය දැවැන්ත නිර්මාණයක්. රජිනි කාන්ත් අභිභවා ගාමිණීගේ රංගනය මතුවී තිබුණා. එය තිරගත වුණා නම් ගාමිණී ෆොන්සේකා ගැන ලෝකයේම අවධානය යොමු වේවි. මගේ සංගීතයටත් අවධානය යොමු වේවි. ඒත් 1982 නිර්මාණය කළ ඒ චිත්‍රපටය 1983 ජූලි කලබල අවස්ථාවේ විජය චිත්‍රාගාරය ගිනිබත් කරද්දී විනාශ වුණා. ඇත්තටම එය අභාග්‍ය සම්පන්න ෙදෙවෝපගත සිදුවීමක්. 
 
ඔබ එදා මෙදාතුර ගායක ගායිකාවන් විශාල පිරිසකට සංගීතය නිර්මාණය කළ කලාකරුවෙක්. නමුත් ඔබගේ ජීවිතය තුළත්, වෘත්තීය තුළත් නිහඬ බවක් තිබෙනවා නේද? 
පිටරටවල නම් කෙනෙක් යමක් කළාම ඒ ගැන කතා කරන්නේ අනිත් අය. ඒත් අපේ රටේ එහෙම නැහැ. තමන් කරන දේ තමන්ටම තමයි කියන්න වෙන්නේ. මම කිසි කෙනෙකු විවේචනය කරනවා නමෛයි. ඒත් පුංචි දේවල් කරලා ඒ ගැන බොහෝ හඬ නැගීම් කරන අය අපේ රටේ ඉන්නවා. මම කවදාවත් කැමති වුණේ නැහැ මම ගැනම පුරාජේරු කතා කියන්න. ඒ නිසාම මා කළ දේවල් කතා බහට ලක්වුණෙත් අඩුවෙන්. ඒ වුණත් මගේ වෘත්තීය තුළ මම කවදාවත් නිහඬ වෙලා නැහැ. 
 
ඔබේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත් ? 
මගේ බිරිඳ නිර්මලා කලුආරච්චි. ඇය ගුරුවරියක්. මට පුතුන් දෙදෙනකු සහ දියණියක් ඉන්නවා. සසිත වික්‍රම හිරු එෆ්.එම්. ගුවන් විදුලියෙත්, ඉසුරු වික්‍රම රස එෆ්.එම්. ගුවන් විදුලියෙත් රැකියාව කරනවා. ඔවුන් විවාහ වෙලා. දුව (සචිනි හිමායා) තවම පාසල් යනවා.
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2179

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1570

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3116

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1821

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6583

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3975

Please publish modules in offcanvas position.