Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආදරය කියන්නේ තනිකරම දුකක්

පේෂල මනෝජ් කියන රටම දන්නා සංගීතවේදියාට, එහෙමත් නැත්නම් නිවේදකයාට අපි අද කියනවා සතුට සහ දුක කියන වචන දෙක  කෙටියෙන් විස්තර කරන්න කියලා. ඔබ කොහොමද එය කරන්නේ? 
හොඳ හෝ නරක අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමෙන් පසු දැනෙන හැඟීමට තමයි සතුට කියන්නේ. දුක කියන්නේ හොඳ හෝ නරක අවශ්‍යතාවයක් ඉටු කර ගන්නට නොහැකි වීම නිසා දැනෙන හැඟීමටයි.
 
කලා ජීවිතයේදී ඔබ විඳපු ලොකුම සතුට මතක්කරන්න කීවොත් 
මම බිහි කළ ගෝලයන්ගේ දක්ෂතා දකින හැම අවස්ථාවකදීම මම ගොඩක් සතුටු වෙනවා. 
 
එතකොට ඔබ කලා ජීවිතයේදී විඳපු ලොකුම දුක. 
තබ්ලා සඳහා එක්තරා සම්මුඛ පරීක්ෂණයකට මම ගියාම එතැන හිටපු විනිසුරු මඩුල්‍ලේ අය මගෙන් අහනවා. බෙර ගහන්න බැරිද කියලා ඊට පස්සේ කියනවා මේක ගුරුවරුන්ට වෙන් වූ එකක් මිස කලාකරුවන්ට වෙන්වූ එකක් ‍නෙවෙයි කියලා ඒ වේලාවේ ලොකු දුකක් වගේම තරහකුත් මට ආවා. එහෙනම් ඇයි තබ්ලා සඳහා පරීක්ෂණයක් කියලා නම් කළේ කියලා අහන්න හිතුණත් මම නිහඬව හිටියේ එතැනදි මගේ සදාචාර සම්පන්න බව රැකගන්න ඕන හින්දා. 
 
ඔබ පෞද්ගලික ජීවිතේ විඳපු ලොකුම සතුට මතකද? 
ඉන්දියාවට යන්නට ලැබිම 
 
එතකොට පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම දුක? 
ආයෙම ලංකාවට එන්න සිදු වූ දා දැනුණු   දුක 
 
ඔබට ආදරය සතුටක්ද දුකක්ද? 
ආදරය කියන්නේ බැඳීම, බැඳීම කියන්නේ දුක. ආදරය කියන්නේ තනිකරම දුකක්. 
 
ඒ කියන්නේ ආදරය හින්දා ඔබ සතුටක් විඳලාම නෑ කියන එකද? 
ආදරය කරන කා‍ලේ ආදරේ කරන කෙනාගෙන් බැණුම් අහන එකත් දැනෙන්්නෙ සතුටක් විදියට. ආදරය බිඳිලා ගියාම අතීත මතකයන් සිහිපත් වීමත් දුකක් වගේම තරහකුත් එනවා.
 
එහෙනම් කියන්නකෝ ආදරය හින්දා විඳපු ලොකුම සතුට මොකක්ද කියලා? 
ප්‍රථම ප්‍රේමයේ පළමු දවස තමයි. 
 
ආදරය හින්දා විඳපු ලොකුම දුක ආයෙමත් සිහිපත් කළොත්? 
ඒ ප්‍රථම ප්‍රේ්‍රමය අහිමි වූ දවස තමයි. 
 
පේෂල හින්දා වෙනත් කෙනෙකු වඩාත්ම සතුටු වූ අවස්ථාවි මතකද?  
එක දවසක් නන්දා ආන්ටි (නන්දා මාලිනී) මාව පෙන්නලා අපේ අම්මට කිව්වා, ඔයා හරි වාසනාවන්තයි මේ වගේ දරුවෙක් ලබන්න කියලා ඒ වේලාවේ අම්මට දැනුණු  සතුට මම අම්මගේ ඇස්වලින් දැක්කා. 
 
පේෂල හින්දා වෙන කෙනෙකු වැඩියෙන්ම දුක් වූ අවස්ථාව මතකද? 
මම හිතන්නේ මම කාටවත් දුකක් දීලා නැහැ. 
 
වෙන කෙනෙකු හින්දා පේෂල වඩාත්ම දුක් වූ අවස්ථාව මතකද? 
ඉන්දියාවේ මාත් එක්ක එකට ඉගෙන ගත්තු නිලංග කියලා මිතුරෙක් ලංකාවට ආවට පස්සේ ඩෙංගු හැදිලා මියගියා. ඒ දුක මට ගොඩක් දැනුණා. 
 
වෙන කෙනෙකු හින්දා පේෂල වඩාත්ම සතුටට පත්වූ අවස්ථාව මතකද? 
 ඒක නම් පත්තරේට කියන්න බැහැ. 
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
ලොකු සතුටක්. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2506

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1643

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 879

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1902

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5544

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3480

Please publish modules in offcanvas position.

Web Analytics