Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුවන් පැලැස්සේ මැණිකෙගේ දුක සැප බලන්නට යමුද?

ජනප්‍රිය තරු බිහිවෙන්නේ සිනමාව, ටෙලි නාට්‍ය හා සංගීතය තුළයි. ඒ වුණත් ගුවන් විදුලි නාට්‍ය තුළිනුත් ජනප්‍රිය තරු බිහිවූ යුගයක් තිබුණා. 50 - 60 දශකවල ඈත ගම්වල මිනිස්සු රෑට හුළු අතු පත්තු කරගෙන ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙන නිවසට ගොඩ වැදිලා නාට්‍ය අහපු කාලයකුත් තිබුණා. ඒ කාලයේ “මුවන් පැලැස්ස” ගුවන්විදුලි ශ්‍රාවකයින් උන්මාදයට පත්කළ නාට්‍යයක්. කෝර‍ලේ මහත්තයා, මැණිකේ, කදිරා, පිනා, ඩිංගි ගුරුන්නාන්සේ වගේ චරිත ප්‍රේක්ෂකයන්ට තමන්ගේම අය බවට පත්වෙලා තිබූ යුගයක් තමයි ඒ.
මුවන්පැලැස්සේ මැණිකේ විදියට ජනතාව අතරට පැමිණි ඇය ඉන්පසු සිනමාව වේදිකාව, ටෙලි නාට්‍ය තුළටත් තමන්ගේ රංග ප්‍රතිභාව මුසුකළා. ඇය නමින් රත්නාවලී කැකුණවෙල. දශක ගණනක් කලාවේ ඉසව් රැසක් පුරා සිය කුසලතා පළකළ රත්නාවලී අද වනවිට ගිලන් ඇඳේ පසුවනවා. ඇගේ සුවදුක් විමසන්නත්, ඈ පිළිබඳ තොරතුරු බිඳක් ඔබ වෙනුවෙන් ගෙන එන්නත් හිතාගෙන අපි ඇය ජීවත්වන දෙහිවල පිහිටි ඇගේ නිවස වෙත ගියා. සුන්දර සිනාවකින් අපිව පිළිගත්තත් දැන් ඇයට එදා වගේ හරි හරියට කතා කරන්න බැහැ. ඒ හින්දා අපි ඇගේ දියණිය සුරනි කතා බහට එකතු කරගත්තා.
‘අම්මට හිටි හැටියේ මතකය එනවා. ඒත් එක්කම අමතක වෙලා යනවා. නංගි ඉන්නේ විදෙස් ගතවෙලා. පසුගියදා නංගි ලංකාවට ආවම අම්මට නංගිව අඳුන ගන්නත් බැරුව ගියා”. 
1931.01.20 වැනිදා කඩුගන්නාව කොටබෝගොඩ ඉපදිලා රත්මල්ගොඩ මහ විදුහලින් අධ්‍යාපනය ලැබූ රත්නාවලී ඉන්පසුව පවු‍ලේ හැමෝමත් එක්ක කොළඹ ආවා. ඉන්පසු ඇය අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටිය ශාන්ත මේරි විදුහ‍ලේ. රත්නාවලිගේ අයියා වික්ටර් මිගෙල්. කොළඹ ගුවන් විදුලියට සම්බන්ධ වුණාට පස්සේ ඔහු තමන්ගේ නැගණියවත් ගුවන් විදුලියට කැඳවාගෙන ගියා. මුදලිනායක සෝමරත්න රචනා කළ “කුරුළු බැද්ද” නාට්‍යයේ එතනහාමි වුණේ ඇයයි. මුදලිනායක සෝමරත්න විදෙස් ගතවු පසුව වික්ටර් මිගෙල් එම නාට්‍යය කරන්න පටන් ගත්තාම එය “මුවන් පැලැස්ස” විදියට වෙනස් කළා. එදා පටන් මැණිකේ වුණේ ඇයයි. පසුකලෙක මුවන් පැලැස්ස නතර වනතුරුම අඛණ්ඩව ඇය එම චරිතයේ රැඳී සිටියා. 
‘අම්මා අන්තිමට රඟපෑවෙත් කෝර‍ලේ මහත්තයා ටෙලි නාට්‍යයේ මැණිකේගේ චරිතය. 2013 දී එහි රූගත කිරීම් කරන්න රන්මිණි තැන්නට ගියාට පස්සේ තමයි අම්මා අසනීප වුණේ. ඒ ටෙලි නාට්‍යයේ මුල් කොටස්වල අම්මා රඟපෑවා. පසු කොටස්වල හිටියෙ වෙන නිළියක්. වයසත් එක්ක ආපු රෝගී තත්ත්වයක් තමයි අම්මට තියෙන්නේ. ප්‍රතිකාරවලට වඩා වැදගත් විවේකීව ඉන්න එක බව වෛද්‍යවරු කියනවා”.
රත්නාවලි කුමාරසිරි මිගෙල් රත්නාවලි කැකුණවෙල බවට පත්වුණේ ‍පොලිස් සේවයේ නියතු ඩේවිඩ් කැකුණවෙල සමග විවාහ වීමෙන් පසුවයි. ඔවුන්ට නාලක, තිලංක, රම්ලිත, ඉන්දික නමින් පුතුන් හතර දෙනෙක් සහ සුරනි, ඕෂධී නමින් දියණියන් දෙදෙනකු සිටිනවා. මුණුපිරි මිණිපිරියන් 9 දෙනෙකු දකින්නත් ඔවුන් වාසනාවන්ත වුණා. 2013 තමන්ගේ ආදරණීය සැමියා වියෝවීමත් රත්නාවලි රෝගී වෙන්න බලපාන්න ඇති කියලා ඇගේ දියණිය පවසනවා. 
අබල දුබල මට්ටමක හිටියත් ඡායාරූපවලට පෙනී සිටිද්දී, අප සමග වදනක් දෙකක් දොඩද්දී රත්නාවලිගේ මුවග සිනාවක් මෝදුවන්නේ ඉබේටම වගේ.
“ආයේ රඟපාන්න කැමති නැද්ද?” අපි ඇයට ළං වෙලා ඇහුවාම ඇය මෙහෙම වචන ගලපන්න ගත්තා. “ඉක්මනට  සනීප වෙලා ආයෙම රඟපාන්න එන්න ඕන...”
හැබැයි ඒ හඬ තුළ එදා මුවන්පැලැස්ස හොල්ලපු මැණිකෙගේ ගාම්භීර හඬ නම් තිබුණේ නැහැ. 
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප- ප්‍රියන්ත ගමගේ{jcomments on}
 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 628

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1144

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1005

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 775

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5432

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3589

Please publish modules in offcanvas position.