Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මව් පදවියෙන් පසු ගයේෂා පළමුවරට කතා කරයි

පුතාට තවම මාස හතරයි. ගයේෂා දැන්මම නිළියක් විදිහට කාර්ය බහුල වෙලා නේද? 
ඇත්තටම පුතාට මාස හයක් හතක් යනතුරු වැඩක් කරන්නෙ නෑ කියලා හිතාගෙනයි හිටියේ. ඒත් හදිස්සියේම මිල්ලෑව වලව්ව විකාශනය ආරම්භ වුණා. ඒක අපි හුඟක් ආසාවෙන් බලාගෙන හිටපු නාට්‍යයක්. ඉතිං එහි ඉතුරු රූගත කිරීම් සිද්ද කරන්න මට සිද්ධ වුණා. මම මග ඇරියා නම් නාට්‍යයට හානියක් කළා වෙනවානේ. ඒ නිසා පුතාටත් අසාධාරණයක් නොවෙන විදිහට මම රූගත කිරීම්වලට සහභාගි වුණා.
 
අම්මාට ෂූටින් නිසා පුතාට පිටිකිරි ‍පොවන්න ඇති?
අ‍පෝ නෑ. එයා තාම බොන්නේ මව්කිරි විතරමයි. මගේ වැඩ පටන් ගත්තත් මම එයාට අසාධාරණයක් කරන්නේ නෑ කිව්වේ ඒකයි. රූගත කිරීම් අසලම තැනක් අරගෙන මම පුතාව එක්ක යනවා. එයාගේ තනියට මගේ හරි හසන්ජිත්ගෙ හරි අම්මයි, සේවිකාවකුයි ඉන්නවා. සමහර දවසට අපි දෙන්නගේ අම්මලා දෙන්නම එනවා. මමත් පැය දෙකෙන් දෙකට ඇවිත් කිරි දීලා යනවා. අතර මැදදී බඩගිනි වුණොත් කියලා කිරි දොවලා තියලත් යනවා. ඒ නිසා මගේ පුතාට අම්මාගේ වැඩ නිසා අසාධාරණයක් වෙන්නේ නෑනේ.
 
පුතා ලැබුණට පස්සෙත් ගයේෂා හැඩරුව ගැනත් හිතනවා වගේ?
පුතා ලැබෙන්න කලින් මගේ බර කිලෝ50යි. පුතා ලැබෙන්න ඉන්නකොට කිලෝ 75ක් වුණා. දැන් ආයෙමත් කිලෝ 55ක් වෙලා තියෙනවා. කිරි දෙන නිසා තවම ආහාර පාලනය කරන්නේ නෑ. ඒත් යෝග ව්‍යායාම නම් කරනවා. අම්මා කෙනෙක් වුණත් තමන් ගැනත් හිතන්න ඕනෑ නේ.
 
ගයේෂා කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස අභියෝගවලට මුහුණ දුන් කෙනෙක් ඔබ ආන්දෝලනාත්මක චරිතවලට වුණත් නොබියව ඉදිරිපත් වුණා. දැන් ඔබ මවක්. ඉදිරියේදීත් ආන්දෝලනාත්මක චරිත ලැබුණොත් බාර ගන්නවාද? 
වෙනත් රටවල නම් රංගන ශිල්පිනියකට රංගනයේදී තමන්ගේ පෞද්ගලිකත්වය වැදගත් නෑ. ඒත් අපේ රටේ ඒ නිදහස නෑ. මිනිස්සු රංගන ශිල්පීන් ශිල්පිනියන් මනින්නේ ඔවුන් කරන චරිතවලින් මිසක් හැබෑ ජීවිතයෙන් නමෛයි. ඒ නිසා පෞද්ගලික ජීවිතයේ කොයිතරම් අඩව් කස්තිරම් ඇල්ලුවත් බොහොම අහිංසක ලඳ බොළඳ චරිත රඟපාන අය අපේ ලංකාවේ මිනිස්සුන්ට හරි හොඳයි. මොකද ඒ අය නළු නිළියන්ගේ චරිතය තීරණය කරන්නේ එයාලා රඟපාන චරිතවලින් නිසා. සමාජයට පණිවිඩයක් දෙන්න කලාත්මක නිර්මාණයක කළු චරිතයක් කළත් ඒ අය අපිව මනින්නේ ඒ චරිතයේ ස්වභාවයෙන්. පහුගිය කාලයේ මට ඒ පිළිබඳව හොඳ අත්දැකීම් ලැබුණා. ඒ නිසා දැන් මට දරුවෙක්, සැමියෙක්, පවුලක් තියන නිසා චරිත බාර ගනිද්දී මිනිසුන්ගේ සිතුවිලි ගැනත් ඉස්සරහට හිතන්න වෙනවා.
 
ගයේෂා ඔය කතා කරන්නේ කලකිරීමෙන්ද?
පෞද්ගලික ජීවිතයෙන් නම් කලකිරෙන්න මට කිසිම හේතුවක් නෑ. මොකද මම වාසනාවන්ත දුවෙක්, බිරියක්, අම්මෙක්. ඒත් කලා ක්‍ෂේත්‍රය ගැන නම් කලකිරීම් නැතුවාම නමෛයි. 
 
ඔබේ සැමියා හංසජිත් නම් දැන් පූර්ණකාලීනව ව්‍යාපාරවලට යොමු වෙලානේ. ගයේෂාගේ අදහසක් නැද්ද ව්‍යාපාරයක් කරන්න?
ව්‍යාපාරයක් කෙසේ වෙතත් කාලයක ඉඳන් මගේ ලොකු ආසාවක් තියෙනවා අලුත් ළමයින්ට නිරූපණ ශිල්පය පිළිබඳ හරි දැනුමක්, මග පෙන්වීමක් කරන ආයතනයක් ආරම්භ කරන්න. මට එහෙම හිතුණෙම පහුගිය කා‍ලේ අපේ අය එක එක්කෙනාට රැවටිලා රූප රැජින තරගවලට ගිහින් අමාරුවේ වැටෙනවා දැක්කහමයි. ඇත්තටම එහෙම වෙන එක රටටත් හොඳ නෑ.
 
ගයේෂාත් විවාහක රූ රැජින තරගෙට ඉදිරිපත් වෙන්න දැන්ම ඉඳන්ම පිඹුරුපත් හදනවා වගේ ?
මේ තියෙන තත්ත්වයත් එක්ක නම් මට ලංකාවේ විවාහක රූ රැජින වෙන්න නම් කිසිම වුවමනාවක් නෑ. මොකද ඒ තරගයේ කිසිම ප්‍රමිතියක් නෑ. ඒ වගේම තමයි රටවල් නවයකින් දහයකින් එන තරගකරුවන් සහභාගි වෙන, ඒත් නැත්නම් එන ඔක්කොටම මොකක් හරි කිරුළක් දෙන, හැම රටකටම මිනි ටයිටල් දෙන තරගයකට ගිහින් කිරුළ දිනාගෙන එන්නත් මට ඕන කමක් නෑ. මම යනවා නම් යන්නේ ලෝකය පිළිගත්ත රටවල් ගණනාවකින් සහභාගී වෙන වටිනාකමක් තියන තරගයකට විතරයි. එහෙම නැතුව යන්නන් වා‍ලේ යන්නේ නෑ. 
 
හිමේෂා සවන්තී රාජපක්ෂ
ඡායා- අසන්ත ගමආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics