Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රිස්ටෝපර් ‍පෝල්ට අවුරුදු 81යි

කාලයෙන් කාලයට ප්‍රසංග වේදිකාවට අලුත් මුහුණු එකතු වෙනවා. නමුත් එදා ප්‍රසංග වේදිකාවේ රජ කරපු තරු තරමට අද කාලයේ බිහිවන ගායන තරුවලට දිගුකාලයක් ජනතාවගේ හදවත්වල රැඳෙන්න පුළුවන්ද කියන එක නම් ගැටලුවක්. හැබැයි ප්‍රසංග වේදිකාව පමණක් ‍නෙවෙයි, සමස්ත සංගීත ක්‍ෂේත්‍රයම සලකා බැලුවත් අඩසියවසකට වැඩි කාලයක් ගායනයේ යෙදිලා තවමත් සක්‍රීයව ගායන කටයුතුවල නිරතවන ගායකයන් සහ ගායිකාවන් නම් සුලබ නැහැ. එකී සුලබ නොවන ගායක ගායිකාවන්ගේ කාණ්ඩයට ඇතුළත්වන සුවිශේෂී ගායන ශිල්පියකුව අප මෙලෙස සංවාදයට එක්කර ගත්තා. 
ඔහු  ක්‍රිස්ටෝපර් ‍පෝල්. 
 
සමහර කලාකරුවන්ට වියපත් වෙද්දී කලාවෙන් ඈත්වෙන්න සිදුවෙනවා. ඔබ සම්බන්ධයෙනුත් ඒ කාරණය ඒ විදිහටම වලංගුද?
අ‍පොයි නැහැ. මේ වෙනකොට මගේ වයස අවුරුදු 81ක්. ඒත් තවමත් මම මගේ කටහඩින් තමයි හරි හම්බ කරගෙන ජීවත් වෙන්නේ.
 
ක්‍රිස්ටෝපර් ‍පෝල් කියන්නේ හැමදාමත් ගායනය වෘත්තිය කරගත් ගායන ශිල්පියෙක්ද? 
 නැහැ. මගේ ගායන දිවියට දැන් අවුරුදු 62ක් වෙනවා. අවුරුදු 15ක් මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහන 
කළමනාකරුවෙක් විදිහට සේවය කළා. 1995දී සේවයෙන් ඉවත් වුණාට පස්සේ තමයි මම වෘත්තීයමය ගායකයෙක් වුණේ. හැබැයි මුලින්ම මම ගීත ගායනා කළේ විනෝදාංශයක් විදිහට.
 
එදා වගේම ඔබට අදටත් ප්‍රසංග සඳහා ඉල්ලුම තියෙනවාද?
ප්‍රසංග ඉල්ලාගෙන මම කවදාවත් කාගෙවත් පස්සෙන් යන්නේ නැහැ. නමුත් රසිකයෝ තවමත් මගේ ගීතවලට කැමති නිසා මට ප්‍රසංග ලැබෙනවා. අනික වයසට ගියත් මගේ කටහඬ වෙනස් වෙලා නැහැ. රූපයත් වයසේ තරමට වෙනස් වෙලත් නැහැ. මට තවමත් ඉහළ ප්‍රතිචාර ලැබෙන්න ඒවගේ හේතූත් බලපානවා ඇති. 
 
ඒ විදිහට ඔබේ තරුණ බව රැකෙන්න මොන විදිහේ කාරණා බලපාන්න ඇතිද?
මගේ හිත පිරිසිදුයි. කිසිම දේකින් ඔළුවට බරක් ගන්නේ නැහැ. ඒ විතරක් ‍නෙවෙයි, අවුරුදු 81 ක් වුණාට අදටත් මම තරුණයෙක් වගේ තමයි ජීවත් වෙන්නේ.
 
ඔබේ සමකාලීන ගායකයෝ බොහොමයක් අද ජීවතුන් අතර පවා නැහැ නේද? 
ඔව්, ඒ කා‍ලේ ප්‍රසංග වේදිකාවේ එකට ගී ගයපු එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා වැනි ගායකයොත් මට පසුව තමයි ගායන දිවිය ආරම්භ කළේ. එදා ප්‍රසංග වේදිකාවේ හිටපු කවුරුවත් අද වෙද්දී එහි නැහැ. ඒ නිසා මම තමයි මේ වනවිට එළිමහන් ප්‍රසංග වේදිකාවේ ගී ගයන ‍‍‍ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියා.
 
ගායකයෙක් විදිහට මෙරට සංගීත ක්‍ෂේත්‍රයට ඔබ මුලින්ම හඳුන්වා දීපු දේවලුත් තියෙනවා. ඒ ගැනත් ටිකක් මතක් කළොත් ? 
ලංකාවේ මුලින්ම ඉංග්‍රීසි ගීතයකට සිංහල පද ඇතුළත් කරලා දේශීය සංගීතයට ගුවන් විදුලියේ ගායනා කරපු ගායකයා මමයි. එල්විස් පේ‍රස්ලිගේ ‘වුඩ්න් හාට්’ ගීතය තමයි මම ‘පෙම් ලෝකේ පුරා’ නමින් මුල්වරට සිංහලෙන් ගායනා කළේ. ඒ 1959 වසරේදී. ඒ වගේම මුලින්ම ගුවන්විදුලියේ වෙළෙඳ දැන්වීමක් ගීතයෙන් ඉදිරිපත් කළ ගායකයත් මමයි. 
 
බටහිර ගීත ඇසුරෙන් ගයපු ගීත පවා ඒ කා‍ලේ හුඟක් ජනප්‍රිය වුණා නේද? 
අ‍පොයි ඔව්, ඒ කා‍ලේ විතරක් ‍නෙවෙයි. ඒවා අදටත් ජනප්‍රියයි. ‘ඇළ දොළ ගංගා යාවි ගලා’, ‘හා මල් පිපෙන්නේ’, ‘මේ කටුරොද ගම්මානේ’,’මැණිකා මැණිකා’ යන ගීත ඇතුළුව බටහිර ගීත ඇසුරෙන් මම ගායනා කළ ගීත සියල්ලම පාහේ ජනප්‍රිය වුණා. හැබැයි 1959 වසරෙදී ගායනා කළ ‘බෙල්ලෝ මුතු බෙල්ලෝ’ ගීතය තමයි ගායකයෙක් විදිහට මාව මුලින්ම ජනප්‍රිය කළේ.
 
මෑතකදී ගී තැටියක් එළි දැක්වූයේ නැද්ද?
ළඟදී ගී තැටියක් නිර්මාණය කළා. හැබැයි හොර පිටපත් ගහන නිසා ඒවා වෙළෙඳ‍පොළට දැම්මේ නැහැ. දන්නා හඳුනන අයට සී.ඩී. 200ක් බෙදා දීලා මගේ වියදම පියවා ගත්තා. 
 
ගායකයෙක් විදිහට ලබපු ඇගයුම් සහ සම්මාන ගැන සතුටු වෙන්න පුළුවන්ද? 
මේ තාක් කාලයකට රජයෙන් නම් කලාභූෂණ සම්මානයක් විතරයි මට ලැබිලා තියෙන්නේ. නොලැබුණු දේවල් ගැන දුකක් මට නැහැ. මොකද රසිකයන්ගේ ආදරය මට හැමදාමත් ලැබෙන නිසා. 
 
කිෂාන් කනංකෙ 
 
ඡායාරූප - පින්සිරි ආරියරත්න

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2011

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1100

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5114

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2943

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5029

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6255

Please publish modules in offcanvas position.