lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සිනමාවට ආවේ අවුරුදු 15කට පස්සේ

රංගන ශිල්පියෙක් විදිහට වැඩිපුර දැකගන්නට නොලැබුණු නිසා රුක්මල් නිරෝෂ් දැන් රඟපෑමෙන් සමු අරගෙනද කියලා සැක පහල කරපු අයත් හිටියා. එහෙම හිතපු අයට පිළිතුරක් මේ දිනවල තිරගත වන “28” චිත්‍රපටයෙන් ලැබෙනවා. එහි ප්‍රධාන චරිතයක් වන “මනි” විදිහට කලකට පසු ප්‍රේක්ෂකයන්ට රුක්මල්ව දැකගන්නට ලැබෙනවා. 
 
සෑහෙන කාලෙකට පස්සේ නේද රුක්මල් සිනමා නළුවෙක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ? 
ඔව්. හරියටම අවුරුදු 15කට පස්සේ තමයි මම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. “28” වගේ හොඳ චිත්‍රපටයකින් කාලෙකට පස්සේ සිනමාවට එන්න ලැබිම ගැන හුඟක් සතුටුයි. 
 
මෙච්චර කාලයක් නිහඬව හිටියේ ක්ෂේත්‍රය ගැන කළකරීමකින්ද? 
එහෙම දෙයක් ‍නෙවෙයි. ඒකට එක හේතුවක් තමයි මම වසර 7ක කාලයක් විදේශ ගත වී සිටීම එහිදී මම සිනමාව සහ රූපවාහිනී මාධ්‍ය පිළිබඳ උපාධියක් හැදෑරුවා. 2014 වසරේදීයි මම ආපහු ලංකාවට ආවේ. 
 
ඊට පස්සේ රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද? 
ආරාධනා නොලැබුණා ‍නෙවෙයි. ඒත් ඒ බොහෝ ආරාධනා මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. මොකද මට මගේ හැකියාවෙන් යම් දෙයක් කරන්න පුළුවන් චරිත විතරයි බාරගන්නේ. 
 
පුංචි තිරය ගැන ඒ කා‍ලේ තිබුණු අවධානය දැන් අඩු වෙලාද? 
2014 වසරේදී මම අධ්‍යක්ෂණය කළ සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍යය සම්මාන රැසකින් පිදුම් ලැබුවා. මම රඟපෑ ටෙලිනාට්‍යයක් නම් අවසන් වරට විකාශය වුණේ 2007 වසරේදීයි ටෙලිනාට්‍ය සඳහා ලැබුණු ආරාධනා නම් ළඟකදී බාරගත්තේ නැහැ. “අයිස්ක්‍රීම්” සහ “කළම්බෝ”නමැති චිත්‍රපට දෙකකට නම් මෑතකදී රංගනයෙන් දායක වුණා. මගේම චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සරත් කොතලාවල සමග එකතු වෙලා තිර පිටපත ලියාගෙන යනවා. හැකි ඉක්මනින් එහි වැඩ කටයුතු ආරම්භ කරන්නයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව අශෝක හඳගමගේ නවතම චිත්‍රපටයටත් ඉදිරියේදී මම රංගනයෙන් දායක වෙනවා.
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 151

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 415

තාත්තා බන්ධනයකට අහුවෙලා - වික්ටර්ගේ පුත්තු කියති

IMAGE 2017 Aug 20 12:59
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි...
Views - 3585

දරුවන්ගේ පුනරුත්පත්ති කතාවල ඇත්ත නැත්ත දැන ගන්නා හැටි

IMAGE 2017 Aug 20 11:11
දැනට දශක කිහිපයක සිට පුවත් පත් මගින් අතිශය ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා මේදින වල සමාජ ජාල...
Views - 875

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 3509

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 2244

Please publish modules in offcanvas position.