Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලතා මංගේෂ්කාර් සිංහල චිත්‍රපටයක ගීතයක් ගැයුවේ විලවුන් බෝතලයකට ආශාවෙන්

සිංහල වාණිජ සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් ලෙස 1953 වසරේ තිර ගත වූ “සුජාතා” චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. ප්‍රේම් ජයන්ත් හා ප්ලොරිඩා ජයලත් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය එදා අතිශයින් ජනප්‍රිය වුණා. ප්‍රේමා ලෝකය නිවී ගියා, නාරිලතා පුෂපෙකි. මන රංජන දර්ශනීය ලංකා වැනි ගීත අදටත් ජනප්‍රිය අතර සිනමාස් සමාගම වෙනුවෙන් මෙය නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්,. මෙහි ප්‍රචාරක කටයුතු භාරව සිටියේ ටී. සෝමසේකරන් යන අයෙක්. පසු කලෙක සිනමාස් සමාගම සමග අමනාපයක් ඇති කරගත් ඔහුට ‘සුජාතා’ චිත්‍රපටය පරදවාලන චිත්‍රපටයක් කරන්නට වුවමනා වුණා. පසුව සුජාතා චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළම යොදා ආරම්භ කළ මෙම චිත්‍රපටය ඔහු නම් කළේ ‘සැඩ සුළං” ලෙස. මෙහි ගීත දෙස බලන විට ප්‍රේම් ජයන්ත් හා ප්ලොරිඩා ජයලත් පෙනී සිටින සුජාතා චිත්‍රපටයේ එන ප්‍රේමා ලෝකය නිවී ගියා නමැති ගීතයට ආදේශකයක් ලෙස එම දෙපළම පෙනී සිටින පෙම් කැකුල පිපී නමැති ගීතයද සුජාතා චිත්‍රපටයේ ඇති මුහුදු වෙරළක එන ගීත දර්ශනයකට සමාන ඒ ආකාරයේම ගීත ජවනිකාවක්ද සැඩ සුළං චිත්‍රපටයට ඇතුළත් කළ සෝමසේකරන්ගේ මීළඟ උපක්‍රමය වුණේ සුජාතා චිත්‍රපටයේ දක්ෂිණ මුර්තිගේ සංගීතයට කේ.රාණි නම් වූ දකුණු ඉන්දීය ගායිකාව විසින් ගයන ලද ‘මනරංජන දර්ශනීය ලංකා’ නම් වූ ගීතයට වඩා විශේෂ වූ විකල්ප ගීතයක් සොයා ගැනීමයි. සුජාතා චිත්‍රපටයේ ගීතය දකුණු ඉන්දීය ගායිකාවක් ගැයූවත් මෙහිදී සෝමසේකරන්ගේ අවධානය යෙමු වුණේ උතුරු ඉන්දියාව දෙසටයි. ඒ වනවිට හින්දි සිනමා ගීතයේ අග්‍රතම ස්ථානයේ වැජඹෙන ලතා මංගේෂ්කාර් මේ සඳහා තෝරා ගැනීමට ඔහු අපේක්ෂා කළා.
නමුත් ඇය වැනි යෝධ ප්‍රතිරූපයකින් හෙබි අයෙකු මෙරට චිත්‍රපටයක පසුබිම් ගීත ගායනා කිරීම සිහිනයක්ය යන්න ඔහු තේරුම් ගත්තේ ලතා මංගේෂ් කාර් හමුවීමට ඉන්දියාවට යන ඔහුගේ නියෝජිතා කඩවුණු බලා‍පොරොත්තු ඇතිව නැවත පැමිණීමෙන්. ඒත් තම උත්සාහය අත් හැරියේ සෝමසේකරන් නමෛයි. ලතා සුවඳ විලවුන් වර්ගවලට වඩාත් ප්‍රියකරන බව දැන ගන්නා මොහු ඉන්පසු ඇය හමුවන්නට ගියේ විදේශීය රටක නිපදවනු ලබන ඉහළම වර්ගයේ සුවඳ විලවුන් වර්ගයක්ද සමගින්. නිවැරදි ඉලක්කයට පහර එල්ල කිරීමේ කලාව ඔහු තුළ මනාව පිහිටා තිබිමෙන් එවර නම් ඔහුගේ උත්සාහය අපතේ ගියේ නෑ. මෙතරම් වටිනා තෑග්ගක් රැගෙන එන අමුත්තෙකු ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින්දෝ කලින් වතාවේ මෙන් නොව මෙවර ලතා වෙතින් යම් කිසි කොළ එළියක් දැල්වුණු බවක් සෝමසේකරන් තේරුම් ගත්තා. අවසානයේදී සැඩ සුළං චිත්‍රපටය සඳහා සිංහලෙන් ගීතයක් ගැයීමට මේ භාරතීය මහා ගායිකාව එකඟ වුණා. මේ ගීතය තමයි “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි” නම් වූ ගීතය. මේ ගීතය සඳහා ගායනයෙන් ඇයට සහය වුණේ මෙරට සිටි ප්‍රතාපවත් ගායක මොහිදීන් බෙග්. ඇයට ගෞරවයක් වශයෙන් මෙම ගීතය රචනා කිරීම මෙන්ම, එහි තනුව සඳහාද මෙරට ජාතික ගීයේ නිර්මාතෘ, හින්දි භාෂාව ගැන දැනුමක් ඇති ආනන්ද සමරකෝන්ගේ සේවය ලබාගන්නටත් සෝමසේකරන් අමතක කළේ නැහැ. සිංහල භාෂාව හැසිරවීම පිණිස ඇයට විශේෂ පුහුණුවක් ලබා දෙන්නටත් මෙහිදී සෝමසේකරන් කටයුතු කර තිබෙනවා.
 
අනිල් වීරසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 153

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 722

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 924

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1070

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1507

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2460

Please publish modules in offcanvas position.