lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කලාකරුවෝ සල්ලිවලට යටවෙලා

මොනවද ජයශ්‍රී අලුත් තොරතුරු ?
මම මෙල්බන් ආවේ 2001 දී. මටයි බිරිඳටයි දෙන්නටම වෘත්තීය සුදුසුකම් තිබුණා මෙහි එන්න. ඒත් මගේ හිත යට ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා.
 ඒ මොකක්ද?
මගේ ඇඟේ තියෙන දේ ලංකාවේ වගේ කරන්න මෙහෙ බැහැනේ. මෙහේ ඇවිත් නාට්‍ය දෙක තුනක් කළා. නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. හැබැයි නොමිලයේ. මම දන්න දේ කියා දෙන්න සතයක්වත් නොගැනීම මගේ ප්‍රතිපත්තියක්. ප්‍රංශයේ
‘ෂේක්ෂ්පියර්’ යන විරුදාවලියෙන් හඳුන්වන ‘මොලියර්’ (ජින් බැප්ටිස්ටෙ ‍පොකි්‍යුලින්) ගේ නාට්‍යයක් මම පරිවර්තනය කරලා පසුගිය වසරේ ‘ස්වාමි පුරුෂයන්ට පාසලක්’ නමින් මෙහි වේදිකාගත කළා. ඒක හොඳ ‘කොමඩියක්’
 ‘කොමඩි’ නාට්‍ය කොච්චරවත් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එනවනේ.
එනවා තමයි හැබැයි වාත කොමඩි. අපේ සමහර යාළුවෝ තමයි කරන්නේ. නමුත් ඇත්ත කියන්න ඕනනේ. මේ වැඩෙන් මිනිස්සුන්ගේ ‘ටේස්ට්’ එක බහිනවා. ‘කොමඩි’ කියන්නේ හාස්‍යයට. නවනළු රසයෙන් එකක් තමයි හාස්‍යය රසය. මේ තත්ත්වය හේතුවෙන් හොඳ නාට්‍ය, චිත්‍රපට නැරඹීම මිනිසුන්ගෙන් ඈත් වෙලා.
 කරන්න දෙයක් නැතිව මෙහෙම ඉන්න කොට ජයශ්‍රීට විශාල කනගාටුවක් දැනෙනවා ඇතිනේ?
ඔව්... ඔව්... මට සමහරු එන්න කියනවා සින්දු කියන්න. මම ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ කෙනෙක්. මට සින්දු කියන්න පුළුවන්. ඒත් මම ගායකයෙක් නමෛයිනේ. මා ගායනා කළ ගීත තියෙනවා. ඒවා ගායනා කරලා ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය නැහැ. යමක් කරන්නයි ඕනේ. සමහරු කතා කරනවා මට නිවේදනය කරන්න. බොහෝ නිවේදකයෝ කරන්නේ වේදිකාවේ සිට ප්‍රේක්ෂකයන්ට බොරු කියන එකනේ. මට ඒක කරන්නත් බැහැ. ජරා යක්කුන්ව වර්ණනා කරන එකත් නිවේදකයාගේ තවත් රාජකාරියක්.
 කිසිම නිර්මාණයකින් ඔබව ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අද දකින්න ලැබෙන්නේ නැහැ. ඒක කලාවට විශාල පාඩුවක් නේද?
මගේ අතීතය සිහිපත් කරමින් සිත සතුටින් තබා ගැනීම තමයි මගේ අරමුණ. මම වේදිකා නාට්‍ය එකසිය පනහක ටෙලි නාට්‍ය පනහක පමණ රඟපෑවා. ‘රට බාරයි නුඹට පුතේ’ නාට්‍ය තමයි මගේ ප්‍රථම වේදිකා රංගනය.
ඒ කා‍ලේ මම පාසල් සිසුවෙක්. 1971 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට අම්බලන්ගොඩින් ඉදිරිපත් කළ ‘රට බාරයි නුඹට පුතේ’ නාට්‍යයේ වසරේ හොඳම සහය නළුවා හැටියට මම  සම්මාන ලැබුවා. ඒ සියල්ලම අද අතීතයක් පමණයි. එදා කලා ලෝකය තුළ විශාල සාමූහිකත්වයක් තිබුණා. ඒ හේතුවෙන් නිර්මාණය ඔපමට්ටම් වුණා. අද එහෙම සමගියක් නැහැනේ. ඔක්කොම කරන්නේ හංගගෙන. කොපි කරයි කියන බයට. සරස්වතී සහ
ලක්ෂ්මී කිසිදාක එකට ඉන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒකේ ඇත්තක් තිබෙනවා. කලාකාරයා අද සල්ලිවලට යටවෙලා. ඒ නිසා කලාව දිය වෙලා ගිහින්.

අනුර හොරේෂස්
ක්වින්ස්ලන්තයේ බ්‍රිස්බෙන් නගරයේ සිට

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1953

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1595

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2337

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1575

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6125

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3927

Please publish modules in offcanvas position.