lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ප්‍රේමායුධ හරහා ඔබේ නිවසට ගොඩවදින ‘හීරා’ ගැහැනියක්ද පිරිමියෙක්ද?

වෙනස් දෙයක් දැක්කම අපි ඒ දිහා බලන්නෙත් වෙනස් විදියට. ඒ “වෙනස” අපිට දැනෙන තරමට, අපිට දරාගන්න පුළුවන් තරමට වෙනස්වන අවස්ථාත් තිබෙනවා. සමහරුන්ට සමහර වෙනස්කම් දරාගන්න බැරි තරම්. ඒ වෙලාවට ඒ අයගේ ප්‍රතිචාරත් දරාගන්න බැරි තරම් වෙනස් විදියේ ප්‍රතිචාර වෙන්න පුළුවන්.
පිරිමියෙක් විදියට මේ ලොවට ජනිත වෙලා පසුකාලයේ ස්ත්‍රියක් බවට පත්වුණොත් එයා දිහා සමාජය බලන්නේ වෙනස් විදියට. එයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට. ස්වකැමැත්තෙන් සැත්කමක් මගින් එයා ඒ වෙනසට බඳුන් වුණා නම් සමාජයේ ප්‍රතිචාර ඊටත් වෙනස් වේවි. සමාජයේ ඒ ප්‍රතිචාර එයාට දරාගන්න බැරිතරම් කටුක වෙන්නත් බැරි නැහැ. හැබැයි ඒ සියල්ලට මුහුණ දීලා රටේ කතාබහට ලක්වන චරිතයක් වන්න හැකිනම් එය කතාබහට ලක්විය යුතුයි.
‘රිද්ම’ තුළින් කලාකරුවන්ගේ තොරතුරු කතා කරන අපි අද මේ මොනවාද කියන්න යන්නේ කියලා සමහර විට ඔබ හිතයි. ඒ සිතුවිල්ලත් වෙනස් අත්දැකීමක් වෙයි.
අපි මේ කතා කරන්න යන්නේ අපේ රටේ සිටින නිළියක් ගැන, හඬ කැවීම් ශිල්පිනියක් ගැන. ඇය තමයි මේ දිනවල විකාශය වන “ප්‍රේමායුධ” ටෙලිනාට්‍යයේ හීරාට හඬ කවන්නේ. ඇය භූමි හරේන්ද්‍රන්. මෙහි ඇති විශේෂත්වය තමයි හීරාගේ චරිතය රඟපාන්නේ මනෝජ් කුමාර් පතෙල් නම් නළුවෙක් වීම.
ඒ කොහොම වෙතත් අපි මේ කතා කරන්න යන්නේ හීරාගේ චරිතයට හඬ කවන සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ගැන. ඇය භූමි හරේන්ද්‍රන්.
“මගේ පවු‍ලේ එකම දරුවා මම. මම හැදුණේ වැඩුණේ කොළඹ පරිසරයේ. ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහ‍ලේ. මගේ නම කුමුදු. පුංචි කා‍ලේ ඉඳන් මට දැනුණේ මම කාන්තාවක් බව. කාලයත් එක්ක ඒ සංක්‍රාන්තියට පත්වීම මගෙ අරමුණ වුණා. මගෙ දෙමව්පියෝ, නෑදෑයෝ බාහිර සමාජය මගේ තීරණයට විරුද්ධ වුණා. මට හැමෝගෙන්ම ඈත්වෙලා මගේ තීරණය ගන්න සිදුවුණා.”
දැන් ඇය භූමි හරේන්ද්‍රන්. අද ඇය හඬකැවීම් ශිල්පිනියක් වගේම නිළියක්. “සයපෙති කුසුම” තුළින් භූමි සිනමාවට පිවිසුණා.
“ප්‍රේමායුධ” හීරා තුළින් ඇය හඬකැවීමට එකතු වුණා.


“හීරා වගේම මමත් ගොඩක් ශක්තිමත් කෙනෙක්. වෙනසකට තියෙන්නේ මම ඇය තරම් ආගමික විශ්වාසයන්ට එල්බගෙන නැතිවීම. සයපෙති කුසුමින් පසුව ඉදිරියටත් මම රඟපානවා. හැබැයි මම සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්. වූ පමණින් විහිළුවක් වෙන්න කැමති නැහැ. විකට චරිත රඟපාන්න බැහැ. යම් හරවත් නිර්මාණයකට මගෙ රංගනය එකතු කරන්න කැමතියි.”
භූමි හරේන්ද්‍රන් ජීවිතය දකින විදිය ගැන බොහෝ දේ කතා කළා. ආදරය ගැන අනාගතය ගැන ඇය බොහෝ දේ පැවසුවා.
“සමාජයෙන් එල්ලවන ගැහැට එමටයි. ඒත් මම ඒ හැම අවස්ථාවකම ඊට විරුද්ධව නැගී සිටිනවා. බස් රථවල යද්දී විවිධ අඩන්තේට්ටම්වලට ලක්වෙලා මම පහරදීම් සිදුකළ අවස්ථාත් තියෙනවා. මම දැනට රාජ්‍ය නොවන සංවිධානයක මානව හිමිකම් ක්‍රියාකාරිනියක් විදියට රැකියාව කරනවා. මාව තේරුම් ගත්තු වැදගත් මහත්මයෙකුගේ ආදරය මටත් ලැබෙනවා. ඉදිරියේදී ඔහු සමග ජීවිත කාලයම එකට ඉන්න දවසක් ළඟා කර ගැනීමේ හීනය මටත් තියෙනවා.
මේ කතාබහට අපි හීරාගේ චරිතයට රංගනයෙන් දායක වන මනෝජ් කුමාර්ගේ තොරතුරු ටිකක් එක් කරන්නත් හිතුවා.
මේ නාට්‍යය සඳහා රංගනයෙන් දායක වන පිරිස පිළිබඳ විකිපීඩියාව ඇතුළු තවත් බොහෝ වබේ අඩවි ඔස්සේ තොරතුරු සෙවීමේදී ‘හීරා’ නම් චරිතයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ ඇතැම් විට මෙය සුළු, අප්‍රධාන චරිතයක් වන නිසා විය හැකියි.
‘හීරා’ නම් චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ සැබැවින්ම ශිල්පියෙක්. ඔහු නමින් මනෝජ් කුමාර් පතෙල්. එතරම් ප්‍රසිද්ධියට පත් රංගන ශිල්පියෙකු නොවන ඔහු පිළිබඳව අන්තර්ජාලයේ ඇත්තේ ඉතා ස්වල්ප තොරතුරක් විතරයි. චිත්‍රපටවල සහ මාලා වශයෙන් විකාශනය වන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වන වෘත්තීය රංගන ශිල්පියෙකු වන ඔහු ඉන්දියාවේ පැට්නා සරසවියෙන් රංගනය පිළිබඳ උපාධියක් හිමිකරගත් තැනැත්තෙක්. වීදි නාට්‍යයවලටද ඔහු සිය දායකත්වය ලබාදී තිබෙනවා. ප්‍රේමායුධ නාට්‍යයේ හීරාගේ චරිතය හැරුණු විට වෙනත් ටෙලි නාට්‍යයක ‘නිර්මලා’ නම් තවත් ගැහැනු චරිතයක් නිරූපණය කරන නිසා බොහෝදෙනකු සිතන්නේ සැබෑ ජීවිතයේදීද මොහු ලිංග විපර්යාසයකට ලක්වූ තැනැත්තෙකු බවයි. නමුත් එවැන්නක් තහවුරු කරගන්නට තරම් තොරතුරක් සොයා ගන්නට නැහැ. මොහුගේ ෆේස්බුක් ගිණුමේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව සඳහන්ව ඇත්තේ ‘පුරුෂ’ නමින් නිසා ලිංග විපර්යාසයකට ලක්වූ තැනැත්තෙකු නොවන බව තහවුරු කරගත හැකියි.
දැනට බොම්බායේ ජීවත් වන වන මනෝජ් ෆේස්බුක්හි සඳහන් කොට ඇත්තේ එක් දරුවෙකු සිටින බවක් පමණයි. දරුවකු සිටින්නේ නම් විවාහකයෙකු විය යුතු වුවත් ෆේස්බුක් ගිණුමේ සඳහන්ව ඇත්තේ තනිකඩ පුද්ගලයකු ආකාරයෙන්. බිරිඳ පිළිබඳව සඳහන්ව නැතත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පවු‍ලේ ඡායාරූපයක් පළකොට තිබෙනවා. බිරිඳගේ පාර්ශ්වයෙන් ඇතිවූ සහෝදරයා එසේත් නැත්නම් මස්සිනා කෙනෙකු පිළිබඳව එහි සඳහන් වෙනවා.

ආරියවංශ කුලතිලක, නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 166

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 690

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 899

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5040

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3199

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5012

Please publish modules in offcanvas position.