Coss Ear2
lakbima.lk
COSS Ear 1

හොඳම 10යි, නරකම 10යි කියන්නේ අපි අද සිට අරඹන අලූත් විශේෂාංගයක්. ඔබ ආදරය කරන ජනප‍්‍රිය තරුවකට තමයි අපි මේ ප‍්‍රශ්න 10 යොමු කරන්නේ. එ් අනුව අද අපි මේ ප‍්‍රශ්න 10 යොමු කරන්න මුලින්ම තෝරාගත්තේ සම්මානනීය නිළියක් වන අනෝමා ජනාදරීවයි. ඇගේ ජීවිතයේ කැමතිම දේවල් වගේම අකමැතිම දේවල් ගැනත් මේ ප‍්‍රශ්න 10 හරහා ඔබට වැටහීමක් ලබාගන්න පුළුවන් වේවි.  
 
1. හොඳම චිත‍්‍රපටය :
තමුන්ගේ නිර්මාණාත්මක ප‍්‍රතිභාව හා ශ‍්‍රමය උදුරාගෙන ලෝකය පුරා කීර්තිමත් සංගීතඥයකු ලෙස  නමක් දිනා ගත් සැමියාගේත් දරුවාගේත්  අකල් වියෝව නිසා ඒ අමිහිරි මතකයන් අමතක කරන්න බිරිඳක් දරන වෑයම ගැන කියැවෙන ”Blue” කියන චිත‍්‍රපටය මාව කම්පනයට පත් කළ චිත‍්‍රපටයක්.
ඇත්තටම චිත‍්‍රපටයක් හොඳ වීමට බලපාන මූලික කාරණා අතර ඉහළින්ම තියෙන්නේ අධ්‍යක්‍ෂවරයා කොයිතරම් පැසුණු ප‍්‍රඥාවකින් යුක්තද කියන එකයි. නසි්ක්අිනස කියන්නේ එහෙම අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ චිත‍්‍රපට නැවත නැවත බැලීමේ දී අපට ප‍්‍රජනනය කරන අරුත් අපේ ජීවිතය පුළුල් මානයන්ට යොමු කරවනවා.
නරකම චිත‍්‍රපටය : විමුක්ති ජයසුන්දර කියන තරුණයාගේ ”සුළඟ එනු පිණිස” කියන දහජරා ම්ලේච්ඡු සිනමාව. ඔහු කාන්ස් උළෙලේ කැමරා දෝ සම්මානය දිනාගන්නේ ලංකාව ඒ තරම් අපකීර්තියකට පත් කරලා. මේ තමයි හඳගම පතිරාජගෙන් අභාසය ලබපු ගැඹුරු දේශපාලන යථාර්ථයන්ගේ යෂ්ටිය ඊළඟ පරම්පරාව අනුකරණය කරපු හැටි. මම අහන්නේ විමුක්තිගේ ජීවිත කාලයටම තමුන් රටට කීර්තියක් අත්පත් කර දීපු චිත‍්‍රපටය ලංකාවේ පෙන්නන්න පුළුවන් ද..?
 
2. හොඳම ටෙලි නාට්‍ය :
”දිය කැට පහණ”. දුෂ්කර ගමක ඉපදී පියකුගේ හව්හරණ නැතිව කර්කශ ජීවිතයට මුහුණ දෙන විදිහයි මේ ටෙලි නාට්‍යයෙන් පෙන්නුවේ. මමයි මේ චරිතය රඟපෑවේ. ආර්ථික දරිද්‍රතාවය ජය ගන්න ඇය විවිධාකාර අභියෝගවලට මුහුණ දෙනවා. අවසානයේ ඇය පරාජයට පත් වෙලා දිවි නසා ගන්නවා.
අවසානය මේ විදිහට ලිව්වත් මම හඳගමගෙන් ඉල්ලා හිටියා නිමලි කියන මේ චරිතය මරලා දාන්න එපා කියලා. මොකද අපේ රටේ නිර්මාණකරුවෝ හරි දක්ෂයි හැම කතාවක් අග්ගිස්සෙම ගැහැනිය මරලා කතාව ඉවර කරන්න.
නරකම ටෙලි නාට්‍ය : රට ගිය ඇත්තෝ 
 
3. හොඳම ගායකයා : 
මයිකල් ජැක්සන්. මුල් කාලයේ දී ඔහුව අපේ රටේ විචාරකයන් හඳුන්වාපු විදිහ මොන තරම් අවිචාරවත්ද...? ඔහු කුඩා දරුවන් ගැන, පරිසරය ගැන, ආදරය ගැන ගායනය කළ ගීත ලෝකය වෙනත් දිශාවකට යොමු කළා. 
ඒ වාගේම ඔහු ප‍්‍රසංග වේදිකාවට නැවුම් නැටුම් ශෛලීයක් හඳුන්වා දුන්නා. තරුණ/ තරුණියන් උන්මාදයට පත් වුණා ඒ නැටුමට. ඔහු සංගීත කලාවට බොරු නොකළ ගායකයෙක්. 
නරකම ගායකයා : කිසිදු සමාජ දේශපාලන දැක්මක් නැති, ජනතාවාදී නොවන, බොරුවට හඬා වැලපෙන හොටු පෙරණ ගායකයන්ට පොදුවේ මම අකමැතියි.
 
4. හොඳම ගීතය : 
නන්දා මාලනී ගායනා කරන සුනිල් ආරියරත්න ලියාපු ”මා සඳට කැමැති බව දැනගෙන...” ගීතය. පිරිමි සතාගේ ආදරය පිරිමි මනසකින් විග‍්‍රහ වුණු එහෙත් ප‍්‍රබල හඬකින් ගැයෙන මේ ගීතය නම් විශිෂ්ට ගණයේ ගීතයක්.
නරකම ගීතය : නමක් ගමක් අවශ්‍ය නැහැ. මෑත කාලයේ ගීත නම් අපි පොඩි කාලයේ කියවපු පෙළ පොත් වාගේ. ඒ තරම් සවුත්තුයි.
 
5. හොඳම ක‍්‍රීඩකයා : 
සුසන්තිකා ජයසිංහ - ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නවා කියන්නේ මගේ ක්ෂේත‍්‍රයේ ඔස්කාර් සම්මානය දිනා ගන්නවා වාගේ හිතාගන්න අපහසු තරමේ කරුණු කාරණා, පුද්ගල, ආයතන, රාශියකගේ සහයෝගය, දිරිමත් කිරීම මත සිද්ධ වෙන වැඩක්. ඒත් මට මතකයි ඇය ඔලිම්පික් දක්වා ගිය ගමන. ඔය මම කියපු සුබවාදී සියල්ලන්ගේ සහයෝගය වෙනුවට සියල්ලන්ගේම කැපිලි කෙටිලි තර්ජන ගර්ජන මැදයි සිද්ධ වුණේ. තව වසර 
100ක් ඉස්සරහට ඇගේ දිනුම 
අභිභවන්න ක‍්‍රීඩිකාවක් බිහි කරගන්න පුළුවන් නම්.... මම ඇය ගැන ආඩම්බර වෙන තවත් එක කාරණයක් තියනවා. කවුදෝ චිත‍්‍රපටකාරයෙක් ඇගේ චරිතය අළලා චිත‍්‍රපටයක් කරන්න ගිය වෙලාවේ ඇය වහාම මැදිහත් වෙලා එයට වාරණය පනවා එය නැවැත්වීම.
නරකම ක‍්‍රීඩකයා : ජයග‍්‍රහණයක අරමුණක් නැතිව තරගවලට ඉදිරිපත් වෙන කොයි ක‍්‍රීඩකයත් මට නරකයි. 
 
6. හොඳම දේශපාලනඥයා : 
මේක තමයි මාව අමාරුවේ දාන ප‍්‍රශ්නේ... ජනතාවට ආදරය කරන ජනතාව ගැන හිතන දේශපාලන විද්‍යාවක් හැටියට හැදෑරූ මහත්මා ගතියෙන් යුක්ත කෙනා තමයි හොඳම දේශපාලනඥයා වෙන්නේ.
නරකම දේශපාලනඥයා : දැන් ඉන්න සියල්ලන්ම පාහේ නරකයි.
 
7. හොඳම ඇගැයීම : 
”තනි තටුවෙන් පියාඹන්න” චිත‍්‍රපටයේ රඟපෑම සඳහා හොඳම නිළිය ලෙස පළමුවැනි ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීම 
නරකම ඇගැයීම : අද වනතුරු ඒ චිත‍්‍රපටයට මට හිමි වේතනය අශෝක හඳගම විසින් නොගෙවා පැහැර හැරීම. ගිවිසුමක් අත්සන් නොකර මගේ නග්න සිරුර, කුසලතාව දුන් පසු ඔහු කියා හිටියා නොතිබූ ගිවිසුමකට ගෙවිය නොහැකිය කියලා.
 
8. හොඳම පුරුද්ද : 
ක‍්‍රියාශීලී ලෙස ජීවත් වීම.මගේ අම්මා තමයි මට ඒක කියා දුන්නේ.
නරකම පුරුද්ද : විවිධ බෑග් වර්ග මෙට්ටේ යට 
හැංගීම. මෙය ගැහැනු පුරුද්දකි. 
 
9. හොඳම යාළුවා : ත‍්‍රිෂ් (ත‍්‍රිශුල් මහිම)
නරකම යාළුවා : එයාම තමයි දඟ වැඩ කරද්දී මට දැනෙන්නේ.
 
10. හොඳම මතකය :
”හොඳම නිළිය” ලෙස රටවල් 52ක චිත‍්‍රපට අතුරින් ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණු ්ිස්බ අදරකා සෙකප ත්‍ැිඑසඩ්ක හි ”දැවෙන විහඟු‍න්” නමැති චිත‍්‍රපටයට දිනා ගැනීම.
නරකම මතකය : විදෙස් රටකින් මෙවැනි ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආවත් අද වනතුරු රජයේ ඇගැයුමක් නොලැබීම.
 
ශිරෝනි ගේ‍්‍රරෝ

බොලිවුඩ් සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිදෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා (20) මුම්බායිහිදී 63 වැනි වරටත් පැවැත්විණි. 2017 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට ඇගැයුමට ලක් කෙරුණු මෙම සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නළුවා ලෙස “හින්දි මීඩියම්” (Hindi Medium) චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන්ටද, හොඳම නිළිය ලෙස තුම්හාරි සුලු (Tumhari Sulu) චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන්ටද සම්මාන හිමි විය. හින්දි මීඩියම් චිත්‍රපටයට වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූ අතර “ Bareilly Ki Barfi”  චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය අශ්විනි අයියර් බිවාරි වෙත පිරි නැමිණි.
වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් රාජ්කුමාර් රාඕද (Bareilly Ki Barfi)  හොඳම සහාය නිළියට හිමි සම්මානය මෙහෙර් විජ් ද (Secret Superstar) පිදුම් ලැබූහ.

Page 1 of 30

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 687

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1259

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1095

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 843

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5527

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3646

Please publish modules in offcanvas position.