Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඔබේ උපන් දිනය කවදාද ?
1998- 04- 08 වැනිදා
 
උසස් පෙළ අවසන් කරපු හැටියේ ගායකයෙකු වුණාට නළුකමට ආවේ නම් කටේ කිරි සුවඳ යන්නත් කලින්. මම හරි නේද ? 
ඔව්, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “රන් දිය දහර” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පුතා විදිහට රඟපෑවේ නම් ගොඩක් ‍පොඩි වයසෙදී තමයි. ඊට පස්සේ ඒකාංගික ටෙලි නාට්‍යයකත් රඟපෑවා. හැබැයි ඒ ‍පොඩි කා‍ලේ.
 
දැන් නළුවෙක් විදිහටයි ගායකයෙකු විදිහටයි ඉදිරියට යන්නද හදන්නේ...?
‍පොඩි කා‍ලේ රඟපෑවට දැන්නම් ආරාධනාවක් ලැබුණත් රඟපාන්නේ නැහැ. දැන් රඟපාන්න ලැජ්ජයි. ගායනය තුළින් තමයි ඉදිරියට යන්න කැමති. 
 
සුභාවිත ගීත ගායනා කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් වෙයිද ? 
මම කොහොමත් කැමති ඒ වගේ ගීතවලට. ඉස්කෝ‍ලේ කලා උළෙලක ගී ගයන්න වුණත් මම ගයන්නේ අමරදේව මහතාගේ ගීත. තාත්තාගේ ගීතත් ගයනවා. මගේම ගීත තුනක් නිර්මාණය කරද්දීත් මම තෝරා ගත්තේ ඒ ගීත.
 
අසන්ත ප්‍රිය කරන ගීත මොනවාද? 
අමරදේව මහතාගේ “ඈත කඳුකර හිමව් අරනේ’’ ගීතයට සහ අමරසිරි පීරිස් මහතාගේ “මලක් වුණේ” ගීතයටයි ගොඩක් කැමතියි.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වනවිට නම් ඔය අදහස වෙනස් වෙයි. එතකොට ජනප්‍රිය ධාරාවේ ගීත අතරට අසන්තත් එයි ? 
මල් සිංදු අහන්නවත් මම කැමති නෑ. ඒ හින්දා ඒ වගේ සිංදු කියන්න නම් එන එකක් නෑ කවදාවත්.

“මම හිතන්නේ ප්‍රසංග වේදිකාවේ සිටින වාසනාවන්තම නිවේදකයා මමයි. එදා මම වේදිකාවට නැග්ගේ පුස් බයිසිකලයක්වත් නැතිවයි. ඒත් මම අද වේදිකාවට යන්නේ රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයකින්.’’
මෙහෙම කියාගෙන අපිත් එක්ක කතා බහට මුල පුරපු ජගත් නාත්තන්ඩිගේ ඊළඟට කිව්වේ තරමක වෙනස් කතාවක්. 
“සංගීත ප්‍රසංගයක නිවේදන කටයුතු කරන්න මම රුපියල් 40000ක් විතර අය කරනවා. වෙනත් රටකදී නම් ඒ මුදල වෙනස් වෙනවා. මගේ ව්‍යාපාර හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා. ඒත් මම අදටත් ගමේ, ග්‍රාම සේවක. මම ගමේ ග්‍රාම සේවකකම කරන්නේ මුදලක් බලාගෙන නමෛයි. ආත්ම තෘප්තියට. සංගීත ප්‍රසංගයකට ගිහින් රෑ දෙගොඩ හරියේ ගෙදර ආවත් මේ ග්‍රාම සේවක මහත්තයා පහුවෙනිදා කාර්යාලයේ ඉන්නවා.” ජගත්ගේ මේ කතාව ඇහුවාම ඔබටත් අමුත්තක් දැනුනා නේද? දැනට ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු කරන ජනප්‍රියතම නිවේදකයන් අතර මුල් පෙළේ සිටින ජගත් තරමක් වෙනස්ම චරිතයක් නිසයි “රිද්ම” වෙනුවෙන් අපි අද ඔහුව මේ කතා බහට එකතු කරගත්තේ. 
 
ජගත් ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
අවුරුදු 25ක් විතර. 
 
එදාට සාපේක්ෂව අද ප්‍රසංග වේදිකාවේ තත්ත්වය කෙබඳුද? 
අද ප්‍රසංග වේදිකාව හොඳ තත්ත්වයක තියෙනවා. බොහෝ විට විශාල සංදර්ශන පැවැත්වෙනවා. ඒ හරහා විශාල පිරිසකට ආදායම් මාර්ග උදා වී තිබෙනවා. සුවහසක් සංගීත ලෝලීන්ට නව තාක්ෂණයද සමගින් උපරිම ආශ්වාදයක් ලබාදීමට ප්‍රසංග සංවිධායකවරු සමත්වී තිබෙනවා. 
 
ප්‍රසංග වේදිකාව නියෝජනය කරන ප්‍රවීණ නිවේදකයකු විදිහට අද ඔබට වේදිකාව තුළ හිමි වෙලා තිබෙන තත්ත්වය ගැන සැහීමකට පත් වෙනවාද? 
ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි. අද ලංකාවේ ඉන්න පිළිගත්, ප්‍රවීණ නිවේදකයන් අතර මමත් මුල් තැනක ඉන්නේ කැපවීම නිසා. ගරු කළ යුතු අයට ගරු කළ නිසා. නිවේදන වෘත්තිය දේවත්වයෙන් සලකපු නිසා. සමහරු මේ ක්ෂේත්‍රයට එන්න කැමැතියි. හැබැයි ඔවුන්ට ඉවසීමක් නෑ. හැදෑරීමක් නෑ. ඒ නිසයි බොහෝ අයට පැවැත්මක් නැත්තේ. ගායකයෝ එනවා යනවා. ඒත් නිවේදකයෝ එහෙම නෑ. සංගීත කණ්ඩායම් පිළිගත්තොත්, අසන්නෝ කැමැති වුණොත් ඔවුන්ට ඉල්ලුම නැතිවෙන්නේ නෑ. හැබැයි ඒ තත්ත්වය ගොඩනගා ගත යුත්තේ අප විසින්මයි. මෙතනදී මට නම් විශාල වාසියක් වුණා. රටේ නම ගිය ජනප්‍රිය සංගීත කණ්ඩායම් බොහොමයක් ඉන්නේ මම ඉන්න මීගමු කලාපය වට කරගෙනයි පෞද්ගලිකව මට තිබෙන ඉල්ලුම වැඩි වීමට එයත් හේතුවක් වුණා. 
 
ප්‍රසංග වේදිකාව තුළ අද ඇතැම් ගායක ගායිකාවන් අසාධාරණ ලෙස මුදල් අය කරගන්නා. බවට නැගෙන චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ. 
අපේ රට පුංචි දූපතක්. මහා ලොකු සල්ලිකාරයෝ මේ රටේ නැහැ. කලාකරුවන් විදියට අපි හැම දෙනාම ඒ තත්ත්වය වටහාගත යුතුයි. ලක්ෂ ගණන් අය කරගන්න පුළුවන් තැන් වගේම රුපියලක්වත් ගන්න නොහිතන සංගීත ප්‍රසංග මේ රටේ පැවැත්වෙනවා. සමහර ගායක ගායිකාවෝ නම් මේ තත්ත්වය තේරුම් අරගෙන සාධාරණ ලෙස මුදල් අය කරනවා. ඒත් සමහරු එහෙම නෑ. කොළඹට එක ගාණක්. අනුරාධපුරේ යනකොට තව ගාණක්. ඔය විදියට ගාණ ඩබල් කරන එකනම් වැරදියි. කොළඹට කිරි දීලා ගමට කැකිරි දෙන්න හදන ගායක ගායිකාවෝ එක්ක නම් මම විරුද්ධයි. 
 
අද වැඩිපුරම එළිමහන් ප්‍රසංග වේදිකාව නියෝජනය කරන්නේ නව පරපුරයි. ඒ කියන්නේ ප්‍රවීණයන්ට අද ප්‍රසංග වේදිකාවේ තැනක් නැතිවෙලාද? 
සංවිධායකයන් බොහෝ විට ප්‍රසංග වේදිකාවට ගොඩවදින්න ප්‍රවීණයන්ට ආරාධනා කරනවා. ඒත් ඒ ආරාධනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම වැඩිපුර ගණන් උස්සන්නෙත් ප්‍රවීණ ගායක ගායිකාවෝ. කොළඹ තිබෙන ප්‍රසංගයකට ලක්ෂයක් ගන්නවා නම් දුර පළාතකින් ලක්ෂ 3ක් ඒ අය ඉල්ලනවා. නමුත් අද ඔය කියන සමහරු ඉහළට ඇවිත් තියෙන්නේ ප්‍රසංග වේදිකාවෙන් කියන එකත් එයාලට අමතක වෙලා. 
 
ගායක ගායිකාවන්ට සාපේක්ෂව නිවේදක නිවේදිකාවන්ට ප්‍රසංග වේදිකාව තුළ හිමි වටිනාකම කෙබඳුද? 
එදාට සාපේක්ෂව අද නිවේදකයා ප්‍රසංග වේදිකාව තුළ වෘත්තීය මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ අතරේ කාව හරි දාලා වැඩේ කරගන්න අයත් ඉන්නවා. ඒත් ගායක ගායිකාවන්ට, නිවේදක නිවේදිකාවන්ට හිමි වටිනාකම වාදකයන්ට ඇත්තේම නැහැ කියන එක නම් කියන්නට ඕනේ. 
 
විසි පස් වසරක ඔබේ නිවේදක දිවියේ මතකයේ රැඳුණු සොඳුරු අත්දැකීම් එහෙමත්  ඇති නේද? 
ඒ වගේ විශේෂ සිදුවීම් දෙකක් තියෙනවා. අදටත් ඒවා මතක් වෙන කොට හරිම සුන්දරයි. එකක් තමයි සේනානායක වේරලියද්ද මහතා සංවිධානය කරපු, ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සංගීතය සපයපු ප්‍රසංගයකදී බේබි ශානිකා ගීතයක් ගායනා කරන්න කලින් මේකප් කර කර හිටියා. ඔය වෙලාවේ මාවත් ශානිකා ඇදගෙන ගිහින් මේකප් කළා. ඊට පස්සේ මම ප්‍රසංග වේදිකාවට ගොඩ වුණා. මෙන්න කට්ටියම හිනාවෙන්න පටන් ගත්තා. පස්සෙ දැන ගත්තේ ශානිකා මාව ජෝකර් කෙනෙක්  විදියට මේකප් කරලා කියලා. පස්සෙ දවසක මමත් ඉතින් රිටන් එක දුන්නා. තවත් දවසක ප්‍රංශයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට මමත් එක් වුණා නිවේදකයෙක් විදියට. එහිදී අනිත් අයට වුණේ නැති වැඩක් මට වුණා. මාව වැටුණේ තනිකරම ගැහැනු ළමයි හිටපු කෝච්චි පෙට්ටියකට එදා. මම පුදුම විදිහට අපහසුතාවයට පත් වුණා. ඒවා මතක් වෙනකොට මේ වෘත්තිය කොයි තරම් සුන්දරද කියලා හිතෙනවා. 
 
ප්‍රසංග වේදිකාවකට අලුතින් එන නිවේදක නිවේදිකාවන්ට ඔබ දෙන උපදේශය කුමක්ද? 
මේක බොහොම සීරු මාරුවෙන් යන්න ඕන ගමනක්. ලොකු ප්‍රතිඵල එක පාරට ලැබෙන්නේ නෑ. ඉවසීමෙන්, හැදෑරීමෙන් මේ ගමන යන්න ඕනේ. 
 
සමන්මලී නැලිගම

Page 1 of 22

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2493

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1636

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 874

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1897

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5538

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3475

Please publish modules in offcanvas position.

Web Analytics