Coss Ear2
lakbima.lk
COSS Ear 1

'කෝටිපතියෝ' කියන නමින්, හාර කෝටියේ දෙවන කොටසක් නිර්මාණය කරන්නට තීරණය කළේ ඇයි කියලා මුලින්ම කිව්වොත්?
'හාරකෝටිය' බොහෝ දෙනා අතරේ ගොඩාක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වුණා. ඉතින් මා ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට හිතුණා, හාරකෝටියේ චරිත යොදා ගෙන තවත් තේමාවක නාට්‍යයක් කරන්න. හාරකෝටියට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හින්දම තමයි අපි කෝටිපතියෝ' කරන්න තීරණය කළේ. හැබැයි කෝටිපතියෝ කියන්නේ අපි කලින්ම සැලසුම් කළ ටෙලි නාට්‍යයක්.
 
එතකොට හාරකෝටියේ දෙවන කොටස 'හාරකෝටිය' දෙක විදිහට නම් නොකර, කෝටිපතියෝ කියන නම යොදන්න විශේෂ හේතුවක් තිබුණාද?
'හාරකෝටිය' කියන නම දැන් මේ වෙනකොටත් බොහෝ දෙනා වැළඳගෙන ඉවරයි. ඉතින් අපට හිතුණා ඒ වගේම ගැළපෙන තවත් අලුත් නමක් නාට්‍යයට යොදන්න. ඒ නිසාම එහි කතා තේමාවත් අදාළ කරගෙනම මේ ටෙලි නාට්‍යයට කෝටිපතියෝ කියන නම යොදා ගත්තා. 
 
හාරකෝටිය වගේම කෝටි හතරක් පසුපස ලුහුබඳින තරුණයන්ගේ කතාවක්ද කෝටිපතියෝ තුළිනුත් දිග හැරෙන්නේ? 
හාරකෝටියේදී අපි කතා කළේ කෝටි හතරක් පසුපස යන තරුණ ජීවිතවල නොයෙකුත් හැල හැප්පීම් ගැනයි. ඒත් කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහිව දියත් කරන සටනක් ගැනයි. 
 
කෝටිපතියෝ කියන්නෙත් දීර්ඝ ටෙලි නාට්‍යයක්ද? 
නැහැ, අපේ කෝටිපතියොත් කොටස් දෙසීයකින් අවසන් කරනවා. තව තිබුණොත් හොඳයි කියන තැනකින් නාට්‍යයක් ඉවර කරන එක ප්‍රේක්ෂකයා පවා අපේක්ෂා කරන දෙයක්. 
 
 
මගේ හැම ටෙලි නාට්‍යයකින්ම ආධුනික නළුවෙකුට හෝ නිළියකට අවස්ථාවක් ලබා දෙනවා 
 
ජය ප්‍රකාශ් සිවගුරුනාදන් 
 
හාරකෝටියේ හිටපු නළු නිළියන්මද කෝටිපතියෝ ටෙලි නාට්‍යයෙත් රඟපාන්නේ?
නැහැ, හාරකෝටියේ හිටපු සියලුම රංගන ශිල්පීන් කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ නැහැ. සාරංග දිසාසේකර, රුවන් පෙරේරා. ඒ වගේම රොහාන් විජේතුංග ඇතුළු හාරකෝටියේ රඟපෑ චරිත කිහිපයක් කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ ඉන්නවා. රොෂාන් පිලපිටිය, සංකේත් වික්‍රමගේ ඒ වගේම අපි හඳුන්වලා දෙන කුෂිනි ප්‍රනාන්දු කියන අලුත් නළු නිළියෝ කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ රඟපානවා.
 
හාරකෝටිය, කෝටිපතියෝ මේ වගේ ඔබ නිර්මාණය කරන බොහෝ නාට්‍යවල ආධුනික රංගන ශිල්පීන්ගේ මුහුණු දකින්න ලැබෙනවා. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද? 
රංගනයට කැමැති බොහෝ ආධුනික අය මගෙන් රඟපාන්න අවස්ථාවන් ඉල්ලනවා. ඒ නිසයි ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ආධුනික නළුවෙකුට හෝ නිළියකට අවස්ථාවක් ලබා දෙන්නේ.
 
අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ එක දිගට සද්ධාගේ පිටපත්  තෝරාගන්න විශේෂ හේතුවක් තිබෙනවාද? 
සිවා-සද්ධා කරපු හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඉතින් කෝටිපතියොත් ප්‍රේක්ෂකයන් අතරට යාවි කියලා මම හිතනවා. මාත් එක්ක වැඩකරපු හැම තිරපිටපත් රචකයෙක්ම හොඳින් වැඩකරලා තියෙනවා. ඒ අතින් සිවා - සද්ධා සංයෝගය  විශේෂයි කියලා මට හිතෙනවා.
 
සමන්මලී නැලිගම

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ රටම දන්නා කලාකරුවන් දෙදෙනෙක්. මේ අයගේ බාල දියණිය තාරුකී අමායා පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. මතෛක් කල් තමන්ගේ සෙවනේ හැදී වැඩුණු ආදරණීය දියණිය තමන්ගේ කැදැල්ලෙන් මිදී වෙන්ව යාම ගැන ශ්‍රියන්ත අපත් සමග කිව්වේ මේ වගේ කතාවක්. 
 
තාරුකීගේ අතගත් මනාලයා ගැන මුලින්ම විස්තර කීවොත් ?
ඒ පුතාගේ නම ෂෙහාන් පෙරේරා. එයා ව්‍යාපාරිකයෙක්. යෝජිත විවාහයක් තමයි සිදුවුණේ.  හැබැයි දෙන්නා අවුරුදු 5 ක් විතර ඇසුරු කරලා තමයි විවාහ දිවියට එළැඹුණේ. 
 
මංගල දිනයේදී මනාලයාගේ තාත්තා පුතාට වටිනා බෙන්ස් රථයක් තෑගි කළාලු නේද?
පුතාගේ උපන්දිනය තිබුණේ ජනවාරි 4 වැනිදා. ෂෙහාන්ගේ තාත්තා ශාන්ත පෙරේරා විසින් පුතාට වටිනා බෙන්ස් රථයක් තෑගි කළේ උපන්දිනයට තෑග්ගක් විදියටයි. මේ තෑග්ග දෙනතුරුම ඒක රහසක් විදියට ඒ අය තබා ගත්තේ හැමෝම පුදුම කරන්නත් එක්කයි. මංගල දිනයේදීම තමයි පුතාට මේ තෑග්ග දුන්නේ. 
 
ෂෙහාන්ගෙයි තාරුකීගෙයි මංගල්‍යය වෙනුවෙන් උත්සව කීපයක්ම පැවැතුණා නේද? 
ජනවාරි 4 වැනිදා කිංස්බරි හෝටලයේ මංගල උත්සවය පැවැත්වුණා. දෙදෙනාම කතෝලික හින්දා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ පල්ලියේ පූජාව පවත්වලා තමයි මංගල උත්සවය ආරම්භ කළේ. කාදිනල් මැල්කම් රංජිත් පියතුමා තමයි පූජාව කළේ. 7 වැනිදා හිල්ටන් හෝටලයේදී දෙවැනි ගමනේ උත්සවය පැවැත්වුණා. පුතාගේ පළාතේ අයට 10 වැනිදා වෙන්නප්පුව ගංගාර හෝටලයේ තවත් දෙවැනි උත්සවයක් පැවැත්වූවා. 11 වැනිදා අපි දුවව මනාලයාගේ නිවසට භාර දුන්නා. 12 වැනිදා ඒ අය අපේ නිවසට ආවා. 
 
මංගල්‍යයට නංගිව සැරසුවෙත් අක්කා කියලයි ආරංචි ? 
ඔව්. ලොකු දුව නිපුනිගේ “නියන්දී බයි නිපුනි” එකෙන් තමයි මනාලියගේ ඇඳුම් නිර්මාණය කළේ. නාමල් බාලචන්ද්‍ර මනාලයාගේ ඇඳුම් නිර්මාණය කළා. මල් සැරසිලි කළේ ලස්සන ෆ්ලෝරා ආයතනයයි. සංගීතය සැපයුවේ මහේෂ් දෙණිපිටියයි.  
 
විවාහයෙන් පස්සේ තාරුකී කලා කටයුතුවලින් ඈත්වෙයිද?
දුවලා දෙන්නම රඟපාන්න ආවේ නැහැ. ඒත් තාරුකී නම් හඬ කැවීම් ශිල්පිනියක් වුණා. “චන්ද්‍ර නන්දනී” ටෙලි නාට්‍යයේ “නන්දනීට” හඬ සපයන්නේ තාරුකී. එයා දිගටම ඒ කටයුතු කරයි. ෂෙහාන් පුතත් කලාවට ආසයි. එයා “රාස්ස පරාස්ස” නිෂ්පාදනයට එකතු වුණා. 
 
දැන් ශ්‍රියන්තයි කුසුමුයි කැදැල්‍ලේ තනි වෙනවා. ඒ තනිකම දරාගන්න පුළුවන් වෙයිද?
දුවලා හැදුවම පිටට දෙන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒත් දුවලා දෙන්නාගෙම ජීවිත සාර්ථකයි. ඒ ගැන අපි දෙන්නාටම සතුටුයි. ලොකු දුව දැන් බොරලැස්ගමුවේ. එයාට අවුරුදු 4ක චූටි දුවක් ඉන්නවා. එයා ගාබ්‍රියෙලා. පුංචි මිනිපිරි නම් රඟපාන්න දක්ෂ බව පෙනෙනවා.  සමහර විට ඉදිරියෙදී සීයගෙයි ආච්චිගෙයි අඩිපාරේ යයිද දන්නෙත් නැහැ. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ 
 
ඡායාරූප : නුවන් (එඩිටින් ටේබල්)

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 683

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1248

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1085

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 835

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5519

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3643

Please publish modules in offcanvas position.