Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බුද්ධි කීර්ති සේනගේ නවතම චිත්‍රපටය වන “විජයබා කොල්ලය” චිත්‍රපටයේ තිර පිටපත එහි අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට භාරදීමේ උත්සවය පසුගියදා (21) බම්බලපිටියේ පිහිටි මතුර රෙස්ටුරන්ට් හිදී සිදු විය.
ඩබ්ලිවු.ඒ. සිල්වා ශූරීන්ගේ “විජයබා කොල්ලය” නවකතාව ඇසුරෙන් ප්‍රවීණ තිර පිටපත් රචකයකු වන තිස්ස අබේසේකර  මහතා මෙහි තිර පිටපත රචනා කොට ඇත. මෙම අවස්ථාවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිනේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍ර පීරිස්, ආචාර්ය නන්දා මාලනි, ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසිංහ එම චිත්‍රපටයේ විධායක නිෂ්පාදක විශ්වනාත් බුද්ධික කීර්තිසේන ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා

කමල් දේශප්‍රිය කියන්නේ මාධ්‍යයන් කිහිපයකින්ම තමන්ගේ හැකියාවන් පෙන්වන කලාකරුවෙක්. ඔහු විටෙක රංගන ශිල්පියෙක්. තවත් විටෙක නිවේදන ශිල්පියෙක්. හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් ඔහුගේ ප්‍රතිභාව සුළු පටු නැහැ. ඒ සියලු ක්ෂේත්‍රයන්හි තවමත් සක්‍රියව සිටින කමල් දේශප්‍රිය කාර්යබහුල දිවි පවෛතක් ගෙවන අතරතුරදී වුවත් 'රිද්ම' සමග සිය තොරතුරු බෙදා හදා ගන්න අමතක කළේ නැහැ.
 
ඔබ මේ දිනවල ආයෙමත් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට කාර්යබහුල වෙලා නේද? 
ඔව්. බංග්ලාදේශයේ පැවැත්වෙන ක්‍රිකට් තරග පසුගිය සතියේ ආරම්භ වූ නිසා මේ දවස්වල වැඩිපුර කාලය වෙන් කරන්නේ ඒ සඳහා තමයි. 
 
නිවේදක භූමිකාවෙන් මදකට ඈත්වෙලා මෑතකදී සිනමා පටයකට රංගනයෙන් දායක වුණා කියලත් ආරංචියි? 
ඒ ආරංචිය ඇත්තක්. ළඟදී මට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිම්බාදේවි හෙවත් යශෝධරා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම එහි නිරූපණය කරන්නේ සුප්‍රබුද්ධ රජතුමාගේ චරිතය. ඒ චිත්‍රපටය මේ අවුරුද්දේ මැද භාගයේදී සිනමා ලෝලීන්ට රස විඳින්නට හැකිවේවි. 
 
චිත්‍රපටයක රජ කෙනෙක් වෙන්න ලැබුණු පළමු වතාව මෙය ‍නෙවෙයි නේද? 
නැහැ. මීට කලින් මම සිරි දළදා ගමනය චිත්‍රපටයේ බ්‍රහ්මදත්ත රජතුමා විදිහටත් රඟපෑවා. ඒ හැරුණාම විදෙස් ටෙලි නාට්‍යවල රජවරුන්ගේ චරිත සඳහා හඬ කැවීමෙනුත් දායක වෙලා තියෙනවා. මේ දිනවල විකාශය වන අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයට  හඬ කැවීමෙන් දායක වෙන්න ලැබිම නිසා අපූරු හමුවකුත් සිද්ධ වුණා. 
 
ඒ මොකක්ද කියලා කියන්න කැමතිද? 
බිම්බා දේවි හෙවත් යශෝධරා'' චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කරන්නේ ඉන්දීය නිළියක වන පල්ලවී සුභාෂ්. ඒ වගේම ඇයම තමයි අධිරජ ධර්මාශෝක ඉන්දීය ටෙලි නාට්‍යයේ ධර්මාශෝක රජුගේ බිරිඳ, එනම් රාණි ධර්මා විදිහට රඟපාන්නෙත්. අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ ධර්මාශෝක රජුට සිංහලෙන් හඬදෙන්නේ මමයි. එහෙම බැලුවාම යශෝධරා චිත්‍රපටයේදී මගේ දියණිය වන පල්ලවීම තමයි අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේදී මගේ බිරිඳ'' බවට පත්වෙන්නේ.
 
ඒ සම්බන්ධය ගැන ඇය දැන ගත්තද? 
අ‍පොයි ඔව්. අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ සිංහල හඬ කැවූ දර්ශන කිහිපයක් පවා මම ඇයට පෙන්නුවා. ඇය හුඟාක් සතුටු වුණා ඒවා දැකලා. 
 
සිනමාවත් නිවේදක වෘත්තියත් හැරුණාම මේ දිනවල අනෙක් ක්ෂේත්‍රයන් වෙත දක්වන අවධානය මොන වගේද? 
අධිරජ ධර්මාශෝක හැරුණාම තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම මේ දිනවල මම හඬ කැවීමෙන් දායක වෙනවා. සිරස එෆ්.එම්. නාලිකාවෙන් විකාශය වෙන ගෞතම සම්බුද්ධ ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් හඬ ලබාදීමත් ඒ අතරින් එක් අවස්ථාවක්. හැබැයි ටෙලි නාට්‍ය රංගනයෙන් නම් ටික කලකට ඈත්වෙන්නයි මම හිතාගෙන ඉන්නේ. මොකද වාණිජකරණය නිසා  යන්ත්‍රානුසාරයෙන් වගේ හදන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මම වැඩිය කැමති නැහැ.
 
හඬ කැවීම් ශිල්පියෙකු විදිහට ක්ෂේත්‍රයට ආපු කා‍ලේ සිදුවීමක් ගැන කවදාවත් අමතක නොවන විදිහේ මතකයක් ඔබට තියෙනවා නේද? 
ඔව්. රූපවාහිනී හඬ කැවීම් මැදිරියේදී පළමු වරට නිර්මාණය වූ විදෙස් චිත්‍රපටය තමයි සිටුවර මොන්ත ක්‍රිස්තෝ. මට අවස්ථාව ලැබුණා එහි මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාගේ චරිතයට හඬ කවන්න. පස් වතාවක් උත්සාහ කළත් මට බැරි වුණා හරි හැටි හඬ කැවීමේ කටයුත්ත කරන්න. අන්තිමේදී බැරිම තැන ටයිටස් තොටවත්ත මහත්තයා මට කුණුහරුපත් කියලා බැණලා එළෙව්වා. මම කොරිඩෝවට ඇවිත්  හිටගෙන ඉන්දැද්දී ටයි මහත්තයා ඇවිත් මට කතා කරලා ඇහුවා ආ උඹ තවමත් මෙතැනද'' කියලා. පස්සේ ඔහු මට කන්න බත් පාර්සලයකුත් අරගෙන දුන්නා. ටයි මහත්තයා මට තව එක අවස්ථාවක් දෙන්න කියලා මම අභියෝගයක් බාර ගත්තා. ඒ වෙලාවේ ඒ අභියෝගය ජය ගත්තාට පස්සේ ටයි මහත්තයා කිව්වා උඹ වැඩ කාරයෙක් බව දැන් නම් මම දැන ගත්තා කියලා. හැබැයි ටයි මහත්තයා බැණපු වෙලාවේ මට එපාවෙලා හැරිල ගියා නම් කමල් දේශප්‍රිය කියලා හඬ කැවීම් ශිල්පියෙක් අද නෑ.
 
කිෂාන් කනංකෙ 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1240

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 707

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4108

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2355

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4389

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5545

Please publish modules in offcanvas position.