Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජීවිතයේ අපි අත්විඳින දුකට හරි සතුටට හරි වයසක් නැහැ. මේ අත්දැකීම විමසන්න අපි අද තුරුණු වියේ පසුවන නළුවෙක්ව සම්බන්ධ කර ගත්තේ ඒ නිසයි. ඔහු නමින් ජනිත් වික්‍රමගේ. කලා පවුලකින් පැවත එන ජනිත් තමන්ගේ ජීවිතයේ අත්විඳි දුක වගේම සතුට ගැනත් මේ විදියට විස්තර කළා.
 
ජනිත් අපිට ඔබ සතුට හා දුක දකින විදිය කෙටියෙන් විග්‍රහ කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
තමන් ආදරය කරන දෙයක් හෝ කෙනෙක් හිමිවීම හා තමන් ආදරය කරන අයට යහපතක් වී තිබෙනු දැකීම සතුටයි. ඒ විදියට තමයි මම සතුට විග්‍රහ කරන්නේ. දුක යනු තමන් ආදරය කරන දෙයක් හෝ කෙනෙක් අහිමිවීම හා තමන් ආදරය කරන අයට අයහපතක් වීමයි.
 
කලාකරුවෙකු විදියට ජනිත් වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මතකද?
එකක් කියලා නැහැ. හඳුනන හා නාඳුනන අයගෙන් මට ලැබෙන ආදරය, ප්‍රතිචාර හමුවේ මට හිතෙනවා කලාකරුවෙකු වීම කොයිතරම් ලොකු සතුටක්ද කියලා.
 
කලාකරුවෙකු විදියට ජනිත් විඳි ලොකුම දුක මොකක්ද කියලා ඇහුවොත්?
කලාවට විශාල මෙහෙවරක් කළ කලාකරුවන් අසරණ වන හැටි දකින අවස්ථා, ඒ අයට රජයෙන් නිසි අනුග්‍රහය නොලැබෙන අවස්ථාවලදී මට විශාල දුකක් ඇතිවෙනවා.
 
ඔබ පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම සතුට මොකක්ද?
මොන දේ නැතිවුණත් මගේ ළඟින් ඉන්න අම්මෙකුයි, තාත්තෙකුයි, සහෝදරයෙකුයි මට ලැබිලා තියෙනවා. ඒ තමයි මම විඳින ලොකුම සතුට.
 
පෞද්ගලික ජීවිතයේදි විඳි ලොකුම දුක මොකක්ද? කියලා ඇහුවොත්...
තාත්තා හදවත් සැත්කමට භාජනය කරද්දී අත්සන් කළේ මම. මේ සැත්කම යම් විදියකට අසාර්ථක වෙලා තාත්තාගේ ජිවිතයට හානියක් වුණත් එය භාරගන්නවා කියන අවදානමෙන් තමයි ඒ වෙලාවේ මට අත්සන් කරන්න වුණේ. සැත්කම සාර්ථක වෙලා තාත්තා ආයෙම නිරෝගි සුවය ලැබුවා. එදා තාත්තා ශල්‍යාගාරයට අරගෙන ගිය අවස්ථාවේ ඉඳන් යළි එනතුරු පැය කිහිපය තුළ දුක, බිය, සසලවීම ඒ හැම අත්දැකීමම මම අත්වින්ඳා.
 
ආදරය හින්දා විඳි ලොකුම සතුට මතකද?
අහිමි වූ ප්‍රථම ප්‍රේමය කලෙකට පස්සෙ දෙවැනි වතාවටත් මට හිමිවූ මොහොත.
 
ආදරය හින්දා විඳි ලොකුම දුක මතක් කළොත්?
ඒ ප්‍රේමය දෙවැනි වතාවටත් අහිමිව ගිය අවස්ථාව.
 
පළමු වතාවට විඳි දුක දෙවැනි වතාවටත් ළංකරගත්තේ ඇයි?
දෙවැනි වතාවට අපි දෙන්නා හමුවන විට අපට කලින් වතාවට වඩා ජීවිතය ගැන වැටහීමක් තිබුණා. දෙන්නට දෙන්නා ආදරය කළාට නොගැළපීම් තිබුණා. ජීවිත කාලයම එකට යන්න ආදරය එකම සුදුසුකම නොවන බව දෙන්නාටම වැටහුණා. හදාගන්න බැරි නොගැළපීම් ගැන හිතලා කතාබහ කරලා අපි වෙන්වුණා. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}

ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් සිය සංගීත දිවියට වසර 40ක් සපිරීමද නිමිති කරගනිමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානමින් සිටිනවා. මෙම මස 20 වැනි දින සවස 7.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන එම ප්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිකරන්නට කීර්ති රිද්ම සමග මෙසේ සංවාදයට එක්වුණා.
 
වෙනදා ඔබ පවත්වන ප්‍රසංගවලින් මෙවර ප්‍රසංගය වෙනස්වෙන්නේ මොන විදියටද..?
පසුගිය කා‍ලේ වසරක් පාසා මම විවිධ තේමාවන් යටතේ සංගීත ප්‍රසංග පැවැත්වූවා. වෙනදා වගේම මෙවර ප්‍රසංගයත් මම නම් කළේ කීර්ති ගී නමින්මයි. නමුත් මෙවර මම ඊට Evolution of Music By Keerthi Pasquel නමින් විශේෂයකුත් යෙදුවා. මොකද, මගේ 40 වසරක සංගීත දිවියේ ආරම්භයේ සිට මේ දක්වා සිදු වූ සංගීත පරිණාමය මෙම ප්‍රසංගයේදී ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්.
 
කොහොමද ඔබ ඒ අත්දැකීම ලබාදෙන්න හිතාගෙන ඉන්නේ..?
එහිදී සිදුවන විශේෂම දේ තමයි ඒ ඒ කාලවකවානුවලට අදාළව විශේෂ ශිල්පීන් එදිනට මා සමග ගීත ගායනා කිරීම. උදාහරණයක් වශයෙන් කීවොත්, 70 දශකය නියෝජනය කරමින් මා සමග ගීත ගයන්නේ ඇනස්ලි මා‍ලේවන. 80 දශකය නියෝජනය කරමින් නෙලූ අධිකාරී, සමිතා මුදුන්කොටුව සහ නිරෝෂා විරාජිනී මීට එක්වෙනවා.
 
මේ ප්‍රසංගය හුදෙක් ලාභයම අරමුණු කරනොගෙන පවත්වන ප්‍රසංගයක් කියන්නේ ඇත්තද?
ඒක ඇත්තක්. ප්‍රසංගයෙන් ලැබෙන ලාභයෙන් කොටසක් වකුගඩු රෝගයෙන් පෙළෙන උතුරු - නැගෙනහිර ජනතාවට නවාතැන් පහසුකම් සඳහා විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට යෙදවීමටයි මා බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.
 
ප්‍රසංගයේදී තවත් විශේෂ දේකුත් සිදුවෙනවා නේද..?
ඔව්, මගේ නවතම ගීත 18 ක් ඇතුළත් සංයුක්ත තැටියකුත් එදාට එළිදකිනවා. ආධුනික නමුත් බොහොම නිර්මාණශීලී ශිල්පීන් සහ ශිල්පිනියන් පිරිසක් සම්බන්ධ කර ගෙනයි එම සංයුක්ත තැටිය නිර්මාණය කළේ, සංයුක්ත තැටියේ නම තමයි තරු ‍පොකුරු.
 
ප්‍රවීණයෙකු වන ඔබ ඇයි ආධුනික පිරිසක් අලුත් ගීත එකතුවට දායක කර ගන්න හිතුවේ..?
සංගීත ක්ෂේත්‍රයට ආධුනිකයකුව සිටියදී මම දැඩි කැමැත්තකින් සිටියා ප්‍රවීණයන් සමග එකට වැඩ කරන්න. නමුත් ඒ සමහර ප්‍රවීණයන් එදා මාව ප්‍රතික්ෂේප කළා. අද දවසේ මමත් ඒ දේ කළොත් ආධුනිකයන්ගේ මග ඇහිරෙන නිසයි මම හැමවිටම ඔවුන්ට අත දෙන්නේ. තරු ‍පොකුරු සංයුක්ත තැටියත් එහි එක් පියවරක් ලෙස සඳහන් කරන්න පුළුවන්.
 
කිෂාන් කනංකෙ{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5240

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5126

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6559

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4057

Please publish modules in offcanvas position.

X

Right Click

No right click