Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාමල් උඩුගම, රුවන්ති මංගලා දරු දෙන්නත් එක්ක පත්තරේක මුල් පිටුව සරසන්න මේ විදියට එකතු වුණේ අවුරුදු ගණනකට පස්සේ. එ් අතරතුරේ අපි නාමල්ගේ අලූත් තොරතුරු විමසන්නත් අමතක කළේ නැහැ. නාමල්ගේ ගීතයක් නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ගායනා කිරීම මුල් කරගෙන මේ දවස්වල  ඇතිවී තිබෙන ප‍්‍රශ්නය ගැනත් එහිදී නාමල් විවෘතව
කතා බහ කළා.

මොනවද මේ දවස්වල කරන අලූත් වැඩ කටයුතු ?
    ළඟදී අලූත් ගීත දෙකක් පටිගත කරන්න තියෙනවා. පුරුදු විදියට ප‍්‍රසංග වේදිකාව තුළත් රැුඳිලා ඉන්නවා.

එතකොට රුවන්ති...
    අලූත් ටෙලි නාට්‍ය දෙකක් කළා.

පුතයි දුවයි දෙන්නා ගැනත් කතා කරමු....
    දුව දැහැමි දිව්‍යාංජලී දැන් වයස 19 යි. එයා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ උසස් පෙළ හදාරනවා. පුතා නෝමිත කලාවිත්. එයා දැන් ඇමෙරිකන් කොලේජ් එ්කේ ඩිග්රිය කරනවා. පුතාට වයස 18 යි.

එ් දෙන්නා දවසක අම්මගෙයි තාත්තගෙයි අඩිපාරෙ යයිද?
    පුතාට හොද ගායන හැකියාවක් තියෙනවා. පුතා නම් දවසක මගේ අඩිපාරේ යයි. දෙන්නාගෙන් කෙනෙක් රඟපාන්න යයිද කියලා නම් දන්නේ නැහැ.

නාමල් නවක ගායකයකු සමග මේ දිනවල ඇතිකරගෙන තිබෙන ප‍්‍රශ්නය මොකක්ද?
    පසුගිය දවස්වල මම දුරකථනයට එන එක වැළකිලා හිටියෙත් එක එක්කෙනා කෝල් කරලා ඔය ගැන අහන හින්දා.

නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ඔබගේ ”අප හමුවීම වෙන්වීම දෝ ආදරේ” ගීතය ගායනා කිරීම නිසා ඔබ ඔහුට පරුෂ ලෙස බැණ වැදුණු බවයි ඔහු අපත් සමගත් කියා සිටියේ.. ඇත්තටම මොකක්ද ඔතන සිද්ධ වුණේ ?
මම නිහඬව, මගේ පාඩුවේ බිරිඳයි දරු දෙන්නයි එක්ක ජීවත් වෙන කෙනෙක්. කවුරු හෝ අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇති කළත් මම නිහඬව මග හරිනවා. එ්ත් වැරැද්දකදී වැරදිකරුවා කළ වැරැද්ද නිවැරදිකරු නිහඬව ඉන්නකොට නිහඬ කෙනා වැරදිකරු විදියටයි සමාජය දකින්නේ. මමත් එ්ක තේරුම් ගත්තේ මේ ප‍්‍රශ්නෙදී. එ් හින්දා මම ඔය සිද්ධිය ගැන සම්පූර්ණ සත්‍යය පැහැදිලි කරන්නම්. හැබැයි දිගින් දිගටම එ්කම කතා කරන්න නම් බැහැ.

හරි එහෙනම් කියන්නකෝ මොකක්ද සිද්ධ වුණේ  කියලා ?
    ඔය කියන ගායකයා මගේ ගීතය අන්තර් ජාලයට දාලා තියෙන බව ආරංචි වුණාම මම එ්ක ඉවත් කරන්න කියලා ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. එ්ත් එ් දේ ඔහු ඇහුවේ නැහැ. ඉන් පසුව තමයි නැවතත් තදින් කියා සිටින්න වුණේ. හැබැයි කිසිම දාක මම ඔහුට අසභ්‍ය වචන පරුෂ වචන නම් පාව්චිචි කළේ නැහැ. ඔහුට විතරක් නෙමෙයි මම ජීවිතේට කිසිම කෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදිලත් නැහැ. මම එ් වෙලාවේ ටිකක් තදින් කතා කළ බව ඇත්ත. ඊට පසුවත් ඔහුට මාත් එක්ක කතා කරලා වැරැද්ද නිවැරදි කරගන්න තිබුණා. ඔහු එ්කවත් කළේ නැහැ. තැන තැන කියනවා මම අසනීප වූ වෙලාවේ එයා මා වෙනුවෙන් නොමිලේ ගී ගැයුවාලූ. එය අමූලික බොරුවක්. එහෙම ගැයුවා නම් අදාළ ප‍්‍රසංගයේදී ගත්තු ඡුායාරූපයක් හරි ප‍්‍රසංගයට ගිය බව ඔප්පු කළ හැකි සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. එයා මගේ ගීතයක් මංකොල්ල කාලා මට වරද පටවලා ජනතාවගේ අනුකම්පාව ලබාගන්නයි මේ හදන්නේ. එ් විදියට මිනිසුන්ගේ අනුකම්පාව ලැබිලා ජනප‍්‍රිය වෙන්න හදවාට වඩා තමන්ගේ දක්ෂතා තුළින් ජනප‍්‍රිය වුණොත් ඉදිරි ගමනක් යා හැකි බව මම ඔහුට කියන්න කැමතියි.

ආරියවංශ කුලතිලක

ඡායාරූප : මංජුල පෙරේරා{jcomments on}

පසුගිය දවසක ජනප්‍රිය යොවුන් ගායක ශිල්පියෙකු වන දුලාජ් ධනුෂ්ක තමන්ගේ මුහුණු ‍පොතේ තමන්ට වූ සිත් වේදනාවක් ගැන සඳහන් කර තිබුණා. දුලාජ් දැඩි සේ ප්‍රියකරන ප්‍රවීණ ගායකයකු වන නාමල් උඩුගම තමන්ට දුරකථනයෙන් හා මුහුණු ‍පොත හරහා බැණ වැදුණු බවයි එහි සඳහන්ව තිබුණේ. නාමල්ගේ “අප හමුවීම වෙන්වීම දෝ ආදරේ” කියන ගීතය දුලාජ් විසින් ගායනා කිරීම තමයි සිදුවීමට හේතු වෙලා තියෙන්නේ. මේ සිදුවීමේ වැඩි විස්තර දැනගන්න අපි දුලාජ්ට කතා කළා.

දුලාජ්.... මොකක්ද මේ සිදුවූ සිදුවීම...
මෙන්න මේකයි සම්පූර්ණ සිදුවීම. මම පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ නාමල් අයියගේ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ සිංදුව cover එකක් කරලා මගේ FB එකට දැම්මා. ඒක ගොඩක් අය shear කරලා තිබුණා. නාමල් අයියා ඒක දැකලා මට කතා කරලා කිව්වා ඒ ගීතය ඉවත් කරන්න කියලා. මම ඒ මොහොතේම එය කළා. මීට දවස් කීපයකට කලින් නාමල් අයියා මට දුරකථනයෙන් කතා කරලා නොසෑහෙන විදියට බැණ වැදුණා. මම මගේ FB එකෙන් ඉවත් කළ ගීතය shear කරපු කෙනෙක් ඒක you tube වලට දාලා. ඒ හින්දා තමයි නාමල් අයියාට කේන්ති ගිහින් තිබුණේ.

ඊට පස්සේ...?
මම ඒ වෙලාවේ හිටියේ පල්ලියක. මගේ විවාහය සම්බන්ධව පූජකතුමන්ලා එක්ක කතා කරන්නැයි මම ගිහින් හිටියේ.මට ඒ පරිසරය තුළ නාමල් අයියට ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න විදියක් තිබුණේ නැහැ. දුරකථනයේ එහා පැත්තේ ඉන්නේ ප්‍රවීණ ගායකයෙක් හින්දා දුරකථනය විසන්ධි කරන්නත් බැහැ. නාමල් අයියා එක දිගට මට බැණලා ෆෝන් එක කට් කළා. ඒ වෙලාවේ මම ගොඩක් අසරණ වුණා.

පසුව ඒ ගැන නාමල් එක්ක කතා  කරලා විසඳගන්න තිබුනණේ ...?
ඒ වෙලාවේ නාමල් අයියා අසභ්‍ය වචනයෙන් බැනල තර්ජනය කරපු විදියට මට නැවතත් එයාට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

තමන්ගේම ගීත තියෙද්දී වෙනත් කෙනෙකුගේ ගීත ගැයීම වැරදියි නේද ?
මූල්‍යමය වාසි බලාගෙන වෙනත් අයකුගේ ගීත ගැයීම වැරදි බව මම දන්නවා. මෙතැන ඒ වගේ දෙයක් වුණේ නැහැ. මම පුංචි කා‍ලේ ඉඳන් ආස කළේ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, නාමල් උඩුගම කියන ගායකයන්ට. ඒ හින්දයි මේ ගීතය මගෙ FB එකට දැම්මේ. ඒක ශබ්දාගාරයක පටිගත කළ එකක් නොවෙයි. ජංගම දුරකථනයකින් පටිගත කළ ගීතයක්. අනික ගිය අවුරුද්දේ මේ ගීතය FB දැම්මම නාමල් අයියා ඒක ඉවත් කරන්න කිව්ව හැටියේ මම ඒ ගීතය ඉවත් කළා. හැබැයි ඔය ගීතයම තවත් අය පටිගත කරලා මේ වන විටත් දාලා තියෙනවා. ඒ වගේ covers 25ක් විතර මම දැක්කා. මම දන්නැහැ නාමල් අයියට මම ගැන විතරක් කේන්ති ගියේ ඇයි කියලා. නාමල් අයියා අසනීප වූ වෙලාවේ ඔහු වෙනුවෙන් ප්‍රසංගවල මම නොමි‍ලේ ගීත ගැයුවා. ඒ මම ඔහුගේ රසිකයෙක් හින්දා.

දුලාජ්ගේ සංගීත ජීවිතයෙ අලුත් තොරතුරු මොනවාද?
මගේ අලුත්ම ගීතය නිල් නුවන් මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. අලුත් ගීත කිහිපයක් කරන්නත් හිතාගෙන ඉන්නේ.

ළඟදී විවාහ වෙන්න යනවා නම් ඇය පිළිබඳ තොරතුරු ටිකක් කියන්න?
මගේ පෙම්වතිය ඉරේෂා නිමන්ති. වෙඩින් එකකදී මුණ ගැහිලා තමයි අපේ ප්‍රේම කතාව පටන් ගත්තේ. කලාවට කිසිම සම්බන්ධයක් නැති වුණාට ඇයට කලාව ගැන හොඳ රසාස්වාදයක් තියෙන්නේ. මං ගැනත් හොඳ වැටහීමක් තියෙනවා. ළඟදී අපේ විවාහය සිදුවේවි.

දුලාජ් තමන්ගේ සමකාලීන ජනප්‍රිය ගායිකාවන් සමග ප්‍රේම සම්බන්ධයන් පැවැත්වූ බව රහසක් නමෛයි.
ඔව් ඒක ඇත්ත. නොගැළපීම් හින්දා අපි වෙන් වුණා. අතීතය අතීතයක් විතරයි.

ආරියවංශ කුලතිලක{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4682

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3353

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4823

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5444

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6265

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3834

Please publish modules in offcanvas position.

X

Right Click

No right click