Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නළුවෙක් හෝ නිළියක වුණාම විවිධාකාරයේ චරිත රඟපාන්න අවස්ථාව උදාවෙනවා. ඇතැම් විට ඒ චරිතය බොහොම අභියෝගාත්මක ඒවා වෙන්නත් පුළුවන්. ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපාන සේමිණි ඉද්දමල්ගොඩ  කියන විදියට ඒ චිත්‍රපටයේ ඇයට රඟපාන්න වෙලා තියෙන්නේ අභියෝගාත්මක චරිතයක්. 
‘28’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ විගස සේමිණි අපිත් එක්ක මේ විදියට සංවාදයකට එක් වුණේ ඒ චිත්‍රපටයේ ඇගේ භූමිකාව ගැන වැඩිදුර තොරතුරු කියන්නත් එක්කයි.
 
සේමිණි මේ දවස්වල ඉන්නේ බොහොම සතුටින් කියලා ආරංචියි?
ඔව්. කාලයක් තිස්සේ බලාගෙන හිටපු “28” චිත්‍රපටය පසුගිය සිකුරාදා ප්‍රදර්ශනය ඇරඹුණා. ඒක තමයි මගේ සතුටට හේතුව.
දඒ කියන්නේ සේමිණි රඟපෑ චරිතයට 
 
දැනටමත් ප්‍රතිචාර ලැබෙන්න පටන්ගෙනද?
28” කියන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත්ම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක්. ඒකේ මම රඟපාන චරිතයත් හරිම සුවිශේෂී එකක්. චිත්‍රපටය නරඹපු අයගෙන් මට ලැබෙන ප්‍රතිචාර බොහොම සතුටුදායකයි.
 
ඔබේ චරිතය සුවිශේෂී එකක් කියලා කියන්නේ ඇයි?
“28” චිත්‍රපටයේ මම රඟපාන්නේ මළමිනියක් විදිහටයි. ‘සුද්දි’ නමැති කාන්තා ප්‍රධාන චරිතය තමයි මම එහි නිරූපණය කරන්නේ.
 
මළමිනියක් විදිහට රඟපන එක අමාරුවක් ‍නෙවෙයි නේද?
බැලූ බැල්මට හිතෙන්න පුළුවන් ඒ වගේ චරිතයක් රඟපාන එක පහසුයි කියලා. නමුත් රඟපාපු මම තමයි දන්නේ ඒ චරිතය කරන්න කොච්චර අමාරුද කියලා. 
 
ඔය තරම් අමාරුවෙන්න හේතු මොනවාද?
දුවලා පැනලා කරන්න ඕනෑ රඟපෑමක් එහි තිබුණේ නැහැ. ඒත්, ඒ චරිතයට ප්‍රවිෂ්්ට වෙන්න හරිම අමාරුයි. ඒ වගේම චරිතයේ රැඳිලා ඉන්න එකත් පහසු නැහැ. පුංචි අධි රංගනයක් හරි කළානම් චරිතයේ රිද්ම කඩා වැටෙනවා. මගේ රංගනය දකින දක්ෂ නළු නිළියෝ නම් ඒ චරිතයේ තියෙන ගැඹුර වටහා ගනීවි.
 
සමහරුන්ට හිතෙන්නට පුළුවන් ඔබ කරන්නේ දෙබස් පවා නැති චරිතයක් කියලා?
‘28’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත 4යි තියෙන්නේ. චිත්‍රපටයේදී මට අනෙක් කිසිම නළුවෙක් එක්ක කතාබහ කරන්න ලැබෙන්නේ නැහැ. චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයන් එක්කයි මගේ ගනුදෙනුව තියෙන්නේ. හැබැයි සුද්දිගේ ජීවිත කතාව මම චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයන්ට කියනවා. 
 
සේමිණිට මිනී පෙට්ටියක වැතිරෙන්නට ලැබුණු පළමු වතාව මෙය නොවෙයි නේද?
මියගිය කාන්තාවක් විදිහට මට රඟපාන්න ලැබුණු දෙවැනි වතාව තමයි මේක. මීට කලින් මට “ස්වංජාත” ටෙලි නාට්‍යයෙත් මළමිනියක්  විදිහට මිනී පෙට්ටියක ඉන්න ලැබුණා. හැබැයි මේ වතාවේ ලැබුණු අත්දැකීම පළමු අවස්ථාවට වඩා හුඟක් වෙනස්.
 
ඇයි එහෙම කියන්නේ?
ස්වයංජාත ටෙලි නාට්‍යය රූපගත කරද්දී නම් මාව මිනී පෙට්ටියට දමද්දී ගෙදර අය මතක් වෙලා මට ඇඬුණා. හැබැයි ‘28’ චිත්‍රපටයේදී නම් එහෙම වුණේ නැහැ. සමහර දවස්වල මම මිනී පෙට්ටියේ සිටින දර්ශන රූගත කළේ දවල් කෑම වෙලාවෙන් පස්සෙයි. ඒ නිසා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි ‘ඇක්ෂන්’ කියලා කෑගහනකොටත් මට මිනී පෙට්ටිය ඇතුළේ හොඳටම නින්ද ගිහින් තිබුණු අවස්ථා තිබුණා.
 
“28” චිත්‍රපටයෙන් හැරුණාම ඔබව මොන විදියේ නිර්මාණවලින්ද දැක ගන්නට ලැබෙන්නේ?
ගිහාන් රෝහනගේ අලුත් ටෙලිනාට්‍යයේත්, සිවගුරුනාදන්ගේ ළමා චිත්‍රපටයකත් මෑතකදී රඟපෑවා. ඒවා ඉදිරි කාලයේදී රසවිඳින්නට ලැබේවි. 
 
කිෂාන් කනංකෙ

මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් චිත්‍රපටවල ටෙලි නාට්‍යවල රඟපාන්න වාසනාව උදාවෙනවා. සුළු චරිත, උප ප්‍රධාන චරිත වගේම ප්‍රධාන චරිත කිහිපය අතරට එකතු වන්නත් මේ අයට අවස්ථාවන් ලැබෙනවා. චිත්‍රපටයක ප්‍රධාන චරිතයට, එහෙමත් නැත්නම් කේන්ද්‍ර ගත චරිතයකට එකතුවන්න සතෙකුට අවස්ථාව උදාවනවා නම් ඒක ටිකක් විශේෂයි. විදෙස් නිර්මාණයක ප්‍රධාන චරිතයක් ඒ විදියට හිමිවනවා නම් ඒක තවත් සුවිශේෂයි. ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් හිමි කරගත්තු පුංචි අලි පැටියෙක් තමයි රාජ්. තායිලන්තයේ මියැන්මාර් කියන ගමේ ඉපදුණු රාජ් අවුරුදු දෙකහමාර වෙද්දී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක ප්‍රධාන නළුවා වුණා. මේ දිනවල තිරගතවන මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ අලි කතාව චිත්‍රපටයේ රාජ් කියන අලි පැංචගේ චරිතය තුළින් තමයි ඒ අවස්ථාව උදා කරගත්තේ.
රාජ් ගැන කවුරුත් නොදන්නා තොරතුරු ටිකක් අපි අලි කතාවේ අධ්‍යක්ෂවරයාගෙන් විමසුවා. 
චිත්‍රපටයේ දර්ශන 80ක් විතර තියෙනවා. ඒ අතරින් 50ක් පමණ තියෙන්නේ ප්‍රධාන චරිතය රඟපාන අලි පැටියා වටා. තිර පිටපත ලියලා ඒ චරිතයට සුදුසු අලි පැටවෙක් තෝරාගන්න අපි රට වටාම ඇවිද්දා. ඒත් පිටපතේ තියෙන දේවල් කරන්න සුදුසු අලි පැටියෙක් හොයාගන්න බැරි වුණා. වැඩිහිටි අලි ඇතුන්ට මේ වගේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වුණත් අලි පැටව් හරිම දඟයි. පෙරහරක ගියත් ඒ දඟකාරකම අපිට දැකගන්න පුළුවන්. 
ප්‍රධාන චරිතයට සුදුසු නළුවකු තෝරන්න සුනිල් ආරියරත්නයන් අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මියැන්මාර් නගරය ගැන ඇස ගැටිලා තියෙන්නේ. ඒ නගරය අලි ඇතුන් සිටින ප්‍රදේශයක්. ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන කරන හසන්ත හෙට්ටිආරච්චි තායිලන්තය සමග සම්බන්ධතා පවත්වන හින්දා ඔහුගේ උදව් ඇතුව මේ කටයුත්ත කරගන්න අධ්‍යක්ෂවරයාට හැකිවුණාලු. 
තායිලන්තයේ වැඩ වාසය කරන ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඒ වන විට ලංකාවට ඇවිත් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වැඩ සිටියා. හසන්ත තමයි මට උන්වහන්සේව මුණගැස්සුවේ. ඊට පස්සේ මමයි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයයි, කලා අධ්‍යක්ෂවරයයි තායිලන්තයට ගිහින් එහි හිටපු අලි පැටවු අතරින් රාජ්ව තෝරාගත්තේ. 
ලැටීෂියා බොතේජුගේ අනුෂ හා රන් කුමරු නවකතාව ඇසුරින් සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරන අලි කතාව චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය රඟපාන අලි පැටවාගේ නම පිටපතේ සඳහන් වෙලා තිබුණේ භණුෂ විදියට. රාජ් ඒ චරිතයට තෝරා ගත්තාට පස්සේ ඒ චරිතය රාජ් විදියට වෙනස් වුණා. ඒ විතරක් නමෛයි නළු නිළියන් පිරිසත් එක්ක අධ්‍යක්ෂවරයා මියැන්මාර් නගරයට ගිහින් තමයි චිත්‍රපටයේ රූගත කිරීම් කරලා තියෙන්නේ. 
රාජ්ව බලාගන්න තරුණයා ජිජ් චූ වූ ට ඉංග්‍රීසි භාෂාව බැහැ. ස්වාමීන් වහන්සේ අප සමග නැවතිලා මේ කටයුත්තට උදව් කළා. මම මට අවශ්‍ය දේ උන්වහන්සේට කිව්වාම උන්වහන්සේ එය තායිලන්ත භාෂාවෙන් ජිජ් චූවූට කියනවා. ඔහු එය රාජ් ලවා කරවනවා. මට අවශ්‍ය විදියටම රාජ්ගේ රඟපෑම් චිත්‍රපටයට එකතු කරගන්න හැකි වුණා. 
අලි කතාව දවස් 25ක්ම රූගත කරලා තියෙන්නේ මියැන්මාර්වල. ඒ දවස් 25 තුළ අපූරු අත්දැකීම් රාශියක් ලැබූ බව අධ්‍යක්ෂවරයා කියනවා.
කෞෂල්‍ය (භාණු) හංසිකා (සුමංගලි) කියන ළමයි දෙන්නා එක්ක තමයි රාජ්ට වැඩිපුරම රඟපාන්න තිබුණේ.රාජ් බොහොම ඉක්මනට කෞෂල්‍යට හිතවත් වුණා.
ඒත් සුමංගලි ඔහුගේ ළඟට එද්දී ඔළුවෙන් එයාව තල්ලු කරලා දානවා. අන්තිමට අපිට පිටපත පවා වෙනස් කරන්න සිදු වුණා. රවීන්ද්‍ර රන්දෙනිය මෙහි තාපසයකු විදියට රඟපානවා. රාජ් අසනීප වුණාම බෙහෙත් කරන ජවනිකාවක් චිත්‍රපටයේ තියෙනවා. ඒ බෙහෙත හදලා තිබුණේ කොළ වර්ගවලින්. ඒත් රවීන්ද්‍රට බෙහෙත් වළඳ අරගෙන බෙහෙත් දාන්න ලැබෙන්නේ නැහැ. රාජ් ඒ බෙහෙත් ටික බොනවා. ඒ ජවනිකාව රූගත කරන්න සෑහෙන අමාරු වුණා.දවස් 25ක් එක දිගට රූගත කිරීම් කරද්දී රාජ් විතරක් නමෛයි. ජිජ් චූ වූ ත් චිත්‍රපට කණ්ඩායමේ සමීප හිතවතුන් බවට පත් වුණාලු. රූගත කිරීම් අවසන් වෙලා ආයෙම වෙන්වන අවස්ථාවේ ජිජ් චූ වූ හඬා වැටුණාලු. ඒ වගේම තමයි හුරතල් අලි පැටියව දාලා එන දුක, චිත්‍රපට කණ්ඩායමටත් තදින්ම දැනුණාලු. 
 
ආරියවංශ කුලතිලක
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1828

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2158

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4964

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2958

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1718

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2596

Please publish modules in offcanvas position.

Web Analytics