Coss Ear2
lakbima.lk
COSS Ear 1

මීට වසර 30කට පමණ පෙර එනම් 1986 වසරේදී එච්.ඩී. ප්‍රේමරත්නයන් විසින් නිෂ්පාදන කර  අධ්‍යක්ෂණය කරන  ලද ‘මංගල තෑග්ග‘ තවමත්  සිනමා රසිකයන්ගේ  මතකයේ රැඳී ඇති බව නොරහසකි. මෙම චිත්‍රපටයේ  ‘එක යායේ කකා වැටී’ සහ  ‘වාසනා වේවා’ යන ගීතද අදටත් රසිකයන්ගේ මතකයෙන් ඈත් වී නැත. විවාහ වීමට සිටින තරුණයකුට විවාහයට පෙර දිනයේදී  තම මිතුරන් සමග සාදයකට එක්විමෙන් පසු සිදුවන සිද්ධි දාමයක් පිළිබඳව විස්තර කෙරෙන ‘මංගල තෑග්ග’ චිත්‍රපටයේ දෙවැනි කොටස මංගල තෑග්ගේ දෙවැනි ගමන ලෙස පසුගියදා මොබයිල් ටෙලි නිර්මාණයක් ලෙස එළි දැක්විණ.  මංගල තෑග්ගේ දෙවැනි ගමන ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයකිි. 
 
‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’  නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ට  මොනවිදියේ අත්දැකීමක්  ලබාගත හැකිවේවිද?
මංගල තෑග්ගේ දෙවැනි ගමන කියන්නේ මංගල තෑග්ග චිත්‍රපටියේම  සොඳුරු මතකය නැවත අවදි කරවීමක්. ඒ වගේම  පැරණි මතකයන් තුළින්  නම රසවින්දනයක් බිහි කිරීමට ගත් උත්සාහයක් ලෙස මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
 
‘මංගල තෑග්ග’ චිත්‍රපටිය ගැන  මතකය අද ඔබට  දැනෙන්නේ මොන විදිහටද?
දැනට වසර 30කට පමණ ප්‍රථම එච්.ඩී. ප්‍රේමරත්න මහතා නිෂ්පාදනය කරමින් නිර්මාණය කළ මංගල තෑග්ග චිත්‍රපටය යුගයේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත් වුණා. මිතුරන්  හතර දෙනෙකුගේ මිත්‍රත්වය,  කෙළිලොල් දඟකාර තාරුණ්‍ය නිසාම ඔවුන් සාමාන්‍ය පවුල් ජීවිතයට ඔරොත්තු  නොදෙන  හැටි කියැවෙන කතාවක් තමයි ඉන් කියවෙන්නේ. ‘මංගල තෑග්ග’  නරඹපු   බොහෝ දෙනා දන්නවා තමන් ඒ තුළින් කොතරම් කුතුහලාත්මක  රසයක් ලබා ගත්තාද කියලා. 
 
‘මංගල තෑග්ග’ චිත්‍රපටය දෙවැනි කොටසක් ඔබ නිර්මාණය කරන්නේ ඇයි?
 මම 2004දී   සුමිත්‍රා පීරිස් මහත්මියත් සමග ‘සක්මන් මළුව’ කියන චිත්‍රපටය  වෙනුවෙන් ජාත්‍යන්තර චිත්‍රපට 
උළෙලකට සහභාගි වුණා. එහිදී අපි වසර කිහිපයක් පැරණි හින්දි චිත්‍රපටයක් නැවත අලුත් යුගයේ නළු නිළියන් යොදාගෙන නැවත නිර්මාණය කර තිබුණු අයුරු නැරඹුවා. එය දුටුවාම මට හිතුණා අපිට ඇයි බැරි අපේ සිනමාවටත් මේ වගේ මතක ආවර්ජනයක් ලබා දෙන්න කියලා. මම ඇවිත්  මේ ගැන එච්.ඩී. ප්‍රේමරත්න මහතාට කතා කළා. කොහොම නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ වියෝවත් සමගම මෙහි දෙවැනි කොටස නිර්මාණයවීමත් යටපත් වුණා. පස්සේ කොහොම හරි මංගල තෑග්ගේ ප්‍රධාන චරිත නිරූපණය කළ රවින්ද්‍ර රන්දෙණිය,  ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න  කියන රංගන ශිල්පීන් එක්ක කතා කරලා තමයි මංගල තෑග්ගේ දෙවැනි ගමන නිර්මාණයට මුල පිරුවේ.
 
මංගල තෑග්ගේ දෙවැනි ගමනේ කතා තේමාව මොන වගේද?
මගේ විවාහය, අභිසරුලිය මිය ගිය බවට අනුමාන කිරීම හා මිතුරන්  කැලඹීමට පත්වීමත් සමගම මංගල තෑග්ග අවසන් වෙනවා.  අභිසරුලිය මියයන බවට  අනුමාන කළත් ඇය නැවතත්  ගිලන් රථයේදී ප්‍රකෘතිමත් වීම, මිතුරන් හතර දෙනාගේ මුණ ගැස්ම  ඛිෙදවාචකයකට ලක් වූ කාන්තාවගේ මුණ ගැසීමත්  එක්කයි මංගල තෑග්ගේ දෙවැනි ගමනේ කතා තේමාව ගොඩ නැගෙන්නේ. 
 
‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’  සඳහා  ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ  රඟපෑ ශිල්පීන්ද දායක කර ගත්තාද?
 සිරිල් වික්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය, ජයලත් මනෝරත්න, මැණිකේ අත්තනායක, රමණි සිරිවර්ධන වැනි එදා මුල් චිත්‍රපටියේ රඟපෑ ‍‍‍ජ්‍යෙෂ්ඨ  රංගන ශිල්පීන් වන ක්ලීටස් මෙන්ඩිස්, නිමල් ඇත්තනී, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,  විල්සන් කරු, ජයලාල් රෝහණ ආදී ප්‍රකට චරිතාංග නලු නිළියන් සහ අයිශාරා අතුකෝරාළ, නිලක්ෂි, කවිඳු, හර්ෂණ ආදී නව පරපුරේ දක්ෂ නළු නිළියන් රැසක්ද  මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. 
 
මංගල තෑග්ගේ දෙවන කොටස මොබයිල් ටෙලි නිර්මාණයක් ලෙස එළි දකින්නේ ඇයි?
මෙය මොබයිල් ටෙලි නිර්මාණයක්  නිසාම ඕනෑම තැනක, ඕනෑම මොහොතක තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් හෝ ටැබ් එකෙන් පහසුවෙන් නරඹන්න පුළුවන්. මේ නිර්මාණය ලංකාවේ සිනමාව හෝ ටෙලි නාට්‍ය තාක්ෂණය වෙනත් තලයකට රැගෙන  යාමට ගත් විශාලතම ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්. 
 
සමන්මලී  නැලිගම{jcomments on}

ඔබ රටම දන්නා නර්තන ශිල්පියෙක්. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට ගුරුහරුකම් කියා දුන් ගුරුවරයෙක්. සතුට හා දුක යන වචන දෙක කෙටියෙන් විග්‍රහ කරන්න යැයි අපි ඔබට කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
සතුට කියන්නේ පරම සැපයටයි. දුක කියන්නේ ආත්ම විශ්වාසය ඇති කරන්නට මග පාදන අතිශය සංවේදීම හැඟීමටයි.

කලා ජීවිතේදී ඔබ අත් විඳපු ලොකුම සතුට මොකක්ද?
මට වයස පනහ පිරෙන්නේ මේ මාසයේදී. අවුරුදු 5 දී නටන්න පටන් ගත්තේ. 20 දී මගේම නර්තන කණ්ඩායමක් පටන් ගත්තා. එදා මෙදාතුර සතුටු දායක අවස්ථා බොහෝමයි. ඒ හින්දා මම කලා ජීවිතේ විඳි ලොකුම සතුට ජනතාවගේ ආදරය දිනූ නර්තන ශිල්පියකු වීම තමයි.

එතකොට කලා ජීවිතේදී ඔබ විඳපු ලොකුම දුක?
නර්තන ක්‍ෂේත්‍රයේ රයිගමයයි
ගම්පළයයි දෙන්නගෙන් එදා සිට අද වනතුරුම තියෙන්නේ කැපිලි කෙටිලි තමයි. හැබැයි ඒ දුක, පරාජයට නම් හේතුවක් වෙලා නැහැ.

පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම සතුට?
පිය පදවිය හිමි වීම

පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම දුක ආයෙමත් මතක් කරන්න කීවොත්?
මගේ පාසල් ප්‍රේමවන්තියක් මෑත කාලයේ මිය ගියා. මිය යන විට ඇය හොඳ සැමියෙක් හා දරුවන් සමග සාර්ථක දිවියක් ගෙවමිනුයි හිටියේ. මමත් ඒ වෙද්දී සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා. ඒත් මට ඇගේ මරණය ආරංචි වුණාම දැනුණු කම්පනය වචනවලින් කියාගන්න බැහැ.

ඔබට ආදරය සතුටක්ද දුකක්ද?
සතුටක් දුකක් විතරක් නමෛයි වෙලාවකට මහ කරදරයක් විදිහටයි මට නම් දැනෙන්නේ.

ආදරය හින්දා ඔබ විඳපු ලොකුම දුක මතකද?
එකක් කියලා කියන්න බැහැ. හය වතාවක් ඒ දුක විඳලා තියෙනවා. මගේ ප්‍රේම සබඳතා 6ක්ම කැඩී බිඳී විසිරුණා. ඒ හැම අවස්ථාවකම මම අසීමිත ලෙස දුක් වුණා.

එතකොට ආදරය හින්දා විඳපු ලොකුම සතුට
විවාහය තමයි. හැබැයි මම විවාහ වුණේ ආදරය කරලා නමෛයි. ඒක යෝජිත විවාහයක්.

වඩාත්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද? විවාහ ජීවිතය තුළද?
මට නම් හිතෙන්නේ විවාහ දිවිය තුළ. එතනදී මම හරිම වාසනාවන්තයෙක්. හොඳ බිරිඳක්, දරු තුන්දෙනෙක් සමග ගෙවන හොඳ කුටුම්භයක් මට තියෙනවා. ඒ තුළ ගෙවන දිවිය හරිම සුන්දරයි.

වෙනත් කෙනෙකු නිසා චන්දන වඩාත් සතුටු වූ අවස්ථාවක් තියෙනවාද?
සොයිසාපුර නුගාශ්‍රමයේ මවිසින් ඉදිකළ ෙචෙත්‍ය රාජයාණන් වහන්සේ නැමදලා නිරාමිස සුව ලබන අයගේ සතුට දකිනකොට මටත් ගොඩක් සතුටුයි.

වෙනත් කෙනෙකු නිසා චන්දන විඳි ලොකුම දුක මතකද?
මගේ පවු‍ලේ අය හැර කිසි කෙනෙක් එක්ක මගේ සමීප සබඳතා නැහැ. ඒ හින්දා වෙන අයගේ පෞද්ගලික ප්‍රශ්න මට අදාළ නැහැ. රටේ ජනතාව යම් යම් ව්‍යසනකාරී අවස්ථාවන්ට මුහුණ දෙනවා දකින කොට නම් මට ලොකු දුකක් ඇති වෙනවා.

ඔබ නිසා වෙනත් අයෙකු සතුටු වූ අවස්ථා තිබෙනවාද?
මගේ පවු‍ලේ අය මගේ ජයග්‍රහණයන් දැකලා ලබන සතුට තමයි ඒ.

ඔබ නිසා වෙනත් අයකු දුකට පත්වූ අවස්ථා තියෙනවාද?
මම හින්දා තමන්ගේ ආධිපත්‍ය නැතිවෙලා කියලා හිත හිතා විඳවන දෙන්නෙකුගේ දුක තමයි ඔය ප්‍රශ්නෙදී මට මතක් වෙන්නේ

ඔබට අනාගතය සතුටක්ද දුකක්ද?
නර්තනය තුළ වගේම පෞද්ගලික ජීවිතය තුළත් මම සාර්ථකයි. ඒ හින්දා අනාගතය ගැන කිසි දුකක් නැහැ.

ආරියවංශ කුලතිලක

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 726

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 349

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3446

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1950

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3940

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5026

Please publish modules in offcanvas position.