Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිවේදකයෙක්, නළුවෙක් වගේම ගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙක් විදියටත් ජනප්‍රිය ලහිරු මුදලිගේ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඔහුගේ අත ගත්තේ සඳුනි ද සිල්වා. ලහිරු හා සඳුනිගේ විවාහය පසුගිය 29 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඔවුන්ගේ දෙවැනි ගමනේ උත්සවය 30 වැනිදා සන්ධ්‍යාවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. 
 
ලක්බිම ‘රිද්ම’ අතිරේකය වෙනුවෙන් අපි ලහිරුට සුබමංගලම් කියලාම මේ කතාබහ පටන් ගන්න කැමතියි.
බොහොම ස්තූතියි
 
මෙච්චර කාලයක් මාධ්‍යයට වසන් කරපු ඔබේ ආදරවන්තිය ගැන දැන් ඉතින් හෙළිදරව් කරමු නේද?
ඇය සඳුනි ද සිල්වා. සඳුනි පදිංචි කඩවත. ඇය කොම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක්. 
ලහිරු, සඳුනි මුලින්ම හමුවුණේ කොහොමද?
අපි මුලින්ම හමුවුණේ මහ ‍පොළොවේදී නම් නමෛයි.
 
කොහෙදීද ...?
අපි හමුවුණේ ගුවන් යානයකදී. 
 
ඒ හමුවීම සිදුවුණේ කොයි කාලෙදී විතරද?
මීට අවුරුදු පහකට විතර කලින්
ලහිරු - සඳුනි විවාහයේ තොරතුරු දැනගන්නත් රසික පිරිස කැමැති වේවි
අපේ විවාහය සිදුවුණේ 2017.10.29 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී. දෙවැනි ගමනේ උත්සවය 30 වැනිදා සවස රාජගිරිය වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රංගන හේරත් තමයි සාක්ෂිකරුවන් විදියට අත්සන් කළේ.
 
නව යුවළ අලුත් ජීවිතය අලුත් තැනකින් ආරම්භ කරන්න යනවා කියලා ආරංචියි...
ඔව් අපි දෙන්නා කොට්ටාවේ අපේම ගෙදරක පදිංචියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. 




චන්ද්‍රලතා තන්ත්‍රිගේ
ඡායා - ධනුෂ්ක සේනාධීර

ඇය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සලකුණක් සනිටුහන් කළ සංගීතවේදියෙකුගේ බිරිඳක්. නමුත් ඇය සුවිශේෂීි වන්නේ ඒ නිසාම පමණක් නොවෙයි. ඇය ප්‍රතිභාපූර්ණ ගී පද රචිකාවක බවත් ඇය ගැන සඳහන් කරද්දී නිතැතින්ම සිහියට එන කාරණයක්. ඇගේ නම මාලිනී ජයරත්න. ප්‍රවීණ සංගීතඥ ටී.එම්. ජයරත්නගේ ආදරණීය බිරිඳ වන ඇය තමන් විසින් 
මතෛක් රචනා කරන ලද ගීත සියල්ල එක්කාසු කරගෙන විශේෂ කටයුත්තක් සඳහා මේ දිනවල සූදානම් වෙනවා.
ඒ ගැන තොරතුරු ඇය මුලින්ම පැවැසුවේ “රිද්ම” සමගයි. 
 
ඔබ මීට දශක කිහිපයකට පෙර රචනා කළ ගීත පවා අදටත් ජනතාව රස විඳිනවා. නමුත්, එම ගීතවල ජනප්‍රියත්වයට සාපේක්ෂව ගීත රචිකාවක ලෙස ඔබේ නම ජනතාව අතරට ගොස් තිබෙන්නේ අඩුවෙන් කීවොත් ඊට ඔබ දෙන පිළිතුර මොකක්ද? 
මට ඒ කතාව පිළිගන්න බැහැ. මගේ මුල්ම ගීිතය ප්‍රචාරය වූ දා සිටම මා වටා රසික පිරිසක් නිර්මාණය වුණා. ඔවුන්ගේ ප්‍රතිචාර අද වෙද්දී වැඩි වෙලා තියෙනවා මිස අඩුවෙලා නැහැ. හැබැයි ගී පද රචිකාවියක විදිහට නමක් හදාගෙන ජනප්‍රිය වෙන්න වුවමනාවක් මට තිබුණේ නැහැ. 
 
ඇයි ඔබ ජනප්‍රියත්වය පසුපස හඹා නොගියේ? 
මම ජීවත් වෙන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ මහා පහන් කන්දක් සමග. ඒ තමයි මගේ සැමියා. මේ නිසා ගීත රචනා කරලා ඒවා ගායනා කරන්න කියලා මම කවදාවත් කාගෙවත් පසුපස ගියේ නැහැ. 
 
ඔබේ කලා දිවියට ලොකුම පන්නරය ලබා දුන්නේ ඔබේ සැමියා බවයි ඔබේ කතාවෙන් හැඟෙන්නේ? 
ඔව්. ගී පද රචනා කිරීමේ හැකියාව මා තුළ තිබුණේ කුඩා කල සිටමයි. නමුත් විවාහයෙන් පසුවයි ඊට හොඳම වටිනාකම ලැබුණේ. 
 
සැමියා ගැයූ ඔබේ ගීත අතරේ රසික හදවත්වලින් කිසිදා ඈත් නොවන විදිහේ ගීතත් තිබෙනවා? 
මගේ සැමියා මා ලියූ ගීත වරින් වර ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් සඳහා ගායනා කළා. ඒ ගීත අතරිනුත් “අම්මා සඳකි සහ සොඳුරු  අතීතය’’ යන ගීත තමයි ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගත්තේ. 
 
ඇතැම් ගී පද රචකයන් තම අත්දැකීම් තමයි ගීත බවට පෙරළන්නේ. ඔබ සම්බන්ධයෙන් ඒ කාරණය මොන වගේද? 
මම බොහෝ විට අත්දැකීම්වලට අනුව තමයි ගීත ලියන්නේ. ඇතැම් විට අනුන්ගේ අත්දැකීමක් වුණත් තමන්ගේ කරගෙන ලියන අවස්ථාත් තිබෙනවා. 
 
සොඳුරු අතීතය ගීතය ලියැවෙන්නේ ඔබේ අත්දැකීමකට අනුව නේද? 
ඔව්. ඒකත් මගේ අත්දැකීමක් තමයි. විවාහක යුවළකගේ ප්‍රේමය ගැනයි මේ ගීතයෙන් කියැවෙන්නේ. විවාහ ජීවිතය කියන්නේ නිසලව එක දිගට ගලා යන විදිහේ දෙයක් ‍නෙවෙයි. එහිදී මතුවන බාධක ජයගෙන ජීවිතයේ ඉදිරියට ගෙන යා හැකි වන්නේ අවංක ආදරයකට විතරයි. එවැනි තේමාවකින් තමයි එම ගීතය මා අතින් රචනා වුණේ. 
 
ඔබේ ගී පදවලට තවත් වටිනාකමක් ලබාදීමට ඔබ මේ දිනවල සූදානම් වෙනවා. අපි ඒ ගැනත් කතා කරමුද? 
මා ලියූ ගී පද මාලා ලබන නොවැම්බර් 22 වැනිදා පදනම් ආයතනයේදී කෘතියක් ලෙස එළි දක්වනවා. ඊට අමතරව මගේ ගීත අතරින් වැඩිපුර නෑසෙන ගීත සහ අලුත් ගීත හතරක එකතුවකින් නිර්මාණය වූ ගී තැටියකුත් එදිනට ජනගත වෙනවා. 
 
ඔබ දෙපළගේ පුතා වන ඉසුරුත් අද සංගීත ක්ෂේත්‍රයට පිවිසිලයි ඉන්නේ? 
පුතාව සංගීත ක්ෂේත්‍රයට ගෙනාවේ මමයි. පුතා ගායකයෙකු විදිහට තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා දැකීමයි මගේත්, සැමියාගේත්, බලා‍පොරොත්තුව වුණේ. නමුත් ඔහු අද යන ගමන ගැන නම් අපට තිබෙන්නේ පසුතැවීමක් විතරයි. 
 
කිෂාන් කනංකෙ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics