Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“හාරකෝටිය ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනයට මට අවස්ථාව ලැබුණේ අහම්බෙන්. සද්ධා මංගල සූර්ය බණ්ඩාර ගීතය ලියලා මියුසික් කරන්න අපේ සංගීත කණ්ඩායමේ දිනේෂ් දිසානායකට භාර දුන්නා. ඉතින් දිනේෂ් මට කතා කරලා කිව්වා දංගා අයියේ මේ සින්දුවට ඩමියක් යවන්න ඕනේ ඔයා වොයිස් කරලා දෙන්න මම සද්ධා අයියට ඒක යවන්නම් කියලා... කොහොම හරි ඩමිය කරපු මටම සින්දුව කියන්නත් සිද්ධ වුණා.” 
මේ කතාව අපිට කිව්වේ ශාමේන් දංගමුවයි. හැබැයි ශාමේන් කා අතරත් ප්‍රසිද්ධ ඒ නමින් නමෛයි. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ “දංගා” කිව්වාම සංගීත ක්ෂේත්‍රය තුළ නොදන්නා අයෙක් නැහැ. 
“මම ජනප්‍රිය සංගීත කණ්ඩායම් බොහොමයක් නියෝජනය කළා. මගේ හඩ බටහිර පන්නයේ නිසා ඒ හඬට ආදරය කරන රසික රසිකාවියෝ විශාල පිරිසක් මට ඉන්නවා.  නමුත් “හාරකෝටිය” තේමා ගීතය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ.” එහෙම කියපු “දංගා” හීන තිබුණට කෝටියක් ගීතය නිසා තමන් සැබෑ කරගත් තවත් හීනයක් ගැන මෙහෙම කතාවක් අපිට කිව්වා. 
“මගේ බිරිඳ රාජ්‍ය සේවිකාවක්. මම ගීතයක් කරලා මුලින්ම අහන්න දෙන්නේ එයාට. ඉතින් හාරකෝටියේ සින්දුව කරලා එයාට  අහන්න දෙනකොට එයා මට කිව්වා මේක නම් විශිෂ්ටයි කියලා. ඒ වගේම මට බබාලා 4 දෙනෙක් ඉන්නවා. එයාලගේ පාසල් වලට ගියාම ‍පොඩි ළමයාගේ සිට ගුරුවරුන් පවා මගෙන් අත්සන් ගන්න ළඟට එනවා. මගේ බබාලා ආඩම්බරයෙන් කියනවා තාත්ති යාළුවන්ට අපි හැමදාම කියනවා හාරකෝටියේ සින්දුව කියන්නේ අපේ තාත්ති කියලා. මේ නිසා මේ ගීතය පුංචි කා‍ලේ ඉඳන් මම දැකපු හීනයක් සැබෑ කළා වගේ” 
හාරකෝටිය ගීතය ලියවෙන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර අතින්. “හාරකෝටිය” ටෙලි නාට්‍ය පිටපත වගේම තේමා ගීතය ලියපු ඔහුටත් තමන් ලියපු ගීතය ගැන බොහෝ දේ කියන්න තිබුණා. 
හාරකෝටියේ කියවෙන්නේ දුප්පත් පැල්පතක් වටා ගෙතුණු කතාවක්. එයාලව වැරදි වලට යොමු කරන්නෙත් අන්න ඒ දරිද්‍රතාවයම තමයි. ඇත්තටම තේමා ගීතය ලියන්න හිටියේ මම ‍නෙවෙයි. මගේ යාළුවෙක්. ඒත් එයා කාර්ය බහුල වුණ නිසා ඔහු අතින්් ගීතය ලියවුණේ නැහැ. ඒ නිසයි මමම ගීතය ලිව්වේ. මම ලියපු වචන ටික මම සංගීතවත් කරන්න සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ දිනේෂ් දිසානායකට දුන්නාම එයා මට අවශ්‍ය මියුසික් එක හදලා දුන්නා. මම කිව්වා ඒකේ ඩමියක් එවන්න කියලා. එතකොට ශාමේන් දංගමුවගේ හඩින් ඩමිය එවලා තිබුණා. මම කිව්වා මේක තමයි හඬ කියලා. ඔය විදියේ ඩමියක් මට එව්වේ නැතිනම් ඇත්තටම ඔය ගීතය කියන්නේ “දංගා ‍නෙවෙයි. මේ හැමදෙයක්ම සිදුවුණේ අහම්බෙන්.
මේ ගීතය සංගීතවත් කළේ දිනේෂ් දිසානායකයි. ඔහුටත් අපිට කියන්න කතාවක් තිබුණා. 
සද්ධා අයියා මට කතා කරලා කිව්වා සින්දුවේ වචන ටික දීලා රෆ් ගතිය එන විදිහට ගී තනුව නිර්මාණය කරන්න කියලා. මම ඒකට රෙගී සංගීත ෙශෙලය එකතු කළා. මගේ සංගීත සංයෝජනය පද වැලත් එක්ක හොඳට ගැළපුණා. සද්ධා අයියා කිව්වා මේක තමා මට ඕන වුණේ කියලා. ඇත්තටම මේ ගීතය මගේ සංගීත දිවියෙත් හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත් නිවැරදියි. 
 
හාරකෝටියේ තේමා ගීතය 
 
කොර වෙලා දිය වෙලා 
ගලනවා මගේ කාණුවේ 
හොඳක් නෑ නරකකුත් නෑ 
මුකුත් නැහැ මේ ජීවිතේ 
හීන තිබුණට කෝටියක් 
අතේ නෑ එක රුපියලක් //
 
හිනා වෙන්නට බලන් හිටියට 
සැපක් ගැන හිත පෙරුම් පිරුවට 
අනුන්ගේ සැප බලෙන් උදුරන් 
අපේ කරගත්තොත් මිසක් 
අදත් නෑ හෙටත් නෑ 
අපට සැපතක් ලැබෙන්නෑ.
හීන තිබුණට කෝටියක් 
අතේ නෑ එක රුපියලක්. 
 
ආදරේ හද පුරා පිරුවට 
කිති කැවි හිත බලන් හිටියට 
දුන්න උදුරන් මල් සරාගෙන 
අපිම විද ගත්තොත් මිසක් 
අදත් නෑ හෙටත් නෑ 
අපට ආදරේ ලැබෙන්නෑ//
හීන තිබුණට කෝටියක් 
අතේ නෑ එක රුපියලක් //
 
සමන්මලී නැලිගම

මනෝජ් පීරිස් කියන මුළු රටම දන්නා සංගීතවේදීයා සතුට හා දුක කියන වචන දෙක කෙටියෙන් නිර්වචනය කරන්නේ කොහොමද කියලා මුලින්ම දැනගන්න කැමතියි?
සතුට කියන්නේ ඕනෑම කෙනෙක් ලබන්න කැමැති දේට. එතකොට දුක කියන්නේ ඕනෑම කෙනෙක් විඳින්න අකමැතිම දේට.
 
කලාකරුවකු විදියට ඔබ අත්විඳපු ලොකුම සතුට මතකද?
මම හා හා පුරා කියලා ප්‍රසංගයකට සහභාගි වූ දවසේ දැනුණු සතුට මට තවමත් මතකයි. ඒ වෙද්දී මට වයස 17ක්වත් නැහැ.
 
එතකොට ඔබ කලා ජීවිතේ අත්විඳි ලොකුම දුක?
මේ සිද්ධිය වෙනකොටත් මට අවුරුදු 17ක් 18ක් විතර ඇති. මම දැවැන්ත ප්‍රසංගයකට සහභාගි වුණා. එදා මම ගියේ කොට කලිසමක් ඇඳලා. ප්‍රසංගයට ආව ප්‍රවීණ ගායකාවක් “මේ ළමයා ‍පොඩි ළමයෙක්නේ. මෙයා කොහොමද තබ්ලා ගහන්නේ” කියලා කිව්වා. ඒ වෙලාවේ දරාගන්න බැරි දුකක් මගේ හිතට දැනුණා. 
 
ජීවිතයේදී විඳපු ලොකුම සතුට හා ලොකුම දුක ඔබට මතකද?
 මගේ මව්පියන් මියගිය දවස්වල මම ගොඩක් දුක් වුණා. ඒ අතරිනුත් වැඩිම දුකක් දැනුණේ අම්මගේ මරණය සිදුවූ දා. අම්මා මගේ ජීවිතේට ගොඩක් සමීප කෙනෙක්. ජීවිතේදී විඳපු ලොකුම සතුට නම් පත්තරේකට කියන්න බැහැ. ඒක අතිශය පෞද්ගලිකයි.
 
ඔබට ආදරය දුකක්ද? සතුටක්ද?
ආදරය කියන්නේ ඔය දෙකේම සංකලනයක්.
 
ආදරය හින්දා වැඩියෙන්ම සතුටු වූ අවස්ථාවයි, වැඩියෙන්ම දුක් වූ අවස්ථාවයි මතක් කරන්න කිව්වොත්?
ආදරේ නිසා සතුටු වුණ වගේම දුක් විඳලත් තියෙනවා. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙන නිසා එකක් කියන්න බැහැ. 
 
වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ විවාහ දිවිය තුළද තනිකඩ දිවිය තුළද?
තනිකඩ ජීවිතය හරිම සුන්දරයි සැහැල්ලුයි කියලා ගොඩක් අය කිව්වට ඒක එහෙම නැහැ. තනිකඩ ජීවිතය තුළ තනිකම දැනෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් විවාහ ජීවිතය කොයිවගේද කියන්න නම් මම දන්නේ නැහැ. ඒ හින්දා ඔය ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න මට පුළුවන්කමක් නැහැ.
 
ඔබ වෙනත් අයකු නිසා සතුටු වූ අවස්ථා තියෙනවාද?
ගොඩක් තියෙනවා. කාගෙ හරි සතුටක් දිහා බලලා මම සතුටු වෙනවා. හඳුනන නාඳුනන හැමෝම ඒ අතර ඉන්නවා.
 
ඒ විදියට වෙනත් අයකු හින්දා ඔබ දුක්වූ අවස්ථාත් ඇති?
ඒකටත් කලින් උත්තරේම තමයි දෙන්න තියෙන්නේ. අඳුනන නාඳුනන කාට හෝ දුක්විඳින්න සිදු වුණොත් ඒ දුක මටත් දැනෙනවා.
 
ඔබ නිසා වෙනත් අයකු සතුටු වූ අවස්ථා ඇති. ඒ අතරින් ප්‍රබලම සිදුවීම සිහිපත් කළොත්?
මම ජීවිතයේ ජය ලබනවා දකිනකොට මගේ අම්ම ගොඩක් සතුටු වුණා. මගේ පුංචි ජයග්‍රහණයක් වුණත් ඇයට ලොකු සතුටක් වුණා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මතකයක්.
 
ඔබ නිසා වෙනත් කෙනෙකු දුක්වූ අවස්ථා අතරින් ප්‍රබලම සිදුවීම මොකක්ද?
මාව හිමිකරගන්න නොහැකිවීම නිසා එක්තරා කෙනෙක් අසීමිත ලෙස දුක් වුණා. හඬා වැළපුණා. ඒ ගැන වැඩි විස්තර කිව්වොත් සියල්ල හෙළි වේවි. 
 
අනාගතය ගැන හිතද්දී මනෝජ්ට දැනෙන්නේ සතුටක්ද? දුකක්ද?
සතුටක්... මොකද මම ජීවිතයෙන් සමුගන්න කලින් මොකක් හෝ දෙයක් කරලා තියෙනවා කියන සතුට මට තියෙනවා. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4687

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3354

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4824

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5445

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6268

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3835

Please publish modules in offcanvas position.

X

Right Click

No right click