Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සතුට හා දුක කෙටියෙන් විග්‍රහ කරන්න කියලා අපි ඔබට කිව්වොත් ඔබ  කොහොමද එය කරන්නේ. 
සතුට යනු මානසික සැනසීමයි. සැනසීම නැති අවස්ථාවන්ට කියන්නේ දුක කියලා. 
 
ඔබ ජීවිතයක් විඳපු ලොකුම සතුට මතකද?
මම පළවෙනි පාර ඕලෙවල් වැඩ 4යි සමත් වුණේ. දෙවැනි වතාවේ වැඩ 8 යි සම්මාන 5ක් ලබාගත්තා. ඒ වෙලාවේ පුදුමාකාර සතුටක් ඇති වුණා. 
 
ජීවිතේදී වැඩියෙන්ම දුක් වුණේ කවදාද?
ආදරණීය පියාණන් අප අතරින් වෙන් වුණු දවසේ. 
 
කලා ජීවිතය තුළ අත් විඳපු ලොකුම සතුට මතක් කළොත්? 
හා හා පුරා මාව රූපවාහිනි දුටු දවස තමයි ඒ. 
 
එතකොට ඔය කියන කලා ජීවිතය තුළම අත් විඳපු ලොකුම දුක? 
මේ සිදුවීම සිදුවුණේ මම ක්ෙෂත්‍රයට පැමිණි මුල් කාලයේ නුවරඑළියේ පැවැති එක්තරා සංගීත සංදර්ශනයකදී. එදා ඒ ප්‍රසංගයට යන්න මමම මැදිහත් වෙලා වාහනයක් හයර් කළා. ගායක ගායිකාවෝ හැමෝම ගියේ ඒ වාහනේ. පහුවෙනිදා මට කුරුණෑගල ෂුටිං තිබුණු හින්දා මගදී බහින්නයි හිතාගෙන හිටියේ. ඒත් ෂෝ එක ඉවර වෙලා එක්තරා ප්‍රවීණ ගායකයින් දෙපළක් ඒ අයට පරක්කු වෙනවා කියලා නුවර පාරෙන් යන්න බැහැ කියලා මහ රෑ මාව වැලිමඩ මග දාලා ගියා. අන්තිමට ලතා වල්‍පොල මහත්මිය තමයි මාව එතුමියගේ වාහනේ දාගෙන ආවේ. අර ගායකයින් අතර මග නැවතිලා හොඳටොම බිලා පහුවදා තමයි ගෙවල්වලට ගිහින් තියෙන්නේ. ඒ දෙන්නා කොහොමත් නවකයින්ට කුහකකම් කරන අය. එදා මට ලොකු දුකක් හා අසරණකමක් දැනුණා. 
 
ඔබට ආදරය සතුටක්ද දුකක්ද? 
ආදරය කියන්නේ දුකක් නමෛයි දුක් ගොඩක්. 
 
එහෙනම් ප්‍රථම ප්‍රේමයම දුක කියන පාඩම කියලා දෙන්න ඇති....? 
අ‍පොයි ඔව්. ප්‍රථම ප්‍රේමය හිමි වූ දා ලොකු සතුටක් දැනුණා. ඊට පස්සේ දුකම තමයි. 
 
ඒ අතර විඳි ලොකුම දුක? 
මම ඇගේ නිවසට ගිහින් ඇගේ මවුපියන් හමුවුණා. ඒ වෙද්දි මම කලාවට අත්‍පොත් තැබු මුල් කා‍ලේ. ඒ අය මගේ තොරතුරු අහලා කිව්වේ ගිහින් ස්ථිර රැකියාවක් හොයාගෙන එන්න කියලා. පස්සේ කලාව ටිකකට නතර කරලා රැකියාවක් හොයාගත්තා. ඒත් ඒ වෙද්දී ඇයව වෙන මනාලයකුට තීන්දු කරලා. 
 
එදා දුක දරාගන්න බැරි වෙන්න ඇති.....? 
ඇත්තටම ඔව්. ඒත් මම රැකියාවකට ගිය ස්ථානයේ ගණකාධිකාරිනිය හින්දා ඒ දුක නැතිවෙලා ගියා. ඇය තමයි අද මගේ බිරිඳ වෙලා ඉන්න අංජු රඹුක්වැල්ල. 
 
ඇය හින්දා සතුටු වූ අවස්ථා හා දුක් වූ අවස්ථා ඇති. ඒ අතරින් විඳි ලොකුම සතුට මතකද?
පෙම්වතිය විදියට ඉන්න කා‍ලේ මම ගීතයක් කරලා ස්ටුඩියෝ එකට මුදල් ගෙවාගන්න බැරිව හිටියා. මගේ පෙම්වතිය මට ඒකට මුදල් දුන්නා. ඇය ඒ මුදල හොයාගෙන තියෙන්නේ කරාබු දෙක උගස් තියලා. බිරිඳ වූ පසු ඇය ගැන මම ගොඩක් සතුටු වුණේ මගේ කකුල කැඩිලා ඇඳේ ඉන්න කා‍ලේ මගෙ අම්මා එක්ක එකතු වෙලා මට උපස්ථාන කරපු විදිය දැකලා.
 
ඇය නිසා අත්විඳින්නට වූ ලොකුම දුක මොකක්ද?
එතකොට ඇය මගේ බිරිඳ. මම වටිනා ෆෝන් එකක් මිලදී අරගෙන ආවා. ගෙදර ඇවිත්. ඇඳුම් මාරු කරලා බාත්රූම් ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් බලද්දී ෆෝන් එක නැහැ. මගේ බිරිඳ මගෙ ඇඳුම් ටික හෝදලා වැ‍ලේ වනලා. වොෂින් මැෂින් එකේ දාලා හෝදලා වනපු කලිසම් සාක්කුවේ තියෙන ෆෝන් එක දැකලා දැනුණු දුක දරාගන්න බැරිවුණා.
 
ඔබට විවාහය ජීවිතය සතුටක්ද දුකක්ද?
විවාහ ජීවිතය කියන්නේ සියයට පනහක් සතුටක්. සියයට පනහක් දුකක්. 
 
ආරියවංශ කුලතිලක

නාමල් උඩුගම, රුවන්ති මංගලා දරු දෙන්නත් එක්ක පත්තරේක මුල් පිටුව සරසන්න මේ විදියට එකතු වුණේ අවුරුදු ගණනකට පස්සේ. එ් අතරතුරේ අපි නාමල්ගේ අලූත් තොරතුරු විමසන්නත් අමතක කළේ නැහැ. නාමල්ගේ ගීතයක් නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ගායනා කිරීම මුල් කරගෙන මේ දවස්වල  ඇතිවී තිබෙන ප‍්‍රශ්නය ගැනත් එහිදී නාමල් විවෘතව
කතා බහ කළා.

මොනවද මේ දවස්වල කරන අලූත් වැඩ කටයුතු ?
    ළඟදී අලූත් ගීත දෙකක් පටිගත කරන්න තියෙනවා. පුරුදු විදියට ප‍්‍රසංග වේදිකාව තුළත් රැුඳිලා ඉන්නවා.

එතකොට රුවන්ති...
    අලූත් ටෙලි නාට්‍ය දෙකක් කළා.

පුතයි දුවයි දෙන්නා ගැනත් කතා කරමු....
    දුව දැහැමි දිව්‍යාංජලී දැන් වයස 19 යි. එයා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ උසස් පෙළ හදාරනවා. පුතා නෝමිත කලාවිත්. එයා දැන් ඇමෙරිකන් කොලේජ් එ්කේ ඩිග්රිය කරනවා. පුතාට වයස 18 යි.

එ් දෙන්නා දවසක අම්මගෙයි තාත්තගෙයි අඩිපාරෙ යයිද?
    පුතාට හොද ගායන හැකියාවක් තියෙනවා. පුතා නම් දවසක මගේ අඩිපාරේ යයි. දෙන්නාගෙන් කෙනෙක් රඟපාන්න යයිද කියලා නම් දන්නේ නැහැ.

නාමල් නවක ගායකයකු සමග මේ දිනවල ඇතිකරගෙන තිබෙන ප‍්‍රශ්නය මොකක්ද?
    පසුගිය දවස්වල මම දුරකථනයට එන එක වැළකිලා හිටියෙත් එක එක්කෙනා කෝල් කරලා ඔය ගැන අහන හින්දා.

නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ඔබගේ ”අප හමුවීම වෙන්වීම දෝ ආදරේ” ගීතය ගායනා කිරීම නිසා ඔබ ඔහුට පරුෂ ලෙස බැණ වැදුණු බවයි ඔහු අපත් සමගත් කියා සිටියේ.. ඇත්තටම මොකක්ද ඔතන සිද්ධ වුණේ ?
මම නිහඬව, මගේ පාඩුවේ බිරිඳයි දරු දෙන්නයි එක්ක ජීවත් වෙන කෙනෙක්. කවුරු හෝ අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇති කළත් මම නිහඬව මග හරිනවා. එ්ත් වැරැද්දකදී වැරදිකරුවා කළ වැරැද්ද නිවැරදිකරු නිහඬව ඉන්නකොට නිහඬ කෙනා වැරදිකරු විදියටයි සමාජය දකින්නේ. මමත් එ්ක තේරුම් ගත්තේ මේ ප‍්‍රශ්නෙදී. එ් හින්දා මම ඔය සිද්ධිය ගැන සම්පූර්ණ සත්‍යය පැහැදිලි කරන්නම්. හැබැයි දිගින් දිගටම එ්කම කතා කරන්න නම් බැහැ.

හරි එහෙනම් කියන්නකෝ මොකක්ද සිද්ධ වුණේ  කියලා ?
    ඔය කියන ගායකයා මගේ ගීතය අන්තර් ජාලයට දාලා තියෙන බව ආරංචි වුණාම මම එ්ක ඉවත් කරන්න කියලා ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. එ්ත් එ් දේ ඔහු ඇහුවේ නැහැ. ඉන් පසුව තමයි නැවතත් තදින් කියා සිටින්න වුණේ. හැබැයි කිසිම දාක මම ඔහුට අසභ්‍ය වචන පරුෂ වචන නම් පාව්චිචි කළේ නැහැ. ඔහුට විතරක් නෙමෙයි මම ජීවිතේට කිසිම කෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදිලත් නැහැ. මම එ් වෙලාවේ ටිකක් තදින් කතා කළ බව ඇත්ත. ඊට පසුවත් ඔහුට මාත් එක්ක කතා කරලා වැරැද්ද නිවැරදි කරගන්න තිබුණා. ඔහු එ්කවත් කළේ නැහැ. තැන තැන කියනවා මම අසනීප වූ වෙලාවේ එයා මා වෙනුවෙන් නොමිලේ ගී ගැයුවාලූ. එය අමූලික බොරුවක්. එහෙම ගැයුවා නම් අදාළ ප‍්‍රසංගයේදී ගත්තු ඡුායාරූපයක් හරි ප‍්‍රසංගයට ගිය බව ඔප්පු කළ හැකි සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. එයා මගේ ගීතයක් මංකොල්ල කාලා මට වරද පටවලා ජනතාවගේ අනුකම්පාව ලබාගන්නයි මේ හදන්නේ. එ් විදියට මිනිසුන්ගේ අනුකම්පාව ලැබිලා ජනප‍්‍රිය වෙන්න හදවාට වඩා තමන්ගේ දක්ෂතා තුළින් ජනප‍්‍රිය වුණොත් ඉදිරි ගමනක් යා හැකි බව මම ඔහුට කියන්න කැමතියි.

ආරියවංශ කුලතිලක

ඡායාරූප : මංජුල පෙරේරා

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 180

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3480

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2126

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3821

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6395

Please publish modules in offcanvas position.