Coss Ear2
lakbima.lk
COSS Ear 1

දිනූෂා රාජපතිරණ කියන රටම දන්නා නිවේදිකාව ජීවිතයේ වඩාත්ම සතුටු වන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා කිව්වොත්.
මම කරපු දෙයකින් තව කෙනෙකුට යහපතක් වෙලා තියෙනවා දැකීමෙන් මම විශාල සතුටක් ලබනවා. ඒ වගේම තමයි මට පුළුවන් පැය ගණනක් හරි කෙනෙකුගේ දුකකට ඇහුම්කන් දෙන්න. ඒ වගේම කවුරු හරි තමන්ගේ අතිශය පෞද්ගලික ප්‍රශ්නයක් මට කිව්වත් මම ඒ රහස රකිනවා. ඒ හින්දම ගොඩක් අය ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්න සහ දුක් ගැනවිලි මට කියලා එයාලගේ හිත නිදහස් කර ගන්නවා. ඒ තුළින් මමත් ලොකු සතුටක් සහ සැනසුමක් ලබනවා.
 
එතකොට ඔබ වැඩියෙන්ම දුක්වෙන්නේ?
මගේ පවු‍ලේ කෙනෙකුට විතරක් ‍නෙවෙයි නාඳුනන කෙනෙකුට හරි දුකක් කරදරයක් වෙලා තියෙනවා දැක්කොත් මම ගොඩක් සංවේදී වෙනවා. “යෙහෙළි“ කියන වැඩසටහන කරන කා‍ලේ මම දවස ගානේ බන්ධනාගාරයට ගිහින් ගොඩක් අයගේ දුක් අඳෝනා ඇහුවා. ඒ දුක් මට දරා ගන්න බැරුව මාව ඒ වැඩසටහනින් ඉවත් කරලා නිදහස් කරන්න කියලා මම ජැක්සන් සර්ගෙන් ඉල්ලා සිටි අවස්ථාත් තිබුණා.
 
පෞද්ගලික ජීවිතේ සතුටු වූ අවස්ථා සහ දුක්වූ අවස්ථා ඇත්තේම නැද්ද?
සතුටු වූ අවස්ථා සිහිපත් කළොත් සිදුවීම් මාලාවක් එක පෙළට හිතට එනවා. පාස‍ලේ ශිෂ්‍ය නායිකාවක් වුණාමත් සතුටු වුණා. නැඟී එන නිළිය විදිහට සුමති සම්මානයට පාත්‍ර වුණාමත් සතුටු වුණා. විවාහ වූ දවසෙත් සතුටු වුණා. ඒවගේ සතුටු දායක අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම සතුටු වූ අවස්ථාවක් නම් විශේෂයෙන් සඳහන් කරන්න බැහැ.
 
පෞද්ගලික ජීවිතේ දුක්වූ අවස්ථාත් ඇතිනේ. ඒ අතරිනුත් වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සඳහන් කරන්න කැමතිද?
මගේ ගම නුවර. මහ විහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ගරුතරකාරක සංඝ සභිකව වැඩවිසූ පණ්ඩිත සාලියපුර විපස්සි නායක ස්වාමීන්වහන්සේ අපේ පවුලට ගුරුහරුකම් දුන් සමීපව ඇසුරු කළ හිමිනමක්. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට රංගන හැකියාවන් හා හොඳ මතක ශක්තියක් තියෙන ගැහැනු ළමයෙක් හොයනවා කියලා දැනගත්තම උන්වහන්සේ මාව ඒකට යොමු කළා. ඒ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. පසුගිය ජනවාරි 28 වැනිදා හදිසියේම උන්වහන්සේ අපවත් වුණා. ඒ තමයි මම මගේ ජීවිතේ වැඩියෙන්ම දුක් වූ දවස.
 
යෙහෙළි වැඩසටහන කරද්දී ගොඩක් සංවේදී වූ බව දිනූෂා පැවැසුවා. ඒ අවස්ථා අතරින් තදින්ම මතකයේ රැඳුණු දුක්බර අවස්ථාවක් සිහිපත් කරන්න කැමතිද?
එවැනි අවස්ථා රැසක් තියෙනවා. ඒ අතරින් මම තදින්ම කම්පනයට පත් වූ අවස්ථාවක් තමයි තමන්ගේම පියා වෙතින් දූෂණයට ලක්වූ වයස අවුරුදු 6ක දැරියක් හමුවූ අවස්ථාව. ඒ කතාව ඇහුවාම මගේ ඇඟ සීතල වුණා. ඇස්වලින් කඳුළු පැන්නා. ඔය වගේ දුක්බර කතා ගොඩක් මම ඒ වැඩසටහනේදී ඇහුවා. සතුටු වූ අවස්ථාවලටත් ඒ අතර මුහුණ දුන්නා. 
 
ජීවිතේ හැලහැප්පීම්වලට ලක්වෙලා ඛිෙදනීය ඉරණම්වලට මුහුණ දුන්න කාන්තාවෝ ගැන කතා කළ ඒ වැඩසටහන තුළදී මොකක්ද දිනූෂා අත්විඳි සතුට ?
තමන්ගේ පවුලෙන් නෙරපා දමලා නැන්දගේ නිවසේ අඩන්තේට්ටම් විඳිමින් දුක්බර දිවියක් ගෙවූ එක්තරා මුස්ලිම් යුවතියක් මට හිර ගෙදරදී මුණ ගැසුණා. ඇය හිරගත වෙලා තියෙන්නේ නොකළ වරදකට. නිදහස් වෙන්න විදියක් නොතිබුණේ ඇයට ඇප දෙන්න කෙනෙක් නැතිකමට. ඒත් ඇය කිව්වේ පුදුම කතාවක්. ඇප ලබාගෙන හිරෙන් නිදහස් වුණත් යන්න තැනක් නැති නිසා තමන් කැමතියි දිගටම හිරේ ඉන්න කියලා ඇය මට කිව්වා. ඇගේ කතාව විකාශය වූ පසු එක්තරා පෞද්ගලික සමාගමක හිමිකරුවෙක් ඇයව නිදහස් කරලා රැකියාවක් දෙන්න ඉදිරිපත් වුණා. ඒ රැකියා ස්ථානයේ තරුණයෙක් පසු කලෙක ඇයව විවාහ කරගත්තා. ඇගේ ජීවිතයට ආලෝකය උදාවූ මොහොතේ මට දැනුණේ පුදුම සතුටක්.
 
වඩා සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
“අම්මා හොඳයි කිව්වත් වැරදියි, තාත්තා හොඳයි කිව්වත් වැරදියි. එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳයි කියා” පද පෙළ ඇතුළත්වන ගීතයක් තියෙනවා. විවාහ ජීවිතය හා තනිකඩ ජීවිතය ගැන මට කියන්න තියෙන්නේ ඔය කතාවම තමයි.
 
ආරියවංශ කුලතිලක
ඡායාරූප - මංජුල පෙරේරා

“අද අපේ රටේ සිනමාවේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. බොහොම අමාරුවෙන් චිත්‍රපටයක් හැදුවත් ඔය කියන මාෆියාව නිසා බොහෝ නිර්මාණකරුවන්ට චිත්‍රපටය ප්‍රදර්ශනය කරගැනීමේදී විවිධ අසීරුතාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. සිනමා කර්මාන්තයේ සිද්ධවෙන මේ විදිහේ අකටයුතුකම් නිසා මම නම් විශාල කලකිරීමකිනුයි ඉන්නේ” මෙහෙම කියන්නේ සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ක්ලීටස් මෙන්ඩිස්. සිනමා ක්ෂේත්‍රයේ දශක හතරකට වැඩි කාලයක අත්දැකීම් තිබෙන ඔහු මේ විදිහේ චෝදනාවක් එල්ල කරන්නේ ඇයි කියලා ඔහු සමග කළ මෙම සංවාදය කියවන ඔබටත් වටහාගත හැකි වේවි. 
 
සිනමාව ගැන ඇති වී තිබෙන කලකිරීම නිසාද ඔබ දැන් ටෙලි නාට්‍ය කර්මාන්තය පැත්තට වැඩිපුර යොමුවෙලා ඉන්නේ? 
ඇත්තටම ඒකත් මම සිනමාවෙන් ඈත්වෙන්න එක හේතුවක් තමයි. මට හිතෙනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන එක මට ටිකක් පහසුයි කියලා. මම රඟපාන “මිල්ලෑව වලව්ව“ සහ “චුට්ටේ” කියන ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරි කාලයේදී විකාශය වීමට නියමිතව තිබෙනවා. මේ හේතු නිසා ටෙලි නිර්මාණ එක්ක තමයි දැන් මම වැඩි කාලයක් ගත කරන්නේ. 
 
සිනමාව ගැන ඔය විදිහට කලකිරෙන්න තරම් මොකක්ද ඔබට සිද්ධ වුණු අසාධාරණය? 
එක හේතුවක් තමයි මහන්සි වෙලා කැපවීමෙන් රඟපෑවට ඒවා සඳහා ලැබිය යුතු ගෙවීම් නොලැබිම. මම මුදල් පස්සේ එළවන නළුවෙක් ‍නෙවෙයි. හැබැයි යම්කිසි මුදලක් බලා‍පොරොත්තුවෙන් රඟපාලා ඒක නොලැබෙනවා නම් ප්‍රශ්නයක්නේ. 
 
ඔබ වැනි ප්‍රවීණයන්ටත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කරන එකකුත් නැහැ? 
ඔව්. හැබැයි ඇත්ත කතාව ඒකයි. අපෙන් උදව් අරගෙන චිත්‍රපට හදලා රඟපෑම වෙනුවෙන් ගෙවිය යුතු මුදලවත් නොදී අද කෝටිපතියන් වෙලා ඉන්න නිෂ්පාදකවරු ඕනෑ තරම් ඉන්නවා. 
 
චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන ආකාරය ගැනත් කලකිරිලා ඉන්නේ හා හා පුරා කියලා හදපු චිත්‍රපටයට අත්වූ ඉරණම නිසාද? 
අ‍පොයි ඔව්. කාලයක් තිස්සේ රඟපාලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න තිබුණු ආසාවට තමයි මම “පරපුර” චිත්‍රපටය හැදුවේ. ඒක දුවන විදිහේ චිත්‍රපටයක්. හැබැයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දී වෙනත් චිත්‍රපට නිර්මාණය කරලා තිබුණු ඇතැම් නිර්මාණකරුවෝ සිනමා ශාලාවල කළමනාකරුවොත් එක්ක එකතුවෙලා මගේ චිත්‍රපටයට වෙන්කර තිබූ ප්‍රදර්ශන කාලයේදී හොර රහසේම ඔවුන්ගේ චිත්‍රපටය පෙන්නුවා. 
 
අන්තිමේදී චිත්‍රපටයෙන් ඔබට පාඩු වුණා? 
ඔව්. ඔය කියන මාෆියාව නිසා චිත්‍රපටයෙන් පාඩු වුණා. චිත්‍රපටයේ ඩී.වී.ඩී. ගහලා විකුණලයි අන්තිමේදී ගාණක් හොයා ගත්තේ. 
 
මොන තරම් ගැටලු තිබුණත් ජනතාව ඔබව නළුවෙක් විදිහට හඳුනාගත්තේ සිනමාවෙන් නේද? 
ඒක ඇත්ත. අද වෙනකොට සිනමාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් මම හැමදාමත් ආදරේ කරන්නේ සිනමාවට තමයි. 
 
සිනමාවේදී වැඩිපුරම ඔබට ලැබෙන්නේ දුෂ්ට චරිත? 
ඔව්. මට මතක විදිහට මම චිත්‍රපට 250ක විතර රඟපාලා තිබෙනවා. ඒ අතරින් 150ක විතර මම දුෂ්ට චරිත තමයි රඟපෑවේ. 
 
දුෂ්ට චරිත රඟපාන නළුවෙකු විදිහට ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
දුෂ්ට චරිත රඟපෑම නිසා මුල්කා‍ලේ සැබෑ ජීවිතයේදී මට ගුටි කන්න පවා සිදු වුණු අවස්ථා තිබෙනවා. වීරයාගෙන් හැමදාම ගුටිකන මගේ දිහා ඒ කා‍ලේ කාන්තාවෝ බැලුවේවත් නැහැ. ඒ වගේම සමහරු මට හොඳටම බැණ වැදිලත් තියෙනවා. එත් පසුකාලීනව ඒ ප්‍රතිචාර වෙනස් වෙන්න පටන් ගත්තා. දුෂ්ට චරිත නිසා මට වෛර කරපු මිනිස්සු පස්සේ මට ආදරය කරන්න පටන් ගත්තා.  
 
මෑත කාලයේදී නිර්මාණය වූ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක රඟපෑ විල්සන් කරු ඔබේ සමකාලීනයෙක්, 
දුෂ්ට චරිත සඳහා ප්‍රකට ඔහු ගැන විවිධාකාරයේ විවේචනත් මෙම වීඩියෝව නිසා එල්ල වුණා?
ඒ මියුසික් වීඩියෝව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන මගේත් කිසිම ප්‍රසාදයක් නැහැ. හැබැයි මට හිතෙන විදිහට ඔය වීඩියෝවෙන් රටේ ප්‍රවීණයෙකුට අපහාසයක් වෙන වග කරු අයියා කලින් දැනගෙන ඉන්නෙ නැතුව ඇති. 
 
ඒ වගේ රංගනයක යෙදෙන්න ඔබට ආරාධනාවක් ලැබුණොත්? 
ප්‍රතිපත්තියක් විදිහට මම නම් මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ.
 
නිතරම දුෂ්ට චරිතවලට පණ ‍පොවපු නිසා ඒ වෙනුවෙන් සම්මාන එහෙමත් ඔබට ලැබිලා ඇති? 
අවුරුදු හතළිහකට වැඩිය දුෂ්ට චරිත රඟපාලා තිබුණාට මට කවදාවත් දුෂ්ට චරිතයක් වෙනුවෙන් සම්මානයක් ලැබිලා නැහැ. මම ඒවා බලා‍පොරොත්තු වුණෙත් නැහැ. අදටත් නොඅඩුව ලැබෙන ප්‍රේක්ෂක ආදරය හැමදේටම වඩා මට වටිනවා. 
 
කිෂාන් කනංකෙ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1228

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 702

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4093

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2351

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4382

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5538

Please publish modules in offcanvas position.