Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හැමෝම උපන් දිනය පාටි දාලා ජයටම සමරනකොට පියුමි බොතේජු කියන ඔබ වෙනස්ම විදියට උපන් දිනය සමරපු බවයි අපිට ආරංචි වුණේ. ඇත්තටම මොකක්ද එදා වුණේ?
පසුගිය නව වැනිද යෙදී තිබුණු මගේ උපන් දිනේට මාදිවෙල මන්ද මානසික නිවාසයට දානයක් දුන්නා. ඒ වගේම සංගීත කණ්ඩායමකුත් අරගෙන ගිහින් ඒ අයට විනෝද වෙන්නත් අවස්ථාවක් ලබා දුන්නා. මම කොහොමටත් උපන් දිනේට ලොකු උත්සව පවත්වන්නේ නැහැ. මේ වගේ පිරිසක් එක්ක එක මොහොතක් හරි ගත කරන්න ලැබිම මට හරිම සතුටක්. 
 
අද බොහෝ කලාකරුවෝ ජනප්‍රිය වෙන්න හිතාගෙනත් මේ  විදිහට උපන් දින සමරනවා. ඔබ තවත් ජනප්‍රිය වෙන්නද මේ විදියට උපන් දිනේ සමරන්න හිතුවේ? 
උපන් දිනේ දවසට ජොලි කරලා සතුටු වෙන කෙනෙක් නමෛයි මම.  අනිත් එක මම උපන් දිනේ සැමරුවේ මෙහෙමයි කියලා අණ බෙර ගහලා ජනප්‍රිය වෙන්න හදන කෙනෙකුත් නමෛයි. ඒ ජනප්‍රියත්වය මට ඕනේ නැහැ. 
මම ඔය කියන මන්ද මානසික ළමා නිවාසයට සෑම වසරකම දානයක් දෙනවා. 
එතනට ගිහින් දානේ දීලා එන්න හදනකොට පියුමි අක්කේ ආයේ කවදාද එන්නේ කියලා එහි සිටින ළමයි මගෙන් අහනවා. ඔවුන් මට හරිම ළෙන්ගතුයි. 
අද කා‍ලේ බොහෝ දෙනා යම් යම් දේ ලබාගන්න හිතාගෙන මූනිච්චාවට විතරක් සුහද වෙනවා. ඒත් මේ වගේ පිරිස් හිනාවෙන්නේ මුළු හදවතින්මයි කියලා මම දැන් වටහාගෙනයි තියෙන්නේ. 
පියුමි විවාහයෙන් පස්සේ චරිත තෝරා ගන්නේ හරිම ප්‍රවේශමෙන් කියන්නේ ඇත්තද? 
විවාහයට කලිනුත් මම චරිත තෝරා ගත්තේ හොඳට බලලා තමයි. නමුත් නිළියකට විවිධ චරිත කරන්න පුළුවන් කියන අභියෝග භාරගන්න සිද්ධ වෙනවා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා මූල්‍ය ආයතනයක සේවය කරනවා. මට අයියලා තුන් දෙනෙක්ම ඉන්නවා. මගේ සැමියාත් වැදගත් විදිහට ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ බැඳීමුත් එක්ක මම චරිත තෝරා ගන්නකොට හුඟක් ප්‍රවේශම් වෙනවා. 
 
ඒ කියන්නේ පියුමි වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණ බාරගන්නේ නැහැ කියන එකද? 
මම කියන්නේ නැහැ ඒ වගේ නිර්මාණ තහනම් කරන්න ඕනෑ කියලා. ඒ වගේ නිර්මාණවල නිර්මාණාත්මක ගුණය විතරක් විඳින මිනිස්සුත් ඉන්නවනේ. හැබැයි මට නම් තවම ඒ වගේ නිර්මාණවලට ආරාධනා ලැබිලා නැහැ. ඉදිරි කාලයේදී ආරාධනා ලැබුණත් මම බාර ගන්නේ් නැහැ. 
 
මෙඩි සිනාහි ටානියාගේ චරිතෙට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මොනවගේද? 
මට ඒ චරිතය ලැබුණාම මම චරිතේ ගැන හඳුනාගෙන අධ්‍යක්ෂතුමා එක්ක කතා කරලා ඒ චරිතේ ‍පොඩි වෙනසක් කරන්න අවසර ඉල්ලුවා. මම දැන් ඔය ටානියා විදිහට කතාකරන විදිහ මමම නිර්මාණය කරගත්ත දෙයක්. ඇත්තෙන්ම අධ්‍යක්ෂතුමා ඊට ලබාදුන්නු අවසරය නිසා තමයි ටානියා අද කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්නේ. හැබැයි අද සමහරු ටානියාවත් අනුකරණය කරනවා. මම විදියට කතා කරනවා. මම නාට්‍යයේ හොඳට රඟපාන නිසානේ එහෙම වෙන්නේ. ඒ ගැන මට සතුටුයි. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - සීතන් ගුණවර්ධන

මීට වසර 30කට පමණ පෙර එනම් 1986 වසරේදී එච්.ඩී. ප්‍රේමරත්නයන් විසින් නිෂ්පාදන කර  අධ්‍යක්ෂණය කරන  ලද ‘මංගල තෑග්ග‘ තවමත්  සිනමා රසිකයන්ගේ  මතකයේ රැඳී ඇති බව නොරහසකි. මෙම චිත්‍රපටයේ  ‘එක යායේ කකා වැටී’ සහ  ‘වාසනා වේවා’ යන ගීතද අදටත් රසිකයන්ගේ මතකයෙන් ඈත් වී නැත. විවාහ වීමට සිටින තරුණයකුට විවාහයට පෙර දිනයේදී  තම මිතුරන් සමග සාදයකට එක්විමෙන් පසු සිදුවන සිද්ධි දාමයක් පිළිබඳව විස්තර කෙරෙන ‘මංගල තෑග්ග’ චිත්‍රපටයේ දෙවැනි කොටස මංගල තෑග්ගේ දෙවැනි ගමන ලෙස පසුගියදා මොබයිල් ටෙලි නිර්මාණයක් ලෙස එළි දැක්විණ.  මංගල තෑග්ගේ දෙවැනි ගමන ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයකිි. 
 
‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’  නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ට  මොනවිදියේ අත්දැකීමක්  ලබාගත හැකිවේවිද?
මංගල තෑග්ගේ දෙවැනි ගමන කියන්නේ මංගල තෑග්ග චිත්‍රපටියේම  සොඳුරු මතකය නැවත අවදි කරවීමක්. ඒ වගේම  පැරණි මතකයන් තුළින්  නම රසවින්දනයක් බිහි කිරීමට ගත් උත්සාහයක් ලෙස මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
 
‘මංගල තෑග්ග’ චිත්‍රපටිය ගැන  මතකය අද ඔබට  දැනෙන්නේ මොන විදිහටද?
දැනට වසර 30කට පමණ ප්‍රථම එච්.ඩී. ප්‍රේමරත්න මහතා නිෂ්පාදනය කරමින් නිර්මාණය කළ මංගල තෑග්ග චිත්‍රපටය යුගයේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත් වුණා. මිතුරන්  හතර දෙනෙකුගේ මිත්‍රත්වය,  කෙළිලොල් දඟකාර තාරුණ්‍ය නිසාම ඔවුන් සාමාන්‍ය පවුල් ජීවිතයට ඔරොත්තු  නොදෙන  හැටි කියැවෙන කතාවක් තමයි ඉන් කියවෙන්නේ. ‘මංගල තෑග්ග’  නරඹපු   බොහෝ දෙනා දන්නවා තමන් ඒ තුළින් කොතරම් කුතුහලාත්මක  රසයක් ලබා ගත්තාද කියලා. 
 
‘මංගල තෑග්ග’ චිත්‍රපටය දෙවැනි කොටසක් ඔබ නිර්මාණය කරන්නේ ඇයි?
 මම 2004දී   සුමිත්‍රා පීරිස් මහත්මියත් සමග ‘සක්මන් මළුව’ කියන චිත්‍රපටය  වෙනුවෙන් ජාත්‍යන්තර චිත්‍රපට 
උළෙලකට සහභාගි වුණා. එහිදී අපි වසර කිහිපයක් පැරණි හින්දි චිත්‍රපටයක් නැවත අලුත් යුගයේ නළු නිළියන් යොදාගෙන නැවත නිර්මාණය කර තිබුණු අයුරු නැරඹුවා. එය දුටුවාම මට හිතුණා අපිට ඇයි බැරි අපේ සිනමාවටත් මේ වගේ මතක ආවර්ජනයක් ලබා දෙන්න කියලා. මම ඇවිත්  මේ ගැන එච්.ඩී. ප්‍රේමරත්න මහතාට කතා කළා. කොහොම නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ වියෝවත් සමගම මෙහි දෙවැනි කොටස නිර්මාණයවීමත් යටපත් වුණා. පස්සේ කොහොම හරි මංගල තෑග්ගේ ප්‍රධාන චරිත නිරූපණය කළ රවින්ද්‍ර රන්දෙණිය,  ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න  කියන රංගන ශිල්පීන් එක්ක කතා කරලා තමයි මංගල තෑග්ගේ දෙවැනි ගමන නිර්මාණයට මුල පිරුවේ.
 
මංගල තෑග්ගේ දෙවැනි ගමනේ කතා තේමාව මොන වගේද?
මගේ විවාහය, අභිසරුලිය මිය ගිය බවට අනුමාන කිරීම හා මිතුරන්  කැලඹීමට පත්වීමත් සමගම මංගල තෑග්ග අවසන් වෙනවා.  අභිසරුලිය මියයන බවට  අනුමාන කළත් ඇය නැවතත්  ගිලන් රථයේදී ප්‍රකෘතිමත් වීම, මිතුරන් හතර දෙනාගේ මුණ ගැස්ම  ඛිෙදවාචකයකට ලක් වූ කාන්තාවගේ මුණ ගැසීමත්  එක්කයි මංගල තෑග්ගේ දෙවැනි ගමනේ කතා තේමාව ගොඩ නැගෙන්නේ. 
 
‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’  සඳහා  ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ  රඟපෑ ශිල්පීන්ද දායක කර ගත්තාද?
 සිරිල් වික්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය, ජයලත් මනෝරත්න, මැණිකේ අත්තනායක, රමණි සිරිවර්ධන වැනි එදා මුල් චිත්‍රපටියේ රඟපෑ ‍‍‍ජ්‍යෙෂ්ඨ  රංගන ශිල්පීන් වන ක්ලීටස් මෙන්ඩිස්, නිමල් ඇත්තනී, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,  විල්සන් කරු, ජයලාල් රෝහණ ආදී ප්‍රකට චරිතාංග නලු නිළියන් සහ අයිශාරා අතුකෝරාළ, නිලක්ෂි, කවිඳු, හර්ෂණ ආදී නව පරපුරේ දක්ෂ නළු නිළියන් රැසක්ද  මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. 
 
මංගල තෑග්ගේ දෙවන කොටස මොබයිල් ටෙලි නිර්මාණයක් ලෙස එළි දකින්නේ ඇයි?
මෙය මොබයිල් ටෙලි නිර්මාණයක්  නිසාම ඕනෑම තැනක, ඕනෑම මොහොතක තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් හෝ ටැබ් එකෙන් පහසුවෙන් නරඹන්න පුළුවන්. මේ නිර්මාණය ලංකාවේ සිනමාව හෝ ටෙලි නාට්‍ය තාක්ෂණය වෙනත් තලයකට රැගෙන  යාමට ගත් විශාලතම ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්. 
 
සමන්මලී  නැලිගම
IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 190

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3492

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2132

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3823

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6398

Please publish modules in offcanvas position.