Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අසීමිත කාය ශක්තියෙන් වීරකම් කළ යෝධයන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ කියන්න යන්නෙත් ඒ විදියේ අපේ කාලයේ යෝධයෙක් ගැනයි. පහුගියදා ඔහු තමන්ගේ හතරවැනි ලෝක වාර්තාව තැබුවා. ඔහු ජනක කංචන මුදන්නායක “හඟුරන්කෙත යෝධයා” නමින් ප්‍රචලිත වෙලා ලෝක වාර්තා 7ක් තැබූ ගාමිණී වසන්තගේ වැඩිමල් පුත්‍රයා වන ජනක ස්වර්ණවාහිනියේ “ටැලන්ට් ශ්‍රී ලංකා” තරගයෙන් හඳුනන චරිතයක් බවට පත් වුණා. මේ දවස්වල ඔහු ස්වාධීන රූපවාහිනියේ "youth with talant" තරගයට එකතු වෙලා ඉන්නවා. පළමු වටයේදී සුවිශේෂ දස්කම් පෙන්වූ හින්දා ජනකට කෙළින්ම අවසන් මහ තරගයට විශේෂ අවස්ථාවක් හිමි වුණා. 
 
ජනකගේ හතරවැනි වාර්තාව ගැන අපි ඉස්සෙල්ලාම  කතා කරමු? 
පහුගිය දෙසැම්බර් 29 වැනිදා පෙරවරු 10ට ශ්‍රී ලංකා වරාය අධිකාරි මහ‍පොළ අභ්‍යාස ආයතනයේදී මම මගේ හතරවැනි ලෝක වාර්තාව පිහිටෙවුවා. මම 50kg බර පිටි මුට්ට 17ක් විනාඩි 28යි තත්පර 53 දශම 5.7ක් තුළ මීටර් 30ක් දුර දත්වලින් රැගෙන ගිහින් තමයි මේ වාර්තාව පිහිටෙව්වේ. එය නව ලෝක වාර්තාවක් විදියටයි ගිනස් ‍පොතට ඇතුළු වන්නේ. 
 
කලින් පිහිටවපු වාර්තා ගැනත් කතා කළොත්? 
මම මුලින්ම ලෝක වාර්තාවක් පිහිටෙවුවේ වයස 16දී ටොන් 9.30 බර කෝච්චියක් පැය 1යි 1/4ක් තුළ ඇඟිලිවලින් තල්ලු කරලයි එම වාර්තාව තැබුවේ. ජපන් ජාතික කදෝ ජොසිංමාරි ඉන් පෙර පැයක් තුළ කෝච්චියක් ඇඟිලිවලින් තල්ලු කරලා තැබූ වාර්තාවයි මම එදා බිඳ දැමුවේ. ඒ 1998දී. 2012දී මම දෙවැනි වාර්තාව තැබුවා. එතැනදි මම ටොන් 1  1/2ක් බර L 300 වර්ගයේ වෑන් රථ 32ක් දකුණු අතේ ඇඟිලි උඩින් ගමන් කෙරෙව්වා.  විනාඩියක් තුළ මිලි මීටර් 12ක් ඝණකම් කම්බි 18ක් දත්වලින් නමලා රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් මොරොම්පති තැබු වාර්තාව බිඳ දමලා 2016දී තුන්වැනි වාර්තාව තැබුවා. 
 
ලෝක වාර්තාවක් තබන්න ගිය තවත් අවස්ථාවක් මෑතකදී  ගිලිහිලා ගියා නේද? 
ඔව්. ඒ 2016දී ඇමෙරිකානු ජාතික ටොම් ඕවන්ගේ වාර්තාවක් බිඳින්නයි මම ඒ අවස්ථාවේ උත්සාහ කළේ. පපුවෙ ලෑල්ලක් තියලා ඒ මතින් මෝටර් රථ 9ක් යවන එක තමයි ඒ වාර්තාව. ඒත් 4 වැනි වාහනය පපුව උඩදී නතර වුණා. ඒක මගෙ වරදක් ‍නෙවෙයි. රියැදුරුගේ වරදක් හා කාර්මික දෝෂයක්. මම නැවත එය කරන්න හැදුවත් වෛද්‍යවරු ඊට ඉඩ දුන්නේ නැහැ. හැබැයි මම ඉදිරියේදී කොහොම හරි ඒ වාර්තාව තබනවා. 
 
ඒ කියන්නේ ඔබ ඉදිරියේදීත් තව ලෝක වාර්තා තියන්නයි සූදානමින් ඉන්නේ? 
ඔව්. තවත් වාර්තා 17ක් සැලසුම් කරගෙන ඉන්නවා. "youth with talant" අවසන් මහ තරගය වෙනුවෙන් ඉන් එක වාර්තාවක් තබනවා.
 
ජනකගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කතා කළොත්? 
මගේ ගම හඟුරන්කෙත. පල්‍ලේබෝවල මහ විදුහල හා ‍පොරමඩුල්ල මධ්‍ය මහා විදුහලින් තමයි අධ්‍යාපනය ලැබුවේ. දැනට මම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාව කරනවා. මගේ බිරිඳ කෝකිලා ජයසුන්දර. මගේ පුතා නෙතූල් නෙත්මිණ මුදන්නායක. 
 
මේ අසීමිත ජවය හා ශක්තිය යොදාගෙන ගැටවර වයසකදී චණ්ඩිකම් එහෙමත් කරලා තියෙනවලු නේද? 
ඒ වගේ අවස්ථා නම් ගොඩක් තියෙනවා. පාසල් යන කා‍ලේ දවසක් අපි යාළුවෝ මිතුරෙකුගේ ගෙදර ගියා. ඒ පළාතේ ඉන්නවා හීලෑ නැති හරකෙක්.  මට ඒ හරකා පෙන්නලා පුළුවන් නම් මෙල්ල කරන්න කියලා යාළුවෝ කිව්වා. මම ළඟට යද්දී හරකා කුලප්පු වෙලා මට අනින්න ආවා. මම ඌට පහර දුන්නා. පහර කාගෙන හරකා බිම වැටුණා. මගෙ දකුණතේ ඇඟිල්ලක අස්ථියක් බිඳුනා. අදටත් මගේ දකුණු අතේ වෙදැඟිල්‍ලේ අස්ථිය නැහැ. 
 
කතා බහ නිම කරන්න කලින් ජනකට තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා නේද? 
ඔව්. මම විදියට පෙනී සිටිමින් පුද්ගලයෙක් බස්වල මුදල් එකතු කරනවා කියලා ආරංචියි. මගේ ආහාරවලට පවා අනුග්‍රාහකයන් ඉන්නවා. මට බස්වල සල්ලි එකතු කරලා ලෝක වාර්තා තියන්න අවශ්‍ය නැහැ. මේ පුද්ගලයා ගැන ආරංචියක් ලැබුණොත් ‍පොලීසියට දන්වන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. 
 
ආරියවංශ කුලතිලක

හා හා පුරා රිද්ම කතාබහට එකතු වන මේ මොහොතේ අනුත්තර විදියට අපිට හමුවන සචිරගේ තොරතුරු ටිකක් කියන්න ?
මගේ ගම නුවර, කටුගස්තොට. මම ඉපදුනේ 1998 අගොස්තු 17 වැනිදා. මම ඉගෙන ගත්තේ මහනුවර, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ.
 
දැන් පාසල් අධ්‍යාපනය නිමා කරලද ඉන්නේ ? 
2017 උසස් පෙළ විභාගයට පෙනී සිටියා. වාණිජ අංශයෙන් තමයි විභාගය කළේ. දැන් ඉන්නේ මාලබේ අයියලගේ ගෙදර.  Audit firm එකක රැකියාවක් කරනවා. තවම ප්‍රතිඵල ආවේ නැහැනේ. කැම්පස් යන්න තමයි හීන මවන්නේ.
 
එතකොට නළුවෙක් වෙන්න හීනයක් හිතේ තිබුණේ නැද්ද? 
පුංචිම කා‍ලේ නම් පාස‍ලේ විවිධ ප්‍රසංගවල රඟපාලා තිබුණා. ඒත් ඉස්කෝ‍ලේ ලොකු පන්තිවලට එනකොට පාසල් වේදිකා නාට්‍යයකවත් රඟපාලා තිබුණේ නැහැ.
 
එතකොට ඒලෙවල් චිත්‍රපටයේ අනුත්තර වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද? 
රොහාන් පෙරේරා සර් චිත්‍රපටයට නළු නිළියන් හොයන්න අපේ ඉස්කෝලෙට ආවා. අපේ ඉස්කෝ‍ලේ නාට්‍ය හා රංගකලා ටීචර් එදා උදේ ඇවිත් අපිට කිව්වා ඉස්කෝ‍ලේ ඇරිලා ඉන්න. චිත්‍රපටයකට නළු නිළියන් තෝරන්න එනවා කියලා. ඒත් දවල් වෙද්දී අපිට ඒක අමතකයි. මමයි මිතුරෝ දෙන්නෙකුයි වෙන වැඩකට එළියට ගියා. ආයෙම ඉස්කෝලෙට එද්දී රොහාන් සර් ඇවිත් කට්ටියව ඉන්ටර්විව් කරනවා. මාත් එතැනට ගියා. මාව දැකලා රොහාන් සර් මට කතා කළා. 
 
ඒ වෙලාවෙම සචිරව අනුත්තරගේ චරිතයට තෝරා ගත්තද? 
මගෙන් සාමාන්‍ය තොරතුරු, පවු‍ලේ තොරතුරු ගොඩක් ඇහුවා. ඊට පස්සේ කිව්වා චිත්‍රපටයට නළු නිළියෝ තෝරා ගන්න ඉන්ටව්වි කරන්න ඉස්කෝලෙට ආව සිදුවීම තාත්තට කියන විදියට කියන්න කියලා. දුකක් දැනුණම, තරහක් දැනුණම මූණේ ඉරියව් පෙන්නන්නත් කිව්වා. ඊට පස්සේ නම්බර් එක ඉල්ලා ගත්තා. පස්සේ තමයි කෝල් කරලා කිව්වේ මාව චිත්‍රපටයට තෝරා ගත්තා කියලා. හැබැයි මාව තෝරාගෙන තියෙන්නේ ප්‍රධාන චරිතයකට කියලා දැනගත්තේ පස්සේ. 
 
පාසල් යන අතරේ ප්‍රේමවන්තයෙකුගේ චරිතයක් රඟපාන්න වුණාට පාසලෙන් ගෙදරින් තහංචි ආවේ නැද්ද?
පෙම් චරිතයක් වුණාට ඒකේ ලොකුවට ප්‍රේම ජවනිකා තිබුණේ නැහැ. මූණෙන් ඉරියව් මතුකරන කතා කර කර ඉන්න ජවනිකා තමයි තිබුණේ. ඒ හින්දා ගැටලුවක් වුණේ නැහැ. ඒත් රඟපාන්න ගියාම මුලදී ඒ වගේ ජවනිකා රඟපාන කොට ‍පොඩි ලැජ්ජා ගතියක් දැනුණා. ඒත් පස්සේ ටිකෙන් ටික හරි ගියා. 
 
ඒලෙවල් එක්ක යාළුවෝ ගොඩක් මුණගැසුනලු නේද?
ඔව්, අපි කට්ටියම එක වයසේ අය. හැමෝගෙම පළමු රඟපෑම. කට්ටියම හොඳ යාළුවෝ වුණා. අදටත් ඒ යාළුකම තියෙනවා. 
 
පාසල් අවධියේදීම චිත්‍රපටයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. දැන් ඔබ ජනප්‍රිය නළුවෙක්. මේ ජනප්‍රියත්වයත් එක්කම දිගටම නළුකමේ රැඳිලා ඉන්නද කල්පනාව.
ඔව්, තවත් චිත්‍රපටයකට ආරාධනාවක් නම් ලැබුණා. ඒත් ඒ ගැන වැඩිවිස්තර දන්නේ නැහැ. අධ්‍යාපනය දියුණු කරගෙන පරිපාලන සේවයේ රැකියාවක් කරන්න තමයි මම ගොඩක් කැමති. ඒ අතරේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණා. රොහාන් සර්ගෙනුත් අහලා රඟපාන්න යනවා. 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4695

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3356

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4826

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6271

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3837

Please publish modules in offcanvas position.

X

Right Click

No right click