Coss Ear2
lakbima.lk
COSS Ear 1

සංඛ දිනෙත් අලුත් වැඩක් කරලා.  ඒ තමයි ඔහු ඉන්දියානු ගායකයෙක් එක්ක එකතු වෙලා සිංහල හා හින්දි ගීත කණ්ඩ එකතු කරලා අලුත් ගීතයක්  කරපු එක. ඉදිරියේදී මේ ඉන්දීය ගායකයා සමග අපේ ශිල්පීනුත් එකතු කරගෙන දැවැන්ත ප්‍රසංගයක් කරන්නත් සංඛ සූදානම් වෙනවා. 
 
මොකක්ද සංඛ කරපු මේ අලුත් වැඩේ? 
ජනප්‍රිය ගායක උදිත් නාරායන්ගේ පුතා ආදිත්‍ය නාරායන් එක්ක මම ගීතයක් කළා. හින්දි ගීත ඛණ්ඩ වගේම සිංහල ගීතවල  ඛණ්ඩත් එකතු කරලයි මේ ගීතය කළේ. 
 
ආදිත්‍ය සිංහල ගීත ඛණ්ඩ ගායනයට එකතු වුණාද? 
ඔව්. ගීතය අහපු හැමෝම පුදුම වුණා. ආදිත්‍ය සිංහල උච්චාරණය කරන විදිය දැක්කාම.
 
කොහොමද මේ අවස්ථාව සංඛට ලැබුණේ? 
සෝනු නිගම් තමයි ආදිත්‍යට මං ගැන කියලා තියෙන්නේ. පවත්වන්නට නියමිත ප්‍රසංගයක මාධ්‍ය හමුවට පහුගිය දා ඔහු ලංකාවට ආවා. ඒ අවස්ථාවේ තමයි මේ නිර්මාණය කළේ. 
 
ඒ ගීතය රසිකයන්ට අහන්න ලැබෙනවාද? 
ඔව්. මේ වන විට එය ගුවන් විදුලි නාලිකාවලට භාරදීලා තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාලයේ ටියුබ් හරහාත් එය අසන්නට පුළුවන්. 
 
ආදිත්‍ය හා ඔබ එකතු වෙලා ප්‍රසංගයක් කරන්නද හදන්නේ? 
ආදිත්‍ය නාරායන් ලයිව් ඉන් ශ්‍රී ලංකා නමින් ප්‍රසංගයක් ඉදිරියේදී ඔහු විසින් කරනවා. මේ ප්‍රසංගයට මමයි, උමාරියා, සනුක, දුෂ්‍යන්ත් වීරමන්, පියත් රාජපක්ෂ, භාතිය-සන්තුෂ් ගී ගයනවා. 
 
ආරියවංශ කුලතිලක

පුතා සංගීත ක්‍ෂේත්‍රයට යොමු කිරීමේ අදහස අසංකට මුල ඉඳලම තිබුණු එකක්ද? 
මගේ දරුවන් තිදෙනාම සංගීතයට දක්ෂයි. ඒ අය සංගීතයට යොමු වනවා නම් හොඳයි කියන අදහස මා තුළ තිබුණා. ලොකු දුව දැන් රැකියාවක් කරනවා. බාල පුතා තවම ඉගෙන ගන්නවා. දෙවැනියා (අසන්ත ප්‍රියාල්) දැන් උසස් පෙළ කරලා අවසන්. අනික ඔහු පුංචි කා‍ලේ ඉඳන්ම කලාවට කැමතියි. අනෙක් දෙදෙනාට වඩා ගායන කුසලතාවයක් අසන්තට තියෙනවා. ඒ හින්දයි මට හිතුණේ ඔහුව සංගීතයට යොමු කරන්න. 
 
ගායක පුතුන් සංගීතයට එන්නේ තාත්තලාගේ ගීත ගායනා කරලා. ඔබේ පුතාත් එහෙමද?
මම දරුවන්ට කියලා තිබුණේ කවද හරි සංගීතයට එනවා නම් ඒ අයගේම අනන්‍යයතාවකින් එන්න කියලා. මගේ ගීත මම ගායනා කරලා ඉවරයි. අලුත් කෙනෙකුගෙන් අවශ්‍ය වන්නේ අලුත් ගීත. 
 
එතකොට ඔබේ පුතා ඔබ කී දේ කළා ? 
ඔව්, එයා අලුත් ගීත තුනක් ගායනා කරනවා. එකක් මව් ගුණ ගීතයක්. “මෙත් බෝසත් බුදුගුණ” නමැති ඒ ගීතය සුසිරි ප්‍රේමතිලක රචනා කරලා මම සංගීතවත් කළ ගීතයක්. ශාන්ත ජයලත් තිසේරා රචනා කොට සංගීතවත් කළ “ඔබ යන්න ගියා” ගීතය හා තිසර බණ්ඩාර ලියා මහින්ද බණ්ඩාර සංගීතවත් කළ “ලය සිහින විලක්” නමැති ගීත දෙක තමයි අනෙක් ගීත දෙක. මේ ගීත තුනම පටිගත කර අවසන්. ළඟදීම ඒ ගීත තුන සහ මා ගැයූ අලුත් ගීත තුනත් එළි දක්වන්නට බලා‍පොරොත්තු වනවා. 
 
පුතා සංගීතය තුළින් ඉදිරියටම යන එකද අසංකගේ හීනය? 
පුතා උසස් අධ්‍යාපනය ලබලා ඒ තුළින් ජීවිතය ගොඩ නගා ගැනීමත් හොඳ ගීත ගායනා කරලා නමක් දිනා ගැනීමත් දකින එකයි මගේ හීනය. 
 
ආරියවංශ කුලතිලක

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1224

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 699

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4085

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2349

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4379

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5532

Please publish modules in offcanvas position.