Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

'කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහි සටනක් ගැනයි

'කෝටිපතියෝ' කියන නමින්, හාර කෝටියේ දෙවන කොටසක් නිර්මාණය කරන්නට තීරණය කළේ ඇයි කියලා මුලින්ම කිව්වොත්?
'හාරකෝටිය' බොහෝ දෙනා අතරේ ගොඩාක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වුණා. ඉතින් මා ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට හිතුණා, හාරකෝටියේ චරිත යොදා ගෙන තවත් තේමාවක නාට්‍යයක් කරන්න. හාරකෝටියට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හින්දම තමයි අපි කෝටිපතියෝ' කරන්න තීරණය කළේ. හැබැයි කෝටිපතියෝ කියන්නේ අපි කලින්ම සැලසුම් කළ ටෙලි නාට්‍යයක්.
 
එතකොට හාරකෝටියේ දෙවන කොටස 'හාරකෝටිය' දෙක විදිහට නම් නොකර, කෝටිපතියෝ කියන නම යොදන්න විශේෂ හේතුවක් තිබුණාද?
'හාරකෝටිය' කියන නම දැන් මේ වෙනකොටත් බොහෝ දෙනා වැළඳගෙන ඉවරයි. ඉතින් අපට හිතුණා ඒ වගේම ගැළපෙන තවත් අලුත් නමක් නාට්‍යයට යොදන්න. ඒ නිසාම එහි කතා තේමාවත් අදාළ කරගෙනම මේ ටෙලි නාට්‍යයට කෝටිපතියෝ කියන නම යොදා ගත්තා. 
 
හාරකෝටිය වගේම කෝටි හතරක් පසුපස ලුහුබඳින තරුණයන්ගේ කතාවක්ද කෝටිපතියෝ තුළිනුත් දිග හැරෙන්නේ? 
හාරකෝටියේදී අපි කතා කළේ කෝටි හතරක් පසුපස යන තරුණ ජීවිතවල නොයෙකුත් හැල හැප්පීම් ගැනයි. ඒත් කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහිව දියත් කරන සටනක් ගැනයි. 
 
කෝටිපතියෝ කියන්නෙත් දීර්ඝ ටෙලි නාට්‍යයක්ද? 
නැහැ, අපේ කෝටිපතියොත් කොටස් දෙසීයකින් අවසන් කරනවා. තව තිබුණොත් හොඳයි කියන තැනකින් නාට්‍යයක් ඉවර කරන එක ප්‍රේක්ෂකයා පවා අපේක්ෂා කරන දෙයක්. 
 
 
මගේ හැම ටෙලි නාට්‍යයකින්ම ආධුනික නළුවෙකුට හෝ නිළියකට අවස්ථාවක් ලබා දෙනවා 
 
ජය ප්‍රකාශ් සිවගුරුනාදන් 
 
හාරකෝටියේ හිටපු නළු නිළියන්මද කෝටිපතියෝ ටෙලි නාට්‍යයෙත් රඟපාන්නේ?
නැහැ, හාරකෝටියේ හිටපු සියලුම රංගන ශිල්පීන් කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ නැහැ. සාරංග දිසාසේකර, රුවන් පෙරේරා. ඒ වගේම රොහාන් විජේතුංග ඇතුළු හාරකෝටියේ රඟපෑ චරිත කිහිපයක් කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ ඉන්නවා. රොෂාන් පිලපිටිය, සංකේත් වික්‍රමගේ ඒ වගේම අපි හඳුන්වලා දෙන කුෂිනි ප්‍රනාන්දු කියන අලුත් නළු නිළියෝ කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ රඟපානවා.
 
හාරකෝටිය, කෝටිපතියෝ මේ වගේ ඔබ නිර්මාණය කරන බොහෝ නාට්‍යවල ආධුනික රංගන ශිල්පීන්ගේ මුහුණු දකින්න ලැබෙනවා. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද? 
රංගනයට කැමැති බොහෝ ආධුනික අය මගෙන් රඟපාන්න අවස්ථාවන් ඉල්ලනවා. ඒ නිසයි ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ආධුනික නළුවෙකුට හෝ නිළියකට අවස්ථාවක් ලබා දෙන්නේ.
 
අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ එක දිගට සද්ධාගේ පිටපත්  තෝරාගන්න විශේෂ හේතුවක් තිබෙනවාද? 
සිවා-සද්ධා කරපු හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඉතින් කෝටිපතියොත් ප්‍රේක්ෂකයන් අතරට යාවි කියලා මම හිතනවා. මාත් එක්ක වැඩකරපු හැම තිරපිටපත් රචකයෙක්ම හොඳින් වැඩකරලා තියෙනවා. ඒ අතින් සිවා - සද්ධා සංයෝගය  විශේෂයි කියලා මට හිතෙනවා.
 
සමන්මලී නැලිගම
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2267

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2309

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3828

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4359

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5197

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click