Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඒ ලෙවල් පංතියට ළමයි හොයන්න මාස 4ක් රට වටේ ගියා

“අපි හැමෝම අපි වෙනුවෙන් යමක් කරන්න කැමැතියි. මේ චිත්‍රපටයත් මම, මම වෙනුවෙන් යමක් කරන්න ඕනාකමට කළ නිර්මාණයක්.”
නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන රොහාන් පෙරේරා ඒ විදියට කියමින් අපිත් එක්ක කතා බහට එකතු වුණේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය ගැන තොරතුරු විමසන්න කතා කළ අවස්ථාවේදීයි. හීන හොයන සමනල්ලු චිත්‍රපටය නිර්මාණය කරලා ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් රොහාන්ගේ නවතම සිනමා පටය තමයි ඒ ලෙවල් එම්. එන්ටර්ටේන්ට්මන්ට් නිෂ්පාදනය කළ, රොහාන් කතාව, දෙබස් තිර නාටකය ලියලා අධ්‍යක්ෂණය කළ ඒ ලෙවල් දෙසැම්බර්  18 වැනිදා පටන් 'ඊ.ඒ.පී' මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වනවා. උසස් පෙළ පංතියේ ගැටවර තාරුණ්‍යය ඉතාමත් සුන්දර විදියට මතුකරන ඒ තුළින් බොහොම සංවේදී ප්‍රේම කතාවක් අරගෙන මේ කතාව තුළ ඊට සමගාමීව තවත් කතාවක් ගලාගෙන යනවා. ඒ කතාවෙන් කියැවෙන්නේ සමාජය තුළ පවතින ගැඹුරු සමාජ ප්‍රශ්නයක්. විවෘත සමාජයෙන් වසන්වෙලා සිදුවන ළමා අපයෝජනය ගැන මේ තුළින් කියැවෙනවා. රොහාන් ඒ ගැඹුරු සමාජ ප්‍රශ්නය පවු‍ලේ හැමෝටම නරඹන්න පුළුවන් විදියට හරිම සංයමයෙන් යුතුව ඉදිරිපත් කරන්නේ හරිම අපූරුවටයි. 
''රොහාන් කිව්වා... මේක තමන්ටම කරගත්තු නිර්මාණයක් කියලා. ඒ කතාව තුළ මොකක්දෝ රහසක් හැංගිලා තියෙනවා වගේ?''
අපි එහෙම විමසුවාම රොහාන් හිනාවෙලා ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කළා.
මට ආයෙම ඉස්කෝ‍ලේ යන්න ලැබුණොත් මම යන්නේ ඒ ලෙවල් පංතියට. මේ කතාවේ තියෙන ගොඩක් දේවල් මම, මගේ මිතුරෝ, මම දන්නා අය විඳපු දේවල්.
මේ කතාවේ චරිත අතර රොහාන්ගේ චරිතයත් තියෙනවද? අපි රොහාන්ට තවත් පැනයක් යොමු කළා. 
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ.. රොහාන් දුන්නේ එවැනි පිළිතුරක්. 
චිත්‍රපටයක් නිර්මාණය කරද්දී හැම අධ්‍යක්ෂවරයෙක්ම බලන්නේ දිදුලන තරු, ප්‍රතිභාපූර්ණ නළු නිළියෝ, තමන්ගේ නිර්මාණයට එකතු කරගන්න, නිර්මාණය සාර්ථක කරගන්න. චිත්‍රපටය දුවන්න ඒක ලොකු අත්වැලක් වෙනවා. ඒත් රොහාන් ඒ ලෙවල් තුළින් ලොකු අභියෝගයන්ට මුහුණ දෙනවා. චිත්‍රපටයේ උප ප්‍රධාන චරිත හා අතුරු චරිත සඳහා අපි දැක පුරුදු මුහුණු තිබුණට ප්‍රධාන චරිත සියල්ලම රඟපාන්නේ කවදාවත් අපි නුදුටු අලුත්ම පිරිසක්.
මට අවශ්‍ය වුණේ සුදුසුම අයව තෝරා ගන්නයි. චිත්‍රපටයට උසස් පෙළ සිසු සිසුවියන්ම යොදා ගන්න මම රටපුරා ඉස්කෝලවලට ගියා. නළු නිළියෝ හොයන්න මාස 4ක් ගියා. ප්‍රධාන චරිත රඟපාන අය අතර එක්කෙනෙක් නුවර, තව එක්කෙනෙක් කොළඹ, තව කෙනෙක් අනුරාධපුරේ. මේ විදියට රට පුරාම ළමයි එකට එකතු කරලා ඒ ඒ අයව පුහුණු කරලා රූගත කිරීම කරන එක අසීරු වුණා. හැබැයි චිත්‍රපටය බලද්දී මා ගත්තු තීරණය සියයට සියයක් නිවැරදි බව දැනුණා.
නව යෞවනයන් පිරිසක් එකට එකතු වුණාම මැවෙන සොඳුරු සමනළ ලෝකය චිත්‍රපටයේ වගේම කැමරාවෙන් පිටත් ඒ විදියටම තිබුණලු. ඒ ලෙවල්  චිත්‍රපටයත් එක්ක මේ පිරිස අද හොඳම යාළුවෝ වුණාලු. එකට එකතු වෙලා එක එක පළාත්වල ඉන්න යාළුවන්ගේ ගෙවල්වලට පවා යන එන තරමට මේ අයගේ මිතුදම තවමත් ඒ විදියටම පවතින බවත් රොහාන් අප සමග පැවැසුවා.
 
ආරියවංශ කුලතිලක
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 163

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 194

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 298

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 445

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7062

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4633

Please publish modules in offcanvas position.

X

Right Click

No right click