Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“පහ සමත්” චිත්‍රපටයෙන් ලංකාවෙන්ම 1 වුණාට ශිෂ්‍යත්වය ලකුණු 2ක් මදි වුණා

පහ සමත් තුළින් ලංකාවේම පළමුවැනියා විදියට ඔබට ශිෂ්‍යත්වය සමත්වෙන්න ලැබුණා නේද? 
සැබෑ ජීවිතේදී නම් මට ශිෂ්‍යත්වය සමත් වෙන්න ලකුණු දෙකක් මදි වුණා. ඒත් 5 සමත් චිත්‍රපටයෙන් නම් මට ඒ අවස්ථාව ලැබුණා. ඒකත් ලංකාවෙන්් පළමු වැනියා විදියට. ඒක නම් හරි පුදුම අවස්ථාවක්් තමයි ඒ. 
 
අමිරුට කොහොමද මේ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව උදා වුණේ? 
ඒක හරි පුදුමාකාර සිදුවීමක්. මම දවසක් ගෙදර බෝල ගහමින් හිටියා.  මගේ බෝ‍ලේ ඔය වෙලාවේ ගිහින් 5 සමත් චිත්‍රපටයේ පිටපත් රචක රසික සුරවීරආරච්චි මාමාගේ වාහනේ වැදුණා. මම බය වෙච්ච පාරට ගෙදර දුවලා තමයි නතර වුණේ. මාව දැකපු රසික මාමා මට සම්මුඛ පරීක්ෂණයට  එන්න කිව්වා.  සම්මුඛ පරීක්ෂණයෙන් තමයි අමිරුගේ චරිතය රඟපාන්න මාව තෝරාගත්තේ.
 
මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම මොකද හිතුනේ? 
හිත ඇතුළේ නම් පුංචි බයක් තිබුණා. ඒත් මම ඉස්සර ඉඳන් රඟපාන්න ආසයි. “සිරිපැරකුම් චිත්‍රපටය බලපු දවසක ඉඳන් තමයි ඒ ආසාව හිතට දැනුනේ. මම හිතුවේ නැහැ මටත් රඟපාන්න ලැබෙයි කියලා. “පහ සමත්” චිත්‍රපටයෙන් ඒ අවස්ථාව ලැබුණම ලොකු සතුටකින් තමයි රඟපාන්න ගියේ. 
 
අමිරු ජීවත්වෙන්නේ නගරබදව, ඒත් චිත්‍රපටයේ හැටියට සමත් ජීවත් වුණේ තරමක් දුෂ්කර පළාතක. ඉතින් කිතුල්ගල රූගත කිරීම් කරනකොට ඒක අභියෝගයක් වුණේ නැද්ද? 
කිතුල්ගලදී ‘හෝහපුටුවෝ’ කියන සත්තු ජාතියක් මාව කාලා මට ඉස්පිරිතාලෙත් ඉන්න සිදුවුණා. එතකොට පැය දෙක හමාරක විතර “කඳු නඟින එකත් ගොඩක් අමාරු වුණා. ඒත් සිවගුරුනාදන් සර්, මගේ දෙමව්පියන්ට රඟපාපු උද්දික මාමා දිල්හානි නැන්දා ඇතුළු “5 සමත්” චිත්‍රපටයේ සියලුම දෙනාගෙන් මට පුදුම විදිහේ සහයෝගයක් ලැබුණා. එතකොට කිතුල්ගල ගමේ මාමලා නැන්දලා අපිට පුදුම විදිහට උදව් කළා. ඒ සියලු අභියෝග මැද අද මං “5 සමත්” වෙලා  මුලු රටම ආදරේ කරන ළමා තරුවක් වුණා. 
 
පළවෙනි චිත්‍රපටයෙන්ම මෙතරම් හොඳ ප්‍රතිචාර ලැබෙන කොට අමිරුගේ අනාගත බලා‍පොරොත්තුවත් ලොකු වුණාම අපේ රටේ දක්ෂ නළුවෙක් වෙන එකද? 
මට මේ තරම් හොඳට රඟපාන්න පුරුදු කළේ මගේ පාසල වන මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල. මම පාස‍ලේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. ඒත් මගේ ලොකුම හීනය වෛද්‍යවරයෙක් වෙන එකයිි. එහෙම කියලා මම රඟපාන එක නතර කරන්නේ නැහැ. “පහ සමත්” චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මට ලැබෙන ප්‍රතිචාර නිසා ඉස්සරහටත් රඟපාන්න මට හරිම ආසයි. 
 
“පහ සමත් චිත්‍රපටයේ  ඔබ රඟපෑවේ ඉවසීම, ධෛර්ය ඉහළින්ම තියෙන දරුවෙකුගේ චරිතයක්. ඔබත් ඒ වගේද? 
ඔව්. සමත්ට පාස‍ලේ යාළුවෝ විවිධ හිංසා කරනවා. ඒ වුණාට “සමත්” ඉවසලා ඉවසලා සියල්ලම දරාගන්නවා. ඒත් මගේ පාස‍ලේ යාළුවෝ මට හරිම ආදරෙයි. අමිරුත් සමත් වගේම ඉවසීම අතින්් සමත් කියලා හැමෝම කියනවා. 
 
අමිරු කෝරලගේ කියන මේ පුංචි නළුවගේ පවු‍ලේ විස්තර දැනගන්නත් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයෝ කැමැති වෙයි? 
මගේ තාත්තා අමිත කෝරලගේ. NDB බැංකුවේ රැකියාව කරන්නේ, අම්මා ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ ගුරුවරියක්. ඇය දිනිති කෝරලගේ. මගේ දෙමවුපියන් දෙන්නා තමයි මගේ රඟපෑම පිටුපස සිටින ලොකුම ශක්තිය.එයාලට මගේ මුල්ම රඟපෑම දැකලා ඇස්වලට කඳුළුත් ආවා. මාව තුරුළු කරගෙන මට සුබ පැතුවා. එතකොට මගේ අයියා අපූර්ව කෝරලගේගෙනුත්  මට විශාල සහයෝගයක් ලැබෙනවා. 
 
සමන්මලී නැලිගම
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click