Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සමන් ලෙනින් අන්තර්ජාතික ඇගයුමට පත්වෙයි

SAMAN
පසුගිය නොවැම්බර් 19 වනදා ඔබට ලැබුණු අන්තර්ජාතික ඇගයුම ගැන කතා කළොත්?
ජපන් රජයෙන් ශ්‍රී ලංකා රජයට ලැබෙන බුන්කා සම්මානය තමයි මට ලැබුණ අන්තර්ජාතික ඇගයුම. බුන්කා කියන්නේ රටක සංස්කෘතියට උර දෙන නිර්මාණකරණයෙහි යෙදෙන කලාකරුවන් අගයමින් ලබාදෙන සම්මානයක්.
ජපන්- ශ්‍රී ලංකා විද්වත් කමිටුවක නියෝජනයෙන් තමා මේ සම්මානය පිරිනැමෙන්නේ 1993 පටන් මෙම සම්මාන ප්‍රදානය සිදු වනවා. විද්වත් කමිටුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කුසුමා කරුණාතිලක වැනි විද්වතුන්.


බුන්කා සඳහා ඉදිරිපත් වීමට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
බුන්කා විද්වත් කමිටුව සම්මානය ලබාදිය යුතු අවස්ථා ගණනාවක් පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඒ අනුව ජන සංගීත පර්යේෂණය හා අන්තර්ජාතික නියෝජනයන් අනුව මං ඊට ඉල්ලුම් කළා. මම මතෛක් කරපු කලා විස්තර පත්‍රිකාවක් එහිදී ඉදිරිපත් කළා. ඒ විස්තර පත්‍රිකාව මටත් වඩා උසයි.

මෙවර බුන්කා සම්මානය ඔබට හිමි වීම ගැන මොකද හිතෙන්නේ?
අපේ රටේ සංස්කෘතියට උර දෙන කලාකරුවකු විදිහට මට මේ ලැබුණු අන්තර්ජාතික ඇගයුම පිළිබඳව මට විශාල ආත්ම තෘප්තියක් දැනෙනවා. ජනසංගීතය අදටත් නොනැසී පවතින බවට මේ සම්මානයත් කදිම උදාහරණයක්.


ඇත්තටම අද අපේ රටේ ජන සංගීිතයට නිසි තැනක් තිබෙනවාද?
ජන සංගීතය කියන්නේ රටක තිබෙන සංස්කෘතියෙහි සංගීතය ඇත්තටම. අපේම කියලා උත්තරීතර වූ ජන සංගීත කලාවක් අපිට තිබෙනවා. නමුත් අවාසනාවකට අපේ ජන සංගීතය ඉස්මතු වෙන්නේ ඉතාමත් හෙමින්. ජන සංගීතය වළපල්ලට ගිය වේලාවේ ඒ තත්ත්වයෙන් ගොඩගන්න කටයුතු කළ ඩබ්ලිව්.පී. මකුලොළුව මහත්මයා, මහාචාර්ය රෝහණ බැද්දගේ, මහතා, සමන් පනාපිටිය මහත්මා වගේ විද්වතුන් මෙහිදී සිහි කරන්න ඕනේ. ඒත් සමහරු අද මෙතරම් වටින ජන සංගීතය නොසලකා හරින්නේ ඇයි කියලා හිතෙනවා.

එතකොට ජන සංගීතයට අද ඉන්න තරුණ පරපුරේ අවධානය හා යොමුවීම ගිලිහී ගිහින් කියන කතාව ඇත්තක්ද?
ඔය කතාව සමහර මාධ්‍යවලින් ගෙනියන බොරු ප්‍රචාරයක් විතරයි. අපි ගමින් ගමට යන පිරිසක් විදිහට අපිට තදින්ම දැනෙනවා ජන සංගීතයට උතුරා යන ස්නේහයක් තිබෙන අති විශාල තරුණ පරපුරක් ජන සංගීතය වටේට ඉන්නවා කියලා. සමහරු ජන ගී අහනකොට කොයි තරම්  අඬනවද? තරුණ පරපුරේ අවධානයක් ජනසංගීතයට නැහැ කියන එකේ විපාකය තියෙන්නේ. අවාසනාවකට මේ පිළිබඳව හරියටම හැදෑරූ විද්වතුන්ගේ හිඟකමක් තිබිම. නමුත් ඇත්ත කතාව තමයි ජන සංගීතයට තරුණ පරපුර ඉතාමත් කැමතියි කියන එක.

එතකොට ජන සංගීතයට ලංකාවේ තිබෙන ඇගයුම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඇගයුමක් තිබෙනවා. අපිට හම්බවෙන රාජ්‍ය තාන්ත්‍රික විද්වතුන්ගෙන් පවා විශාල ඇගයුමක් තියෙනවා. නමුත් ඒ ඇගයුම සමාජයට ගෙන එන්නට මෙතනදී මාධ්‍යයට විශාල කාර්ය භාරයක් තිබෙනවා.

සමන්මලී නැලිගම



IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 202

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 221

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 318

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 471

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7072

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4643

Please publish modules in offcanvas position.

X

Right Click

No right click