Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පරපුර හදලා මාව නැති වුණා

“අද අපේ රටේ සිනමාවේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. බොහොම අමාරුවෙන් චිත්‍රපටයක් හැදුවත් ඔය කියන මාෆියාව නිසා බොහෝ නිර්මාණකරුවන්ට චිත්‍රපටය ප්‍රදර්ශනය කරගැනීමේදී විවිධ අසීරුතාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. සිනමා කර්මාන්තයේ සිද්ධවෙන මේ විදිහේ අකටයුතුකම් නිසා මම නම් විශාල කලකිරීමකිනුයි ඉන්නේ” මෙහෙම කියන්නේ සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ක්ලීටස් මෙන්ඩිස්. සිනමා ක්ෂේත්‍රයේ දශක හතරකට වැඩි කාලයක අත්දැකීම් තිබෙන ඔහු මේ විදිහේ චෝදනාවක් එල්ල කරන්නේ ඇයි කියලා ඔහු සමග කළ මෙම සංවාදය කියවන ඔබටත් වටහාගත හැකි වේවි. 
 
සිනමාව ගැන ඇති වී තිබෙන කලකිරීම නිසාද ඔබ දැන් ටෙලි නාට්‍ය කර්මාන්තය පැත්තට වැඩිපුර යොමුවෙලා ඉන්නේ? 
ඇත්තටම ඒකත් මම සිනමාවෙන් ඈත්වෙන්න එක හේතුවක් තමයි. මට හිතෙනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන එක මට ටිකක් පහසුයි කියලා. මම රඟපාන “මිල්ලෑව වලව්ව“ සහ “චුට්ටේ” කියන ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරි කාලයේදී විකාශය වීමට නියමිතව තිබෙනවා. මේ හේතු නිසා ටෙලි නිර්මාණ එක්ක තමයි දැන් මම වැඩි කාලයක් ගත කරන්නේ. 
 
සිනමාව ගැන ඔය විදිහට කලකිරෙන්න තරම් මොකක්ද ඔබට සිද්ධ වුණු අසාධාරණය? 
එක හේතුවක් තමයි මහන්සි වෙලා කැපවීමෙන් රඟපෑවට ඒවා සඳහා ලැබිය යුතු ගෙවීම් නොලැබිම. මම මුදල් පස්සේ එළවන නළුවෙක් ‍නෙවෙයි. හැබැයි යම්කිසි මුදලක් බලා‍පොරොත්තුවෙන් රඟපාලා ඒක නොලැබෙනවා නම් ප්‍රශ්නයක්නේ. 
 
ඔබ වැනි ප්‍රවීණයන්ටත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කරන එකකුත් නැහැ? 
ඔව්. හැබැයි ඇත්ත කතාව ඒකයි. අපෙන් උදව් අරගෙන චිත්‍රපට හදලා රඟපෑම වෙනුවෙන් ගෙවිය යුතු මුදලවත් නොදී අද කෝටිපතියන් වෙලා ඉන්න නිෂ්පාදකවරු ඕනෑ තරම් ඉන්නවා. 
 
චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන ආකාරය ගැනත් කලකිරිලා ඉන්නේ හා හා පුරා කියලා හදපු චිත්‍රපටයට අත්වූ ඉරණම නිසාද? 
අ‍පොයි ඔව්. කාලයක් තිස්සේ රඟපාලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න තිබුණු ආසාවට තමයි මම “පරපුර” චිත්‍රපටය හැදුවේ. ඒක දුවන විදිහේ චිත්‍රපටයක්. හැබැයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දී වෙනත් චිත්‍රපට නිර්මාණය කරලා තිබුණු ඇතැම් නිර්මාණකරුවෝ සිනමා ශාලාවල කළමනාකරුවොත් එක්ක එකතුවෙලා මගේ චිත්‍රපටයට වෙන්කර තිබූ ප්‍රදර්ශන කාලයේදී හොර රහසේම ඔවුන්ගේ චිත්‍රපටය පෙන්නුවා. 
 
අන්තිමේදී චිත්‍රපටයෙන් ඔබට පාඩු වුණා? 
ඔව්. ඔය කියන මාෆියාව නිසා චිත්‍රපටයෙන් පාඩු වුණා. චිත්‍රපටයේ ඩී.වී.ඩී. ගහලා විකුණලයි අන්තිමේදී ගාණක් හොයා ගත්තේ. 
 
මොන තරම් ගැටලු තිබුණත් ජනතාව ඔබව නළුවෙක් විදිහට හඳුනාගත්තේ සිනමාවෙන් නේද? 
ඒක ඇත්ත. අද වෙනකොට සිනමාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් මම හැමදාමත් ආදරේ කරන්නේ සිනමාවට තමයි. 
 
සිනමාවේදී වැඩිපුරම ඔබට ලැබෙන්නේ දුෂ්ට චරිත? 
ඔව්. මට මතක විදිහට මම චිත්‍රපට 250ක විතර රඟපාලා තිබෙනවා. ඒ අතරින් 150ක විතර මම දුෂ්ට චරිත තමයි රඟපෑවේ. 
 
දුෂ්ට චරිත රඟපාන නළුවෙකු විදිහට ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
දුෂ්ට චරිත රඟපෑම නිසා මුල්කා‍ලේ සැබෑ ජීවිතයේදී මට ගුටි කන්න පවා සිදු වුණු අවස්ථා තිබෙනවා. වීරයාගෙන් හැමදාම ගුටිකන මගේ දිහා ඒ කා‍ලේ කාන්තාවෝ බැලුවේවත් නැහැ. ඒ වගේම සමහරු මට හොඳටම බැණ වැදිලත් තියෙනවා. එත් පසුකාලීනව ඒ ප්‍රතිචාර වෙනස් වෙන්න පටන් ගත්තා. දුෂ්ට චරිත නිසා මට වෛර කරපු මිනිස්සු පස්සේ මට ආදරය කරන්න පටන් ගත්තා.  
 
මෑත කාලයේදී නිර්මාණය වූ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක රඟපෑ විල්සන් කරු ඔබේ සමකාලීනයෙක්, 
දුෂ්ට චරිත සඳහා ප්‍රකට ඔහු ගැන විවිධාකාරයේ විවේචනත් මෙම වීඩියෝව නිසා එල්ල වුණා?
ඒ මියුසික් වීඩියෝව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන මගේත් කිසිම ප්‍රසාදයක් නැහැ. හැබැයි මට හිතෙන විදිහට ඔය වීඩියෝවෙන් රටේ ප්‍රවීණයෙකුට අපහාසයක් වෙන වග කරු අයියා කලින් දැනගෙන ඉන්නෙ නැතුව ඇති. 
 
ඒ වගේ රංගනයක යෙදෙන්න ඔබට ආරාධනාවක් ලැබුණොත්? 
ප්‍රතිපත්තියක් විදිහට මම නම් මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ.
 
නිතරම දුෂ්ට චරිතවලට පණ ‍පොවපු නිසා ඒ වෙනුවෙන් සම්මාන එහෙමත් ඔබට ලැබිලා ඇති? 
අවුරුදු හතළිහකට වැඩිය දුෂ්ට චරිත රඟපාලා තිබුණාට මට කවදාවත් දුෂ්ට චරිතයක් වෙනුවෙන් සම්මානයක් ලැබිලා නැහැ. මම ඒවා බලා‍පොරොත්තු වුණෙත් නැහැ. අදටත් නොඅඩුව ලැබෙන ප්‍රේක්ෂක ආදරය හැමදේටම වඩා මට වටිනවා. 
 
කිෂාන් කනංකෙ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4694

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3356

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4826

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6270

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3837

Please publish modules in offcanvas position.

X

Right Click

No right click