Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ළමා තාරකාව ලෙස ලොකුම සම්මානය ලැබුණා

තාරා ටෙලි නාට්‍යයේ  “තාරා” එහෙමත් නැත්නම් සැබෑ ජීවිතයේ සහේලි සදිත්්මා සතරසිංහ 22 වන සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ළමා තාරකාව ලෙස පසුගියදා කිරුළ පැළඳුවා. ලැබූ කිරුළ නිසා දැනුණු සතුට මේ පුංචි සිඟිත්තිය වගේම ඇගේ මව වන ඉමානි කළුආරච්චි “රිද්ම” සමග බෙදා හදාගත්තේ මේ විදියටයි. 
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ළමා තාරකාව ඔබයි කියලා දැනගත්තම සහේලිට මොකද හිතුණේ ?
මට ගොඩාක් සතුටු හිතුණා. සම්මාන උළෙලට ආරාධනා කළාම අම්මයි තාත්තයි කිව්වා මට කුසලතා සම්මානයක් හරි ඇති කියලා. ඒත් හොඳම ළමා තරුව මමයි කියලා දැනගත්තාම හිතාගන්න බැරිතරම් සතුටක් ඇති වුණා.
 
සහේලිට ‘තාරා’ගේ චරිතය ලැබුණේ කොහොමද කියලා මතක් කරමුද?
මම ශලනි තාරකා අක්කි එක්ක මීට කලින් රඟපාලා තිබුණා. ශලනි අක්කි තමයි ආනන්ද අබේනායක මාමාට මම ගැන කියලා තිබුණේ. චරිතයට තෝරාගන්න ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වාම මම එයින් ඉහළින්ම සමත් වුණා. ඒ විදිහටයි මට තාරා වෙන්න පුළුවන් වුණේ.
 
හොඳම ළමා තරුව කියන සම්මානය ලබාගත් අවස්ථාවේ සහේලි ආචාර කරපු විදිහ හරිම ලස්සනයි කියලා හැමෝම වගේ කිව්වා. විශාල පිරිසක් ඉදිරියේ සම්මාන ලබද්දී එදා බයක් හිතුණේ නැද්ද?
මට චුට්ටක්වත් බය හිතුණේ නැහැ. මොකද මට කලින් සම්මාන උළෙලකදී ‘තාරා’ වෙනුවෙන් කුසලතා සහතිකයක් ලැබුණානේ. එදා නම් මට ටිකක් බය හිතුණා. එදා ස්ටේජ් එකට ගිහිං පුරුදු වුණ නිසා සුමති සම්මාන උළෙ‍ලේදී නම් බයක් හිතුණේම නැහැ.
 
සහේලි ලොකු වුණාමත් කැමති හොඳ නිළියක් වෙන්නද?
මම නර්තනයටත් ගොඩාක් ආසයි. මම කැමතියි මගේ අධ්‍යාපන වැඩ කටයුතුත් හොඳට කරගෙන හොඳම නිළියක් වෙන්න.
 
සහේලිගේ පෞද්ගලික තොරතුරු ගැන දැනගන්නත් ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔයා ගැන විස්තර ටිකකුත් කියන්නකෝ බලන්න.
මම සහේලි සදිත්මා සතරසිංහ, අම්මි ඉමානි කළුආරච්චි, තාත්ති වසන්ත සතරසිංහ, මගේ චූටි නංගිගේ නම සිතුලි සතරසිංහ. මම ඉගෙන ගන්නේ කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහ‍ලේ 4 වන වසරේ. මගේ යාළුවෝ, විදුහල්පති වගේම ටීචර්ස්ලාත් මං සම්මානෙ ගත්තම ගොඩක් සතුටු වුණා. මට ගොඩක් සුබ පැතුවා. ඒ වගේම “තාරා” ටෙලි නාට්‍ය කණ්ඩායමටත් බොහොම ස්තුතියි කියලා මම කියනවා. 
 
අපි ඊළඟට කතාබහට එකතු කරගත්තේ සහේලිගේ ආදරණීය අම්මා වන ඉමානි කළුආරච්චිවයි. ඇය තම පුංචි දියණිය ගැන ආඩම්බරෙන් කතා කළේ සතුටු කඳුළු බිඳු සමගින්. 
 
සහේලිගේ අම්මා විදිහට දෝණිගේ දක්ෂතාව ගැන මොකද හිතෙන්නේ ?
මගේ ලොකු දෝණි සහේලි කියන්නේ පුංචි කා‍ලේ ඉඳලම රඟපෑම ඇඟේ තිබුණු ළමයෙක්. එයා පෙර පාසල් යන කා‍ලේ ඉඳන්ම ගෙදරදී සින්දු කියනවා. රඟපානවා. ෆොටෝ ෂූට්වලට හිටියේ හරියට පළපුරුදු නිරූපිකාවක් වගේ. එයා මුලින්ම කැමරාව ඉස්සරහට ගියේ වෙළෙඳ දැන්වීම් හරහායි. ඒ වෙනකොට අවුරුදු තුනහමාරයි. ‘සුජාතා” ටෙලි නාට්‍යයේ රඟපානකොට ඇය එක වසරේ. තාරා කරන කොට දෙක වසරේ.
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ දී සහේලි හොඳම ළමා තරුව වුණාම මොකද හිතුණේ...
අපිට සම්මාන උළෙලට ආරාධනා කළාම මටයි සහේලිගේ තාත්තිටයි හිතුණා කුසලතා සම්මානයක් හරි අනිවාර්යයෙන්ම ඇති කියලා. ඒත් මගේ සහේලි හොඳම ළමා තරුව වුණාම මට හයියෙන් කෑගහන්න තරම් සතුටු හිතුණා. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 610

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1197

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 603

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1670

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 501

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4192

Please publish modules in offcanvas position.