Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඒ සුදුසුකම මට නැහැ

මෙවර පැවැති සුමති ටෙලි සම්මාන උළෙ‍ලේදී නැගී එන නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජනප්‍රිය යොවුන් නළුවකු වන සජිත අනුත්තර විසිනුයි. “බොහිමියානුවා” ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතය රඟපෑමේදී දැක්වූ විශිෂ්ටත්වය නිසා තමයි සජිතව එලෙස අගය කිරීමකට ලක් වුණේ. 
 
මුලින්ම අපි ඔබට හිමි වූ සම්මානය ගැන කතා කරමු...
මගේ පළමු ටෙලි නාට්‍ය තමයි “බොහිමියානුවා”. ඒ සඳහා නැගී එන නළුවාට හිමි සම්මානය හිමිවීම සතුටක්. නැගී එන නළුවාට සම්මානය හිමිවීම කවදා හෝ හොඳම නළුවාට හිමි සම්මානය ලබාගන්නවා කියන බලා‍පොරොත්තුව හිතේ ඇති කළා.
 
හොඳම නළුවා සම්මානය ගැන විතරද බලා‍පොරොත්තුව...? ජනප්‍රිය නළුවා වෙන්න කැමති නැද්ද?
ඔය හැම සම්මානයක් ලබා ගන්නම මනා කැපවීමක්, පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අභ්‍යාසයේ යෙදීමත් වැදගත්. හැබැයි ජනප්‍රිය නළුවා වන්න එවැනි අභ්‍යාස අවශ්‍ය වන්නේ නැහැ. ඒක අපි කරන දේවල් තුළින් ජනතා ආකර්ෂණය අසීමිතව ලැබිලා ඒ හරහා හිමිවන සම්මානයක්. ඒ හින්දා ඒ ගැන බලා‍පොරොත්තු තියාගන්න අවශ්‍ය නැහැ. එය ලැබුණොත් භාරගැනීමයි කළ යුත්තේ.
 
අසීමිත ජනතා ආකර්ෂණය ලබන්න කරන දේ විතරද වැදගත්. බාහිර පෙනුමත් ඊට අවශ්‍ය බව කියන පිරිසකුත් ඉන්නවා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. උස මහත කඩවසම් පෙනුම, ආකර්ෂණීය ලක්ෂණ හින්දම අසීමිත ජනතා ආකර්ෂණයක් ලබලා ජනප්‍රිය වූ නළු නිළියන් අප අතර ඉන්නවා. හැබැයි එහිදී විශේෂ දෙයක් කිව යුතුයි. එහෙම බැලුවොත් ඒ සුදුසුකම මට නැහැ.
 
ඒ කියන්නේ සජිත තමන්ගේ රූපය ගැන කනගාටු වෙනවද?
කොහෙත්ම නැහැ. මගේ අම්මට මාව ලස්සනයි. මගේ පෙම්වතියට මාව ලස්සනයි. මට ඒ හොඳටම ඇති.
 
සජිත කාලයක් රංගනය ප්‍රගුණ කරලා දවසක හොඳම නළුවා වෙනවා. එදාට ජනප්‍රිය නළුවා වන්නේ කඩවසම් පෙනුමක් තියෙන ලොකු රංගන හැකියාවක් නැති ඉතාම නවකයෙක්. එහෙම වුණොත් සජිතට මොන විදියේ හැඟීමක් ඇති වෙයිද?
බාහිර ආකර්ෂණයක් නැති කුසලතා පිරි අය හොඳම නළු නිළියන් වෙද්දී රූපයෙන් ඉහළ තැනක ඉන්න අය ජනප්‍රිය නළු නිළියෝ වනවා දැකලා දොස් කියන, ජනප්‍රිය චරිත හෑල්ලු කරන අය ඉන්නවා. මම නම් එයට තදින්ම විරුද්ධයි. සම්මාන උළෙලක හැම සම්මානයක්ම වැදගත්. ඒ හැම සම්මාන ලාභියෙක්ම කලාවට අවශ්‍යයි. කාට හරි උපතින් අසීමිත ආකර්ෂණීය පෞරුෂයක් ලැබෙනවා නම් ඒක එයාගේ වාසනාව. ඒ ආකර්ෂණය මනා ලෙස කළමනාකරණය කරලා ජනතාව අතරට යන්න හැකි නම් ඒක එයාගේ දක්ෂතාවය. අනිවාර්යයෙන් එයාටත් ඇගයීමක් ලැබිය යුතුමයි.
 
මේ දවස්වල සජිත ගැන කියන්නට තිබෙන අලුත් තොරතුරු මොනවාද?
විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන නිසා ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට දායක වෙන්නේ නැහැ. තව මාස 4කින් අධ්‍යාපන කටයුතු අවසන් වුණාම ආයෙමත් සම්පූර්ණ කාලය රංගනයට යොදවනවා. මම උපාධියට හදාරන්නේ නාට්‍ය හා රංග කලාව නිසා මේ දවස්වල වේදිකා නාට්‍ය 4කට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ පළමු ගීත වීඩියෝව මේ වෙද්දී ලක්ෂ 6ක් නරඹලා තියෙනවා. ඒ ගැන සතුටුයි. දෙවැනි ගීතයටත් මේ දවස්වල සූදානම් වෙනවා.
 
ආර්යවංශ කුලතිලක{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1935

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1047

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4990

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2871

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4949

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6170

Please publish modules in offcanvas position.