Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවුරුදු 20කට පස්සේ මම ආයෙමත් රඟපාන්න ආවා

හැට හැත්තෑව දශකවල බිහි වූ චිත්‍රපටවලට ඇය නැතුවම බැරි නිළියක් වුණා. අසූව අනූව දශකවලදී ඇය නිළියක් වගේම නිෂ්පාදිකාවක් විදියටත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බිහි කරමින් “සිනමාව“ කර්මාන්තයක් විදියටත් රැක ගත්තා. ඒත් අද වන විට මේ කලාකාරිය තමන්ටම කියා නිවසක්වත් නැතිව හිතවතියකගේ නිවසේ ලැගුම් ගෙන සිටිනවා. 
ඒ සිටින අතරතුර ජීවිතෙත් පැද යා යුතු නිසා වසර 20කට පසුව ඈ යළිත් රංගනයට පිවිසීමටත් තීරණය කරලා. අපි අද ඔබට කියන්නේ “සෝනියා දිසා” නම් වූ ඈ පිළිබඳ හිතාගත නොහැකි එම කතාවයි. 
 
මේ වෙනකොට ඔබ නැවතී සිටින්නේ කොහෙද? 
මම දැන් ඉන්නේ පැපිලියානේ, ශ්‍යාමලී විජේසේන කියන හිතවතියකගේ නිවසේයි. මට නිවසක් නැතුව ඉන්න බව දැනගෙන නිල්ශාන් සෙනෙවිරත්න හා ජාතික රූපවාහිනියේ විනීතා තමයි මට ශ්‍යාමලීව හඳුන්වලා දුන්නේ. ඇයට පින් සිදුවෙන්න මම දැන් එහේ නැවතිලා ඉන්නවා. 
 
නිළියක්, නිෂ්පාදිකාවක් විදියට දශක ගණනක් වැජඹුණු සෝනියාට ඇයි මෙහෙම වුණේ? 
මගේ පුතා උදයයි, මගේ දුව බුහුටියි. දෙන්නම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. කරුගේ මරණයෙන් පසුව මම දරුවෝ ළඟ තමයි හිටියේ. දරුවෝ කැමතියි මම දිගටම එහේ ඉන්නවට. ඒත් මට ඉඳහිට හෝ ලංකාවට එන්න ඕනෑ. ඒ ආවාම ඉන්න මට තැනක් නෑ. අද වෙද්දී මගේ නිවස මට අහිමි වෙලා. 
 
ඔබේ නිවස අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය මේ වන විට නීතිය හමුවට පවා ගොස් තිබෙනවා. ඇත්තටම මොකක්ද ඔතන වෙලා තියෙන්නේ? 
මම විවාහ වෙලා පදිංචියට ආවෙ කොම්පඤ්ඤවීදියේ පිහිටි කරුගේ මහ ගෙදරට. ඉන් පසුව අපි කළුබෝවිල අලුත් නිවසක් හදලා පදිංචියට ගියා. අපි හිටපු කොම්පඤ්ඤවීදියේ නිවස වහලා තියෙන නිසා කලා ලොවේ හිතවතකු වන යසපාලිත නානායක්කාරගේ ඉල්ලීම පිට එක්තරා වාමාංශික දේශපාලනඥයින් දෙදෙනකුගේ කාර්යාලය පවත්වාගෙන යන්න ඉඩ දුන්නා. පසු කාලයේ ඒ දෙදෙනා අතර විරසකයක් ඇතිවෙලා ඉන් එක දේශපාලනඥයකු දැන් මේ නිවසේ ඉන්නේ. මම ආයෙම නිවස ඉල්ලුවාට ඔහු එය මට දෙන්නේ නැහැ. සතයක්වත් අය නොකර මම ඔවුන්ට ඒ නිවස දුන්නේ අවශ්‍ය දවසක ආයෙම දෙයි කියන විශ්වාසයට. ඒත් අද මගේම නිවස ලබාගන්න මට නීතිය ඉදිරියට යන්න වෙලා. නඩු තීන්දුව ලැබිලා නිවස හිමි වන තුරු තමයි මට අද තැන තැන ඉන්න වෙලා තියෙන්නේ. 
 
ඔබේ ප්‍රශ්නයේදී සහෝදර කලාකරුවන්ගෙන් හිතවතුන්ගෙන් උපකාර ලැබුණාද? 
මාලනී, රවී, ජීවන්, ෂෙරින්, නදීකා, අනෝජා වගේ අය මගේ නඩුව වෙලාවේ ආවා. ඒත් ඉතින් මේ රටේ බලධාරීන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා නම් මේකට විසඳුමක් ගන්න පුළුවන්. මම 1962 ඉඳන් රඟපානවා. සිනමාව කඩා වැටුණු යුගයක ආදායම් වාර්තා තියෙන චිත්‍රපට හදලා මම සිනමාව නගා සිටුවන්න උදව් කළා. මේ වෙද්දී චිත්‍රපට 150ක විතර රඟපාලා තියෙනවා. ‘ඔබට දිවුරා කියන්නම්’ ‘දෙව්දුව‘ චිත්‍රපටවලට හොඳම සහය නිළිය ලෙස සම්මාන පවා දිනා ගත්තා. දේශපාලන ක්‍ෂේත්‍රයෙත් දන්න හඳුනන අය ඉන්නවා. ඒත් මම අසරණ වුණු වෙලාවට ඊට මැදිහත් වෙලා මේ ගැටලුවට විසඳුමක් දෙන්න කෙනෙක් නැහැ. 
 
අවුරුදු 20කට පස්සේ මොකද ආයෙමත් රඟපාන්න ඕන කියලා හිතුණේ? 
මම අන්තිමටම රඟපෑවේ “පිස්සු පූසෝ” චිත්‍රපටයේ. ඊට පස්සේ කිසිම රඟපෑමක් කළේ නෑ. නිහඬව සිටි කාලය අවුරුදු 20ක්. දයාරත්න රටගෙදර මහතා තමයි මට මේ ආරාධනය කළේ. එතුමා අධ්‍යක්ෂණය කරන ‍පොහොය ටෙලි නාට්‍යයෙ මුඩුක්කු කාන්තාවකගේ චරිතයක් තමයි මම රඟපෑවේ. එය ලබන ‍පොහොය දින විකාශය වේවි. මම ආයිත් ලංකාවෙන් යන්නෙත් නැහැ. මගේ නිවසේ ප්‍රශ්නය විසඳාගෙන මම හදපු ගෙදරට යන්නයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ දිගටම රඟපෑමේ යෙදෙන්න තමයි කැමති. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2330

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1544

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 817

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1832

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5467

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3415

Please publish modules in offcanvas position.

Web Analytics