Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

තාත්තා නැවැත්වූ තැනින් පටන් ගන්න ඕන නිසයි රන්වල බළකාය පිහිටුව්වෙ

සංගීතය පැත්තට යොමු වෙන්න සහන්ට ආභාෂය ලැබෙන්නේ පියාගෙන් බව හැමෝම දන්නවා. හැබැයි කලා ක්‍ෂේත්‍රයට යොමු වීමේදී සහන්ට අයියගෙනුත් ලොකු තල්ලුවක් ලැබුණා නේද? 
මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම අයියා කරන දේවල් බලාගෙන ඉඳලා ඔහුව අනුගමනය කරපු කෙනෙක්. අයියා නිවේදකයෙක් විදිහට කටයුතු කරනවා දැකලා තමයි මටත් පාසල් කාලෙදී නිවේදකයෙක් වීමේ ආසාව ඇති වුණේ. අයියා පාසල් නාට්‍යවල රඟපානවා බලාගෙන  ඉඳලයි මමත් නළුවෙක් වෙන්න මුල් පියවර තැබුවේ.
 
තාත්තාගේ වියෝවෙන් පස්සේ ඔහුගේ තැන ගන්න ඉදිරිපත් වන්නේ සහන්. සහන්ට කලින් ක්‍ෂේත්‍රයට ආපු චිරන්තට ඒ තැන නොලැබුණේ ඇයි ? 
රන්වල බළකාය ගත්තොත්, එහි මූලිකත්වය අරගෙන නිතරම පෙනී ඉන්නේ මම බව ඇත්ත. හැබැයි අයියාගේ සහයෝගයත් නිතරම මට ලැබෙනවා. මොකද නිවේදන කටයුතු නිසා ඔහුට එහි පූර්ණ කාලීනව නියැලෙන්න බැරිවුණා. අයියා විතරක් නමෛයි රන්වල බලකායෙන් ගුරුහරුකම් ලබාගෙන අද රටේ ප්‍රකට කලාකරුවන් වී සිටින තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම නොවැම්බර් 27 වැනි දාට යෙදෙන ලයනල් රන්වල ජන්ම දිනයට එක්කාසු වෙනවා.
 
මේ දිනවල දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ විදුහල්පතිතුමාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරේ නමක් දිනාගන්න චිරන්ත සමත් වෙලා තියෙනවා. හැබැයි සහන් කියන්නේ සැබෑ ජීවිතයේදීත් රන්වල පදනම හරහා සංගීතය ගැන දැනුම බෙදාදෙන ගුරුවරයෙක්. කොහොමද ඒ වගකීම අද වෙද්දී ඔබට දැනෙන්නේ?
ලංකාවේ පළමු ජන ගී පාඨමාලාව පැවැත්වූයේ අපේ තාත්තා. ඒ 2000 වසරේදී. ඒ කටයුත්ත ඉදිරියට ගෙන යමින් 1 වසරේ සිට වයස 28 දක්වා වන අයට, විවිධ වයස් කාණ්ඩ යටතේ ජන සංගීතය පිළිබඳ දැනුම මම බෙදා දෙනවා. අපට අතීතයෙන් උරුම වූ හොඳ සහ නරක දේවල් අතරින් හොඳ දේවල් තෝරා බේරාගෙන ඒ පිළිබඳ දැනුම බෙදාදෙන එක ලොකු වගකීමක් සහ භාරදූර කටයුත්තක් විදිහටයි මම දකින්නේ.
 
අයියාගේ රඟපෑම් පුංචි තිරයෙන් නරඹන්න ඔබට අවස්ථාවක් ලැබෙනවාද? 
අ‍පොයි ඔව්, ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම මම 'දෙවැනි ඉනිම' නරඹනවා. රූපවාහිනියෙන් නරඹන්න බැරිවුණොත් යූ ටියුබ් එකෙන් හරි මග හැරුණු කොටස් නරඹන්න මම අමතක කරන්නේ නැහැ.
 
මොනවාද හිතෙන්නෙන් අයියාගේ රඟපෑම් දැක්කාම? 
දෙවැනි ඉනිමේ රඟපාන්න කලින් අයියා මගෙන් ඇහුවා රඟපාන්න ගියොත් මගේ නිවේදන කටයුතුවලට බාධාවක් වේවි නේද? කියලා. එතකොට මම කිව්වා ඒ ගැන හිතන්න එපා රඟපෑමේ දක්ෂතාව පෙන්වන්න ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. ඒ කිව්වා වගේම ඔහු ඒ කටයුත්ත හරියට කරනා බව ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා. 
 
ඔබත් රංගන ශිල්පියෙකු විදිහට රටේ ප්‍රසිද්ධයි. රන්වල බළකායේ වැඩකටයුතු නිසා රංගනයට තිබෙන අවධානය අඩු වෙලාද?
අ‍පොයි නැහැ. අයියා වගේම මමත් ඉඩ ලැබෙන විදිහට රඟපෑමේ කටයුතුවලත් නියැලෙනවා. මේ දිනවල විකාශය වන 'දෙව්ලියේ' සහ 'මිල්ලෑව වලව්ව' යන ටෙලි නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙනවා. තව 'මන්දාරම් වැහි' නමින් ටෙලි නාට්‍යයකුත් ඉදිරි කාලයේදී විකාශය වීමට නියමිතයි. 
 
රන්වල බළකායේ ඉදිරි වැඩකටයුතු මොන විදිහටද පෙළ ගැහිලා තියෙන්නේ ? 
මේ මාසේ 23වැනිදා සවස 6.00ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී රන්වල බළකාය 'ගයමු' නමින් ප්‍රසංගයක් පවත්වනවා. නොමි‍ලේ පවත්වන මේ ප්‍රසංගය සමාජයේ රසවින්දනය පිරිහී යාමට පිළියමක් විදිහටයි සංවිධානය කරන්නේ. ඒ හැරුණාම ඉදිරි මාසය තුළ තවත් දේශීය සහ විදේශීය ප්‍රසංග සහ වැඩමුළු රැසක්ම පවත්වන්න සූදානමිනුයි රන්වල බළකාය මේ දිනවල මග බලාගෙන ඉන්නේ.
 
කිෂාන් කනංකෙ
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තාත්තාගේ සංගීතයෙන් හම්බකරන අය කර්තෘභාගයවත් දෙන්නේ නැහැ

IMAGE 2017 Sep 20 16:53
ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි...
Views - 434

චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

IMAGE 2017 Sep 19 11:43
ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම්...
Views - 2692

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

IMAGE 2017 Sep 19 10:26
හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල...
Views - 1305

ජනාධිපති මැදුරේ අපි එක රැයක්වත් ගත කර නෑ

IMAGE 2017 Sep 18 19:35
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ...
Views - 4083

මට කිසිම සම්මාන උළෙලකට ආරාධනා ලැබෙන්නෙ නෑ

IMAGE 2017 Sep 18 19:07
“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි...
Views - 2231

විදුලි වැඩවර්ජනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බිලි ගනී

IMAGE 2017 Sep 18 12:49
මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ...
Views - 1179

Please publish modules in offcanvas position.