Coss Ear2
lakbima.lk
COSS Ear 1

මගේ එකම සිහිනය හොඳම නිළිය වීමයි

අංගනා, කළු අරලිය, ධම්සාරි ආදී ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ගිය නෙතූ ප්‍රියංගිකා මේ වන විට රිදී තිරයටත් ආගන්තුක චරිතයක් ‍නෙවෙයි. සතියේ දිනවල රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනිය හරහා විකාශය වන “විමංසා” ටෙලි නාට්‍යය හරහාත් ඇය මේ දිනවල ඔබේ නිවසට එනවා. 
 
“විමංසා” ටෙලි නාට්‍යය නෙතූගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා නෙතූ කියන්නේ ඇයි? 
මම කාලෙකට පස්සේ ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍ය තමයි“විමංසා” කියන්නේ. එහි මම නිරූපණය කරන්නේ පුවත්පත් කලාවේදිනියකගේ චරිතයක්. ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය කරන පළමු අවස්ථාව විදියටත් විමංසා හඳුන්වන්නට පුළුවන්. ඉතින් විමංසා මගේ හැරවුම් ලක්ෂ්‍යය තමයි. 
 
නෙතූව මාධ්‍යවේදිනියක් කළ “විමංසා” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ? 
මම ගෙදරට ආව ගමන්ම අයියගේ ලොකු බබා මගෙන් අහන්නේ “ආ විමංසා ආලෝක නැද්ද කියලයි.” ආලෝක කියන්නේ විමංසාගේ පෙම්වතා. 
ඒ වගේම විමංසා නිසාම මට තවත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතෙට ආරාධනා ලැබුණා.” ඒ වගේම හොඳම නිළිය කියන මගේ ඉලක්කය, එහෙමත් නැත්නම් සිහිනය වෙත යන්න දොරටුවත් විවර වුණා කියලා හිතෙනවා. 
 
හොඳම නිළිය වෙනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. ඉතින් නෙතූ හිතනවද ඒ අභියෝගය ජයගන්න ඔබට පුළුවන් වේවි කියලා.
මම හිතනවා මට ඒ අභියෝගය ජයගන්න පුළුවන් වේවි කියලා. අනිත් අයට කොහොමද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මගේ අරමුණ හොඳම නිළිය වීමයි. අපට නිවැරදි ඉලක්කයක් තිබුණොත් කොයි තරම් බාධා ආවත්, කැපවීම තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න පුළුවන්. මම එහෙමයි හිතන්නේ. මම රංගනය වෙනුවෙන් මම කලින් කරපු රැකියාවත් අතහැරියා. ඒ නිසා  වයසට ගිහින් හරි හොඳම නිළිය වෙනවාමයි. ඒ වගේම කවුරු කිවුවත් මම රඟපෑම නම් අතහරින්නේ නැහැ. 
 
ඔය විදියට විශාල අභියෝගයක් පසුපස යන ඔබ රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කරලා තියෙනවාද? 
මම රංගනය පාසලකින් හෝ අධ්‍යාපන ආයතනයකින් හදාරලා නැහැ. මම රංගනය ඉගෙන ගන්නේ මගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දිහා බලාගෙන ඉඳලා. ප්‍රවීණ කෙනෙක්ට මම දණ ගහලා වඳින්න වුණත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ තරම් මම ඔවුන්ට ගරු කරනවා. මට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ වුණත්  ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හැකියාවන් ගැනත්  මම රංගනයේ යෙදෙන විට අධ්‍යයනය කරනවා. ඉතින්  මට හිතෙනවා හොඳම නිළිය වෙත යන්න මට අපහසු වෙන එකක් නැහැ කියලා. 
 
නෙතූට මතකද මුලින්ම කැමරාවක් ඉදිරියට ගිය දවස? 
සිරස කුමරිය හරහා තමයි මම මුලින්ම කැමරාවක් ඉදිරියට ආවේ. පළමු අදියරේ අවසන් විසි දෙනා දක්වා මම තරග කළා. ඒ සමගම “සමනලී” කියන ටෙලි නාට්‍ය හරහා මට රංගනයට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණා. 
 
පුංචි තිරයේ රංගනයට පිවිසුණත් නෙතූ වැඩිපුරම කැමති සිනමාවට කියන්නේ ඇත්තද? 
සහතික ඇත්ත. මම මිනිස්සු අතර ගොඩක් සමීප වුණේ සිංහාවලෝකනය, ජීවිතය ලස්සනයි වගේ චිත්‍රපට හරහා. ඒ වගේම වැඩිපුරම ලස්සන පුංචි තිරයට වඩා පුළුල් තිරයට කියලයි මට නම් හිතෙන්නේ. 
 
සැබෑ ජීවිතයේ “නෙතූ” ඇත්තටම ආදරවන්තියක් නේද? 
අපි හැමෝම ඉතින් ආදරේ කරනවානේ. නෙතූ ආදරේ කරන කෙනාත් හැමදාමත් එයාගේ හිතේ ඉන්නවා කියලා කියන්න ඕනේ. හැමදාටමත් එහෙමයි. දැන් ඉතින් “නෙතූ” ආදරවන්තියක්ද නැද්ද කියලා හිතාගන්න පුළුවන් නේද? 
 
සමන්මලී නැලිගම

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1947

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1052

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5007

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2879

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4959

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6179

Please publish modules in offcanvas position.