Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්න ගෙදර කොයි වෙ‍ලේ කඩා වැටෙයිද දන්නේ නැහැ

කලාව වෙනුවෙන් තමන්ගේ ජීවිතයෙන් වැඩිකාලයක් කැප කළත්, ජීවිතයේ සැදෑ සමයට ළඟා වෙද්දී මුදල් අඟහිඟකම නිසා බොහොම කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන කලාකරුවන් සහ කලාකාරියන් අපේ රටේ හිඟ නැහැ. එවැනි කලාකරුවන්ට අන්තිමේ දී බොහෝ විට ඉතිරිවන්නේ තමන් උපයාගත් රසික ප්‍රසාදය සහ ආත්ම තෘප්තිය පමණයි. වේදිකාවෙන්, සිනමාවෙන්, පුංචි තිරයෙන් වගේම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහාත් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් කලාකරුවකු වන සැනට් දික්කුඹුරත් ඒ කලාකරුවන්ගේ ගොඩට අයත් වන අයෙක්ද කියලා, ඔහු සමග කළ මේ සංවාදය කියවන ඔබටම තීරණය කළ හැකි වේවි. 
 
දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ?
වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා.
 
රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ. 
මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නමෛයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ.
 
ඇයි ඒ ?
සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. 
 
ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ?
මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා. ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා. ඉඳහිට රඟපෑමෙන් කීයක් හරි ලැබුණාම ණය ගෙවලා දානවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගවෛන්නේ. 
 
සැනට් දික්කුඹුර කියන්නේ ගේ දොර ලස්සනට හදාගෙන සුවපහසු ජීවිතයක් ගත කරන්න ඕනෑ කියලා සිහින මවපු කෙනෙක් නමෛයිද?
ඒ වගේ හීන නැත්තේ කාටද? ඒත්, වෘත්තීය නළුවෙක් විදිහට මට ඒ හීන සැබෑ කරගන්න බැරි වුණා. අද මම ජීවත් වෙන ගෙදර කොයිවෙ‍ලේ කඩාගෙන වැටේවිද කියන්න බැහැ. ඒ ගෙදරත් මට විතරක් අයිති එකක් ‍නෙවෙයි.
 
තනි නොතනියට කවුද ළඟින්ම ඉන්නේ ? 
මගේ අක්කත් එක්කයි මම ඒ ගෙදර ජීවත් වෙන්නේ. මම විවාහ වෙලා නැහැ. අක්කත් තනිකඩයි, මාත් තනිකඩයි.
 
විවාහ වෙලා දරු මල්ලෝ හිටියා නම් මේ විදිහේ දුෂ්කර ජීවිතයක් ගෙවන්න වෙන එකක් නැහැ කියලා කවදාවත් හිතුනේ නැද්ද?
අ‍පොයි නැහැ, තනිකඩව ඉන්න ගත් තීරණය ගැන මට හරිම සතුටුයි. මොකද, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා. විවාහ නොවන්න ගත්තු තීරණය හොඳට දුරදිග බලලා ගත් එකක්. 
 
රජයෙන්වත් මේ වෙද්දී කිසිම ආධාර උපකාරයක් ලැබිලා නැද්ද?
අවුරුදු 55 පැන්නාට පස්සේ ඉල්ලුම් කළා කියලා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ට දෙන රුපියල් 3000 දීමනාව ගෙවීමත් ප්‍රතික්‍ෂේප කළා. සමහර ජනප්‍රිය නළු නිළියෝ ඉන්නවා, දේශපාලකයන් පස්සේ ගිහින් විවිධ වරප්‍රසාද ලබා ගන්නා. එහෙම නොකරන අපි වගේ අයට වෙන්නේ හිඟා කන්න තමයි.
 
අද වෙද්දී මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කළාට ඔබ කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි හරියක් කැප කරපු කලාකරුවෙක් කීවොත් නිවැරදියි නේද?
ඔව්, 1967 දී පාසල් වේදිකාවෙන් තමයි මම නාට්‍ය කලාවට පිවිසුණේ. නාට්‍යකරුවෙක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසුකාලීනව මම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ධර්මසේන පතිරාජ මහතාගේ 'අහස්ගව්ව' තමයි මම රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම ප්‍රදර්ශනය කෙරුනේ.
 
වැඩිපුර ප්‍රසිද්ධ වුණේ නළුවෙක් විදිහට වුණත් ඔබ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.
ඔව්, මම වේෂ නිරූපණයෙන් දායක වුණු මුල්ම වේදිකා නාට්‍ය වුණේ ජයන්ත චන්ද්‍රසිරි වෙනුවෙන් මෝරා . මෝරා වේදිකා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය පවා ලැබුණා. 
වේෂ නිරූපන ශිල්පියෙක් විදිහටත් මම ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. මාලිනී ෆොන්සේකා, ලතා වල්‍පොල, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන වගේ ජනප්‍රිය චරිතත් මම වෙස් ගන්වලා තියෙනවා. 
 
රජයෙන් යමක් නොලැබුණාට, ඔබ ගැන දන්නා ඔබේ රසික රසිකාවියන්ගෙන් නම් ඔබට ආධාර උපකාර ලැබෙනවා ඇති නේද?
මම සිටින තත්ත්වය දැකලා උදව් උපකාර කරන අයත් ඉන්නවා. මේ ළඟදී තරු දිරි සරණ සංවිධානයේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආධාර වගයක් ගෙනැවිත් දුන්නා. මම කිව්වා 'මටත් වඩා අසරණ වෙච්ච කලාකරුවන් ඉන්නවානේ මේවා ඒ අයට දෙන්න කියලා. එතකොට ඔබතුමා ජීවත් වෙන හැටි දැක්කාම ඕනෑම කෙනෙකුට උදව් කරන්න හිතෙනවා කියලා මට ඒ දේවල් දීලා ගියා. කොයි තරම් අසරණ වුණත් ඔය සමහර කලාකරුවෝ වගේ දේශපාලකයන්ට ළං වෙලා මහජනතාවගේ මුදල් අයථා විදිහට ලබා ගන්න නම් මම කැමති නැහැ.
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4469

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4133

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7235

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4536

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2885

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3694

Please publish modules in offcanvas position.

Web Analytics