lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

සැමියයි දරුවො දෙන්නයි නැතිව මානෙල් නටන අලුත්ම නාඩගම මොකක්ද?

මානෙල් වානගුරු නිෂ්පාදනය කරන අලුත්ම වේදිකා නාට්‍ය තමයි “ස්ටෙලා සෙට්වෙලා” ජූලි මාසේ 30 වැනිදා නාට්‍යයේ මංගල දර්ශනය ලුම්බිණියේදී වේදිකාගත වෙනවා. 1987 දී “දෙව්ලෝ දෝනි” නිෂ්පාදනය කළ මානෙල් වේදිකා නාට්‍ය නිෂ්පාදනයට පිවිසෙන්නේ දශක දෙකකට පස්සේ. නළු නිළියෝ ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙද්දී මානෙල් වේදිකාවට නැඹුරු වුණේ ටෙලි නාට්‍ය හා සිනමාව ගැන කලකිරිලාද? ඒ ගැන විමසන්නයි අපි මානෙල්ට කතා කළේ.
 
මොකක්ද මේ කරන්න යන අලුත් වැඩේ? 
“ස්ටෙලා සෙට් වෙලා” කියන්නේ. ප්‍රහසනය කැටි වූ වේදිකා නාට්‍යයක්. හැබැයි මේකෙන් සමාජයට ලොකු පණිවුඩයක් ලබා දෙනවා. විවාහක දූ දරුවෝ මව්පියන්ට සලකන්නේ ඔවුන්ගේ දේ‍පොළ බලාගෙන. අසරණ දෙමාපියෝ ආදරය හොයනවා. මෙන්න මේ වගේ කතා තේමාවක් තමයි “ස්ටෙලා සෙට්වෙලා” කතාව තුළ කියැවෙන්නේ. අනුර මාපිටිගම රචනා කරමින් අධ්‍යක්ෂණය කරන, මම නිෂ්පාදනය කරන “ස්ටෙලා සෙට්වෙලා” නාට්‍යයේ අනුරයි, මමයි, ඇතුළුව ප්‍රසන්න ෆොන්සේකා සංජු රුද්‍රිගෝ, ස්ටැන්ලි ක්‍රිෂ්නරත්නම්, උදය කුමාරි රණසිංහ, සඳුන් විජේසිරි, පුෂ්පිකා, සහ අනුෂා දිල්හානි රඟපානවා.
 
කවදාද අපට “ස්ටෙලා සෙට්වෙලා” දැක ගන්න ලැබෙන්නේ? 
ජූලි මාසේ 30 වැනිදා කොළඹ ලුමිබිණි රඟහ‍ලේදී “ස්ටෙල සෙට්වෙලා” වේදිකාගත වෙනවා. හවස 3.30ට රණවිරුවන් සඳහා වූ දර්ශනය වේදිකාගත වෙනවා. 6.30ට මහජන දර්ශනය වේදිකාගත වෙනවා.
 
ඔබේ නිවසේ ඉන්න නළුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙකුටවත් ඔබේ නාට්‍යයට අවස්ථාවක් ලබා නුදුන්නේ ඇයි? 
ආනන්දගේ අසනීප තත්ත්වය සුව වෙලා එයා ආයෙම රංගනයට ඇවිත් ඉන්නේ. ඒත් ටෙලි නාට්‍යවල වගේ නෙවයිනේ වේදිකා නාට්‍යවල දවස් ගණන් රිහසල් කරන්න වෙනවා. එයාව වෙහෙස කරන්න බැහැ. ජනිත්ටයි සංකේත්ටයි ගැළපෙන චරිත මේ නාට්‍යයේ නැහැ. හැබැයි ජනිත් තමයි නාට්‍යයේ ප්‍රචාරක කටයුතුවලට ගොඩක් වෙහෙසෙන්නේ. 
 
සැමියයි දරුවො දෙන්නගෙයි අලුත් තොරතුරු මොනවාද? 
ආනන්දට දැන් සනීපයි. ඒත් තවම වෙහෙසෙන්නේ නැහැ. මේ දවස්වල “Love you Star” වේදිකාගත නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. සංකේතුත් නවතම ටෙලි නාට්‍යයකට එකතු වෙලා ඉන්නවා. ජනිත් “දෙබිඩි බ්‍රෝ” වේදිකා නාට්‍යය එක්ක වැඩ.” එයාගේ මිනි ස්ටාර්” වේදිකා නාට්‍යයත් ආයෙම පටන් ගන්න යන්නේ. 
 
මානෙල් ආයෙ වේදිකාවට ආවා. ජනිතුත් වේදිකාවේ. ඒත් ඔබ ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට වලිනුත් මෑත කාලයේ දකින්නට ලැබුණේ නෑ ඇයි ඒ? 
මම මේ දවස්වල “සල් සපුනා” ටෙලි නාට්‍යයටයි තවත් ටෙලි නාට්‍ය කිහිපයකටයි සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් චිත්‍රපටයකත් රඟපෑවා. ඔය අතරේ තමයි මම හිතුවේ වේදිකාව තුළත් අලුත් යමක් කරන්න. 
 
ඇයි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවේ නැත්තේ? 
අද ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය වෙනවා. අලුතින් එකක් කරලා විකාශය කරන්න කාලයක් බලා ඉන්න එක අමාරුයි. නාලිකා මගින්ම කරන නිෂ්පාදනත් තියෙනවා. ඒ අතරේ හඬ කැවූ විදෙස් නාට්‍යයත් විකාශය වෙනවා. ටෙලි නාට්‍යයක් කරලා විකාශය කරගන්න නාලිකා ගානේ යන්න වෙනවා. සමහර විට ඒකට කාලයක් ගතවෙන්න පුළුවන්. ඒ වගේ කරදර නැති නිසයි මම හිතුවේ වේදිකා නාට්‍යයක් කරන්න. ඒත් සමහර විට ඉදිරියේදි මගේ අදහස වෙනස් වෙන්නත් පුළුවන්. 
 
දැන් පුතාලාගේ කල වයස හරි නේද අම්මා කෙනෙක් විදියට ඒ යුතුකම් ඉටු කරන්න හිතන්නේ නැද්ද? 
මමවත් ආනන්දවත් පුතාලා දෙන්නගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. විවාහය කියන්නේ ජීවිතේ වැදගත්ම දේ. මමත් විවාහය වෙනුවෙන් බොහෝ දේ කැප කළා. මම කැමතියි පුතාලාටත් ඒ අය වෙනුවෙන්ම කැප වෙන්න පුළුවන් අය ලැබෙනවා නම්. තමන් ජිවිත කාලෙම ඉන්න කෙනා තෝරගන්න ඕනේ තමන් විසින්. පුතාලා සම්බන්ධතා ඇති කරගෙන ඒ ගැන මට කිව්වොත් මම ඒකට ඉඩ දෙනවා. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

IMAGE 2017 Jul 24 10:24
එය  අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි...
Views - 1444

හැමෝගෙන්ම බැණුම් අහන දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච්

IMAGE 2017 Jul 23 13:26
මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත්...
Views - 2162

වෙසක් ‍පෝය අප්‍රේල් මාසයට ආවේ කොහොමද?

IMAGE 2017 Jul 23 10:23
පන්සල් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මුහුණ දුන්නේ එතරම් සුබ කලදසාවක් නම් නොවේ. එසේ කියන්නේ,...
Views - 1470

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 1598

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 2407

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 3118

Please publish modules in offcanvas position.