lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

අනාගතය ගැන ඇත්තේ ලොකු බියක්

“සතුටයි දුකයි“ කියන අපේ සුපුරුදු රිද්ම විශේෂාංගයට මේ සතියේ අපි එකතු කර ගත්තේ සනෝජා බිබි‍ලේ. දක්ෂ රංගන ශිල්පිනියක වන ‘සනෝජා’ මේ දවස්වල තරමක නිහඬව සිටියත් ඇගේ ජීවිතයේ අත්විඳි “දුක හා සතුට” පිළිබඳ ඇයට කියන්නට දිගු කතාවක් තිබෙනවා. ආදරණීය “රිද්ම” පාඨකයන් වෙනුවෙන් ඇගේ එම දිගු ජීවිත කතාවෙන් තෝරාගත් කොටසක් අද මෙසේ ගෙන එනු ලබනවා.

“ඔබ සතුට හා දුක” කියන වදන් දෙක කෙටියෙන් අර්ථ දක්වන්නේ කොහොමද?
සතුට කියන්නේ සැහැල්ලුවට. දුක කියන්නේ හිතට කනස්සල්ලක් බරක් දැනෙන අවස්ථාවට.

කලාකාරියක් විදියට ඔබ ලැබූ ලොකුම සතුට මොකක්ද?
යුද්ධය බිහිසුණු විදියට පැවැති කාලයේ අපි කට්ටියක් යාපනේ ගියා. එදා ඒ ගමන යද්දී මට හැඳුනුම්පත අමතක වෙලා. ඒත් අවශ්‍ය තැනදී එතැන හිටපු හමුදා නිලධාරීන් මාව හඳුනාගෙන මට යන්න දුන්නා. මම කලාකාරියක් වූ නිසයි ඒ අවස්ථාව ලැබුණේ. කලාකාරියක් විදියට එදා මම පුදුමාකාර සතුටක් අත්වින්දා.

කලාකාරියක් විදියට ඔබ වැඩියෙන්ම දුක් වූ අවස්ථාව මතකද?
මේ ළඟදී දවසක් අපි කලාකරුවන් විදියට ජනාධිපතුමා හමුවන්න වෙලාවක් ඉල්ලා ගත්තා. කලාවේ ප්‍රශ්න ගැන කතා කරන්නයි අපි ඒ අවස්ථාව ලබාගත්තේ. ඔය වෙලාවේ අපේ කලා ලොවේ තව කට්ටියක් අපිට හොරෙන් අපිට කලින් ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා. ඒ හින්දා අපේ අවස්ථාවත් අහිමි වුණා. ඒ අයගේ ඉල්ලීම් ලැබුණෙත් නැහැ. අපේ අයගේ අසමගිය හින්දා එදා මට ලොකු දුකක් ඇති වුණා.

පුද්ගලික ජීවිතේ විඳි ලොකුම සතුට ඔබට මතකද?
මිස් ටාජ් සමුද්‍රා විදියට කිරුළ දැරූ දවස.

පුද්ගලික ජීවිතේ අත්විඳපු ලොකුම දුක කියන්න කීවොත්...
2013.10.20 වැනිදා. ඒ තමයි මගේ අම්මා මිය ගිය දවස.

සනෝජා හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා සහ දුක්වූ අවස්ථා තියෙනවද?
මම විහිළු තහලු කරන්න කැමතියි. අපේ යාළුවෝ ට්‍රිප් යද්දී අනිවාර්යයෙන්ම මාව එකතු කරගන්නේ මම යන එක ඒ අයට සතුටක් හින්දා. මම හින්දා වෙනත් කෙනෙකු දුක් වූ අවස්ථා ගැන කියද්දී නම් මට කියන්න තියෙන්නේ මම තනිකඩව හිඳීම ගැන අම්මා අන්තිම කා‍ලේ ගොඩක් දුක් වූ බවයි.

තනිකඩ ජීවිතය සතුටක්ද? දුකක්ද?
කාටවත් උයලා පිහලා දෙන්න ඕන නැති, උදේ 10 වෙනකම් නිදා ගන්න පුළුවන් හිතුණ වෙලාවක හිතුණ තැනක යන්නට හැකි නිදහස තියෙන හින්දා තනිකඩ දිවිය සතුටක් කියලා හිතෙනවා. හැබැයි ප්‍රශ්නයක් වෙලා ඒක බෙදාහදාගන්න කෙනෙක් නැති වුණාම, රැකවරණය අවශ්‍යතාව දැනුණම තනිකඩ ජීවිතය දුකයි කියලා හිතෙනවා.

සනෝජා පෙම්වතියක්ද?
දැන් මට ප්‍රේමයක් නැහැ.

ඒ ගැන දුක් වෙනවාද?
නැහැ. අද මම ඉන්නේ බොළඳ ප්‍රේමයේ සුන්දරත්වය විඳින වයසේ නමෛයි. මම සදාකාලිකව තනිකඩව ඉඳීද විවාහ වෙයිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අද මම විවාහ වුණත් විවාහ වෙන්නේ බොළඳ ආදරයක් ගැන හිතලා නමෛයි. රැකවරණයක අවශ්‍යතාවය ගැන හිතලා.

අනාගතය ගැන හිතද්දී දැනෙන්නේ සතුටක්ද? දුකක්ද?
ලොකු බයක්.

ඇයි ඒ..?
අප්පච්චිට දැන් වයස 87 යි. අප්පච්චිගෙ සියලුම කටයුතු කරන්නේ අක්කයි, මමයි. අන්තිම කා‍ලේ අම්මගේ සියලුම කටයුතු කළෙත් අක්කයි මමයි. මටත් මේ වගේ දවසක් එනවා නේද? එදාට මට කවුද ඉන්නේ කියලා හිතෙන කොට අනාගතේ ගැන ලොකු බයක් ඇති වෙනවා.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 692

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1620

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 525

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1457

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3218

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.