Coss Ear2
lakbima.lk
COSS Ear 1

විශාරද නිහාල් ගම්හේවා කියන්නේ ප්‍රවීණ ගී පද රචකයෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. නමුත් ඔහු සුවිශේෂී වන්නේ ඔහුගේ ගීත නිර්මාණවල අගය නිසාම පමණක් නොවෙයි. 80 සහ 90 දශකවලදී ජාතික තරුණ සේවා සභාව හරහා නවක ගායක ගායිකාවන්ට ක්ෂේත්‍රයට එන්න මග පෙන්වපු ගුරුවරයෙක් විදිහටත් ඔහුගේ නම අදටත් සිහිපත් කෙරෙනවා.  
 
තරුණ සේවා සභාවෙන් පටන් ගෙන සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න විශාල පිරිසකට මග පෙන්වපු ඔබ ඒ කා‍ලේ ගෝලයන්ට බොහොම තද නීති රීති පනවපු ගුරුවරයෙක් නේද?  
 
ඔව්. මොකද මම ඉගෙන ගන්නා ළමයින්ගේ විනය ගැන හුඟක් සැලකිලිමත් වෙච්ච ගුරුවරයෙක්. බැරි වෙලාවත් ශිෂ්‍යයෙක් ප්‍රමාද වෙලා පන්තියට ආවොත් හුඟක් වෙලාවට ඔහුගේ පන්ති පවා තහනම් කරලා වත්තෙ පිටියේ වැඩවලට යොදවනවා. ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනාරච්චි, වගේ ගායකයෝ ඒ කා‍ලේ මගෙන් ඒ විදියේ දඬුවම් ලබපු ශිෂ්‍යයෝ තමයි. 
 
80 දශකයේ මුල් භාගයේදී වගේ නේද තරුණ සේවා සභාවත් එක්ක නිහාල් ගම්හේවා කියන නම මුලින්ම කියැවෙන්න පටන් ගත්තේ? 
 
මම තරුණ සේවා සභාවේ සේවයට බැඳුණේ 1983 වසරේදී. ඒ සංගීත උපදේශකවරයෙක් විදිහට. ඒ කා‍ලේ බෙල්වුඩ්වල සංගීත පාඨමාලාවක් තිබුණේ නැහැ. මම තමයි මුලින්ම සංගීත පාඨමාලාවක් ආරම්භ කරලා එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරු පත්වීම් ලබාදීම ආරම්භ කරන්න මූලිකත්වය දරන් කටයුතු කළේ. 
 
ඔය කාලෙදී ගායක ගායිකාවන් රැසකට තරුණ සේවා සභාව හරහා සංගීත ක්ෂේත්‍රයට එන්න අවස්ථාව උදා වුණා නේද? 
 
ඔව්. ඒ කා‍ලේ බෙල්වුඩ් එකේ සංගීතය හදාරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ පුහුණුවක් ලැබුණා. මට තවම මතකයි ඒ කා‍ලේ අපි උදේ පාන්දර පටන් ගත්තාම මහ රෑ වන තුරුම ඔවුන්ට උගන්වපු හැටි. තමන්ගේම කියලා කැසට් පට, එළිදක්වන්න ලැබුණා විතරක් ‍නෙවෙයි. ප්‍රසංග වේදිකාවේ ගී ගයන්නත් ඒ අයට පුහුණුව ලැබුණා. ඒ ලබපු පුහුණුවෙන් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනාරච්චි,  විජේබණ්ඩාර වැලිතුඩුව, රෝයි පීරිස්, මාධව ඉඳිකැටිය වගේ ගායකයෝ ඉදිරියට ආවේ. 
 
එදා ඔබෙන් ගුරුහරු කම් ලබාගත් බොහෝ ගෝලබාලයන් අද හුඟක් දුර ගිහින්. ඒ විදිහට දුර ගමනක් ගිය ගෝලයන් එක්ක අද ඔබට මොන විදිහේ සම්බන්ධතාවක්ද තියෙන්නේ? 
 
ඒ කා‍ලේ ආධුනිකයන්ට ගායකයෙක් විදිහට ජනතාව අතරට එන්න අවස්ථාව ලැබුණේ ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත්වෙලයි. ඒත් එහෙම නැතුව තරුණ සේවා සභාව හරහා තමන්ගේම ගීත ගායනා කරලා ඉදිරියට එන බොහෝ අයට මම මාර්ගය සකස් කරලා දුන්නා. ඒ සමහරු අද සංගීත 
ක්ෂේත්‍රයේ ලොකු තැන්වල ඉන්නවා. ප්‍රසංගවලින් හොඳට මුදල් හරි හම්බ කරගන්නවා. ඒත් ඒ හුඟ දෙනෙකුට මම එදා කරපු දේවල් අමතකයි. රටේ ජනප්‍රිය වෙච්ච මගේ ගෝලයන් වන චන්දන ලියනාරච්චි සහ අතුල ශ්‍රී ගමගේ විතරයි විදෙස් ප්‍රසංගයකට ගිහින් ආවත් ඒ ගැන තොරතුරු කියලා මා එක්ක කතා බහ කරමින් ඉඳලා යන්නේ. 
 මා ගැන නොබැලුවාට කිසි දුකක් මට නැහැ. නමුත් අහවල් ගෝලයා අපේ ගෙවල් ළඟම ප්‍රසංගයකට ඇවිත් මාව මුණගැහෙන්නේ නැතුවම ආපහු ගිහින් කියලා වගේ ආරංචි ලැබුණාම නම් ‍පොඩි කනගාටුවක් හිතට එනවා. 
 
කිෂාන් කනංකෙ
ඡායාරූප - අයිරංගි එදිරිසිංහ

ප්‍රවීණ සිනමාවේදී බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන ‘නෙලා’ චිත්‍රපටය අද (14) CBL මණ්ඩලයේ සිනමා ශාලා රැසකදී ප්‍රදර්ශනය ඇරඹේ. මෙහි දැක්වෙන්නේ එම චිත්‍රපටය පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
 
මීට පෙර නවකතාවක් ලෙස ජනතාව රසවිඳි කතා පුවතකුයි ඔබ මෙවර ඔබේ සිනමා නිර්මාණය සඳහා පාදක කරගත්නේ?
 
ඔව්. ඒ තමයි ස්පාඤ්ඤ ජාතික ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු වන බෙනිටෝ පෙරොස් ගල්දොස් විසින් 20 වන සියවස මුල් භාගයේදී රචනා කරන ලද ‘මරිය නෙලා’ නවකතාව. ඉන්ද්‍රානි රත්නසේකර විසින් ‘නෙලා’ නමින් එය සිංහල බසට පරිවර්තනය කළා. එය මා හුඟක් ආසාවෙන් රසවිඳි නවකතාවක්. එම ‘නෙලා’ නවකතාව  ඇසුරෙන් තමයි ‘නෙලා’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ. 20 වන සියවසේ මුල් භාගයේදී ලංකාවේ තේ වගාව ආරම්භ කළ ලාංකික සිංහල පවුලක් වටායි මේ කතා පුවත ගෙතිලා තියෙන්නේ.
 
‘නෙලා’ සමග එක්වූ නළු නිළි පිරිස ගැන සිහිපත් කළොත්?
 
උදාර රත්නායක, ශලනි තාරකා සහ තාරුකා වන්නිආරච්චි මෙහි ප්‍රධාන චරිත රඟපානවා. සේමිණී ඉද්දමල්ගොඩ, පුෂ්පරානි සත්‍යා, ට්‍රිනී වාස්, කුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, පාලිත සිල්වා සහ අනුර ධර්මසිරිවර්ධන වැනි දක්ෂ නළු නිළි පිරිසකුත් මම මීට එකතු කරගත්තා. මම ජනතාව මේ චිත්‍රපටයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.
සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපතිවරයා වන ඔබගේ මූලිකත්වයෙන් මීට මාස කිහිපයකට පෙර සිනමාවේ දැනට පවතින අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළා. තවමත් එහි ඇතුළත් යෝජනා ක්‍රියාත්මක බවක් පේන්නට නැහැ.
ඔව්. අපි බලාගෙන ඉන්නවා ඉක්මනින්ම ඒ ගැන අවධානය යොමුවේවි කියලා. අපි ඉදිරිපත් කළේ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳව යෝජනාවලියක්. බෙදාහැරීම් අර්බුදය වළක්වා ගැනීම සඳහා ගතහැකි විසඳුම් අපි එහි අන්තර්ගත කළා. මොකද, කොහොමද චිත්‍රපට තෝරාගන්නේ, කොහොමද චිත්‍රපට 
බෙදාහරින්නේ කියලා නිශ්චිත වැඩපිළිවෙළක් 
තිබිය යුතුයි. එතකොට තමයි හැම සිනමාකරුවකුටම සාධාරණයක් ඉටුවෙන්නේ.
 
අද පවතින ක්‍රමවේදය අනුව චිත්‍රපට ප්‍රදර්ශනයේදී සිනමාකරුවන් සැමට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ කියලාද ඔබ කියන්නේ?
 
ඔව් මොකද සිනමා පට විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ‍පෝලිමේ තියෙනවා. දුවනවා කියලා හිතන වණිජ ගණයේ චිත්‍රපටවලට චිත්‍රපට ප්‍රදර්ශනයේදී ප්‍රමුඛත්වයක් ලැබෙනවා. මොකද ප්‍රදර්ශනමණ්ඩල තමයි තීරණය කරන්නේ මොනවද ප්‍රදර්ශනය කරන්නේ කියලා. හරිනම් වාණිජමය වගේම කලාත්මක වටිනාකමක් තියෙන චිත්‍රපට වලටත් නියම ස්ථානය ලැබෙන්න ඕනේ.
 
චිත්‍රපට දෙකක් අතරට තවත් චිත්‍රපටයක් ඇතුළු කරලා 4.15 දර්ශනයක් මේ වනවිටත් නිර්මාණය කරගෙන තිබෙන්නෙත් චිත්‍රපට ‍පෝලිමට විසඳුමක් ලෙසයි නේද?
 
එහෙම කරලා ප්‍රේක්ෂකයන් අතරමං කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒකයි අපි කියන්නේ චිත්‍රපට බෙදාහැරීමේ සිට ප්‍රදර්ශනය දක්වා විධිමත්ව තිබිය යුතුයි කියලා. එහෙම නැතුව ගැප් එකට චිත්‍රපට දාලා චිත්‍රපට ‍පෝලිමට විසඳුම් හොයන එක සාර්ථක කැහැ.
 
සමන්මලී නැලිගම

Page 1 of 34

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 741

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 355

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3457

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1957

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3950

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5040

Please publish modules in offcanvas position.