Coss Ear2
lakbima.lk
COSS Ear 1

“දෙරණ ස්ටාර් සිටි 20-20” තරගය කියන්නේ ජනප්‍රිය කලාකරුවන් යුගල 20ක් තරග වදින තරගයක්. ජනප්‍රිය ගායකයකු වන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හා ඔහුගේ දුව ලිහිණි හෙට්ටිආරච්චිත් මේ සඳහා තරග වැදුණා. තරග ස්වභාවය අනුව මේ දෙන්නට තරගය අතරමැදදී තරග බිමෙන් සමුගෙන යන්න සිදුවුණා. ඒත් දැන් චන්ද්‍රසේන පවසන්නේ වෙනස්ම කතාවක්. මේ තරගය සිය දියණියගේ කලඑළි මංගල්‍යය විදියටයි ඔහු දැන් හඳුන්වන්නේ. ඒ හින්දම අපි හිතුවා ඒ අයත් එක්ක කතා කරන්න. 
“මම සාමාන්‍යයෙන් මේ වගේ රියැලිටි තරගවලට යන්නේ නැහැ. ඒත් මම මේ තරගයට ගියේ දුව හින්දා. දුව මේ වන විටත්  ක්ෂ්ත්‍රයේ හිටියට ඇයව රටම හඳුනාගන්න මෙය අවස්ථාවක් වේවි කියලා මම හිතුවා. හිතුවා වගේම මේ තරගය දුවට හොඳ ආරම්භයක් වුණා. දැන් ඇය සංගීත ක්ෂ්ත්‍රයේ අලුත් ගමනකට සැරසිලා ඉන්නේ.” 
චන්ද්‍රසේන පවසනවා. ඔහු කියන විදියට “ලිහිණි” ඇරඹූ ඒ අලුත් ගමන ගැන තවත් විස්තර දැන ගන්න අපි ඇයට කතා කළා. 
 
මුලින්ම අපිට ලිහිණිගේ තොරතුරු ටිකක් කියන්න? 
මට වයස 20යි. උසස් පෙළ හදාරලා දැන් ව්‍යාපාර සංඛ්‍යානය තුළින් විශ්වවිද්‍යාලයට යන්න සැරසිලා ඉන්නවා. ඒ අතරේ සංගීතයත් හදාරනවා. 
 
ඒත් ඔබ දැන් සංගීත ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසිලා වගෙයි? 
මේ වන විට ප්‍රසංග වේදිකාවෙත් මම ගී ගයනවා. ඉස්සරත් ප්‍රසංග වේදිකාවල ගී ගැයුවා. 
ගොඩාක් වෙලාවට අප්පච්චි එක්ක තමයි ඒ අවස්ථාවලට සහභාගි වුණේ. තරගයෙන් පස්සේ දැන් මටත් ප්‍රසංග වේදිකාවට වැඩියෙන් ආරාධනා ලැබෙනවා. 
 
එකම දවසේ අප්පච්චිටයි දුවටයි ස්ථාන දෙකක පැවැත්වෙන ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණොත්? 
අම්මා මාත් එක්ක එනවා. අප්පච්චි අයියා එක්ක යනවා. 
 
ලිහිණි පුංචිම සන්දියෙත් ගී ගැයුවා නේද? 
මම 7 වසරේදී තමයි තාත්තා මට පළමු   ගීතය නිර්මාණය කළේ. “ඉරයි හඳයි“ කියන ඒ ගීතය මම ගායනා කළා. තාත්තාගේ කලා ජීවිතයේ සැමරුම් විදියට වසර 5කට වතාවක් ප්‍රසංග පැවැත්වෙනවා. අප්පච්චිගෙ කලා ජීවිතේට වසර 25 පිරෙන දා පැවැති ප්‍රසංගයේදී තමයි මුලින්ම ගී ගයන්න ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ. එදා අයියයි මමයි, අප්පච්චි එක්ක සමූහ ගායනයකට එකතු වුණා. අප්පච්චි තේජා දමයන්ති සමග ගයන “ඔබ මා හෙලු සිනාවේ” ගීතය තමයි අප්පච්චිගේ සංගීත දිවියට වසර 30 පිරෙන දා පැවති උත්සවයේදී මම ගැයුවේ. 
 
ඊට පස්සේ? 
විවිධ උත්සවවල ගී ගයන්න මටත් ආරාධනා ලැබුණා. ඒත් පාසල් අධ්‍යාපනය හින්දා පූර්ණ කාලීනව සංගීතයට යොමු වුණේ නැහැ. 
 
මේ වෙනකොට ගායිකාවක් ලෙස ඉදිරියට යන්න මොනවාද සැලසුම් කරලා තියෙන්නේ? 
ළඟදීම මගේ නවතම ගීතය නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ප්‍රසංග වේදිකාවෙත් ගී ගයනවා. 
 
ඔබ රංගනයටත් දක්ෂයි කියලත් ආරංචියි. නිළිකමට එකතුවන්න එහෙම අදහසක් නැද්ද? 
පාසල් වේදිකාවේ රඟපෑවා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. 
 
ආරියවංශ කුලතිලක

රංගන ශිල්පියකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම තිර පිටපත් රචකයකුද වන ප්‍රගීත් එස්. රත්නායකගේ කුළුඳුල් සිනමා පටය වන ‘ආදරෙයි මං’ සී.ඊ.එල්. සහ සිත්මා මණ්ඩලවලට අයත් සිනමාහල් රැසකදී මේ දිනවල තිරගත වේ. මෙහි දැක්වෙන්නේ ආදරෙයි මං පිළිබඳ අධ්‍යක්ෂවරයා සමග කළ සංවාදයකි.
 
ආදරෙයි මං ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ දැන්. ඒත් ඒ නිර්මාණය කාලෙකට පෙර කළ එකක් නේද?.
 
චිත්‍රපටය සම්පූර්ණයෙන් ඉවර කරලා අවුරුදු 3කට වැඩියි. ඒත් පෙන්වන්න ලැබුණේ දැන්.
 
මෙහි අධ්‍යක්ෂණය වගේම රචනයත් ප්‍රගීත්ගේමයි. මේ කතාව නිර්මාණය වුණේ කුමක් හෝ අත්දැකීමක් ඇසුරු කරගෙනද...? 
මම ගොඩක් වෙලාවට ආදරය කියන තේමාව නිර්මාණවලට තෝරා ගන්නවා. මීට පෙර මම රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍යය නිර්මාණය කළා. මේ චිත්‍රපටයටත් තෝරාගත්තේ ආදරය. ඒත් ඒ කතාව මගේ හෝ වෙනකෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් නම් නොවෙයි.
 
ආදරෙයි මං සඳහා ශිල්පීන් තෝරා ගත්තේ කොහොමද?
 
මෙහි මගේ පෙම්වතිය විදියට ප්‍රධාන චරිතය රඟපාන්නේ චතුරිකා පීරිස්. චතුරිකා මීට කලින් දෙහදක් ආදරෙයෙන් එකේ එකට රඟපෑවා. සියුම් අවස්ථා හරිම අපූරුවට නිරූපණය  කරන්න චතුරිකාට ලොකු දක්ෂතාවයක් තියෙන බව මම තේරුම් ගත්තේ එහිදී. ඒ හින්දයි චතුරිකා තෝරා ගත්තේ. ඊට අමතරව රොබින් ප්‍රනාන්දු, නීල් අලස් වැනි ප්‍රවීණයින් මෙහි රඟපානවා. වික්ටර් රත්නායක සංගීතවත් කරලා ගායනා කරන ගීත 6ක් චිත්‍රපටයට ඇතුළත්. වික්ටර් සමග උරේෂා රවිහාරි මෙහි ගීත ගායනා කරනවා. 
 
ආදරෙයි මං චිත්‍රපටය ප්‍රගීත්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වුණාට ප්‍රගීත්ගේ කලා ජීවිතය බොහෝ දිගු එකක් නේද? 
 
මම ක්‍ෂේත්‍රයට එකතු වුණේ 88-89 කා‍ලේ. එතකොට මම කොළඹ ඉසිපතන විදුහ‍ලේ සාමාන්‍ය පෙළ හදාරනවා. ආචාර්ය සලමන් ෆොන්සේකා යටතේ නාට්‍ය කලාව හදාරන්න ඔය කා‍ලේ අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ ගමන ආරම්භය. 1989 ලාල් වනිගතුංග සුපිරි සිරි පිරි නාට්‍යය කළා. එය ගැටවර වයස තේමා කරගත්තු එකක්. මට එහි රඟපාන්න ලැබුණා. ඊට පස්සේ එදා මෙදාතුර වේදිකා නාට්‍ය රැසක් කළා. 1996 දී මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටය තුළත් සිනමාවේ රඟපාන්න ලැබුණා. 1999 දී සෙන‍ෂේ 
බංඩාරනායකගේ 'ෆැන්ටසි ඇවනිවු නාට්‍යයෙන් ටෙලි නාට්‍යයවලට එකතු වුණා. රංගනයට අමතරව ශාන්ති, ප්‍රගිති වැනි නාට්‍යයවල හඬ කැවීම්වලටත් එකතු වෙලා තියෙනවා.
 
නිර්මාණවලින් ආදරය ගැන කතාකරන ප්‍රගීතුත් ආදරය විඳිනවාද?
(හිනැහී) ඔව්. මමත් පෙම්වතෙක්
 
ආරියවංශ කුලතිලක

Page 1 of 34

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3626

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2406

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7207

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.