Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාසල් අධ්‍යාපනය නිමා කරලා රංගන නිවේදන ක්ෂේත්‍රයට පය තිබ්බ බුවිනි දැන් අවුරුදු 24ක නව යෞවනියක්. ඇය තමන්ගේ 24 වන උපන් දින උත්සවය පහුගිය දවසක සැමරුවා. ඒත් මේ උපන් දින උත්සවයට බුවිනි ආරාධනා කරලා තිබුණේ තමන්ගේ යෙහෙළියන්ට පමණයි. ගැහැනු පිරිමි බේදයක් නැතුව කා සමගත් මිත්‍රශීලී බුවිනි උපන් දින උත්සවයට විතරක් ලිංග භේදය ඉස්සර කර ගත්තේ ඇයි කියලා අපි ඇගෙන් ඇහුවා. 
 
අවුරුදු විසි හතරකුත් ගෙවුණා. 
ඒකනේ බලන්නකෝ වයස යන ඉක්මන. 
 
වැඩි කල් නොයවා විවාහයක් කරගන්න හොඳ වයස? 
විවාහ වෙන්න ඕනෑ. ඒත් දැන්ම නමෛයි. තව අවුරුදු දෙකක්වත් ඉන්නවා.
 
දැන්ම නොවුණත් විවාහ වෙන්න කෙනෙක් ඉන්නවානේ? 
ඔව්. ඔව්. දැනට ඔව් කියලා විතරක් ලියන්නකෝ.
 
උපන් දින සාදය ladies only වුණේ ඇයි? 
මෙහෙමයි. අක්කටයි මටයි ගොඩක් යාළුවෝ ඉන්නවා. ඉතින් අපිට ඕනෑ වුණා අපේ යාළුවෝ එක්ක හොඳට විනෝද වෙන්න. විශේෂයෙන්ම ඇති වෙන්න නටන්න.
 
යාළුවෝ කිව්වට යෙහළියොනේ? 
ඔව්. ඔව්. එයාලත් කිව්වේ කන්න නැති වුණත් කමක් නෑ. හොඳට නටන්න ඕනෑ කියලා. ඉතින් හිතපු විදියටම එයාලත් හිතේ හැටියට නටලා ඇති තරම් විනෝද වුණා. 
 
ඇයි විනෝද වෙන්න පිරිමි අය බාධාවක්ද? 
මෙහෙමනේ, ඒ අය ඉන්න කොට සීමා මායිම් තියනවානේ. හිතේ හැටියට විනෝද වෙන්න බැහැනේ. 
 
කවුද ඔය යාළුවෝ ක්ෂේත්‍රයෙ අයද? 
ඒ අය විතරක්ම නමෛයි. ක්ෂේත්‍රයෙන් පිට යාළුවොත් හිටියා. ඉස්කෝලෙ යාළුවොත් හිටියා. 
 
පිරිමි පුළුටක්වත් හිටියේ නැද්ද? 
කේක් කපන වෙලාවෙ තාත්තයි මල්ලියි හිටියා. මොකද එයාලා දෙන්නා නැතුව මම කේක් කපන්න කැමති වුණ් නෑ. ඒත් කේක් කැපුවට පස්සේ ඒ දෙන්නම උත්සවයේ හිටියේ නෑ. එළියේ හිටියේ. ආයේ පිරිමි කියලා හිටියේ DJයි. ඡායාරූප ශිල්පියායි විතරයි. 
 
එතකොට පෙම්වතාටත් උත්සවය තහංචියි? 
ඔව්නේ. එයා හිටියා. ඒත් එළියේ. උත්සවයට ආවේ නෑ. 
 
දැන් පෙම්වතා කැමති වුණාද ඔය කන්සෙප්ට් එකට? 
අකැමති වුණේ නෑ. 
 
බුවිනිගේ පිරිමි යාළුවෝ එයාලට උත්සවය තහනම් කිරීම ගැන අවුලක් නැද්ද? 
ඇයි නැත්තේ. හොඳටම තරහා වෙලා. යාළු කරගන්න මම එයාලට වෙනම පාටියක් දෙනවා. 
 
මදැයි උපන් දින සාදයකුත් අරගෙන යාළුවොත් තරහා කරගත්තා.
කියලා වැඩක් නෑ. ඒත් දුකක් නැත්තේ මගේ යාළුවෝ ඇති තරම් විනෝද වුණා. මට ඒ ගැන සතුටුයි.
 
උපන්දිනය යෙදී තිබුණේ වෙසක් ‍පෝය දවසේ. එදා පින්කමක් කරගත්තේ නැද්ද?
ඇයි නැත්තේ. සිල් ඇත්තන්ට දානයක් දුන්නා. ‍පොඩි දන්සලක් දුන්නා. පාටිය ගත්තේ වෙසක් ‍පෝය පහුවෙලා.
 
රංගනය ගැන කතා කළොත් අක්කට වඩා දැන් නංගි ජනප්‍රියද? 
අක්කා නිසා තමයි මම ‍ලේසියෙන්ම ක්ෂේත්‍රයට ආවේ. දුව හම්බවෙලා අවුරුදු තුනක් විතර අක්කා රංගනයෙන් ඈත්වෙලා හිටියා. ඔන්න මේ දවස්වල තමයි ආයෙත් එයා හෙමින් හෙමින් වැඩ පටන් ගන්නේ. වාසනාවකට එයාව ඒ අවුරුදු තුනට ප්‍රේක්ෂකයන්ට අමතක වුණේ නෑ. අක්කා නැති අතරෙ මම වැඩිපුරම වැඩ ටිකක් කළා. ඒත් එහෙමයි කියලා අක්කට වඩා මම ජනප්‍රියයි කියන්න බෑ.
 
ආපහු චිත්‍රපටයකට ආරාධනා ලැබුණෙ නැද්ද?
ලැබුණා. ළඟදීම රූගත කිරීම් පටන් ගන්නවා.
 
නිවේදිකාවක් විදියටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවාද? 
ස්වර්ණවාහිනියේ MY FAMILY ජනප්‍රිය වැඩසටහනක් කළා. ක්ෂේත්‍රයේ පවුල්වල අයනේ හමුවෙන්නේ. මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඒ වැඩසටහනට. ඒ නිසා මම නිළියක් විදියට වගේම නිවේදිකාවක් විදියටත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
 
හිමේෂා සවන්ති රාජපක්ෂ 
ඡායාරූප :- අසන්ත ගමආරච්චි

අයිශාරා අතුකෝරළ කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය තාරකාවියක්. 
මේ නිසාම ඇයගේ ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාර ලැබිමත් ඇයට සාමාන්‍ය දෙයක්. නමුත් මේ දිනවල ප්‍රචාරණය වන අයිශ්ගේ ඡායාරූප පෙළක් නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර දෙගුණ තෙගුණ වෙලා කියලා අපට ආරංචි වුණා. පැණි මකුළුවෝ චිත්‍රපටය නමින් ප්‍රචාරණය වෙන ඒ ඡායාරූප ගැන දැන ගන්නත් එක්ක “රිද්ම” අපි අයිශ්ට කතා කළා. 
 
මේ දිනවල “පැණි මකුළුවෝ” නමින් ප්‍රචාරණය වන ඡායාරූපය නිසා ඔබේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා නේද? 
නිරූපණ ශිල්පිනියක් විදිහට මගේ ඡායාරූප ජනප්‍රිය වීම මට සාමාන්‍ය දෙයක්. නමුත් පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් මට ලැබෙන ජනප්‍රියත්වය මගේ කලා ජීවිතයට හුඟක් වැදගත්. මොකද පැණි මකුළුවෝ කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය නිසා.
 
රඟපෑ පළමු චිත්‍රපටයේම ප්‍රධාන නිළියගේ චරිතය ලැබිම ගැන මොකද හිතෙන්නේ?
‘පැණි මකුළුවෝ’ කියන්නේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඉසුරු වීරසිංහ මුදලි වගේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්, උදාර පල්ලියගුරුගේ වගේ දක්ෂ නිෂ්පාදකවරයෙක්, ඒ වගේම සනත් ගුණතිලක වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ දිනෙත් ද සිල්වා වගේ දක්ෂ යෞවන රංගන ශිල්පියෙක් සමග පළමු චිත්‍රපටයේදීම වැඩ කරන්න ලැබිම ගැන ඇත්තටම සතුටුයි. 
 
පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට සරාගී නිළියක් හඳුන්වා දීලා කියලත් සමහරු කියනවා? 
සරාගී කියලා එහෙම කිසිම දෙයක් නැහැ. මේ දිනවල පැණි මකුළුවෝ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා මගේ ඡායාරූපය නිසා වෙන්න ඇති සමහරු එහෙම කියනවා ඇත්තේ. ඇත්තටම ඒ ඡායාරූප අඩ නිරුවත් ඒවාමත් ‍නෙවෙයි. යම් සිදුවීමක් සංකේතවත් කරන්න තමයි ඒ දර්ශනය යොදාගෙන තියෙන්නේ. ඒ නිසා මගේ සරාගීකම තීරණය කරන්න ඒ ඡායාරූපවලට පුළුවන්කමක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. චිත්‍රපටය නරඹන අයට මේ කියන කාරණය තවත් හොඳින් තේරුම් යාවි. 
 
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගිය ඔබ නිළියක් වුණාට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලාද? 
නිරූපණ ක්ෂේත්‍රයෙන් මම මේ වන විට තරමක් ඈත්වෙලා තමයි. නමුත් නිළියක් හෝ නිරූපණ ශිල්පිනියක් විදිහට ‍ලේබල් වෙන්න මම කැමැති නැහැ. මට කරන්න පුළුවන් හොඳයි කියලා හිතන වැඩ මම භාරගන්නවා. 
 
පැණි මකුළුවෝහි රඟපෑවට පස්සේ ඔබට තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණාද? 
පැණි මකුළුවෝහි රංගනයත් සමග මට බොහෝ ආරාධනා ලැබුණා. විශේෂයෙන් ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය සහ සනත් ගුණතිලකගේ ‘මංගල තෑග්ග ’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව උදාකර දුන්නේ පැණි මකුළුවෝ චිත්‍රපටයයි කීවොත් හරියටම හරි. 
 
පුංචි තිරයට එන්න බලා‍පොරොත්තුවක් නැද්ද? 
මම දැනට ටෙලිනාට්‍ය භාරගන්නේ නැහැ. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකුගෙන් හොඳ පිටපතක් තියෙන ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණොත් විතරක් ඒ ගැන සලකා බලනවා. 
 
සමන්මලී නැලිගම

දෙනුවන් සේනාධි සහ ශිරෝමිකා ප්‍රනාන්දු කියන්නේ අද පුංචි තිරය තුළ ඉහළම ජනප්‍රිය තලයක හිඳිනා නළු නිළියන් දෙපළක්. මේ දෙන්නම ජනප්‍රිය වුණේ හාස්‍යය රංගනය තුළින්. දෙනුවන්ටයි ශිරෝමිකාටයි ආදරේ කරන රසික රසිකාවියන් විශාල පිරිසක්ද ඉන්නවා.
“මම ක්‍ෂේත්‍රයට ආවේ තුසිත හා ප්‍රසංගගේ සහය අධ්‍යක්ෂවරයෙක්  විදියට ස්වර්ණවාහිනිය තුළින්. ඒ දෙන්නා තමයි මුලින්ම මාව වෙළෙඳ දැන්වීම්වලට ගෙනාවේ. ඔය අතරේ මම නිෂ්පාදන අංශය තුළ වැඩ කරන අතරේ රංගනයටත් එකතු වුණා. ඊට පස්සේ තමයි “දෙරණ සිටි ඔෆ් ඩාන්ස්” සඳහා එකතු වුණේ. එතැනදී මම නිවේදනයට වඩා හාස්‍ය රංගනයට තමයි මුල් තැන දුන්නේ.....”
රන්ජා, මයි නේම් ඊස් බන්දු, මගේ යාළු මාළු, දළදා ගමනය වැනි චිත්‍රපට වගේම මේ දවස්වල විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයටත් දෙනුවන්ගේ රංගනය ඇතුළත්.
ශිරෝමිකා නම් ක්‍ෂේත්‍රයට ආවේ හාස්‍යය රංගනයෙන් ‍නෙවෙයි, ඇය වේදිකාව වගේ ටෙලි නාට්‍යය තුළත් විවිධාකාර චරිත රඟපෑවා. අද වන විට නම් ශිරෝමිකා හාසේ‍යාත්පාදක නිළියක්ම වෙලා.
තිරය මත හාස්‍ය මවන අය සැබෑවටත් ඒ වගේද කියන එක රසික රසිකාවියන් විමසන දෙයක්. ඇතැම් රසික පිරිස් එබඳු නළු නිළියන්ගෙන් සැබෑ ජීවිතයේදීත්  හාසේ‍යාත්පාදක චරිත විය යුතු බව බලා‍පොරොත්තු වෙනවා. මේ දෙන්නා හැබෑවටත් විහිළු තහළුවට බරද කියලා අපි හොයලා බැලුවේ ඒ හින්දා.
“මගේ මහත්තයා හමුදා නිලධාරියෙක්. මගේ දුව තරුෂිට වයස 18යි. පුතා තරුෂට 10යි. ගෙදරදි මම විහිළු චරිතයක් නමෛයි. ටිකක් සීරියස් චරිතයක්. මම හිතන්නේ ගෘහනියක් විදියට අම්මා කෙනෙක් විදියට ගේ දොර පාලන කටයුතු කරද්දී එහෙම වෙන්න සිද්ධ වෙනවා.”
“මම නම් සාමාන්‍ය ජීවිතයේදීත් ඔය වගේ තමයි. මගේ බිරිඳ තිළිණි ඒ බව දන්නවා. සමහර වෙලාවට සමහර වැඩසටහන්වලදී මට ගෑනු ඇඳුම් අඳින්න වෙනවා. බිරිඳ ඒ වගේ වෙලාවට කියන්නේ මොන චරිතයක් කළත් කරන දේ හරියට කරන්න කියලා.”
දෙනුවන් හා ශිරෝමිකා හොඳ හිතවතුන් දෙන්නෙක්. රියැලිටි තරගවලදී දෙන්නාගේ මුවඟට සමහර දෙබස් ගලා එන්නේ උල්පතකින් වතුර එනවා වගේ. දෙන්නාගෙන්් වෙන වෙනම ඒ අය ගැන ඇහුවාම දෙනුවන් ශිරෝමිකා ගැනයි ශිරෝමිකා දෙනුවන් ගැනයි දීර්ඝ විදියට ඇගයීම් කළා.
“දෙන්නට සුන්දර ප්‍රේම කතාවක පෙම්වතුන් විදියට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්....”
අපි ඇහුවාම දෙන්නම උත්තර දුන්නේ මහ හයියෙන් හිනාවෙලා.
“එහෙනම් මම මලක් වගේ වෙලා දෙනුවන්ට බඹරෙකුගේ චරිතය රඟපාන්න කියනවා......”
“ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මම ෂාරුක් වෙලා ශිරෝමිකා අක්කට කියනවා කාජල් වගේ රඟපාන්න කියලා.”





ආරියවංශ කුලතිලක
ඡායා - මංජුල පෙරේරා

මේ ගෙවී යන්නේ උතුම් තෙමඟුල සමරන වෙසක් සතියයි. වෙසක් ‍පොහොය නිමිති කරගෙන රට පුරා පින්කම් රැසක් සිදුවෙද්දී නව පරපුරේ රංගන තාරකාවක් තම විසි එක් වෙනි උපන් දිනය නිමිතිකරගෙන අපූරු පින්කමක් සිදුකළා. කලා ක්ෂේත්‍රයේ තරු තාරකාවන් තම උපන් දින සැමරීම අරුමයට කාරණයක් නොවෙයි. කොටසක් තමන්ගේ ඇති හැකි සහ ආසාවේ ප්‍රමාණය මත නිවහනේ සිට තරු පන්තියේ හෝටල්වල උපන් දින සාද පවත්වද්දී තවත් කොටසක් වැඩිහිටි,  ළමා නිවාසවල දානමය පින්කම් කරමින් උපන්දිනය සමරනවා. පසුගියදා නව පරපුරේ රංගන ශිල්පිනියක් වූ මිෂෙල් දිල්හාරාත් තමන්ගේ විසි එක්වෙනි උපන් දිනය තරු පන්තියේ හෝටලයක මහා ඉහළින් සැමරුවා. නමුත් එම සාදයේ විශේෂත්වයක් තිබුණා. තමන්ගේ යාළු මිත්‍රයන්, ඥාතීන් වෙනුවට උපන් දින සාදයේ විශේෂිත ආරාධිත අමුත්තන් වුණේ ළමා නිවාසයක ළමුන් පිරිසක්.  
එදා සිනමන් ග්‍රෑන්ඩ් තැ‍ප්‍රොබේන් පිරී තිබුණේ මීගමුව සලණි ළමා නිවාසයේ දැරියන්ගේ සතුටු සිනාවෙන්. මව් පාර්ශ්වයෙන් කතෝලික බවත්, පිය පාර්ශ්වයෙන් බෞද්ධ බවත් උපතින් උරුම කරගත් මිෂෙල් දිල්හාරා තරු පන්තියේ හෝටලයකට පය ගැසීමත් සිහිනයක් වූ අහිංසක දැරියන්ට තම උපන් දිනය නිමිති කරගෙන ලබාදුන් සතුට සුළුපටු නැහැ. එබැවින්  එය උපන් දින උත්සවයකටත් වඩා වෙසක් සතියේ කළ සුවිශේෂි දානමය පින්කමක් ලෙස හැඳින්වූවත් වැරදි නැහැ. නෑදෑ යහළු මිතුරන් සමග කා බි විනෝද වන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදී වෙසක් සතියේ අහිංසක දැරියන්ගේ කුස සේම සිතත් නොඅඩුව පිරවූ මිෂෙල් අපි සමග පිළිසඳරට එක් වුණා. 

මිෂෙල් හුඟාක් සතුටින් වගේ? 
ඇත්තටම කවදාවත් නැති තරමට මගේ හිතට සතුටුයි.
 
සතුටට හේතුව උපන් දින සාදයද?
ඔව්. මගේ උපන් දින සාදය නිසා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක් ලබපු අහිංසක නංගිලාගේ සතුට දිහා බලලා මම හුඟාක් සතුටු වුණා. 
 
ඇත්තටම මිෂෙල් ළමා නිවාසයක ළමයි ටිකක් එක්ක තරු හෝටලයක උපන් දින සාදයක් පවත්වන්න හිතුවේ ඇයි?
මම මීගමුව සරණි ළමා නිවාසයේ නංගිලාට ඉංග්‍රීසි උගන්වනවා. මම ඒක කරන්නේ බොහොම ආසාවෙන් වගේම කිසිම මුදල් අය කිරීමක් නැතුව. මම ගුරුවරියක් වගේම සහෝදරියක් විදියටත් එයාලට හරි කිට්ටුයි. දවසක් නංගි කෙනෙක් මගෙන් කොළඹ තියෙන ලොකු හෝටල් ගැන විස්තර ඇහුවා. ඒ විස්තර කියනකොටත් එයාලට පුදුමයි. ඒ වගේ තැනකට ගිහින් බලන්න ආසයි කියලා එදා ඒ ළමයි මට කිව්වා. මම එයාලට ‍පොරොන්දු වුණා කවදා හරි දවසක එයාලගෙ ඒ ආශාව ඉෂ්ට කරනවා කියලා. ඒත් ඒක කොහොම කරන්නද කියලා මට අදහසක් තිබුණෙ නෑ. හැබැයි කවදා හරි එයාලගේ හීනය හැබෑ කරන්න මම හිතාගත්තා.
 
 
21 වෙනි උපන් දිනයට එයාලව තරු හෝටලයකට එක්කගෙන ආවේ ඒ නිසාද? 
ඔව්. මම සාදවලට ඒ තරම් ආස නෑ. ඒත් 21 වෙනි උපන් දිනය සමරන්න යාළුවෝ, මගේ ගෙදර අය යෝජනා කරද්දී මට හිතුණා ළමා නිවාසේ නංගිලාගේ හීනය හැබෑ කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. ඒ අයට කොළඹ තරු හෝටලයක් පෙන්නන්න විතරක් නමෛයි තරු හෝටලයකින් කන්න දෙන්නත් මට උවමනාව තිබුණා. ඒ නිසයි. මම මගේ විසි එක්වෙනි උපන් දිනය සිනමන් ග්‍රෑන්ඩ් තැ‍ප්‍රොබේන්හිදී එයාලා ආස කරන කලාකරුවන් එක්ක සමරන්න හිතුවේ. 
 
ජීවිතේ සුන්දරම වයසේ හිටියත් මිෂෙල් හිතන පතන විදිය ඔයාගෙ වයසෙ  තරුණියන්ට වඩා වෙනස් වගේ. මිෂෙල් භාවනාවටත් යොමු වෙලා කියලා ආරංචියි?
ඔව්. මම කාලයක් ඉඳන්ම භාවනා කරනවා. පුංචි කා‍ලේ මම තාත්තා එක්ක ආත්ම ආරක්ෂක සටන් පුහුණු වුණා. ඒ කා‍ලේමයි භාවනාවටත් යොමු වුණේ. මොකද ඒ දෙක අතරෙ සමීප සම්බන්ධයක් තියෙනවා. සටන් කලාව කරන කෙනෙක්ගෙ මනස නිරවුල් වෙන්න ඕනෑ භාවනාවෙන් ඒ දේ සිද්ධ වෙනවා.
භාවනා කරන කෙනෙක් නිළියක් වෙන්න හිතුවා කියන්නෙත් පුදුමයක්?
රංගනය කියන්නේ රැකියාවක්. භාවනාවෙන් මම කළේ මගේ මනස නිරවුල්ව තබාගැනීමටයි. ඒ නිසා රංගනයත් මට භාවනාවක් වගේ දැනෙනවා. ඒකත් මම භාවනාවක් වගේ බොහොම භක්තියෙන් නිරවුල් මනසින් කරනවා. ඉදිරියේදී භාවනාවත් එක්ක අසරණ ළමයින්ට පිහිට වෙන්නත් මගේ අදහසක් තියනවා.
 
හිමේෂා සවන්ති රාජපක්ෂ 
ඡායා:- අසන්ත ගමආරච්චි

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමගම සමාජ ජාල වබේ අඩවිවල බොහෝදෙනකු විවිධාකාර සටහන් තැබූහ. නමුත් මේ පණිවුඩ සටහන් සියල්ල අභිභවා ගිය සුවිශේෂ පණිවුඩ සටහනක් පිළිබඳ ශ්‍රී ලංකාවේ සමාජ ජාල වබේ අඩවි භාවිතා කරන බොහෝදෙනකු මේ දිනවල කතා කරති. 
 
එකී සටහනෙන් දක්වන්නේ බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ පහළට කුණු පුරවා ඇති ඡායාරූපයකි. එකී ආන්දෝලනාත්මක සමාජ සටහන සහිත ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජ ජාලයක් ඔස්සේ හුවමාරු කළ බව ජනප්‍රිය නිළි  සමනලී ෆොන්සේකාට එරෙහිව චෝදනා නැගී තිබේ. ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමය විසින් ‍පොලිස්පති පූජිත ජයසුන්දර වෙත කළ පැමිණිල්ලක සටහනක්ද මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. 
 
රංගන ශිල්පිනියක්, ජනප්‍රිය තරුවක් ලෙසින් මෙරට ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන සමනලී ෆොන්සේකා රටේ ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දැක්වූ මෙම අදහස පිළිබඳව අපි කරණු විමසා සිටියෙමු. මේ ඒ පිළිබඳ ඇය දැක්වූ අදහස්ය.
ඡායාරූපය කියන්නේ කලාවක්. ඒ තුළ තියෙන්නේ නිර්මාණාත්මක දැක්මක්. ඡායාරූපයක් දිහා බලන කෙනා අනුව ඒක  අර්ථ කථනය කිරීම වෙනස් වෙනවා. ඉතින් ජේතවන දාගැබට කුණු පුරවපු ඡායාරූපයක් මම හුවමාරු කළා විතරයි. ඒක මගේ යාළුවෙක් නිර්මාණය කළ කොලාජ් ඡායාරූපයක්. මම මේ වගේ ඡායාරූපයක් හුවමාරු කළා කියලා  ආගමික සිද්ධස්ථානයකට කුණු දාන්න ඕනේ කියන පණිවුඩය මේකෙන් කියවෙන බව ස්ථිරවම කියන්නේ කොහොමද, මම කළේ ඡායාරූප හුවමාරු කළ එක විතරනේ. දාගැබට කුණු දාන්න ඕන කියන පණිවුඩයම  ඒ ඡායාරූපෙන් කියැවෙනවා කියලා කියන්නේ මට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා යැයි කියන පිරිසමනේ මේ ආකාරයට සමනලී ෆොන්සේකා සඳහන් කළද, මෙවැනි ඡායාරූපයක් ඇය හුවමාරු කළේ ඇයිද යන ගැටලුව බොහෝ දෙනකුට  ඇතිව ඇත. සමනලී ඒ පිළිබඳ දරනුයේ මෙවැනි අදහසකි.
 
ඒ දවස්වල රජවරු කළේ දාගැබ් හදන එක. නමුත් දැන් රජවරු කරන්නේ කුණු කඳු හදන එක. මීතොටමුල්ල කුණු කන්දෙන් අහිංසක ජීවිත බිලිගත්තානේ කියලා හිතෙනකොටත් මට මං ගැනත් කලකිරීමක් ඇතිවුණා. මොකද මේ කුණු කන්දට මමත් ඔබත් සියලුදෙනාම වගකිව යුතුයි. මම කළේ ඡායාරූපය හුවමාරු කළ එක විතරයි. නමුත් සිංහල බෞද්ධ කියන අන්තවාදීන් මේ සිද්ධිය හරිම ප්‍රාථමික විදිහට ගොඩනගන්න හදන්නේ ඇයි කියන එක නම් තේරෙන්නේ නැහැ සමනලී පවසන්නීය.
 
ඇය පවසන පරිදි මෙලෙස ප්‍රතිචාර දක්වනුයේ මෙරට බහුතරය නොවන බවය. ඉතා සුළු පිරිසක් මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන බවත්, තමා කෙදිනක හෝ කිසිදු ආගමකට අපහාස නොකරන බවද ඇය පවසන්නීය.
 
තමාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට කරන යෝජනාව පිළිබඳ ඇය අදහස් දක්වයි.
 
මම රඟපාපු කෘතියක ඡායාරූපයක් මට බැනලා දැම්මා කියලා මම බයවෙන්නේ නැහැ. මේමගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම. ෆේස්බුක් මර්දනය මට නම් දැන් හොඳටම පුරුදුයි. මගේ ගිණුම අත්හිටුවීමෙන් මට අවාසියක් වෙන්නේ නැහැ. මොකද මම භාවිතා කරන එකම සන්නිවේදන මාර්ගය ෆේස්බුක් නමෛයිනේ. මේ වගේ මඩ ප්‍රහාර  ආගම කඩතුරාව කරගෙන අන්තවාදී දේශපාලන මත දරන පාලකයන් ඉතුරු කරපු අතුරුඵල කිව්වට වරදක් නැහැ යැයි සමනලී පැවැසුවාය.
 
ඓතිහාසික පූජනීය වස්තුවකට කුණු පිරවීමට යෝජනා කිරීමෙන් මෙරට සංස්කෘතිය, ආගම, ඓතිහාසික අනන්‍යතා විනාශ වන්නා සේම, අහිංසක මිනිසුන්ගේ ගේ දොරකඩට කුණු ගෙනවිත් දමා දහස් ගණන් ජනතාවගේ බලා‍පොරොත්තු කුණු ඒ ගොඩට යට කිරීමද අපරාධයක් බව මෙකී ඡායාරූපයෙන් සන්නිවේදනය වන බව සමනලී මෙන්ම ඇයට සහය දක්වන්නන්ද ප්‍රකාශ කරයි. 
 
මෙවැනි ඡායාරූප හුවමාරු කිරීමෙන්  මෙරට සංස්කෘතික අනන්‍යතාව විනාශ කිරීමට වෙර දරන බවට තව කෙනෙකුට උපකල්පනය කරන්නටද පුළුවන.
 
එසේම මේ ඡායාරූපයට අනුග්‍රහය දක්වා ඊට විවිධ අරුත් සැපයීමට ඔබට පුළුවන. එමෙන්ම මෙවැනි ඡායාරූපය හුවමාරු කිරීම සහ නිර්මාණය කිරීම සාධණීයකරණය කිරීම හෝ හෙළා දැකීමද ඔබට බාර වේ. 
 
සමන්මලී නැලිගම

Page 8 of 8

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4890

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4476

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7631

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4838

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3102

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics